.මල්ලි “”අද පොඩ්ඩක් කලින් එන්න බලපන් හොදේ ..””
.,”හරි.. හරි.. බන්.. මන් හිතන්නේ උබ ඔය ඕක කියන්නේ සියවෙනි පාරට විතර මගේ හිතේ..””
“..කොච්චර කීවත් උබ ඉතිං වෙලාවට වැඩක් කරන එකෙද්ද කියපංකෝ..”
“”..ආ එතකොට මම තමා වෙලාවට වැඩ කරන්නෙ නැත්තේ,, .. උබ වෙලාවට වැඩ කරන මිනිහා..”
“අනේ පලයන් බං යන්න..”😡
“හා, හා, නවත්ත ගනියව් ඕක,, ..නැත්තන් ඕක ඉවර වෙන්නේ මෙතන මිනී මරාගෙන..””
අම්මා කුස්සියේ ඉදන් කෑගහගෙන ඇවිත් පාර්සල් කරපු බත් එක මගේ අතින් තිබ්බා ..
මන් ඒ බත් එක බෑග්ගෙකට දාගන්න ගමන් ..
.”මේ ,හලෝ .. “”
“”අදවත් ගිහින් ඔය වදුරු මූන පොඩ්ඩක් රෙපායාර් කරගන්නවා .. “”
“”නැත්තන් තමුසෙව දැකලා මනමාලි දිව්වොත් අපිටත් පොලව පලාන යන්න තමයි වෙන්නේ..””😁
මම කින්ඩියට වගේ එහෙම කියලා සෝපා එකේ ඉදගෙන හිටපු අයියගේ උරහිසටත් පොඩ් තට්ටුවක් දැම්මා..
ඌට ඒකට නම් හීනියට මලත් පැන්නා..😄🤣
..”අනේ පල යකෝ යන්න,..තොට තියෙනවනේ ලස්සන සිරියාවන්ත මූනක්,””. මගෙන් මුකුත් නාහා හිටපන්..”හරියට නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ..””
ඒ මගේ අයියා නීලක විජේබණ්ඩාර ..
එතකොට මම නාලක විජේබණ්ඩාර ..
අයියා අයියා කිව්වාට මොකද ඌ මට වැඩිය වැඩිමල් විනාඩ් තුනක් විතරයි..
ඔව් ඒ කියන්නෙ අපි දෙන්නා කිබුල්ලු…😁
අපේ අප්පච් අපිව දාලා යන්න ගියේ අපිට අවුරුදු තුනක් වෙනකොටලු..එතනින් පස්සෙ අපිව මේ වෙනකම්ම බලා ගත්තේ අපේ රත්තරන් අම්මා තමා ඉතින්..
අම්මා ස්කෝලේ ටීච කෙනෙක් නිසා අපිට ගොඩක් ලෙකු අග හිගකම් තිබ්බෙ නැති උනත් අප්පච්ගේ ආදරෙයේ අඩුව නම් හොදට දැනුනා..
අපිටත් වඩා අප්පච්ගේ අඩුව දැනුනේ අපේ අම්මාට,
.මොකද සමහර දාට අම්මා අප්පච්ගේ පොටෝ එක දිහා බලාන අපිට හොරෙන් ඉකි ගහනවා මන් හොරෙන් බලා ඉදලා තියෙනවා .
හෙට අපේ අයියාට මනමාලියක් බලන්න යන්න තමයි හිතාන ඉන්නේ …
එක හින්දා තමයි ඔය ඌ මට අද කලින් එන්න කියලා කිව්වේ ..
ඌ මේ සතියම නිවාඩු දාලා රෙඩි වෙන්නේ මේ ඒකට යන්න…..
අපි දෙන්නා නිවුන්නු උනාට මොකද මන් වගේ කෙල්ලෙක් දැලේ දාගන්න හැකියාවක් උට පිහිටලා නෑ..😁
අනේ පව් අසරනයා..
මටත් කෙල්ලෝ දැලේ දාගන්න හැකියාවක් තිබ්බට මොකද .
සිරාවටම බොක්කෙනම ලව් කරපු එක ගියේ සැපටම බූට තියලා පස්සවත් නොබලා..
