ධනුජ මාව අපේ නිවාස සංකීර්ණයට හැරෙන පාර ගාවින් බස්සලා ගියා.මං පඩිපෙළ නගිනකොටම ඉස්සරහට හම්බුනේ නිවන්ත අයියා.තව විදියකින් කිව්වොත් ධනුජගේ යාළුවා.

“ආ…..නිවන්ත අයියෙ මං හිටියෙ ඔයාව අහු වෙනකල් තමයි……..”😀😊

“ඒ ඇයි?අරූට කියපුවට මට දෙහි කපන්නද😁😂කොහොමින් කොහොම හරි කමක් නෑ සත්‍යා.ඌ හොද එකා.උගේ පව්ලෙ අනික් අය වගේ නෙමෙයි……..”

“ඒ කිව්වෙ අයියෙ එයාගෙ ෆැමිලි එකේ අනික් අය මොන වගේද?මට නම් තේරෙන්නෙ නෑ……..”

“ධනුජගෙ අම්මා එහෙම නරක කෙනෙක් නම් නෙවෙයි.ඒත් ධනුජගෙ අයියා සනුජ නම් හොද මිනිහෙක් නෙවෙයි.ඌ මහා කුපාඩි වනචරයෙක් නංගි.ඔයාලා පරිස්සමින් ඉන්න……..”

එහෙම කියලා නිවන්ත අයියා පඩිපෙළ බැහැලා ගියා.මං ගෙදරට ගියා.අමුතු බියකින් මගෙ හිත පිරිලා ගියා.මං ධනුජට ආදරෙයි කියපු එකෙන් ඉස්සරහට ලොකු විනාශයක් ඇති වෙයි නේද?එයාගෙ අම්මයි තාත්තයි අයියයි එපේ ආදරේට බාධාවක් වුනොත් ධනුජටයි මටයි වෙන් වෙන්න සිද්ධ වෙයිද?අපේ පව්ල් දෙක අතරේ ලොකු ප්‍රශ්න ඇති වෙයි.

“මොකෝ නංගි ආපු ගමන්ම කල්පනාව?…….”

ආපු ඇදුම පිටින්ම ඇදට වෙලා කල්පනා කරද්දී අක්කා මං ළගට ඇවිත් එහෙම ඇහුවා.

“මහන්සියි අනේ.එලියෙ පුදුම දාඩියක් තියෙන්නෙ…….”

“වොශ් එකක් දාගෙන එන්නකො කුස්සියට මට පොඩ්ඩක් උයන්න උදව් වෙන්න.අම්මා දවල් කෑමට රමේශ්ගෙ ගෙදර අයට එන්න කිව්වා…….”

මාත් වොශ් එකක් දාගෙන කුස්සියට ගිහින් අක්කට උයන්න උදව් වුනා.දවල් දෙකට විතර රමේෂ් අයියගෙ අම්මයි අප්පයි රමේශ් අයියයි ආවා.අම්මෝ😮😮බලන්න එපැයි අක්කගෙ මුහුණේ තියන ලැජ්ජාබර හිනාව.මං අක්කගෙ අතක් හිමීට කෙනිත්තුවා.

“මේ ඔහොම බලන්න එපා.ඌ දැන්මම ඔයාව ගෙනියයි……..”😁😂

මං අක්කට රහසින් වගේ එහෙම කිව්වා.

දවල් කෑමෙන් පස්සෙ ගොඩාක් වෙලා සතුටු සාමිච්චියෙන් අපිත් එක්ක කාලය ගත කරපු රමේශ් අයියයි එයාගෙ දෙමව්පියොයි ආපහු යද්දී හවස හතරාමාර විතර වුනා.රෑට කාලා ඉවර වෙලා මං ෆෝන් එකත් අරගෙන බැල්කනියට ආවා.

