ශෙහාන් ශෙහාන් මොකද්ද වෙලා තියෙන්නෙ .බලන්න අර ඉස්සරහ එන වාහනයට අපහසුයි වගේ.ඔයා වාහනයෙ ලයිට් ඩිම් කරන්න .”
ගයනි කෑ ගහන්නෙ ඉස්සහින් එන වාහනය එහෙ මෙහෙ යන නිසා.ශෙහාන් ගයනි වැඩ ඇරලා එක්ක එන්න ගිය ගමන්.
“ගයනි ඔයා කට වහගෙන ඉන්න.බලන්න ඉස්සහින් එන එකා .ඌ වාහනයෙ ලයිට් බිම් කරේ නැ.මටත් පාර පේන්නෙ නෑ.ඉතිං මං මොකටද ඩිම් කරන්නෙ .ඌටත් පාර පේන්නෙ නැතුව කොහේ හරි වදින්නෙ නැතෑ.”
ගයනි කාරුණික කෙනෙක් .හෙදියක් විදියට රාජකාරි කරන ඇය මිනිස්සුන්ට කොහොමත් හුගක් කරුනාවන්තයි.
ශෙහාන් කිසිම ගානක් නැතුව වාහනය හෙඩ් ලයිට් ගහගෙනම ඉස්සරහට පැදෙව්වා.ඉස්සහින් ආව වාහනය පාර පුරා යද්දි ශෙහාන් හිනා වෙවී ගෙදර ආවෙ ලොකු වීර වැඩක් කරා වගේ.
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මහන්සි නිසා ඉක්මනට කෑම කාලා ගයනි ශෙහාන් නින්දට ආවෙ පාන්දරම වැඩට යන්න ඕනි නිසා .
“ශෙහාන් කෝ සුදු නෝනා “
“අක්කා ඇවිත් එක්ක ගියා ගයනි .එහෙ ඉදලා උදේ ඉස්කෝලේ එවන්නම් කිව්වා.”
ශෙහාන් එක්ක ගයනි පාන්දර ලෑස්ති වෙලා ඉක්මනට ආවෙ හොස්පිටල් එක ලගට .ගයනිගෙ හිත නිකන් මොකද්ද වගේ .
ගයනි ආවම කලින් හිටිය හෙදිය සියලුම ලෙඩ්ඩුන්ගෙ විස්තර කියනවා .එක එක්කෙනාගෙ .
“මිස් අර ඉන්න පේෂන්ට් ටිකක් අමාරුවෙන් ඉන්නේ .එයා ඊයෙ එයාගෙ දරුවා අසනීප වෙලා හදිස්සියේම හොස්පිටල් එකට එක්ක ඇවිත් .ටිකක් රෑ.දරුවට හොදටම අසනීප නිසා හස්බන්ඩ් බය වෙලා .අර ඉන්නෙ දරුවගෙ අම්මා .මගදි වාහනයක් ඇවිත් ශෙඩ් එක හරියෙදි………
දරුවා අසනීප නිසා දරුවගෙ තාත්තට හෙඩ් ලයිට් ඩිම් කරන්න බැරි වෙලා .ඉස්සරහින් ආව වාහනය මේ වාහනය හෙඩ් ලයිට් ඩිම් කරේ නැති නිසා ඩිම් කරලා නෑ ….
ඉතිං මෙයාලා ආව වාහනය එහෙම්මම පෙරලිලා…
මෙයාගෙ මහත්තයා එතනම මැරිලා .අසනීප පුංචි පුතා හොස්පිටල් එකට ගෙනත් ටිකකින් මැරුනා .
මේ දරුවගෙ අම්මා .මෙයා විතරයි ඉතුරුවෙලා ඉන්නෙ …”
ගයනිට මතක් උනේ ඊයෙ ශෙඩ් එක ලගදි ශෙහාන් කරපු වැඩේ.ඒ කියන්නෙ ශෙහාන් ඔයා කරපු ඒ ජරා වැඩේ නිසා ලස්සන පුංචි රත්තරං පවුලක් විනාශ වෙලා ගියා.