ඒ අතින් අපේ එකා මට වඩා වාසනාවන්තයි..😜
ඔය හෙට බලන්න යන එකත් අපේ මාමා කෙනෙක් තමා මුට සෙට් කරලා දුන්නේ ..
මම නම් ඔය කියන කෙල්ලව දැකලා නෑ .. හැබැයි අම්මා නම් පොඩ් කාලේ එක පාරක් ඒ කෙල්ලව දැකලා තියේලු..
මාමා කිව්ව විදිහට නම් ඒ කෙල්ල ඉටි රූපේ වගේ ලස්සනයිලු ….
හැබැයි ඉතිං මාමා දෙයක් කියන්නෙත් එක දෙක නෙවේ හතර පහ කරලා ..එක ඉතින් වෙනම කතාවක්..
හා හා කොහොම උනත් ඒ මගුල් වලින් මට වැඩක් නෑනේ ,මොකද මට නෙවේනේ කෙල්ල බලන්නේ අයියටනේ..
අම්මෝ අද නම් වෙනදා ගෙදර යන වෙලාවත් වඩා ගොඩක් පරක්කු උනා ..
දැන් අරකා මැරෙන්න හදයි කලින් ආවේ නෑ කියලා.. අද නම් මම වසලා හමාරයි ..
මන් එහෙම හිත හිත ගෙදරට ගොඩ උනේ සේප් එකේ..
මොන සේප්ද මම ගෙට ගොඩ වෙනකොට මේකා මන් දිහා බලාන ඉන්නවා කන්න වගේ.. හරියට උගුඩුවෙක් වගේ..
මන් සේප් එකේ ගොන් හිනාවක් දාලා ඔලුව පොඩ්ඩක් පාත් කරා..🐃
“උදේ කොහොමද දුන්න ටෝක් එක නම් …,,
මන් කිව්වේ නැද්ද තොට තො වෙලාවට වැඩ කරන එකෙක් නෙවේ කියලා …,,ඉදකින් තෝ වගේ එකෙක්ම මගෙම මල්ලි උනානේ..””
“”හරි හරි තාම සොප් එක වහලා නෑනේ දැන් යමන් ඉතිං …ඔච්චර කියවන්න ඔනේ නෑනේ..””
“”දැන් යනකොට බැරිවෙලාවත් සොප් එක වහලා තිබ්බොත් ..””
“තොට කියලා තමයි මන් ඇදුම් ටික මස්සවගන්නේ..”
“හා ,හා , ඒ සොප් එක වහලා තිබ්බොත්නේ.”.
මන් එහෙමම වැඩ ඇදුම් පිටිම්ම සොප් එකට යන්න හිතුවේ තවත් පරක්කු වුනොත් සොප් එකට ගිහින් වැඩක් නැති බව දන්න නිසා….
මූ යනකංම ගෑනි වගේ කියවනවා .ඉවරයක් නෑ කියවිල්ල…
“හරි ,හරි, සොප් එක වහලා තිබ්බොත් මන් උබට රෙදි මහලා හරි දෙන්නම් .””
“පොඩ්ඩක් නාහෙන් අඩන්නෙ නැතුව හිටපන්කෝ..”
මන් බැරිම තැන ඌට කිව්වා..
ඒ පාර විනාඩ් දහයකට විතර සද්දෙ පොඩ්ඩක් අඩු උනා…
මන් යන ගමන් දෙයියන්ට කිය කිය ගියේ සොප් එක නම් වහන එපා කියලා ..
සොප් එක වහලා එහෙම තිබුනොත් මන් ආයේ ගෙදර ඉදලත් ඉවරයි මේකගෙන් කනක් ඇහිලා…
වෙලාවට සොප් එක වහල තිබුනේ නෑ .. තව විනාඩි පහක් පරක්කු උනානම් හැබැයි බඩුම තමයි…
එහෙනම් මට අද මගේ කන් අඩ් දෙක අයින් කරලා අපේ ගෙදර ටේලර් සොප් එකක් දාගන්න තමා වෙන්නේ….
ඔක්කොම හරි කියමුකෝ මේකා එතන ගිහින් ටේලර් අයියාට උගේ රස්සාවත් එපා කරපු එකනේ වැඩේ කියන්නේ…
හිර වැඩී කියනවා .. ,තව අල්ලන්න කියනවා..,.අයේ හිර මදී කියනවා.,.ආයේ කර ලොකුයි කියනවා..අත ලොකුයි කියනවා..සර්ට් එක කොටයි කියනවා …,මන් හිතුවේ ටේලර් අයියා මුට සර්ට් එකෙන් ගහලා මරයි කියලා..
