තාත්තා ඉක්මනින් ම මේ ලොව එලිය දැකිය යුතුය..ඔහු උපතින්ම අන්දයෙකු නොවේ..සේවය කල ස්තානයේදී රසායනික යමක් මුහුනට විසීවී ඔහුගේ ඇස් පෙනීම සදහටම නැතුව ගොස් දැනට අවුරුදු තුනකි..

මට සිටින්නේ පියා පමනකි..මව කුඩා කල ම මිය යන්නේ දරුනු පිලිකාවකින්..අය්යා සහ අක්කා විවාහ වී ඔවුන්ගේ කැදලිවල සතුටින් සිටින්නේ ඔවුන්ට පියෙකු නැති ගානටය..

මවක් නොමැති අපහට මවක් මෙන් අප ඇති දැඩි කල පියා මා හට අහක දැමිය නොහැකි නිසා මා දහය වසරෙන් පාසල අත් හැර ගාමන්ට් එකක වැඩට යන්නේ දෑස් නොපෙනෙන පියා වෙනුවෙන් …

තාත්තා සුව කරගන්න විදියක් කල්පනා කරමින් සිටි මාහට කමල් මහත්තයා ගෙනා යෝජනාව සිහිවිය…තවත් නොසිතා අකමැත්තෙන් උවද මා එයට කැමති උනේ මගේ පියාගේ පෙනීම උදෙසාය..

“දරුවෝ..ඔයා මේකට කැමති වෙන්නෙ..ඒකෙන් ඔයාට තාත්තා ඉක්මනින් ම හොද කරගන්න පුලුවන් ..අනික ඒ නෝනා මහත්තුරු හරි හොදයි ..කවුරුත් දැන ගන්නේ නෑ ..ඔක්කොම රහසින් කරන්නේ …”

ගාමන්ට් එකේ පාලිකාවක් වූ අනුලා මැඩම් එසේ කීවේ දරුවන් අහිමි කමල් මහත්තයා ගැනය..ඔහු ගාමන්ට් එකේ අයිතිකාරයා වූ නමුත් ඒ මහා දනස්කන්දයට හිමිකරුවකු බිහි කරන්නට ඔහුගේ නෝනා අසමත් ව ඇත…

තව දුරටත් නොසිතා මා පියා වෙනුවෙන් ම කැප උනෙමි..සියල්ල සැලසුම් කලේ රහසිනි..ප්‍රතම මා පරීක්ෂණ කිහිපයකට ඇතුලත් කර අවසන් නිගමනය වූයේ මා ඒ සියල්ලටම සුදුසු බවය…

“දරුවෝ එහෙනම්..ඔයා හෙට උදේම ලෑස්ති වෙන්න..කමල් මහත්තයලා එක්ක ඒක කරන්න යන්න ..ගෙදරටත් අපි කතා කරගත්තු විදියට කියන්න..”

අනුලා මැඩම් ගේ නියමය පරිදි ජීවිතේ ට කිසිදා පියාට බොරුවක් නොකී මා අවුරුද්දකට රට යන බව පැවසුවේ කදුලු වැල් කම්මුල් සිප ගනිද්දී …

“අනේ..ඇයි මගේ මැනිකේ ..උබ මන් වෙනුවෙන් ම්ෙහෙම දුක් විදින්නේ ..අපි මෙහෙම තියෙන දෙයක් කාලා ඉමු පුට්‍රෙ .මන් ලෝකය බලන්න තිය්‍ර්න ආසාව අතැරලා ඉන්නේ …”

“තාත්තේ ම යන්නේ අවුරුද්දකට නේ..එ ගාමන්ට් එකේ ලොකු ගානක් ගෙවනවා..තාත්තාට ඒකෙන් බේත් කරන්න පුලුවන් ..මන් එනකම් තාත්තා බලාගන්න අනුලා මැඩම් කෙනෙක් එවනවා ..”

පිට වෙන්නට දගලන ඉකිය අමාරුවෙන් වලකා ගෙන මා නිවසින් එලියට බැස්සේ තාත්තා නොදැක අවුරුද්දක් කෙසේ නම් ඉවසා සිටින්නද යන්න සිහි කරමින්..

