ගුඩ් මෝර්නින් සුදුමහත්තයා..
ගුඩ් මෝර්නිම්..
නිදිද මැට්ටෝ..නැගිටින්නකෝ අනේ මට පාලුයි…😞😞
අනේ මේ සුදූ ඇනයක් නොවී තව නිදාගන්නවකෝ..බායි..මම් දොයි..දසුන් එසේ පවසා දුරකතය තැබුවේ සයුරිගේ හිතට දුකක් එක් කරමින්
ර්ර්ර්ර්…මේ බූරු පැටියා හැමදාම ඔහොමයි…ඇයි ඔයා වෙනදා වගේ මා එක්ක කතා කරන්නැත්තෙ අයියේ..ඔයාට මාව එපා වෙලාද..මම් ඔයාට මොන තරම් ආදරේද..වචනෙකින් විස්තර කරන්න බැරි තරම් මම් ඔයාට ආදරේ කරනව..ඒත් මට දැනෙන්නෙ ඇයි ඔයාට මම් දැන් වදයක් කියලා..මම් දවසට කිපාරක් ඔයාට කෝල් කරනවද ඒත් ඔයාගෙ දවසින් එක විනාඩි පහක්වත් මට වෙන් කරන්නෑ.ඇයි මගෙ අයියේ ඒ තරමට මාව එපා උනේ..ඔයාට මතකද යාලු උන මුල් දවස්වල ඔයාට මගෙ කටහඩ අහන්නැතිව ඉන්නම බැරි තරම්..පැයෙන් පැයට මට කෝල් ගන්නවා ඒත් දැන්..ඔයා ඔන්ලයින් ඉදලත් මට මැසේජ් එකක්වත් නැතිඋනාම දැනෙන වේදනාව ඔයාට තේරෙන්නෑ.😥😥”සයුරි එසේ සිතුවේ පසන්ගේ ෆොටෝ එකක් දෙස බලමින්
ඇය නැවතත් පසන්ගෙ ඇමතුමක් ගත්තේ ඔහුගේ කටහඩ අසන්නට ඇවැසි නිසා
හෙලෝ අයියේ මම්..
සුදූ මම් එකපාරක් කිව්වා..වදයක් වෙන්න එපා අෆ්ෆා මම් කෝල් කරන්නම්..පොඩි එකෙක් වගේ හැමවෙලේම ෆෝන් එකේ එල්ලිලා ඉන්න මට බෑ..මටත් වැඩ තියනව”පසන් එසේ පවසා දුරකතනය තැබුවේ සයුරිව හඩවමින්..
ඔයාට මාව දැන් වදයක්ද මගෙ අයියේ..මම් ගත්තේ ඔයා කෑවද කියලා අහන්න..බුදුසරනයි ඔයාට.”එලෙස පවසමින් ඇය ඔහුට කෙටි පනිවිඩයක් යැව්වේ ඔහුගේ මේ හැසිරීම ඇගේ සිත තව තවත් රිද්දද්දී..
ආදරේ කියන්නෙ මහ පුදුමාකාරදෙයක්..ඒක ඇබ්බැහිවීමක් වගේ..ඩ්‍ර්ග්ස් වලට වඩා බයානකයි ආදරේට ඇබ්බැහි උනොත්..සමහර අය තමන්ගෙ මුලු ජීවිතේම ආදරේ කරගනිද්දී සමහරක් ආදරේ කරන්නෙ විනෝදෙට..
අම්මා..
ඇයි දුව..
මම් යනෝ..”එසේ පවසා සයුරි මවට වැද පිටත් උනේ යෙහෙලියක් මුන ගැසීමට යෑමට
අයියා මම් චතූව හම්බෙන්න යනවා..ඇය පසන්ට කෙටි පනිවිඩයක් යැව්වේ කොහෙ ගියත් ඔහුට කිමේ පුරුද්දක් තිබූ නිසා
හ්ම්..”එපමනයි ඔහුගේ පිලිතුර..
