ඔයා වැඩක්ද දුවේ?……..”

ප්‍රසාද්ගෙ අම්මා කාමරේට එන ගමන මගෙන් එහෙම ඇහුවා.

“ලොකු වැඩක් නෑ අම්මෙ.මං මේ රෙදි කබඩ් එක අස් කරා…….”

“දැන් මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?ඔයාලා සතුටින් ඉන්නවනෙ……..”

“ඔව් අම්මෙ.ප්‍රසාද් මං වැරැද්දක් කරේ නෑ කියලා පිලි ගත්තනෙ.මට ඒ හොදටම ඇති………”

“මං මේ කියන්න ආවෙ ප්‍රසාද්ගෙ තාත්තයි මමයි ලබන මාසෙ දඹදිව යනවා.හැම අවුරුද්දකම ගමෙන් වැඩිහිටියන්ව එහෙම එක්කන් යනවනේ.දුවගෙ අම්මයි තාත්තයි දෙන්නම ගිය අවුරුද්දේ ගියා මතකයි……..”

“ආ….ඔව් අම්මෙ.මට හොදට මතකයි. අම්මලා පරිස්සමින් ගිහින් එන්න.ලොකු පිං අතේ ගමනක් ඕක……..”


ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි දෙන්නම දඹදිව ගියා.අද ගෙදර ඉන්නෙ මායි ප්‍රසාදුයි විතරයි.

“අම්මලා නැතුව පාලුයි වගේ ප්‍රසාද්……..”

“පුදුමයි……..”

“ඒ ඇයි ඔයාට පුදුම?……..”

“නෑ ඉතිං.නැන්දම්මාලා කොයි වෙලේද ගෙදරින් එලියට යන්නෙ කියලනෙ ලේලිලා බලන් ඉන්නෙ………”

“හැම ලේලි කෙනෙක්ම හැම නැන්දම්මා කෙනෙක්ම එක වගේ නෑ ප්‍රසාද්……..”

ප්‍රසාද්ගෙ බෙල්ල වටේට අත් දෙක යවමින් තුරුල් වෙන ගමන් මං එහෙම කිව්වා.ඇත්තටම නැන්දම්මා කෙනෙක් විදියට ප්‍රසාද්ගෙ අම්මා මට ගොඩක් හොදට සළකනවා.කවදාවත් අපි අතර එහෙම ලොකු ප්‍රශ්න ඇති වෙලා නෑ.අපි හුගක් සමගියෙන් ජීවත් වෙනවා.

“අම්මෝ මැණිකේ මගෙ බෙල්ල.හුස්ම හිරවෙයි බං……..”😀😁

එතකොටයි මට මතක් වුනේ මං හිටියෙ මෙච්චර වෙලා ප්‍රසාද්ගෙ බෙල්ල බදාගෙන නේද කියලා.මං ටක් ගාලා අහකට වුනා.එතකොටම ප්‍රසාද් මාව ඇදේ පෙරලගෙන දෙතොල් සිප ගත්තා.ඒ සුදු කම්මුල් මගෙ කම්මුල් වලත් ගෙල දෙපසත් ගාවද්දී නම් මට හොදටම කිති.

“අනේ එපා ප්‍රසාද් රැව්ල් කොට ඇනෙනකොට කිති අනේ……..😊😊

අහකට වෙන්න තැත් කරමින් මං එහෙම කිව්වා.ඒත් ප්‍රසාද් මාව අතාරින පාටක් නෑ.ඕන දෙයක් වුනාවෙ කියලා මාත් එහෙම්මම හිටියා.

❤️❤️

වසරකට පසුව👇👇👇

අපි කසාද බැදලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.බැදපු මුල් කාලෙ ඉදන්ම මායි ප්‍රසාදුයි දෙන්නම දරුවෙකුට ගොඩාක් ආසාවෙන් හිටියෙ. ඒත් මොන හේතුවක් හින්දද මන්දා තාම අපේ ඒ බලාපොරොත්තුව ඉශ්ට වුනේ නෑ.ප්‍රසාද්ගෙ අම්මත් මට කිහිප වතාවක්ම ඒ ගැන කිව්වා.මට තියන බය තව ටික කාලයක් ගියොත් මං වද ගෑණි කියලා හංවඩු ගැහෙයිද?😢😢

ප්‍රසාද්ගෙ අම්මා වුනත් මාත් එක්ක වෙනදා වගේ කතා බහ කරන්නෙ නෑ. කොයි වෙලේ බැලුවත් තරහ ගත්තු ගමන්මයි.මට ලොකු බයක් දැනෙනවා ප්‍රසාදුත් මට දරුවෙක් නැති හින්දා වෙනස් වෙයිද?😢😢අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා.


“මොනවද පාරමී කල්පනා කරන්නෙ?…….”

මගේ උරහිස වටා දෙඅත යවමින් ප්‍රසාද් මගෙන් එහෙම ඇහුවා.මගෙ ඇස් වලින් කදුලු වැටුනා.

“ඇයි පාරමී ඔයා අඩන්නෙ?ඔයාට අම්මා මොනවා හරි කිව්වද?……..”

මං හිස දෙපැත්තට වනලා නෑ කිව්වා.

“ඇත්ත කියන්න පාරමී ඇයි ඔයා අඩන්නෙ?මොනවද අම්මා ඔයාට කිව්වෙ?……..”

මං ප්‍රසාද්ගෙ පපුවට තුරුල් වුනා.

“මං මහා කාලකණ්ණි ගෑනියෙක් ප්‍රසාද්. අම්මා අදත් මගෙන් ඇහුවා දරුවෙක් ගැන.මං වද ගෑනියෙක් ප්‍රසාද්…….”😭😭

මං එහෙම කිව්වම ප්‍රසාද් මාව නැගිට්ටවලා මගෙ කට තද කරලා මිරිකුවා.මට ගොඩාක් රිදුනා.