අදුරන්නෙ නැති නම්බර් එකකින් මිස් කෝල් හයක් ඇවිත් තිබුනා.සමහර විට ධනුජ වෙන්න ඇති. ඒත් එක්කම ආපහු ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ආවා.මං දෙපාරක් නොහිතා ඒ කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ……..”📲

“හෙලෝ සත්‍යා මං ධනුජ……..”📲

“අනේ සොරි ධනුජ.ඔයා කෝල්ස් අරන් තිබුනා.අක්කා මැරි කරන්න ඉන්න රමේශ් අයියලාගෙ ගෙදරින් ආවනේ……..”📲

“හරි.ඒකට කමක් නෑ පළවෙනි පාර හින්දා මං සමාව දෙන්නම්……..”📲

“හරි ඉතිං ආයෙ එහෙම වෙන්නෑ.ඇයි ඉතිං කෝල් ගත්තෙ?……..”📲

හුටා….🤦🤦මටත් පිස්සුනේ අනේ ඇයි කෝල් ගත්තෙ කියලා අහනවා.ආදරේ කරන කාලෙ කෝල් අරගෙන කතා කරන්න හේතුවක් ඕනිද?😁😊

“ඇයි කියලා අහන්නෙ?😠ලව් කරද්දී කතා කරන්න කොයි තරම් දේවල් තියනවද?කොච්චර කතා කරත් මට නම් ඇති වෙන්නෙ නෑ……..”😠😠📲

“අනේ ඉතිං ඕකටත් මට බනින්න එපා. හරි දැන් ඔය මහත්තයා කාලද ඉන්නෙ?…….”📲

“හ්ම්ම්.තෝසෙ කෑවා.මට ඒක කද්දී ඔයාව මතක් වුනා……..”📲

“අපි නම් කෑවෙ නූඩ්ලස්……..”📲

“මේ ඒක නෙවෙයි නිවන්ත මොනවා හරි කිව්වද අපේ අයියයි තාත්තයි ගැන?…….”📲

මට මතක් වුනා නිවන්ත අයියා ධනුජගෙ අයියා ගැන කියපු දේවල්.ඒත් මං කොහොමද එහෙම කිව්වා කියලා ධනුජට කියන්නෙ?

“න්…නෑ ධනුජ……..”📲

“බය වෙන්න එපා සත්‍යා.මට අද දවල් නිවන්තයව මීට් වුනා.ඌත් එක්කත් මං කතා කරේ අපි දෙන්නා ගැනයි.මොන ප්‍රශ්නෙ ආවත් මං ඔයත් එක්ක ඉන්නවා සත්‍යා.මොනවා සිද්ධ වුනත් මං ඔයාව නැති කරගන්නෙ නෑ……..”📲

මට තේරෙනවා මගෙයි ධනුජගෙයි ආදරේට එයාගෙ දෙමව්පියෝ කැමති වෙන්නෙ නෑ කියලා ධනුජ දන්නවා.අනේ මන්දා මං හින්දා ලොකු විනාශයක් සිද්ද වෙයිද?😢😢

“මං දන්නවා ධනුජ ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා.ඔයා වෙනුවෙන් මං ඕනම කැපකිරීමක් කරන්න ලෑස්තියි……..”📲

“එහෙනම් මට ඇහෙන්න ලස්සන සිංහල සිංදුවක් කියන්න……..”📲

“මොනවා මේ මහ රෑ වෙලා මං සිංදු කියනවා අම්මට හරි අප්පට හරි ඇහුනොත් එහෙම?……..”📲

“හා එහෙනම් කමක් නෑ.එහෙනම් කිස් එකක්වත් දෙනවකෝ.උදේ දෙන්න හදද්දී හොරාට ඈත් වුනා.ආයෙ දවසක අහු වෙනවකෝ අතාරින්නෙම නෑ……..”😚📲

“මං එපා කිව්වෙ නෑනෙ ඉතිං.උදේ මට බය හිතුණා……..”📲

“මට බය වෙන්න එපා මැණික……..”📲

කාමරේට එබිලා මං ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.වෙලාව රෑ දහයයි හතලිහයි.ඉන්න බෑ නිදි මතයි.මේ යකා දැන්මම ෆෝන් එක තියන පාටක් නෑ.😁