හ්ම්…කමක් නෑ එහෙම හරි ඔයා එව්වනෙ..මගෙ අයියේ ඔයාට තාම මම් ආදරේ කරන තරම් දැනිලා නෑ..එහෙම දැනෙනවනම් ඔයා මට ඔහොම කරන්නෑ..😞😞😥😥මම පොඩි ලමෙක් නෙමෙයි..මටත් තේරෙනව. ඔයා කියන විදියට මම් බොලද වැඩි ඇති ඒත් ඒ බොලදකම අස්සෙ ඔයාට තිබ්බ ආදරේ ඔයා දැක්කෙ නෑ..පුංචි දේටත් ඇස්වල කදුලු පුරෝගන්නවා තමයි..ඒත් මගෙ ඇස් වල කදුලු පිරෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි..මම් ආසයි ඔයා වෙනදවගේම මා එක්ක ඉන්නවා දකින්න..😞😞😥😥එසේ සිතමින් සයුරි පාර මාරුවන්නට උත්සහ දරද්දී ත්‍රීරෝද රතයකට ඇයව හැප්පුනේ මිනිසුන් කෑගසද්දී
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැය පහ හයකින් සයුරිගෙන් එක ඇමතුමක්වත් නොමැති වෙද්දී පසන්
මොකද මැසේජ් එකක්වත් නැත්තේ..වෙනද මේ පැය ගානට කීයක් කෝල් අරගනද”එසේ සිතුවේ ඇයට ඇමතුමක් ගනිමින්..
හෙලෝ..”එහා පසින් පිරිමි කටහඩක් ඇසුනු නිසා පසන්ට දැනුනේ කුතුහලයක්
කව්ද ඔය කෝ මගේ සයූ..”
“හෙලෝ මිස්ටර් මම් ගම්පහ හොස්පිටල් එකෙන් කතා කරන්නෙ..මේ ලේඩිට පොඩි ඇක්සිඩන්ට් එකක් උනා..එයාදැන් අයිසීයූ එකේ ඉන්නෙ.”
මොකක්..”පසන්ගේ අතින් දුරකතනය ගිලිහුනේ ඇසුනු වදන් අදහාගත නොහැකිව
මගෙ මැනික..😥😥😥😥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුලු ඇග පුරාම යන්ත්‍ර ගසා හුස්ම ගැනීමට අපහසුවෙන් පසු වන සයුරි දැක පසන් හැඩුවේ ඇය මෙලෙස වේදනාවෙන් පසුවෙන ආකාරය බලා සිටිය නොහැකි නිසා
ඩොක්ටර්..ප්ලීස්.මට නංගි ගාවට එකපාරක් යන්න දෙන්න ..”ඔහු වෛද්‍යවරයාගෙන් ඇයදුවේ ඇය අසලට යා යුතු නිසා
හ්ම්..විනාඩි පහයි
“මැනික..”කතාකරපන් මගෙ නංගි..උබ මෙහෙම දුක් විදිනව මම් බලන් ඉන්නෙ කොහොමද..කවුද දැන් මට සැරෙන් සැරේට කෝල් කරලා අයියා කෑවද බීවද යන තැනක පරිස්සමින් කිය කිය මට වද දෙන්නෙ ඔහොම ඉන්න එපා මගෙ නංගි මට දරාගන්න බෑ රත්තරන්..”එලෙස පවසමින් පසන් හැඩුවේ ඇගේ දෑත අල්ලාගන..එක්වරම ඇගේ දෑත ඔහුගෙන් ගිලුහුනේ සදහටම ඔහුගෙන් සමු ගනිමින්
නෑ නෑ..එපා ඩොක්ටර් ..”පසන් එලෙස කෑගැසුවේ ඇගේ වෙන්වීම දරාගත නොහැකිවයි..
ඉතින් ඇය ඔහුව හැරගොස් අවසානයි..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙනෙකුගේ වටිනාකම දැනෙනුයෙ එම පුද්ගලයා වෙන්ව ගිය පසුවයි…😥😥පසන්ට් සිදුවූයේ ද එයයි..සයුරිගේ නිතර සොයාබැලීම ඔහුට වදයක් ලෙස දැනුනත් ඇය නික්ම ගිය පසු ඇගේ ආදරේ වටිනාකම තදින් දැනුනි..යම් කෙනෙකු ඔබට මෙලෙස ආදරේ කරනවානම් ඔහු හෝ ඇයව වදයක් ලෙස නොසිතන්න..මන්ද එලෙස නුබ ගැන සොයා බලන්නේ ඔබට තියන අසීමාන්තික ආදරේ නිසාවෙනි