අනේ මාව ඩිවෝස් කරන්නෙපා..
ප්ලීස් චතුර. මම ඕනම දෙයක් කරන්නම් ඔයා වෙනුවෙන්.ඒත් මට මේ දුක දෙන්නෙපා දෙයියනේ..වෙන ඕනම දඬුවමක් දෙන්න..මම සතුටින් බාර ගන්නවා ඕනම දඬුවමක්..අනේ ඒත් මේ වැරැද්ද නං කරන්නෙපා..ප්ලීස් ප්ලීස්..මම දරු පැටියාත් එක්ක තනි වෙනවනේ..අනේ මට එහෙම කරන්නෙපා..ප්ලීස්..” ඇය පින්සෙන්ඩු වන්නට වූවාය .නමුත් ඔහු නෙමෙයි කනකට ගත්තේ..
“මේ මට තමුසෙගෙ කිසි දෙයක් අහන්න ඕන නෑ.මට ඕන තමුසෙගෙන් ඩිවෝස් වෙන්න..තෝ වගේ ඩබල් බැරල් එකක් මම කොහොමද පාරේ අරං යන්නේ..අනික කකුල් අද්ද අද්ද..මිනිස්සු මට හිනාවෙයි.” මේ ඔහුගේ ප්‍රතිචාරයයි.
සැබෑවකි..ඇයට සුළු ආබාධයක් ඇත…ඒ කුඩා කළ ඇයට ඇතිවූ යම් රෝගයක් හේතුවෙනි..ඇය එම රෝගයෙන් අනවශ්‍ය ලෙස මහත් වුණි..ඇවිදීමට ටිකක් අපහසුය..නමුත් ඇය බර අඩි තබා කකුල් අද්ද අද්දා ඇවිදින්නීය.ඒත් ඇයට තනිවම සියලු දේ කර ගත හැකිය.
නමුත් චතුර ඇයව විවාහ කර ගත්තේ මේ සියල්ල නොදැන නොවේ..ඒ සියල්ල ඔහු දනියි…දැනගෙනය ඇයව විවාහ කර ගත්තේ..නමුත් දැන් ඔහු ඇයව දික්කසාද කිරීමට සැරසේ..
ශම්මි වැදගත් පවුලක ගැහැණු ළමයෙකි.සහෝදරයන් හතර දෙනෙකු අතර උපන් එකම දැරිය ඇයයි..ඇයගේ දෙමවුපියන්ට සෑහෙන දේපලක් ඇත..එය ඔහුගේ කරගන්නට ඔහු සිතුවා විය හැකිය..නමුත් ඒවා ඇගේ නොවේ..ඇගේ සහෝදරයන් අතරේ බෙදී ගොසිනි..ඇයට තිබුණේ ඇය ජීවත් වන ගෙය පමණි.ඇගේ ආබාධිත තත්ත්වය නිසාම ගෙදරනුත් ලැබුණේ ඇයට කුඩම්මාගේ සැළකිලිය..
කෙසේ හෝ ඇයට දේපලක් නැති බව චතුරට වැටහී ඇත..ඒ නිසා ඇයගෙන් හැකි ඉක්මනින් ඩිවෝස් වීමට ඇවැසිය..
උසාවි දිනය උදාවිය..උසාවි තීන්දුව ලැබුණේ ඇයව තවත් අසරණ කරමිනි..ඒ අනුව චතුරට දික්කසාදය ලැබුණි නමුත් ඔහුගේ මාස දහයක් වයසැති කුඩා දුව ශම්මිට බාර විය..එතැන් පටන් ඇය චූටි දුව එක්ක තනිවිය.
ඇය නොවිඳිනා දුක් විඳ තම පණ සරි දියණිය හදා වඩා ගත්තාය.දැන් ඇය රූමත් තරුණියකි..ඇයට දැන් විවාහ යෝජනා එකින් එක එයි..නමුත් ඇය කැමති වූයේ තව දුරටත් ඉගෙනීමටය..ශම්මි මුළු දිවියම කැප කළේ දුවගේ ඉගෙනුමටය.ඇයව වෛද්‍ය වරියක් කිරීම ඇගේ එකම අභිලාෂයයි.
“ඒ මචං චතුර..ඒ උඹේ දුව නේද බං?” විමුක්ති ඇසුවේ ඈතින් එන ඡායා පෙන්වාය.ඇය දැන් විශේෂඥ වෛද්‍ය වරියකි..නැවුම් පිවිතුරු රෝස මලක් වගේ ඇය රූමත් ය
“ඔව් බං..දුව තමයි..දුව නං පවු හැබැයි.ඒත් මොනවා කරන්නද මචං?” චතුර කිවුවේ සැබවින්ම අනුකම්පා සහගතවයි..
” මේ බැරිද මචං උඹේ දුවව අපේ පුතාට සෙට් කරලා දෙන්න..”
“මං කොහොමද බං එහෙම කරන්නේ?දූ ඉන්නේ එයාගෙ අම්මත් එක්ක..මට බෑ බං ඒ ගෑණිට මූණ දෙන්න..”
