දුව….නැගිටින්නකෝ ළමයෝ.මොකද මේ දවල් වෙනකල්ම නිදි?……..”
අම්මා ඇවිල්ලා මාව ඇහැරවද්දී කම්මැලිකමේම මං ඇහැරුනා.තාම වෙලාව හතයි පනස් පහයි.අම්මා මාව ඇහැරෙව්වේ හරියට වෙලාව දහයත් පහු වෙලා වගේ.මට තරහකුත් ආවා.
“අනේ අම්මා තාම වෙලාව අටට පහයිනෙ.තව ටිකක් වෙලා නිදා ගන්න දෙන්නෙකෝ අනේ……..”
“නිදා ගන්න නෙවෙයි.අක්කගෙ වෙඩින් එකට ඔයා තාම ඇදුමක් ගත්තෙ නෑ නේද?අද නිවාඩු හින්දා ගිහිල්ලා හොද ඇදුමක් අරන් එන්න……..”
කම්මැලි කමේම නැගිටලා බාතෲම් එකට ගිහින් ඉවර වෙලා ලෑස්ති වෙලා තිලකවර්ධන එකට ගියා හොද ඇදුමක් තෝර ගන්න.රතු පාටයි රෝස පාටයි මිශ්‍ර වෙච්චි ලස්සන සාරියක් තෝරගෙන බිල ගෙවලා පාරට ආවා.කොරිඩෝව දිගේම ඇවිදගෙන එනකොට කලුපාට බෙන්ස් කාර් එකක් මගෙ ඉස්සරහයින් නතර කරා.ඒකෙන් බැහැලා හිනා වෙවී මං දෙසට ආවෙ එදා මං පඩිපෙළ අතුගාද්දී බලන් හිටපු කොල්ලා ධනුජ.
“හායි…..සත්‍යා කොහොමද ඉතිං.ශොපින් ගියාද?…….”
මං අතේ තිබ්බ ඇදුම් බෑග් එක දිහා බලලා ධනුජ මගෙන් එහෙම ඇහුවා.
“ඔව් ධනුජ.අක්කගෙ වෙඩින් එකට ඇදුමක් ගන්න ආවා……..”
දිගින් දිගටම කතා කරන්න තරම් අපි අතර හිතවත්කමක් නැති හින්දා මං හැදුවේ එතනින් යන්න.ඒත් ධනුජ ලෑස්ති වෙන්නෙ දිගටම කතා කරන්න.
“ඔයා වැරදියට හිතන්නෙ නැත්නම් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?……..”
ඒ පාර මූ මොකාටද එන්න හදන්නෙ?🤔 මං කොහොමද මේකගෙ කාර් එකට නගින්නෙ?මං මෙයාව දැක්කෙත් එදාමයි.
“බය වෙන්න එපා ඔයා මාව දැක්කෙ එදා වුනාට මං ඔයාව මාසයක් තිස්සෙ දන්නවා……..”
“ඒ වුනාට මං දෙමළ කියලා දන්නෙ එදානෙ……..”
“හරි ඉතිං.අච්චර ලස්සනට සිංහල සිංදු කියනකොට කොහොමද හිතන්නෙ සිංහල නෙවෙයි කියලා……..”
“හරි දැන් ධනුජට මාත් එක්ක මොනවද කතා කරන්න තියෙන්නෙ?……..”
“මෙතන කතා කර කර ඉන්න බෑනෙ. නගින්නකො කාරෙකට.මං යන ගමන් ඔයාව ගෙවල් ලගින්ම දාන්නම්……..”
ඔහේ කමක් නෑ මං මොකටද මූට බය වෙන්නෙ?මේ සත්‍යා ඕනම දේකට ඔට්ටුයි.😁එහෙම හිත හිතාම මං කාරෙකේ ඉස්සරහ සීට් එකට නැග්ගා. හිනා වෙවීම ධනුජ වාහනේට නැගලා රිය ඉදිරියට පදවන්න වුනා.
“සත්‍යාගෙ පව්ලෙ ඉන්නෙ කව්ද?……..”
“අම්මයි අප්පයි මමයි අයියයි අක්කයි…….”
“එයාලා හැමෝටම හොදට සිංහල පුලුවන්ද?……..”
“ඔව්.අපෙ අම්මා සිංහල බෞද්ධ.අපි තුන් දෙනාම ඉගන ගත්තෙ සිංහල ඉස්කෝලෙ……..”
“ඔයාගෙ තාත්තා මොකද කරන්නෙ?……..”
