මේ විදියට තමන්ගෙ ජීවිතෙන්ම පලි ගන්න එක නවත්තන්න දුවේ……..”
ඔලුව බිත්තියෙ හප්ප ගත්තු පාරට මැහුම් හතරක් දාන්න තරම් ලොකුවට තුවාල වෙලා තිබ්බා.තුවාලෙට බෙහෙත් දාගෙන ගෙදර ඇවිත් අම්මා මගෙ ඔලුව අත ගාමින් එහෙම කිව්වා.
“දිනූ යි සාගර යි ප්‍රසාද්ව හම්බවෙන්න ගිහින් නෑ අම්මෙ.එයාලා මට බොරු කිව්වෙ.අනේ ඇයි අම්මෙ මටම මෙහෙම වෙන්නෙ?මං හරි අසරණයි……..”😭😭
“මං හිතුවෙ ඒකියි ඒකිගෙ මිනිහයි ප්‍රසාද් පුතාව හම්බවෙන්න යයි කියලා.උන්ට නම් හොදක් වෙන්නෙ නෑ මේ කරපු දේවල් වලට……..”😠😠
“අම්මෙ ප්‍රසාද් අයියගෙ අම්මයි තාත්තයි ඇවිල්ලා……..”
මල්ලි කාමරේට දුවගෙන ඇවිත් එහෙම කියද්දී මං ටක්ගාලා ඉක්මනින් සාලෙට ගියා.ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා හිටියා.
“අනේ දුවේ අපිට සමාවෙන්න.අර දිනූ කියන කෙනයි එයාගෙ මනුස්සයයි ඇවිත් අපිට සේරම විස්තරේ කිව්වා.ඔයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ දුවේ……..”
දෙයියනේ ඒ කියන්නෙ දිනූයි සාගරයි ප්‍රසාද්ගෙ ගෙදරට ගියාද?ඇත්ත දැනගෙනත් ඇයි ප්‍රසාද් මාව හොයාගෙන ආවෙ නැත්තෙ?ප්‍රසාද්ට මාව එපා වෙලාද?
“යමු දුවේ අපි ගෙදර.මේ…..ඔයාගෙ ඔලුවට මක් වෙලාද?……..”
“ඒත් අම්මෙ…..මෙ…..ප්‍රසාද්?…….”
“පුතා තේරුම් අරගෙන ඉන්නෙ දුවේ ඔයා වැරදි නෑ කියලා…….”
“එහෙනම් ඇයි අම්මෙ ප්‍රසාද් ආවෙ නැත්තෙ?……..”😢
මං එහෙම ඇහුවම ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි ටිකක් වෙලා කල්පනා කරා.
“පුතා ඉන්නෙ ලොකු කලකිරීමකින් දුවේ. සමහර විට ඔයාට මුහුණ දෙන්න බැරුව ඇති එයාට……..”
එතකොටම තාත්තත් ගෙදර ආවා.
“අපේ දුව නොකල වරදකටයි දඩුවම් වින්දෙ.එයා ප්‍රසාද් පුතාට ගොඩාක් ආදරෙයි.ඇත්ත ඇති සැටියෙන් ඔප්පු වෙලා තියෙද්දිත් ප්‍රසාද් පුතාට එන්න බැරිද මගෙ දුවව එක්කන් යන්න……..”
මාව එක්කන් යන්න ප්‍රසාද් ආපු නැති එකට තාත්තා හිටියෙ කේන්තියෙන්.
“තාත්තෙ කමක් නෑ මං ගෙදර යන්නම්. දැන් හැමෝම ඇත්ත දන්නවනෙ…….”
එහෙම කියලා මං ඇදුම් බෑග් එකත් ලෑස්ති කරගෙනම එලියට ආවා.අම්ම්ටයි තාත්තටයි දණ ගහලා වැන්දා.
“මගෙ රත්තරං දුවට තුණුරුවන්ගෙම සරණයි…….”