හැබැයි මම ටේලර් උනා නම් ,මේ වෙනකොටත් මූ මේ ලොකේන් තොලෝන්චි වෙලා..
කොහොම කොහොම හරි මහපු සර්ට් එකේ පැය දෙකක් තිස්සේ ම අඩු පාඩු හැදුවා..
මන් හිතන්නේ ටේලර්ට ලැජ්ජාවක් තියෙනවා නම් අයෙ මුගේ සර්ට් එකක් මහන්න බාර ගන්න එකක් නෑ
ඒ අස්සේ මන් කල්පනා කරේ මූ මේ කෙල්ල බලන්න යන දවසට මේහෙම නම් ..මූ බදින දවසට කොහොම තියෙයිද කියලා..😜
කොහොම කොහොම හරි උගෙයි මගෙයි සර්ට් දෙකත් අරන් ගෙදර යනකොට රෑ නමය හමාරයි…
වොස් එකක් දාගෙන කෑම ටිකක් කාලා කාමරේට යනකොට හරියටම දහයයි …දැන් නම් ඇදට වැටුන ගමන්ම නින්ද යන සේප් එකක් තියෙන්නෙ…
නිදාගන්නම් කියලා ඇදට වැටුනා විතරයි මෙන්න මේකා වලලන්න හදනවා දොර ලගට ඇවිත් ..
“මොකද බන් මැරෙන්න හදන්නේ..
ඔය දොර ලී වලින් හදලා තියෙන්නෙ යකඩ නෙවේ …”
දොර ඇරපන්කෝ පොඩ්ඩක් …
මන් ඉතින් මුගේ මුතුන් මිත්තන් සිහි කර කර ගිහින් දොර ඇරියා…
“මොකද බන් දොර අරින්න කිව්වහම දොර අරින්නෙ නැත්තේ ..කී පාරක් කතා කරාද .
උබව මරන්න දොර අරින්න කිව්වේ නෑ..””
“හා හරි එහෙනම් දැන් කියපනකෝ, මොකටද මට කතා කරේ කියලා..”අ
“ඒ පොඩ්ඩක් බලපන්කො මේ ඇදුම හොදයි ද කියලා…”
“යකො දැන් උබ පැය දෙකක් තිස්සේ ඕක හොද නෑ කිය කිය හොද වෙනක්ම්ම හැදුවා නේද ?..””
“”තවත් මොනාද බන් මගෙන් අහන්නේ..හොදයිද කිය කිය””
“”විහිලු නෙවේ බන් බලපන්කෝ…””
“”මන් ඒක කිව්වේ විහිලුවට නෙවේ යකූ..”
අද ඉතින් රෑ එලි වෙනකං මුගේ විලාසිතා බල බල තමා ඉන්න වෙන්නෙ.. අද නිදාගන්න එක කරන්න අමාරු දෙයක් නෙවේ පුතේ කරන්න බැරි වැඩක් …අනේ අපුච්චියේ ..
මන් මට ම කියාගත්තා..
“”බෙල්ටි මරු කරනවා , ටයි මාරු කරනවා, කොන්ඩේ ස්ටයිල් මරු කරනවා මන් පැත්තට හැරෙනවා අවුල්ද අහනවා ..
මගෙන් ඇහුවට මන් හොදයි කිව්වත් නරකයි කිව්වත් ඌ ඒවා පඩේටවත් ගනන් ගන්නෙ නෑ..
…,,හොදයි කිව්වොත් ..”””
උබට ඉතින් ඕන මගුලක් හොදයිනේ ..
ඒ බන් සිරාවටම හොදයිද?..
ඒ උනාට බන් අරක මීට වඩා හොදයි නේ..
“”””නරකයි කිව්වත් ..””””
ඒ මටනම් අරකට වඩා මේක හොදයි වගේ බන්…
සිරාවට කැතයිද??
උබ හොද එකට කැතයි කියනවද දන්නේ නෑ..