පොරොන්දු වූ පරිදි කමල් මහත්තයා තාත්තා ගේ වැඩවලට කෙනෙකු යවා තිබුනි..දැන් මාහට කිසිදු බයක් නොමැත..

දාතූ තැන්පත් කිරීමට ප්‍රතමයෙන් කමල් මහත්තයාගේ නෝනා මා වෙත පැමිනියේ කදුලු පිරි දෑසිනි..මාද සිටියේ අඩා හොදටම හෙම්බත් වීය..අවුරුදු දහ අටක පුන්ච් වයසකින් මා අම්මා කෙනෙකු වීමට යයි..ඊටත් වඩා දුක ඒ දරුවා ලක්ශ දහයකට විකීනීමය..මා තවමත් කන්‍යාවියක්..ආදරවන්තයෙකු නොසිටි මාහට පියා හැරුනු කොට මා ගැන සොය බලන්නට කිසිවෙකුත් නොමැත..

“පුතේ..ඔයා අපිට වෛර බදින්න එපා..අපි මේදේට ඔයාවම තෝර ගත්තේ ඔයා දුප්පත් උනත් හොද චරිතවත් ලමයෙක් නිසා..අනේ රත්තරං ..අපි ගැන අහිතක් හිතන්න එපා..ජීවිත කාලේ පුරාවටම අපි ඔයාට සලකනවා..”

අවුරුදු හතලිස් පහක පමන පෙනුමෙන් යුතු ඈ කීවේ හඩමින් මා හිස අතගාමිනි..

මා සිතා සිටියා වැරදිය..මා සිතුවේ මගේ දුප්පත් කමත් පියාගේ අසනීපයත් නිසා අප අසරන බව දැනදැනම අපව පාව්ච්චි කල බවකි..

නැත .ඔවුන් සොයා ඇත්තේ තමාගේ දරුවට හොද මවකි…මාහට ඔවුන් ග්ැන දැනුනේ ඉමහත් දුකකි..ඔවුන් කොතරම් හොද අයද..නමුත් දෛවයේ සරදමකට දෙවියන් පව ඔවුන්ට පිටුපා ඇත…

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

දාතු තැන්පත් කිරීම සාර්තකව නිමවුනේ මා දෙමසක ගැබිනියක්ව සිටීමෙනි..ඔවුන් මා රැක බලාගත්තේ පොඩි දරුවෙකු බලනා අයුරිනි ..විටෙක මගේ සිත මට කීවේ ඔවුන් මේ ආරක්ශා කරන්නේ ඔවුන්ගේ ලෝකය බවයි..

මාහට අවැසි හෑම දේම ගෙනවිත් දුන්නේ කමල් මහත්තයාගේ නෝනා වන නීලා ය..ඈ මාහට මවක වූවාය..දරුවෙකු කුස තුල සිටින මාහට නොයෙකුත් කෑම කෑමට ආසා වූ සැනින් ඒවා සියල්ල ගෙනාවේ දරුවාගේ පියාය..මගේ සැමියා නොවුනත් දරුවාගේ පියා ඔහුය..

දිනෙන් දින පැටියා කුස තුල වැඩෙද්දී…කුසේ දගකාරකම් කරද්දී මට හොදටම ඔහුව දැනෙන්නට උනා..මුලින්ම මා පැටියා ඔවුන්ට දී මෙයින් මිදෙනට සිතුවත් මට්ත් නොතේරෙන හැගීමකින් මසිත වෙලාගෙන තිබුනා..

එහි අවසන් ප්‍රතිපලය උනේ මගේ දරුවා ඔවුන්ට නොදෙන බව සිතට දමා ගැනීමයි..

“ආ….ආ..ව්..ව්…ආ ..ආයි…ආයි…”

මාගේ කෑ ගැසීමට කමල් මහත්තයා නීලා මැඩම් සමග මා රෝහල කරා ගෙන ගියේ ඒ වෙද්දී මා දරුවා බිහිකිරීමට ආසන්නව සිටි‍යදී..