“මචං මේ අහපං මං උඹේ හොඳම යාළුවා..උඹට මං වෙනුවෙන් මේ දේ කරන්න බැරිද ආහ්”
ඔහුට මිතුරා තරහ කර ගන්නට බැරිය.ඒක නිසා මේ ගැන කතා බස් කර දුවව තමාට නතු කර ගන්නට සැරසුණි.
ටිං ටොං
නිවසේ සීනුව නාද විය.ඡායා ගොස් දොර හැරියාය..හැඩිදැඩි පිරිමියෙක් ඇය ඉදිරියේය.ඒ ඇගේ පියා බව ඇය නොදනී.
“දූ,අම්මා ඉන්නවද?”
කවදාවත් ඇගේ මේ නිවසට මේ ලෙස කිසිම අමුත්තෙකු පැමිණ නැත.මෙහි එනවා නං එන්නේ වතුර බිල්,ලයිට් බිල් බෙදන්නාත් තැපැල් කරුත් පමණි..ඒ හැර මොවුන්ගේ නිවසට මෙලෙස කවුරුවත් පැමිණ නැත.
“ඔවු ඉන්නවා අංකල්..” ඇය ගැහෙන හදින් පිළිතුරු දුන්නාය.
“කෝ කතා කරන්න අම්මට”
“ආහ් වාඩිවෙන්න අංකල්..අම්මේ මේ අම්මව මීට් වෙන්න අංකල් කෙනෙක් ඇවිත්” ඡායා සාලයේ සිටගෙනම මවට අඬගෑවාය.
‘මාව කවුරු හම්බ වෙන්නදැ’යි සිතමින් ඇය සාලයට ආවාය..අමුත්තාව දුටු සැණින් ඇගේ ඇස් උඩ ඉන්දවිණි.
“දුව පොඩ්ඩක් ඇතුලට යනවද?මට අම්මත් එක්ක ටිකක් කතා කරන්නෝන..”ඔහු දුවව ඇතුළට යැවුවේය.
” මොකටද ආවේ?” ශම්මි ඇසුවාය
“මං ආවේ උඹත් එක්ක සතුටු සාමිචියේ යෙදෙන්න නෙවී..මට මගේ දුවව ඕනේ”
“ඒ කොහොමද මං මගේ දුව දෙන්නේ? ඒකි තමයි මගේ හුස්ම ටික.මගේ සතුට උදුරගත්තා මදිවට දැන් මගේ දුවවත් උදුර ගන්නද හදන්නේ?මං මගේ දුවව කාටවත් දෙන්නෑ මාව මැරුවත්”
“යකෝ ඒ මගේ දුව..දුවව මට ඕනේ..එච්චරයි”
“මම දෙන්නේ නෑ නෑමයි.පුළුවන් දෙයක් කරපල්ලා.”
අම්මගෙයි අමුත්තාගෙයි උස් හඬින් කෙරෙන කතාව කාමරය තුළ සිටි ඡායාට හොඳින් ඇසුණි..මේ ඇය කවදාවත් නොදුටු තාත්තා විය යුතු යැයි ඇය සිතුවාය..දැන් ඔහු සැරසෙන්නේ තමාව උදුරා ගන්නට බව ඇයට සිතුණි.මෙය තමාම විසඳිය යුතුය.. නැත්නං ඒ නරුම මිනිසා අම්මාට අත උස්සන්නටද බැරි නැත..ඇය වහාම කාමරයෙන් එළියට පැමිණියාය
“තාත්තා” ඡායාගේ හඬින් චතුර තුෂ්නිම්භූත විය
“තාත්තා ආවේ මාව අරං යන්නද?ඒක කවදාවත් වෙන්නේ නැහැ තාත්තේ.අනික මට තාත්ත කෙනෙක් හිටියෙත් නෑ.මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ මේ අසරණ අම්ම තමයි..තාත්ත මාව මාස දහයෙදි දාලා ගියාට මගේ අම්මා මාව අත හැරියේ නෑ.දහදුක් විඳලා මාව හදාගත්තා.දැන් මමත් මගේ අම්මව අත අරින්නේ නෑ.නිකංවත් අපි උන්නද මළාද කියලා බලන්නවත් ආවද? මගේ නඩත්තු සල්ලිත් හෙමීට මග ඇරිය කියලා මම දන්නවා..දැන් ආවේ මොන එකකටද?
දැනුත් අපිව බලන්න ඕනි නෑ.මාව මේ තත්ත්වයට ගෙනාවෙ මගේ අම්මා..අම්මයි මායි කොච්චර අමාරුවෙන්ද මේ තත්ත්වයට ආවේ..තාත්තා මොකක්ද මට කරපු උදවුව..? දැන් මාව අයිති අම්මට මිසක් තාත්තට නෙවෙයි.මම තාත්තත් එක්ක එන්නෙත් නෑ.දැන් තාත්තට ආපු අතක් බලාගෙන යන්න පුළුවන්.” දුව ආවේගයෙන් මෙන් කියවාගෙන ගියේ තාත්තාට කට උත්තර ද නැති කරමිනි.
“අම්මා, අම්මා දුක් වෙන්න එපා.මම හැමදාමත් අම්මගේ චූටි දෝනි.” ඡායා කිවුවේ මවට තුරුළු වෙමිනි