හරියට වැඩක් කරන්න බැරිනම් යනවා යන්න මෙතනින් අස්වෙලා”
“සොරි මැඩම්”
“නතර කරනවා නතර කරනවා හැමදාම ඕක අහලා ඇති වෙලා තියෙන්නේ මට “
“ආයෙ මගෙන් එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ මැඩම් අනෙ මගෙ ජොබ් එක නැති කරන්න එපා මැඩම්”
“උදාර….මම කිව්වා සැරයක් මගෙ යකා අවුස්සන්න එපා යනවා යන්න ඕයි”
තවත් පාලනය කරගන්න බැරි කේන්තිය නිසා ටේබල් එක උඩ තිබුණු වීදුරුව අතට තද වෙනකොට කැඩිලා බිදිලා ගියෙ මගෙ අතේ ලේ ගලාගෙන
“අනෙ මැඩම් තුවාල උනා නේද “
උදාර මගෙ අතින් ගලන ලේ දැකලා කලබල මටත් වඩා.ඒත් පිරිමි සංහතියම එක්ක වෛරයෙන් ඉන්න මම අත අල්ලන්න හදපු උදාරව තල්ලු කරගෙන වොෂ් රූම් එකට ගියා….
හවසට දෙන්න තියෙන මල් ටික පරක්කු නිසා මම උදාරට අර තරම් බැන්නෙ ඇයි කියලා මටවත් හිතාගන්න බෑ
“ගුඩ් මෝනින් මැඩම්”
“මෝනින්”
“මම….වාඩි වෙන්නද මැඩම් මෙතනින්”
“හ්ම්”
එදා උදාර පලවෙනිම දවසෙ “
අමාහිරු ” එකේ වැඩට ආපු වෙලාවේ මට දැණුනෙ හරිම හුරු පුරුදු බවක්.ඒත් ආයෙමත් පිරිමියෙකුට ලං වෙන්න තියා ඒ ගැන හිතන්නත් මම බය උනා….
“මිස් අරක මෙහෙම කරමු,මේක මෙහෙම කරමු…. අවුරුදු ගානක් මගෙ ෆ්ලවර් ෂොප් එකේ අත්දැකීම් තිබුණත් උදාර ආපු දවසේ ඉදලා ෂොප් එක තිබුණාටත් වඩා දියුණු උනා….
කල්පනාවෙන් කල්පනාව යන්න පුලුවන් තරම් ලේ ගිහින් නතර වෙලා….
“මැඩම් අත ගොඩක් තුවාල වෙලාද”
කැබින් එකට ඇතුල් වෙනකොට මගෙ ටේබල් එකට එහා ටේබල් එකෙ හිටපු උදාර අහනකොට මම ඇහුනෙ නෑ වගේ අදාරව ගණන් නොගෙන ඔෆිස් එකෙන් කෙලින්ම ගියෙ ක්ලබ් එකට
“ඇති බං හිරූ යමන් දැං”
“මට නිදහසේ ඉන්න දීලා පලයං ශානි”
සිහියත් අසිහියත් අතරින් මට පේන්නෙම උදාරව,ඒ ඇස්,කතාව වෙලාවකට තියෙන දගකාරකම් එකින් එක මගෙ හිත අවුල් කළා හිතට සැනසීම ගන්න මත්පැන් බෝතල් ගණන් හිස් කලත් උදාරව හිතින් මකන්න බැරි උනා….