අම්මේ මට බෑ සාන්ත දැන් නම්…දැන් නම් නිදිමතත් එක්ක මගේ ඉවසීමේ සීමාව පනින්න ලගයි.. තව ටිකක් ගියොත් හුක් පදත් කියවෙනවා..
දෙන්න හිතෙනවා මුට පයින් එකක් මනමාලිගේ ගෙදරට විසිවෙන්න..
මූ මගේ සහෝදරයා නොවුනා නම් සිරාවටම මම දනී මුට කරන දේ…
ලස්සන කෙසේ වෙතත් හෙට මුගේ මනමාලිව බලන්න යන්න වෙන්නේ ගංජා ගහලා වගේ ඇස් රතු කරගෙන තමා.. කමක් නෑ මට නෙවේනේ කෙල්ල බලන්නේ මේ ගොන් හරකටනේ…
අනිවාර්යයෙන් මේකට නම් හරි යන්නෙ තඩි ගොන් වැස්සියක්ම තමා
කොහොම හරි අම්මා සිය පාරක් විතර කතා කරලා තමා අපි දෙන්නම උදේ ඇහැරව ගත්තේ…
ටග් ගලා අපි දෙන්නා ලෑස්ති උනා ..
මට නම් ඉතින් ලෑස්ති වෙන්න විනාඩි දහයක් හොදටම ඇති..වැඩිත් එක්ක…
අයියත් ලැහැස්ති වෙලා එනකං මන් සාලෙට වෙලා ටීව් එක බැලුවා ..
අයියා අවේ ඊට විනඩි දහයකට විතර පස්සේ ..ඇති ඔය යකා ඔය වෙලාවටත් ලැහැස්ති උනා..මට තාමත් පට්ට නිදි මත, ඇයි මේකා ඊයේ රෑ පුරාම පැෂන් ෂෝ එකක් කරානේ..මතක් වෙද්දිත් මගේ ඇගේ යකා නටනවා…
අයියා, පඩ් පෙල දිගේ බැහැගෙන එනවා..
මූ මගෙම අයියද කියලා විශ්වාස කරන්නත් බෑ කියහන්කෝ ..
පට්ටම හැම්සම් මිනිහා අදනම්..
සුවර් කෙල්ල ඉටි රූපයක් නේවේ දේවතාවියක් උනත් මුට අද කැමති වෙනවා..
අයේ සුවර් ..
..””ඒ බන් උබ අද නම් පට්ට ලස්සනයි බන් සිරාවටම ..””.
“”අනේ පලයං බන් යන්න…””
“”නෑ අයියා සිරාවටම ලස්සනයි බන්..””
අම්මාත් ලැහැස්ති වෙලා ආවට පස්සෙ අයියා තාත්තගේ පින්තූරේ ඉස්සරහට ගිහින් දන ගහලා වැන්දා…
එතකොට මම දැක්කා අපේ අම්මාගේ ඇස් අග රැදුනු පුංච් කදුලු බින්දුවක් දබරගිල්ලෙන් අයින් කරනවා..
ඒ කදුලු ආවේ දුකටද සතුටටද කියලා නම් මට අදටත් පෙහෙලිකාවක්..
ඊට පස්සෙ අම්මටත් දනගහලා වැදපු අයියා හැරුනේ මගේ පැත්තට ..
මන් හිතුවේ මටත් දන ගහලා වදී කියලා .. හැබැයි මට දන ගහලා වැන්දේ නෑ …😜
ලගට ඇවිත් බදා ගත්තා..
මගේ ඇග පුරාම පුරුෂ ධෛර්යය තිබ්බත් ඒ වෙලාවෙනම් මටත් හොරෙන් මගේ ඇස් වල කදුලු පිරුනා කියනවකෝ..
“”මෝඩයා, බලපන් මන් ගේන කෙල්ලව..,
“ඔට්ටුද බෑ උබට මට වඩා ලස්සන එකියක් ගේන්න..”
“”මල්ලි අද බලන්න යන කෙල්ල මට ගැලපෙනවද නැද්ද කියලා තීරනය කරන්න ඕනි උබ,.. මොකද උබ තමයි මටත් වඩා මට ගැලපෙන දේ ගැන හොදට දන්නේ.. “”
“ඒ වගේම,
උබයි අම්මයි ඇර මේ වෙනකන් කිසි දෙයක් මගේ ලෝකෙ තිබිලා නෑ.. එහින්දා මගේ ලෝකෙට අලුතින් එන කෙනා මගේ ලෝකෙට ගැලපෙනවද නැද්ද කියලා තීරනය කරන්න ඕනෙත් ඔය දෙන්න”””………..