“ධනුජ……..”📲

“හ්ම්ම්……..”📲

“දැන් ගොඩාක් රෑ වෙලානෙ……..”📲

“ඉතිං?රෑ වෙනවා තමයි.ඒක නවත්තන්න බෑනෙ……..”📲

“මට ගොඩාක් නිදිමතයි අපි හෙට කතා කරමුද?………”📲

“හා මැණික.බායි.ගුඩ් නයිට්……..”📲

“ගුඩ් නයිට් ධනුජ………”📲


කාලය දින,සති,මාස ගනං ගෙවිලා ගියේ මගෙයි ධනුජගෙයි ආදරේ තව තව වැඩි වෙමින්.මේ අතරතුර මගේ අක්කගෙයි රමේශ් අයියගෙයි කසාදෙත් සිද්ද වුනා. මං ධනුජව මීට් වෙලා ගෙදර එද්දී අයියයි තාත්තයි අම්මයි සාලෙට වෙලා බරපතළ සාකච්ඡාවක්.

“සත්‍යා…..ඔහොම ඉන්නවා……..”😡😡

අයියගේ කටහඬට මාව හිටපු තැනම ගල් වුනා.මේ මොකද අයියට වෙලා තියෙන්නෙ?මොන යකෙක් වැහිලද මන්දා.

“අද දවල් තමුසෙ කාත් එක්කද කාරෙකක රව්ම් ගැහුවෙ?……..”😡😡

අපොයි දෙයියනේ ඒ කියන්නෙ අයියා මාවයි ධනුජවයි දැකලද?මට බයකුත් දැනුනා.

“කතා කරන්න දූ?අයියා මේ කියන දේවල් ඇත්තද?ඔයා කොල්ලෙක් එක්ක කාර් එකේ ගියා කියලා……..”😠😠

අම්මාත් මගෙන් සැරෙන් එහෙම අහද්දී මට හොදටම බය හිතුණා.අනේ දෙයියනේ මගෙයි ධනුජගෙයි ආදරේට මොකුත් වෙන්න නම් එපා.😥😥

“ගියා විතරක් නෙවෙයි අම්මා.මෙයා ඒ කොල්ලව බදාගෙනත් හිටියා.චික්……..”😡😡
අයියා හරියට කතා කරන්නෙ මං ධනුජත් එක්ක…….

“සත්‍යා කතා කරන්න.කව්ද ඒ කොල්ලා?…….”

“අප්පා…….ඒ……ඒ ධනුජ……..”

මං බයෙන් බයෙන් වගේ එහෙම කිව්වා.

“සිංහල කොල්ලෙක්ද?……..”

මං ඔව් කියන්න ඔලුව වැනුවා.

“කාගෙ කව්ද ඒ කොල්ලා?මට ඇත්ත කියනවා සත්‍යා.ඒ තමුංගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ද?…….”😡😡

“ඔ…..ඔව් අප්පා……..”

මං ධනුජ ගැන හැම විස්තරයක්ම අප්පා එක්ක කිව්වා.එවලෙම ධනුජගෙන් කෝල් එකක් ආවා.අප්පා මගෙන් අතෙන් ෆෝන් එක ගත්තා.

“හෙලෝ සත්‍යා ඔයා පරිස්සමට ගෙදර ගියා නේද?……..”📲

අනේ දෙයියනේ දැන් මොනවා වෙයිද?🤦 අප්පා ෆෝන් එකේ ස්පීකර් ඔන් කරා. අනේ අප්පා ධනුජට බනීද?😥😥

“මං සත්‍යාගෙ අප්පා…….”⚡📲

“අ….අංකල්……..”📲

ධනුජ දැන් හොදටම බය වෙලා ඇති.