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
“උදාර”
“ඇයි මැඩම්”
“හවස 5ට හරියටම මාව හම්බවෙන්න”
“ඇයි මැඩම් ඒ”
“කිව්වම කියපු දේ කරනවා හරියටම 5ට සන්ඩේ කොෆි ෂොප් එකේදි”
උදාරට එන්න කිව්වත් මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැරි උනා.ඒත් හිතට වද දෙන වදකාරයා ගැන නොකියා ඉන්න තවත් බැරි උනා….පහ ලං වෙනකොට කවදාවත් නැති තරම් බයක් දැනුණා…. සුදු පාට අත් කොට ටී ෂර්ට් එකට කලු ඩෙනිමක් ඇදලා ඈතින් හිනාවෙවී එන උදාරව දැක්කම මගෙ මුලු හිතම ඇවිලුනා….”දෙයියනේ එන්න කිව්වට මම මොනවද කරන්නේ දැං”
“මැඩම් කලින්ම ඇවිත්”
“මේක ඔෆිස් එක නෙමෙයි උදාර ඒ නිසා මට හිරූ කියනවනම් හොදයි “
“අනේ මැඩම් එහෙම….”
“කියපු දේ කරනවා”
මම උදාරට සද්දයක් දානගමන් කොෆි ෂොප් එකට ඇතුල් උනා….
“උදාරට මම එන්න කිව්වේ ඇයි කියන්න දන්නවද”
“මිම්හූ”
“මට සමාවෙන්න උදාර අර විදියට කෑ ගහනවට බනිනවට ඒත් මට මාව පාලනය කරගන්න බෑ උදාර “
“අයියො මම ඒවා ගැන හිතන්නෙ නෑ ඔයා එතන බොස් මම සේවකයෙක් ඉතින්….බොස්ට අයිතිය තියෙනවනෙ සේවකයන්ට බනින්න කෑ ගහන්න”
“උදාර”
මම ඒ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා.ඒ ඇස්වල කියන්න බැරි හැගීම් ගොඩාක් පිරිලා තිබුණා….මගෙ කල්පනාව බිදිලා ගියෙ උදාරගෙ මොබයිල් ෆෝන් එක රින් වෙනවත් එක්කම ….
“එක්ස් කියුස් මී මැඩම්”
මගෙන් ඈතට ගියපු උදාර තත්පර කීපයකින් මම ඉන්න තැනට ආවා.. .
“කවුද කතා කලෙ”
උදාර උත්තර දෙනවා වෙනුවට ටේබල් එක උඩ ඇගිල්ලෙන් ඉරි අදින්න ගත්තා….
“කවුද කතා කලෙ කියනවා ගෑණිද”
උදාර ඉද්ද ගැහුවා වගේ මගෙ දිහා බැලුවෙ ඇස් හීනි කරගෙන…. තවත් මට කේන්ති එනකොට උදාර කතා කරන්න පටන් ගත්තා
“මම මැරි කරලා නෑ මැඩම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කතා කලෙ”
“ඒ කියන්නේ තමුසෙට බදින්න එකියක් ඉන්නවා”
“ඔව් මැඩම් එයාගෙ ගෙවල් වලින් එහෙමත් කැමතියි”
“එහෙමද”
“මැඩම් මට එන්න කිව්වේ”
මම බිල් එක පේ කරලා යන්න හදනකොට උදාර ඇහුවත් මම උත්තර නොදී කාර් එකට නැගලා යන්න ගියා….කාලෙකට පස්සේ හිතට ආපු උදාරව වෙන කෙනෙකුට අයිති උනත් මට උදාර ගැන නොහිතා ඉන්න බැරි උනා.
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ඉස්සර වගේ උදාරට බනින්න කෑ ගහන්න නොයා සතියක් විතර මම උදාරව මගහැරලා හිටියෙ හිතට වැට කඩුලු බැදලා….