අයියා කියන හැමදේටම මොනවා හරි කියලා හිනා වෙන මට එ වෙලාවේ කියන්න කිසිම වචනයක් ඔලුවට ආවේ නෑ .. ඒ හින්දා මන් මගේ අයියාට තුරුලු වෙලා තවත් විනාඩියක් එහෙමම ඉදලා, ඇස් අග රැදුනු කදුලු බින්දු හොරෙන් වගේ පිහදාගත්තා…
අම්මා ඉස්සර සීට් එකේ තියාන අයියාව පිටිපස්සේ සීට් එකේ තියාන මම තමයි කාර් එක ඩ්ර්ව් කරේ
අපි මනමාලිගේ ගෙදර යනකම්ම වාහනේ තිබුනේ එකම නිහඩ බවක් …
මන් සැරින් සැරේ කන්නාඩියෙන් අයියා දිහා බැලුවත් ඒ හැම වෙලාවෙම අයියා හිටියේ ලොකු කල්පනාවක..
අයියත් මාත් අම්මත් අතර ගලා ගිය ජීවිතය ගැන පසු ව්පරමක් කරනවා දැයි මට සිතුනත් අයියා කල්පනා කරන්නේ එ ගැනම දැයි හරියටම මට කියන්න නම් බෑ.
ගමන අතර තුර මමාත් අපිට එකතු උනත් .එයා ආවේ එයාගේ කාර් එකේ..
මනමාලිගේ ගෙදර තිබ්බේ ටිකක් ටවුන් එකෙන් දුරට වෙන්න උනත් එයාගේ ගේ නම් ටිකක් ලොකු එකක්.. ටිකක් කිවට ටිකක් මත් නෙවේ..
කොහොම කොහොම හරි මනමාලිගේ ගෙදරටත් ආවා..
මනමාලි කෙසේ වෙතත් ඒ ගෙදරට ගොඩවෙනකොටම,
පැනි හිනාවක් දාගෙන ආවා කෙල්ලෙක්..
මට පිස්සු හැදුනේ නැතුව ඉතුරු උනා ඇති.. අම්මෝ එයා..😍😍😍
ගේ ඇතුලට යන්න හදනකොට අපේ අයියා සේප් එකේ මට කියපි
“”පොඩ්ඩක් ලැජ්ජයි වගේ නේ බන්..””
එතකොට මන් උට කියව්වා..
“පාත් වෙලා ලැජ්ජා බිකර් ගාගනින් ..””
ඌ ඊට පස්සෙ මට මොකුත් කිව්වෙ නෑ අයේ..
අපි තුන්දෙනා ගිහින් ඉද ගත්ත පුටු වලට ඉස්සරහ පුටුවලින් තමා මනමාලිගේ තාත්තා, අම්ම ,අර පනාව දාපු කෙල්ල ඉදගෙන හිටියේ.
මගෙ හිතේ ඒ පනාව දැම්මේ මනමාලිගේ නංගි වෙන්න ඇති ..,
එහෙම උනොත් එක ගෙදරින් ම අයියටයි මටයි දෙන්නටම මගුලක් කර ගන්න බැරැයි..😜😜
නංගි මෙහෙම ලස්සනයි නම් අක්කා කොහොම ඇත්ද? අපරාදේ මුට නෙවේ මට මගුල බලන්න එන්න තිබ්බේ…🤔
ඉදකින් අඩේ මන් හිතන එවා මන් මටම හිතින් කියා ගත්තා ..😜😁
“අක්කව එක්කන් එන්න..””
මනමාලිගේ අම්මා පනාව දාපු මන්මාලිගේ නංගිට හිමීට කීවා..
අපි ආගිය තොරතුරු කතා කර කර ඉන්න කොට මනමාලි හිමීට හෙප්පුවකුත් අතේ තියාන එනවා අපි ඉන්න පැත්තට …
හ්ම් මෙයානම් දැකලා හුරුයි වගේ ..