පැය දෙකක්..ඔව්..ඊටත් වඩා ..මා මරනයත් ජීවිතයත් අතර පොර බැදුවෙමි..විලාප තැබුවෙමි..ඒ වේදනාව මාහට දරා ගැනීමට අපහසු උනේ මා විවාහක ගැහැනියක් නොවූ නිසාවෙනි..

අදහන්න ..මාගේ විලපය නතර උනේ මගේ අතට ආ සුරතල් පුතු නිසාවෙනි …මා අවසිහියෙන් ඔහු සිපගෙන පුන්ච් දෙතොලට මගේ පියයුරක් ලන්කලේ ඒ බඩගින්න නිවන්නට…

මා ඉක්මන් විය යුතුය..මගේ පුතා මාහට අහිමු වීමට පෙර ඔහුත් සමග මෙතැනින් පලා යායුතුය…

මා හට කන්න බොන්න දී..මගේ පියා සුවපත් කරනා ඔවුන්ට මා මේ කරනේ අසාධාරණයක් උනත් මගේ දරුවාට සාදාරනයක් කල යුතුය..

මා දරුවා රැගෙන රෝහලේ පසුපස දොරටුව වෙතට යද්දීම මා ඉදිරියේ කදුලු පිරි දෑසින් සිටියේ කමල් මහතා හා නෝනාය…

“ඔයා..මොකක්ද මේ කරන්න ග්ියේ..කමක්නෑ අපි ඔයාට සමාව දෙනවා..ඔයත් අම්මෙක්..වදපු දරුවා දෙන්න බෑ තමයි..ඒත් දැන් ඔක්කොම ඉවරයි ..ඔය දරුවා දීලා ඔයා මෙතනින් යන්න ඉක්මනට ..අපි ඔයාව මාස තුනක් කිරි දෙන තියාගනනයි හිටියේ ..කොහොමද විශ්වාස කරන්නේ..එදාටට් මේ වගේ පැනලා ගියොත්..”

එහෙම කියපු නීලා නෝනා මගේ අතේ හිටිය කිරි කැටියා උදුරලා ගත්තේ මගේ පපුව රිදුම් කද්දී…අනේ මන් කොහොමද ම්ේ දුක දරාගන්නේ ..

“අනේ..මහත්තයෝ ..මට මගේ දරුවා .දෙන්න..අනේ..මගේ දරුවා මගෙන් ඈත් කරන්න එප..මන් ඔයාලගේ සල්ලී ආපහු දෙන්නම් ..මගේ දරුවා දෙන්න ..”

මන් කොතරම් කෑ ගැහුවත් විලාප තැබුවත් ඔවුන් දරුවත් රැගෙන යන්නට ගොස් ය..

මගේ පුතේ..මන් කොහොමද අම්මා උබ නැතුව ඉන්නේ ..අනේ උබ මගේ බඩේ කොච්චර දග කලාද..අනේ මන් උබ ගැන කොතරම් හීන දැක්කද..දස මසක් උබ කුස තියන්..හරියට අහරක් නැතුව..නින්දක් නැතුව මන් දුක් වින්දේ උබව මෙහෙම දෙන්නද මගේ පුතේ..මේ ගලන කිරි මන් කාටද රත්තරං පොවන්නේ…

කෑගහලා අඩමින්ම මා මගේ කිරි ගලන පියයුරු තදින් මිරිකා ගත්තේ මා ගැනම වෛරයකිනි..ඒ මොහොතේ මා වටා සියල්ල කැරකෙන බවක් හැගුනි…

💥💥💥💥💥💥💥💥💥💥

දින හතරකට පසුව මා හට සිහිය ආවේ අදය..මාගේ තෙත් වුනි ලය බඩල තාමත් ගැලූ කිරෙන්මය..

ටිකින් ට්ක මාහට සියල්ල මතක් උනි..දරුවාගේ අහිමි වීමෙන් මා සිහි මුර්ජාව ඇත…

“ආ ..ඔයාට සිහිය ආවද..කමල් මහත්තයා කියලා මේක දෙන්න කිවා…”

සිහිය ලද විගස නර්ස් නෝනා කෙනෙක් පැමින මා අත තැබුවේ ලියුම් කවරයකි..එහි තවත් රුපියල් ලක්ශ පහක චෙක් එකකුත් ..ලිපියකුත් විය..එහි සදහන් වූයේ අද දිනම පිය මේ ලොව දෑස් හැර බලන බවකි..