“ආව්….අනේ රිදෙනවා ප්‍රසාද්.අතාරින්න අනේ රිදෙනවා……..”😭😭

“මේ අහපං පාරමී අපි කසාද බැදලා තාම අවුරුදු එකහමාරයි.මට ඇහෙන්න ආයෙ ඔය කටින් කියපන්කො බලන්න උඹ කාලකණ්ණි ගෑනියෙක් කියලා.කසාද බැදලා අවුරුදු හතක් අටක් ගිහිල්ලත් ලමයි උපදින ගෑනු ඉන්නවා.අපිට තාම දරුවෙක් නැති එකට අම්මට ඔයාගෙ හිත රිද්දන්න අයිතියක් නෑ.මං මගෙ මැණිකට මොකුත් කිව්වෙ නෑනෙ.එන කෙනා වෙලාවට එයි පාරමී.ඔයා දුක් වෙන්න එපා…….”

ප්‍රසාද්ගෙ ඒ වචන වලින් මගෙ හිත යන්තමින් හරි සැනසුනත් ප්‍රසාද්ගෙ අම්මා මගෙ හිත රිද්දන එකේ සීමාවක් නෑ.කාලය දින සති මාස ගනන් ගෙවිලා ගියා.ඒත් තාම ඒ බලාපොරොත්තු ඉශ්ට වෙන පාටක් තිබ්බෙ නෑ.අනේ දෙයියනේ මොන පාපයක්ද මං මේ ගෙවන්නේ?😭 ප්‍රසාද්ගෙ අම්මා මගෙ හිත මොන තරම් රිද්දුවත් ප්‍රසාද් මට කිසිම වෙනසක් කරේ නෑ.සමහර වෙලාවට ප්‍රසාද් අම්මත් එක්කත් රණ්ඩු වෙනවා.

“අඩන්න එපා පාරමී.මං ඔයාට මොකුත් කිව්වෙ නෑනෙ රත්තරං.අපි තව කාලයක් බලමුකො……..”

“අනේ මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයිද ප්‍රසාද්?😭😭

ප්‍රසාද්ගෙ ලය මඩලට තුරුල් වෙලා මං කදුලු සැලුවා.

“ඔන්න ඉතිං ආයෙමත් අඩන්න පටන් ගත්තා.අම්මපා මං උඹට දෙනවා කන පැලෙන්න එකක්……..”

ප්‍රසාද් එහෙම කියනකොට මට තවත් මහ හයියෙන් ඇඩුනා.ප්‍රසාද් මගෙ ඔලුව අතගෑවා.

“අනේ මට බනින්න එපා ප්‍රසාද්.මට ගොඩාක් දුක හිතෙනවා……..”😭😭

“අඩන්න එපා රත්තරං.දෙවියන්ගෙන් පිහිටෙන් අපිටත් ඉක්මනට දරු පැටියෙක්ගෙ හුරතල් දකින්න ලැබෙයි…….”

“මට මේ මං කරපු පවක් පල දුන්නා ප්‍රසාද්……..”😭

“මගෙ මැණික එහෙම පව් කරලා නෑනෙ………”

“මං ලොකු පාපයක් කරා ප්‍රසාද්.දිනූට ලැබෙන්න හිටපු දරුවව නැති කරන්න මං එයාට උදව් කරානෙ.ඒ පව්කාරකම තමයි මට මේ පටිසන් දෙන්නෙ.අනේ මට කවදාවත්ම අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයිද?……..”

“එහෙම කියන්න එපා පාරමී.ඔයා බලෙන් ගිහින් දිනූට ඇබෝශන් එක කරා නෙවෙයිනෙ.දැන් දිනූටයි සාගරගෙයි දරුවට මාසයයි.අපිටත් ඉක්මනට දරුවෙක් ලැබෙයි…….”

“අනේ ප්‍රසාද් අපි හෙටම ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලමු.මට පිස්සු හැදෙයි දෙයියනේ මෙහෙම ඉන්න ගියොත්.එතකොටවත් බලාපොරොත්තුවක් ඇති වෙයිනෙ…….”😭😭

“හරි මැණික අපි හෙට ගිහින් බලමු.දැන් අඩන්නෙ නැතුව නිදා ගන්න……..”

ප්‍රසාද් මාවත් තුරුල් කරගෙන නිදා ගත්තත් මට නින්ද ගියේ නෑ.අනේ මට කවදාවත් ඒ කිරි සිහිනෙට ලං වෙන්න බැරි වෙයිද?😢😢

පහුවදා උදේම මායි ප්‍රසාදුයි ඩොක්ටර්ව හම්බෙන්න ගියා.මට අලුත් බලාපොරොත්තුවක් ඇති වුනා.මට දරුවෙක් නොලැබෙන්න කිසිම ලෙඩක් ප්‍රශ්නයක් නෑ කියලා ඩොක්ටර් කිව්වට පස්සෙ මං ආපහු ප්‍රසාද් එක්ක ගෙදර ආවට පස්සෙ හිතේ ලොකු සැනසීමකින්.

“ඩොක්ටර් මොකද කිව්වෙ පුතේ?…….”

“කිසිම ප්‍රශ්නයක් නෑ අම්මෙ.ඉක්මනටම සුභ ආරංචියක් අහන්න ලැබෙයි…….”

“පාරමී දුවේ…..බෝධි පූජාවක් එහෙම තියලා බලන්න………”

“හා අම්මෙ……..”

මතු සම්බන්දයි❤️