මට ඈත තියාම පොඩි හුරු පුරුදු ගතියක් දැනුනා.
ජීව්තේට දැකලා නැති කෙල්ලෙක් පලවෙනි පාරට දකිද්දී උනත් මට ඒ වගේ හුරු පුරුදු ගතියක් නම් දැනෙනවා ඉතින් .😁😍
කෙල්ල හිමීට ඔලුව ඉස්සුවා…
කෙල්ල ඔලුව ඉස්සුවා විතරයි.
මට උන් හිටි තැනුත් අමතක උනා..
මන් ඉදගෙන හිටපු පුටුවෙනුත් නැගිට්ටුනා…
අපේ අම්මයි අයියායි .මනමාලිගේ ගෙදර කට්ටියයි සේරමලා මන් දිහා බලාන .. එයාලට හිතා ගන්න බෑ මේ මොකද උනේ කියලා…
වස ලැජ්ජවේ බෑ..
ලැජ්ජාවට වඩා මන් හොල්මන් උනා කීවොත් හරිටම හරි…””
අවුරුදු තුනක්ම ආදරේ කරලා බූට තිබ්බ කෙල්ල අයෝමි,, මේ ඔයා ,මට හිතා ගන්න වත් බෑ …
මන් දැක්ක ගමන් කෙල්ලත් හොදටම බය උනා..
කෙල්ල බයෙන් බයෙන් ඇව්ත් මට බුලත් හෙප්පුව දික් කරා…
කෙල්ල හිතුවේ මම තමයි කෙල්ල බලන්න අවේ කියලා..
ඒත් මන් හෙප්පුව ගන්න කලින් අයියා හෙප්පුව අතට ගත්තා..
මාව පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා..
AC එකේ හිටියා උනත් ඇගෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තා…
අයියාටත් තේරුනා මන් ඉන්නේ අමාරුවෙන් කියලා…
ඒ හින්දදෝ අයියා පුදුමෙන් වගේ සැරයක් දෙසරයක් මන් දිහා බැලුවා ….
ඒත් මන් හින්දා අයියගේ ඒ ලස්සන දවස විනාස කරන්න මට බෑනේ..
එහම කියලා තවත් මට කදුලු හිර කරාන ඉන්නත් බෑ…
මම පෝන් එකට කොල් එකක් එනවා වගේ ඇට් කරලා. පෝන් එකත් කනේ තියාන එතනින් එලියට ආවා..
………………………………………………………………………………………………………………………………..
දැන් මන් මොකද කරන්නෙ ..
මට මාවම තේරැම් ගන්න බෑ..
අවුරුදු තුනක් තිස්සේ මගේ පනටත් වඩා ආදරේ කරලත් මාව දාලා ගියපු කෙනාව මන් කොහොමද මගේ අයියට බදින්න කියන්නේ ..
මන් කොහොමද මෙයා අපේ ගෙදරට ආපු දවසක මෙයා දිහා නොබලා ඉන්නේ.. ..
මන් කොහොමද කටක් ඇරලා අයියාට කියන්නෙ මෙයා තමා ඔයාට ගැලපෙන හොදම කෙනා කියලා..
මට එහෙම කියන්න පුලුවන් ද?
එ උනත් මගේ ගාවටත් වඩා ඔයාව සතුටින් තියන්න පුලුවන් තැනක් නේද මන් ඔයා වෙනුවෙන් පාර්ථනා කරේ ..
ඔයා මාව දාලා ගියත් ඔයා කොහෙ හරි සතුටින් ඉන්නව බලන්න නේද මට ඕනේ උනේ..
මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා..
මන් අන්තිමේදී තීරනයක් ගත්තා කිසිදෙයක් නොදන්න ගානට ඉදලා එයාලට කැමති තීරනයක් ගන්න දෙනවා කියලා …..
අන්තිමේදී නොසිතපු විදිහට ඒ දෙන්නම මේ මගුලට කැමති උනා… මට හිතා ගන්න බෑ දැන් මන් අඩන්න ඔනිද සතුටු වෙන්න ඔනිද කියල ..
………………………………………………………………………..
ආදරෙන් ඉල්ලන්නෙ 💓💕
…………………………………………………………………………
දවස් ගෙවිලා ගිහින් මගුල් ගෙදර දවසත් ලන් උනා..