“දුවේ ඔයා කාමරේට යන්න.පුතා ඉන්නවා.දැන් හැම දෙයක්ම විසදිලා ඉවරයිනෙ.පුලුවන් නම් එයාට සමාව දෙන්න……..”
මං ඇදුම් බෑග් එකත් අරගෙන කාමරේට ආවා.ප්‍රසාද් හිටියේ ජනේලෙ පැත්ත බලාගෙන.
“ප්‍රසාද්……..”
මං හිමිහිට ප්‍රසාද්ට කතා කරා. එකපාරටම ගැස්සිලා වගේ ප්‍රසාද් මගේ දිහා බැලුවා.මේ මාසෙටම ප්‍රසාද් බාහිර රූපයෙන් ගොඩාක් වෙනස් වෙලා හිටියා. රැව්ලයි කොණ්ඩෙයි හොදටම වැවිලා. හරිම පරාජිත පෙනුමක් ප්‍රසාද්ගෙ මුහුණෙ තිබුනෙ.ඒ කියන්නෙ මාව ගෙදරින් එලියට දාලා ප්‍රසාද් හිටියේ සන්තෝශෙන් නෙවෙයිද?මං වගේම එයත් මං නැතුව දුක් වින්දද?ප්‍රසාද් හෙමින් හෙමින් මං ගාවට කිට්ටු වුනා. එයාගෙ ඇස් වල කදුලු පිරීලා තිබ්බා.එක් වරම මාව වැලද ගත්තු ප්‍රසාද් අඩන්න වුනා.😢😢
“මේ පව්කාරයට සමාව දෙන්න පාරමී. දෙයියනේ මං මොනතරම් තිරිසනෙක්ද?…….”😢😢
“දැන් අඩන්න එපා ප්‍රසාද්.ඔයාගෙ වරදක් නෑ.වැරැද්ද තියෙන්නේ මගේ.දිනූට උදව් කරලා මං කරගත්තෙ වරදක්……..”😢😢
මගේ ඇගිලි තුඩු වලින් ප්‍රසාද්ගෙ ඇස් වල කදුලු පිස දැම්මා.ගෑනියෙක් ලගට වෙලා පිරිමියෙක් අඩද්දී ඒක දරා ගන්න අමාරුයි.
“කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව මං ඔයාට මොන තරම් ගැහුවද?මට සමාවෙන්න මැණික.මේ ඔලුව මක් වෙලාද?…….”
“මාසයක් තිස්සෙ මං හිටියෙ මං හිටියෙ පිස්සු හැදිලා වගේ.මං මටම දඩුවම් කර ගත්තා ප්‍රසාද්…….”
“මාත් එක්ක තරහයිද?……..”
දෝතින්ම මගෙ කම්මුල් මැදි කරගෙන ප්‍රසාද් එහෙම ඇහුවා.මං හිස දෙපැත්තට වනලා නෑ කිව්වා.ප්‍රසාද් මාව එයාගෙ පපුවට තද කරලා තුරුල් කර ගත්තා.
දින කිහිපයක් යද්දී ඒ සිද්දිය අකාමකා වෙලා ගියා.වෙනදා වගේම අපි සතුටින් හිටියා.
“පාරමී…..එනවා නාන්න……..”
“මං පස්සෙ නාන්නම් ප්‍රසාද්.ඔයා නා ගන්න……..”
“තමුසෙගෙ ඔලුවෙ තුවාලෙ තෙමෙනවනේ.මෙහාට එනවා පණ්ඩිතයා වෙන්නෙ නැතුව මං නාවන්නම්…….”
“ක…කමක් නෑ ප්‍රසාද් මං……පස්සෙ නා… ගන්නම්……..”