ගයනිගෙ ඇස් වලට හෝ ගාලා කදුලු ආවා.ගයනි එහෙම්මම දිව්වෙ මෝචරිය පැත්තට .ඒ යනකොටත් වාහනයේ ආව ඒ මහත්තයාගේ නෑදෑයො ඇවිත් .අඩනවා පුංචි පැටියා අල්ල අල්ල.
“අනේ මගෙ පුතේ මගේ පුතේ අයියෝ රත්තරං …මගේ පුංචි පැටියා එක්ක ආයි එන්නකෝ අනේ…මේ අබ්බගාත අම්මා කොහොමද මේ දුක උහුලන්නෙ….”
අනේ පුතේ එන්නකෝ…
මැරුනු පුංචි දරුවගෙ ආච්චි අම්මා සීයා කෑ ගගහා අඩනවා .ඇත්තටම හුගක් ලස්සන පුංචි පැටියා තාත්තගෙ ලගට තුරුළු වෙලා එහෙම්මම ඉන්නවා .ඇස් වලට නෙවෙයි මුලු පපුවම රිදෙනවා ඒ පුංචි පැටියා තාත්තා එක්ක අවසන් ගමන් ගිහින් කියලා හිතෙද්දි.
අච්චර මං කියලා ශෙහාන් ඔයා හෙඩ් ලයිට් එක ඩිම් කරා නම් මේ අම්මා තාත්තා එක්ක මේ ලස්සන පුංචි පුතා කොච්චර ලස්සනට හිනා වෙලා සෙල්ලම් කර කර ඉදීද.
එයාට හෙඩ් ලයිට් ඩිම් කරන්න බැරි උනේ දරුවා අසනීප නිසා.ඒත් එයා කරේ නෑ කියලා අපි නොකරපු එකෙන් ලස්සන පුංචි පවුලක් අසරණ උනා .
ගයනි කෝල් එකක් ගත්තෙ ශෙහාන් ට.ශෙහාන් හොස්පිටල් එකට එන්න.හොස්පිටල් එකට ආව ශෙහාන් සේරම විස්තර ගයනිගෙන් දැනගත්තා .සිහිය ආව මැරිච්ච පුංචි පුතාගෙ අම්මගෙ විලාපය මුලු වාට්ටුවම දෙවනක් කරා.
“අනේ මගෙ රත්තරං පුතේ අම්මා එක්ක යන්නකෝ.තාත්තා විතරක් එක්ක යන්න එපා .මගෙ පැටියා එන්නකො.මගෙ පුතාගෙ කුක්කු බොන්න එන්නකො.බුදු මහත්තයෝ මගෙ දරුවා .අනේ මගේ මහත්තයා මට ගෙනත් දෙන්නකෝ.”
එදා ඉදලා ගෙවෙන හැම දවසක් ම ශෙහාන් වේදනාවෙන් ගෙව්වෙ.හරි හමන් නින්දක්නෑ.අර අම්මා කෑ ගගහා අඩනවා ඇහෙනවා .දවසින් දවස ශෙහාන් අසනීප උනා .එහෙම්මම ලෙඩ ඇදට වැටුනා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයා නොකරට කමක් නෑ.ඔයා හරියට කරන්න .පරෙ යද්දි ඔයා තව කෙනෙක් වැරැද්දක් කරනව නම් ඔයා ඒ වැරැද්ද නොකර යන්න.
කෙනෙක් ඉස්සර වෙන්න ඉල්ලනව නම් ඉක්මනටම ඉස්සර වෙන්න දෙන්න .මොකද එයාට ලොකු හදිස්සියක් වෙන්න පුලුවන් .ඉඩ දෙන්න.
ඔයා කරන පුංචි දේ නිසා ලස්සන පවුලක් නාස්ති වෙන්න පුලුවන් .පස්සෙ පසුතැවෙන්න එපා.ඒ නිසා හැම වෙලේම හොද දේම කරන්න .බුදු සරණයි .