ගෙදරට කැමතියි වගේ පෙන්නුවට මගේ නම් කිසිම කැමත්තක් මේ කසාදයට තිබුනේ නෑ..
අයෝමිව දකින වාරයක් පාසා මට මගේ අතීතය මැව් මැව් පෙන්න ගත්තා ..
කියපු කරපු දේවල් මාත් එක්ක හුරතල් උනු හැටි ..ඒ හැම මතකයකම කියා ගන්න බැරි දුකක් එක් වෙලා තිබුනා.. ඒ හැම මතකයකම තිබුනු දුක රිදුම් දීදී මගේ හදවතේ අග්ගිස්ස්ටම කිදා බැස්සා..
ඒ දවස් වල මන් කනවද බොනවද කියලවත් මට ගානක් නෑ..
මන් හරියට ඇවිදින මල කදක් වගේ …
අම්මා දාවසක් දෙකක් ම මගෙන් “””උබට අසනීපයක්ද කියල ඇහුවේ,”” එයාලටත් මගේ වෙනස දැනිලා තිබුනු නිසා වෙන්න ඇති…
කොහොම හරි අයියාගේ වෙඩින් එක දවසත් ආවා .. මන් එදා නම් හිතට ගත්තා අදින් පස්සෙ අයෝමි මට අයිති නෑ . අදින් පස්සෙ අයෝමි මගේ අය්යගේ ගෑනි ..මගේ නෑනා ..
අයේ කවදත් මන් මගේ කියලා මන් අයෝමි දිහා බල්න්නේ නෑ .. එවගේම අයෝමි ගැන වැරදි හැගීමක් ඇති වෙන්නත් එපා කියලා මන් දෙය්යන්ගෙනුත් ඉල්ලුවා …
අයෝමි අයියා එක්ක පෝරුව උඩ ඉදගෙන ඉන්න කොට මම අයියා තුලින් දැක්කෙ මාවම ..
උබව මට වඩා හොදට මගේ අයියා බලා ගනීවි..කියලා අහින්සක විදියට හිතලා මන් මගේ හිත හදා ගන්න ටයි කරා..
කසාදේන් පස්සේ අයෝමියි අයියයි ජීවත් උනේත් කලින් අපි තුන්දෙනා හිටපු අපේ ම ගෙදර නිසා ඒ ගෙදර ජීවත් වෙන එක මට ගොඩක් අමාරු දෙයක් උනා..
ඒ හින්දා මායි අම්මයි පොඩි ඉඩන් කෑලක් අරන් පොඩියට ගේ පොඩ්ඩක් හදා ගත්තා ..
අයියාගේ කසාදෙන් අවුරුදු පහක් යනකොට මට ලමයි දෙන්නෙක් ඉන්නවා..
ඔයාලා බලනවා ඇති අයියා බැදලා මට ලමයි දෙන්නෙක් ඉන්නෙ කොහොමද කියලා..
අයියට තාම එක ලමයයි..
මන් අයියගේ කසාදෙන් අවුරුද්දකට පස්සෙ අයෝමිගේ නංගිව බැන්දා…
අර පනාව දාපු කෙල්ල..
ඒ පනාව එයා තාමත් දානවා ..
ඒ පනාව තමා මාව පිස්සෙක් කරේ..😁😍😍
අයෝමිව බැන්දේ නෑ කියලා මන් බදින්නේ නැතුව ඉන්න යැයි..පිස්සු හැදෙයි
අක්කව බැරිනම් නංගිව හරි උස්සන් යන ජාතියේ පොරක් තමා මන්..
අයියලාගේ කසාදෙන් අවුරුද්දකට පස්සෙ අපි දෙන්නා බැන්දා උනත් අයියාට කලින් අපි දෙන්නා කප් එක ගැහුවා කියලා නම් කියන්න පුලුවන් ..
මොකද අයියා ට තාම එකයිනේ 👨👩👧
අපිට දෙකයි. 👨👩👧👦😁😁😁😜
……………………….
සමහර විට මෙහෙම මගුලුත් වෙන්න පුලුවන් නේ 😁😁
……………නිම්………………
කතාව ලිව්ව මම .සමිත ලක්ෂාන්