“මෙහෙ එනවා ඕයි.තමුසෙ මෙතන නා ගන්න ගිහිල්ලා තුවාලෙ තෙමා ගත්තොත් එහෙම ඊට පස්සේ තව මගුලක්.පණ්ඩිත වැඩියි තමුසෙ……..”😠
මාව ඇදගෙන බාතෲම් එකට ගිහින් ප්‍රසාද් මාව නාවන්න හැදුවා.මට ලැජ්ජත් හිතුණා.
“මොකද තමුසෙ ඇඹරෙන්නෙ?මං දැකලා නැති දේවල් නෙමෙයිනෙ ඔය.ඔහොම ඉන්නවා……..”🤭😁
කොහොමින් කොහොම හරි තුවාලෙ නොතෙමෙන්න ප්‍රසාද් මාව නෑව්වා.ටවල් එකත් පටලගෙන මං කාමරේට ආවා. හෙටත් මේකා මාව නාවන්න හදයිද දන්නෑ.😁😁
❤️❤️
“පාරමී…….”
“ඇයි ප්‍රසාද්?……..”
“ඔලුව ගොඩාක් රිදෙනවද?……..”
“හෙල්ලෙනකොට රිදෙනවා ප්‍රසාද්.තව දවස් දෙකතුනක් බෙහෙත් දැම්මම අඩු වෙයි…….”
“පණ්ඩිතයා වගේ ඔලුව හප්පගත්තනෙ බිත්තියෙ.කෝ ඉන්න මං
අතගාන්නම්…….”
ප්‍රසාද් එයාගෙ ඇගිලි තුඩු වලින් මගෙ ඔලුව අතගෑවා.පුදුම සනීපයක් දැනුනේ. ඉබේටම මගේ දෑස් පියවුනා.අපරාදෙ මට ටිකක් හිතන්න තිබ්බෙ.මං හිතුවෙ දිනූ ප්‍රසාද්ගෙ ගෙදරට ගියෙ නෑ කියලනෙ.ඒ හින්දනෙ මං මෙහෙම දෙයක් කරගත්තෙ.
“ඔයාලගෙ අම්මයි තාත්තයි මට මොකද කිව්වෙ?හොදටම බනින්න ඇති නේද?…….”
“නෑ ප්‍රසාද් එයාලා බැන්නෙ මට.ඕනිවටත් වඩා යාලුවන්ට හොද කරන්න යනවා කියලා……..”
“මට ගොඩාක් කේන්ති ගියා මැණික.ඔයා ගැන ලොකු තරහක් ආවා.මං හිතුවෙ ඇත්තටම ඒ ඇබෝශන් එක කරේ ඔයා කියලා……..”
“මං හුගාක් බය වුනා ප්‍රසාද්.මං හිතුවෙ ඔයා මාව මරයි කියලා.මේ ඒක නෙවෙයි ඔයා කොහොමද ඒක දැනගත්තෙ?…….”
“මම ඒ ඩොක්ටර්ව අදුරනවා.ඒ ඩොක්ටර්ගෙ බර්ත්ඩේ පාර්ටි එකට මටත් ඉන්වයිට් කරා.එවලෙ තමයි ඒ ඩොක්ටර් මගෙන් ඇහුවෙ දැන්ම දරුවෙක් හදන්න කැමති නැත්තෙ ඇයි කියලා.
මං බැලුවා ඇයි ඩොක්ටර් මගෙන් එහෙම ඇහුවෙ ඇයි කියලා.ඊට පස්සෙ ඩොක්ටර් මට කිව්වා ඔයා ටික දවසකට කලින් හොස්පිටල් එකට ඇවිත් ඇබෝශන් එකක් කරගත්තු බව.මං කිව්වා ඔයා කවදාවත් එහෙම කරන්නෙ නෑ කියලා.මේක ලොකු වැරදීමක් කියලා. ඊට පස්සෙ ඩොක්ටර් මට ඔයා දීපු ඩීටේල්ස් පෙන්නුවා.ඒ හැම එකක්ම ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ මට ඔයාව මරලා දාන්න තරම් කේන්තියක් ආවෙ…….”
මතු සම්බන්දයි