“මැඩම් අද 05 වෙනිදා නේද අර මල්පැල බලන්න යන්න හිටපු දවස”
යන්නම ඕන ගමනක්.උදාර කියනකම් මටත් අමතක වෙලා ඉදියෙ
“අද ඉරිදනෙ උදාර ගෙදර යන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් බලාගෙන ඇති එනකම්”
“එයාට වඩා මට ඔයාව වටිනවා”
“මොකක්”
උදාර කියපු දෙයින් මගෙ හිත නතර උනා….තොල් ගැහෙන්න ගත්තෙ ඒ වචන තුනට…
“නෑ මැඩම් මම කිව්වෙ එයාට වඩා මට මැඩම්ව,මගෙ ජොබ් එක වටිනවා කියලා”
“කාර් එක අරන් එනවා පාරට”
මම කාර් එකේ කී එක උදාරගෙ අතට නොදී මේසෙ උඩට විසි කරලා පාරට ගියා.ටික වෙලාවක් යනකොට කාර් එක අරන් ආපු උදාර දිහා නොබලාම මම වාහනේට නැග්ගා….
“මැඩම් මං එක්ක තරහින් වගේ ඇයි”
“මම තමුසෙ එක්ක තරහා වෙලා මොනවා බෙදාගන්නද”
“මාව නේද”
“මොකද්ද කියන්නේ උබ”
“මම දන්නවා මැඩම්ගේ හිතේ මං ගැන තියෙනවා කියලා”
“තමුසෙ කාටද ඔය කතා කරන්නේ”
“හිරුෂි අමායා දේදුනුට”
තවත් කතා කරන්න බැරි මම ගොළු වෙලා ගියා….වාහනෙ පාර අයිනට වෙන්න නතර කරපු උදාර මං දිහා බලාගෙන ඉන්නවා කියලා මට ඇස් කොනින් පේනවා….
මගෙ අතක් ඒ අත් දෙකට මැදි වෙනකොට මට කරන්ට් එක වැදුනා වගේ දැණුනා…. තවත් හිරකරගෙන ඉන්න බැරි ආදරේ කදුලු වෙලා ඇස්වලින් හෝ ගාලා වැටුනා….උදාරගෙ උරහිසට වෙලා ඉකි ගගහා ඇඩුවෙ කාලෙකට පස්සේ පිරිමියෙකුගේ ආදරේ හදවතටම දැනුනත් ඒ ආදරේ අන්සතු නිසා….
“ආදරෙයි නේද”
“ඔව් දෙයියනේ ඔව් මැරෙන්න තරම් ආදරෙයි”
“මම දන්නවා නොදන්නවා වගේ හිටියෙ මමත් අසරණ නිසා
ඒත් පොරොන්දු වෙනවා කවදාවත් ඔය හිතට දුකක් දෙන්නෙ නෑ කවදාවත් අඩවන්නෙ නෑ, දාලා යන්නෙත් නෑ
මාව විශ්වාස නැත්තම් මම මැරුණ දවසක් තේරෙයි මම මෙ කියන්නේ ඇත්තද බොරුද කියලා”
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
උදාරගෙ ආදරේ මගෙ ජීවිතේ කොච්චර ලස්සන කලාද කියනවනම් හවසට හවසට වෙරි මර ගානෙ ගෙදර යන මම කෙලින් කටින් යන්න හුරු උනා….
මං වෙනුවෙන් පිරිමි ඇහැක කදුලක් දැක්කනම් ඒ උදාරගෙ
“කවදා හරි යන්න වෙනවනෙ”
මොන තරම් සතුටින් හිටියත් සතුටෙ අවසානෙ ඒක
“බය වෙන්න එපා උබට වෙනසක් කරන්නෙ නෑ උබව අරන් රට හරි යනවා”
උදාර එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වඩා ආදරෙ කලෙ මට ඒ ආදරේට මම ලෝභ උනා මගෙන් තත්පරයක් ඈතින් ඉන්නවට මම බය උනා…. උදාරත් හෙමින් හෙමින් එයාව මගෑරලා මගෙ ආදරේ මත්තෙම නැහුනා….
මල් බලන්න අවිස්සාවේල්ලේ ගියෙ මමත් උදාරත්…. ජීවත් වෙනවා කියලා මට දැණෙන්නෙ උදාර ලග ඒ ආදරේ නැති උනොත් මට පිස්සු හැදෙයි කියලා මටම බයයි….ඒත් හිතේ වද දෙන ප්‍රශ්න කෝටියක් තිබුනත් උදාරට කියන්න බය උනෙ මෙච්චර ආදරේ කරලත් ඒ ආදරේ නැති වෙයි කියන බයට….