ධනුජ මොකටද මගේ පව්ලෙ අය ගැන තොරතුරු හොයන්නෙ?🤔🤔මෙයා කව්ද?
“ඒත්….ඔයා ඇයි මගෙ පව්ලෙ අය ගැන විස්තර හොයන්නෙ?ඔයා කව්ද?……..”
හිතේ සැකයත් එක්කම මං එහෙම ඇහුවා.
“අයැම් සොරි සත්‍යා.මං ඔයාට ඉස්සෙල්ලා මං ගැන කියලා ඉන්නම්කො.ඔයා මං ගැන හරියට දන්නෙ නෑනෙ.මගෙ නම ධනුජ කාරියවසම්.මගෙ තාත්තා ජයලත් කාරියවසම්.මගෙ අම්මා උපේන්ද්‍රා කාරියවසම්.මට අයියා කෙනෙක් ඉන්නවා.එයා සනුජ කාරියවසම්.මං අපේ කම්පැණි එකේ වැඩ කරනවා.මගෙ වයස අවුරුදු විසි පහයි……..”
ධනුජ එයා ගැන ගොඩාක් විස්තර මට කිව්වා.ඒත් ඇයි ධනුජ මට මේ විස්තර කියන්නෙ?එයා ඒ හැම දෙයක්ම මට කියලා මගෙ මුහුණ දිහා හොදට හොදට බැලුවා.මං හිමිහිට ධනුජගේ මුහුණ දිහා බැලුවා.මොනවා වුනත් ධනුජට තියෙන්නෙ කෙල්ලො පිස්සු වට්ටන තරම් ලස්සන ඇස් දෙකක්.කොටටම කපපු රැව්ල,නවීන විලාසිතාවකට හදපු කොන්ඩෙ ඒ මුහුණට අමුතු ලස්සනක් එක් කරා.
“මාව ඇස් දෙකෙන් කන්න එපා ඉතිං……..”🤣😁🤭
අපොයි මූ දැක්කද ඒකත්?🤭🤭අනේ මන්දා මේකගෙ හිනාවට මගෙ හිතටත් මොකක්දෝ මන්දා වෙනවා.අපොයි🤭🤭 සත්‍යා……මේක නම් හොද සෙල්ලමක් නෙවෙයි.😉😀
“මෙ….ධනුජ ඔයාට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වෙ?…….”
“ගොඩාක් දේවල් කියන්න තියනවා සත්‍යා……..”
“ඉතිං කියන්න…….”
“කමක් නැද්ද?…….”
“කමක් නෑ කියන්න……..”
“ඔන්න එහෙනම් කිව්වා……..”
අනේ අම්මපා මූට පිස්සුවත් හැදීගෙන එනවද?අනින්න හිතයි දත් ටික බඩට යන්න.😁😁
“ඉතිං කියන්න ධනුජ.මට පරක්කුත් වෙනවා.මං ගෙදරින් ඇවිත් දැන් පැය දෙකක් විතර වෙනවා……..”
“මං ඔයාට ආදරෙයි සත්‍යා……..”
“අම්මෝ…….”😮😮
මං එහෙම කිව්වා නෙවෙයි කියවුනා. දෙයියනේ ධනුජ මොනවද මේ කියන්නේ? මං ධනුජව දැනගෙන මාසයක්වත් නෑ තාම.මං කොහොමද ධනුජට ආදරේ කරන්නෙ?ධනුජ කාරෙක එකපාරටම පාරෙ අයිනෙ නතර කරා.මාව නිකන් කරකෝලා අතෑරියා වගේ දැනුනා.
“ඇයි ඔයා අම්මෝ කිව්වේ?මං ඔයා ගැන හොදට දැනගෙනයි ඉන්නෙ.දැන් ඉතිං බොරුවට මට කොල්ලෙක් ඉන්නවා කියලා කියන්න ලෑස්ති වෙන්න එපා…….”
දෙයියනේ මේ යකා මටත් නොදැනෙන්න මං ගැන හොයලාද?මං කොහොමද ධනුජට ආදරේ කරන්නෙ?මං දෙමළ එයා සිංහල.