“ඔය ළමයා ගැන සත්‍යා මට ගොඩාක් විස්තර කිව්වා.පුලුවන් තරම් යික්මනට මට ඔය ළෙමයව මුණ ගැයෙන්න ඕනි……..”📲

අනේ දෙයියනේ අප්පා හදන්නේ ධනුජට මෙහාට එන්න කියලා හොදටම බනින්නද?😢😢

“හ…..හරි අංකල්.මං දැන්මම එන්නම්……..”📲

අප්පා කෝල් එක කට් කරලා ෆෝන් එක මේසෙ උඩින් තිබ්බා.තව මොකුත් කියන්න කලින් කාමරේට පැන ගත්තා. අනේ දෙයියනේ මොනවා සිද්ද වෙයිද?……😢😢

පැය කාලක් විතර යනකොට ධනුජ අපේ ගෙදරට ආවා.මං හිටියෙ බයෙන් ගැහි ගැහී.

“නංගී එනවා……..”😠😠

අයියගෙ කටහඬට මං සාලෙට ආවා. ධනුජ හිටියේ අප්පා එක්ක කතා කර කර.

“මේ ශම්බන්දෙට දැන් කොච්චර කාලයක් වෙනවද?………”

“මාස හතරක් වෙනවා අංකල්……..”

“සත්‍යා ටැමිල් කියලා ඔය ළමයා මුල ඉදලම දන්නවද?……..”

“ඔව් අංකල්.මට ඒකෙ ප්‍රශ්නයක් නෑ……..”

“ඔය ළමයා ගැන හැම දෙයක්ම අපි දන්නවනේ.මුලින්ම දෙමව්පියන්ගේ කැමැත්ත අරන් ඉන්න.නැත්නම් කවදාවත් මේවා කෙරෙන්නෙ නෑ……..”

අනේ දෙයියනේ ධනුජගෙ අම්මයි තාත්තයි කවදාවත් මේවට කැමති වෙන්නෑනෙ.😭😭

“මං අදම මේ ගැන එයාලට කියන්නම් අංකල්……..”


හිතුවා වගේම ධනුජගේ අම්මයි තාත්තයි අපේ සම්බන්දෙට දැඩි ලෙස විරුද්ධ වුනා. එයාලා විරුද්ධ වුනේ මං දෙමළ කෙල්ලෙක් නිසායි.ඇයි දෙයියනේ මිනිස්සු මේ වගේ පටු විදියට හිතන්නෙ?අනේ මට ධනුජව නැතුව ජීවත් වෙන්න බෑ.😭😭 දවසෙන් වැඩි හරියක්ම මං ගත කරේ අඩ අඩා කදුලුත් එක්කමයි.ධනුජගේ තාත්තා කීප වතාවක්ම මට තර්ජනේ කරා ධනුජත් එක්ක තියන සම්බන්දෙ නතර කරලා දාන්න කියලා.එයා ධනුජටත් ඒ ගැන කියලා තිබුනා.ඒත් ධනුජ මාව නැති කරගත්තෙ නෑ.එයාලා මොනවා කිව්වත් මං ධනුජව හොරෙන් හොරෙන් හම්බුනා.අපි අපේ ආදරේ නැති කරගත්තෙ නෑ.මොන දේ වුනත් කවදාවත් මාව දාලා යන්නෙ නෑ කියලා ධනුජ මට පොරොන්දු වුනා.

වෙනදා වගේම අම්මට බොරුවක් කියලා මං ධනුජව හම්බෙලා මං ගෙදර එද්දී හොදටම හවස් වුනා.පාරෙ කවුරුවත් හිටියේ නෑ.එකපාරටම පාරෙ ආපු වෑන් එකක් මාව හරස් කරලා නැවැත්තුවා. ඒකෙන් බැස්ස මනුස්සයා කව්ද කියලා මට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ධනුජගේම හැඩරුව පිහිටි ඔහු ධනුජගේ අයියා සනුජ.මට බය හිතුණා ධනුජගේ අයියා ගැන මං අහලා තියන දේවල් මතක් වෙද්දී.

“ශේන්…..දා ගනිං මේකිව වෑන් එකට……..”😡😡

මතු සම්බන්දයි