“මොකද කල්පනාව”
කොළඹ පහු වෙනකම් මම කල්පනා කර කර ඇවිත්….
“මුකුත් නෑ”
“නැති වෙන්න බෑ මොකක් හරි තියෙනවා කියන්න මට”
“කියන්නම් පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නෑ කියලා”
“ඔයා දන්නවනෙ මොනවා උනත් මම ඔයාව දාලා යන්නේ නෑ කියලා”
“මම බැදලා ඉන්නෙ උදාර”
“විහිළු කරන්න එපා”
“විහිළු නෙමෙයි උදාර කියාගන්න බැරිව මම කොච්චර විදෙව්වද ඒ හැමදේම ඉවසගෙන හිටියෙ දුක් විදලා විදලා තවත් දුක් විදින්න හිත් හයිය නැති නිසා “
“එතකොට කෝ එයා”
“නෑ උදාර එයා මම හිතපු ජාතියෙ කෙනෙක් නෙවෙයි මගෙන් ගන්න ඕන හැමදේම අරන් දෙන්න පුලුවන් තරම් දුක් දීලා ඈත් වෙලා ඉන්නෙ”
මම දැක්කා ඒ ඇස් අගිස්සෙ කදුලු….මම හැමදේම කිව්වත් උදාර වචනයක් නොකියා අහගෙන හිටියා.කතා නොකරම උදාර ආපහු වාහනෙ හරවාගෙන ස්පීඩ් ආවෙ කොළඹටම.යන ගමනත් අමතක කරලා උදාර මාවත් අරන් වාහනෙ අතුරු පාරකට දාලා හයියෙන් ගියා….
“කොහෙද යන්නේ”
“අනෙ උදාර ප්ලීස් මට සමාවෙන්න”
විවහාරෙජිස්ටාර් කාර්යයාලය
එතනට ආපු උදාර නීතිය ඉස්සරහ මාව සදහටම එයාගෙ කරගත්තා.මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනා….එන මග කතා කරපු ශානියි එරංගයි සාක්ෂියට අත්සන් කලා….
“හිතුවද දාලා යයි කියලා”
සේරම කරලා කසාද සහතිකෙ මගේ අතට දෙනගමන් උදාර මගෙ නලලට කිස් එකක් දුන්නා….කතා කරන්න වචන නැති නිසා මම එහෙමම ඒ පපුවට තුරුල් උනා….
“මම කලෙ වැරැද්දක්”.
“ඒ ගැන හිතන්න එපා සේරම හරියයි ආයෙ කාටවත් අතක් තියන්න බෑ ඔයාට දැං මගෙම විතරයි තේරුනාද”
උදාර නිකටින් අල්ලලා ආදරෙන් අහනකොට මම පපුවට තුරුල් උනෙ අදින් පස්සේ ජිවිත වලට මොනවා වෙයිද හිතන ගමන්….
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
නින්ද යන්නේ නැති නිසා පොඩි කතාවක් දෙන්න හිතුවා…. ලියන්න ගත්තු කතාව කොටසක් දීලා නතර කලෙ ඔයාලා නවකතා කියවන්න එච්චර කැමති නැති නිසා…. ඔන්න බනින්න එපා මගක් දීලා නතර කලෙ නෑ….මම කිව්වෙ පලවෙනි කොටසින් තීරණය කරන්නම් කියලා කතාව දිගටම දෙනවද නැද්ද කියලා 😁….ඉතිං මම හිතුවා පුලුවන් හැම වෙලාවකම කෙටි කතා දෙන්න …. මේකත් හොදයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න….
ආදරෙයි හැමෝටම බුදු සරණයි ❤️
❣️මීදුම් දහරා