මා කඩිමුඩියේ සියල්ල අමතක කර රෝහල් නානකාමරකට ගොස් නාගෙන වෙනත් සැහැල්ලු ඇදුමකට මාරු උනේ පියා බලන්නට යන්න..

ගලානා කිරිවලට කුමක් කරන්නේ දැයි සිතා ගත නොහැකි වූ මා තිසරපටයට හැකි තරම් රෙදි පුරවා හැන්දෙමි..

මා ඉක්මනින්ම පියවර මැන්නේ පියා බලන්නට…

දෙවියනේ මගේ තාත්තා …එයාගේ ඇස් බැන්දුම් මා ඉදිරියේ ගැලවුනේ ඔහුට මුලින්ම මා දැක ගැනීමට තිබූ උවමනාව නිසාමය…

“අනේ ..මගේ රත්තරං ..මගේ පුතාව මේ මන් දකින්නේ හරියටම අවුරුදු හතරකට පස්සේ ..අනේ මගේ දෙයියෝ ..ඔයා හොදටම ඇදිලා ගිහින්..ගොඩාක් දුක් වින්දද මයේ පුතේ රට ඉද්දී…”

මා කිසිවක් ම නොකිය පියා බදාගෙන හැකි තරම් හැඩුවෙමි..ඔහුට මේ කිසිවක් නොවැටහීම මා හට සැනසීමක් උනා..අඩන්නට හේතු විමසන විට මා පැවසුවේ ඔහු සුව වූ සතුටට කියාය..

දෑස් විවර කල පියා දැක්කේ ඔහුගේ සුරතල් දියනිය නොව..දරුකමක් වෙනුවෙන් න් දරුකමක් දන් දුන් යුවතියක් බව මා කෙසේනම් කියන්නද තාත්තේ…

ඔව්..මන් මගේ කුසෙන් වදාපු දරුවා දීලා දැම්මේ ඊටත් වඩා මට මගේ තාත්තා වටින නිසායැයි කෙසේ කියන්නද..එක් ලේ බැදීමක් වෙනුවෙන් තවත් බැදීමක් පරදුවට තැබුවා යැයි විශ්වාස කල හැකිද…

අවසානයේ මා මගේ පියා වෙනුවෙන් පුතු..මගේම ලේ දන් දී තිබුනු..ඔව්..ඔහුට හොද දෙමාපියන් හමුව ඇත …මාගේ පියාගේ පෙනිම ලැබුනි…

ඉතින් මා හට කසාදයක්..හොද අනාගතයක් සිහිනයකි…මා තේරුම් ගත් අයෙකුට ඇරෙන්නට මා අන් අයට වටේ ගිය බඩුවකි..දරුවෙක් බඩට ගත් වෙසගනකි..කම් නැත..මගේ පියා වෙනුවෙන් මා මේ සියල්ල ඉවසනු ඇත..

මාහට කිසිම විටෙක අයුතු යෝජනාවක් පවා නොකල ..අඩුම මාදෙස කැත හිතකින් පවා නොබැලු කමල් මහත්තයා දරුවා ට පමනක් නොව විටෙක මටත් පියෙක් විය…ඉතින් ඒ හා රත්තරං මනුස්සයින් පසුපස ගොස් දරුවා ඉල්ලා රිදවිය නොහැක…

මගේ රත්තරං පුතේ ..උබ වෙනුවෙන් එරෙන කිරි ඔහේ ගලපුදෙන්…මා මියැදෙන්නට මත්තෙන් ..අන්තිම තත්පරේ හෝ මට අම්මා කියාපන් මගේ රත්තරං …ඒ ඇති මට ආත්ම ගානකට රත්තරං …

ඉතින් මන් සැනෙනෙන්නම්..උබ කොහේ හෝ හොදින් කියා…
මියැදෙන්න අර අදින මගේ හිතට..
උබ ගැන උපන් සෙනෙහස බෑ වලදමන්නට.