“ඇයි ඔයා කල්පනා කරන්නෙ සත්‍යා.මං ඔයාව රවට්ටන්න හදනවා කියලා හිතන්න එපා.මං ඔයාව මුලින්ම දැක්කෙ ගිය මාසෙට කලින් මාසෙ දවසක.ඔයා බැල්කනියට වෙලා පොතක් කියව කියව ඉන්නවා මං දැක්කා.ඔයාලගෙ ගෙට අල්ලපු ගෙයි ඉන්නෙ මගේ යාලුවෙක්. තවත් දවසක මට ඇහුනා ඔයා බැල්කනියට වෙලා සිංදු කියනවා.මට හරිම පුදුමයක් දැනුනා දෙමළ කෙල්ලෙක් මෙච්චර හොදට සිංහල සිංදු කියනකොට.මං මේ ගැන මගේ යාලුවා නිවන්ත ට කිව්වා.ඌ ඔයා ගැන මට විස්තර කිව්වා……..”
“ඒත්…..මං දෙමළ කෙල්ලෙක් ධනුජ?……..”
“ඉතිං?…….”
“මං….මං කොහොමද ඔයාට ආදරේ කරන්නෙ?…….”
“ඔයාගෙ අම්මා සිංහල නේද?ඔයාගෙ තාත්තා කවදාවත් කිසිම මනුස්සයෙකුට සිංහල දෙමළ කියලා බෙදලා සළකන්නේ නෑ කියලා මං හොදට දන්නවා……..”
“මං කිව්වෙ ධනුජ එහෙම දෙයක් ගැන නෙවෙයි.ඔයාගෙ දෙමව්පියන්ගෙන් අපිට කවදාවත් මේ වගේ දේකට අවසරයක් ලැබෙන්නෙ නෑ.මාව අමතක කරන්න ධනුජ…….”
මං එහෙම කිව්වත් හිත යටින් මං හොදටම අඩා වැටුනා.මොකද මගේ හිතෙත් ධනුජ ගැන අමුතුම හැගීමක් දැනෙන්නට වුනා.ඒ හැගීම මං යටපත් කරගෙන හිටියේ අනාගතය ගැන හිතලා. ධනුජගෙයි අපෙයි පව්ල් පසුබිම එකිනෙකට වෙනස්.අපි ආදරේ කරොත් කවදාහරි අපිට අපේ වෙන්න සිද්ද වෙන්නෙ ලොකු විනාශයක් එක්ක.
“එයාලා ගැන මං බලාගන්නම් සත්‍යා. ඔයාගෙ තීරණේ කියන්නකෝ.හැබැයි ඉතිං ඔයා කියන්න දෙයක් නෑ.මං ඒක දන්නවා…….”
අපොයි මේකාට සාත්තර කියන්නත් පුලුවන්ද?😮😁
“හරි.මොකක්ද?……..”
“ඔයා මට ආදරෙයි.හැබැයි ඒක කියන්න බයයි.අපේ අම්මලා ගැන හිතන්න එපා. මං කවදාහරි කසාද බදින්නෙ මට ඕනි ගෑනියෙක්ව මිසක් එයාලාව ඕනි කරන විදියෙ ලේලි කෙනෙක්ව නෙවෙයි……..”
“ඔයා කොහොමද ඔච්චර හොදට අනුන්ගෙ හිත් කියවන්න දන්නෙ?……..”
“ඒ කියන්නෙ කෙල්ල මට ආදරෙයි නේද?……..”😀😚
අපොයි පැන්නා නේද බලලා මල්ලෙන් එලියට🤦🤦දැන් ඉතිං මොකක් කරන්නද?මං අහක බලාගෙනම හිටියා. ධනුජ මගෙ මුහුණ දිහා බලාගෙනම හිටියා.
“කෝ බලන්න මේ පැත්ත.බෙල්ල කැඩෙයි ඔහොමම ඉදලා…….”😀😉
මං හිමිහිට ධනුජගෙ මුහුණ දිහා බැලුවා. ඒ ඇස් මගේ ඇස් එක්ක එකට යා වුනා.ඒ ඇස් මට ආරාධනාවක් කරා.ඒ ආදරේ පිලි ගන්න.ධනුජ ඇසිපිය නොසෙලා මගේ දිහා බලාගෙන හිටියා.මගේ දෑස් බිමට බර වුනා.ධනුජ හිමිහිට මගේ අතකින් අල්ල ගත්තා.
“සත්‍යා……..”
ධනුජ සෙමින් සෙමින් මගේ දෙනෙත් වලට එබුනා.ඒ මුහුණ මගේ මුහුණට ලං වෙද්දී මාව ගැස්සුනා.
“ධනුජ……..”
“ඔහ්…..අයැම් සොරි.දැන්ම ඕන්නෑ……..”
මොකක්ද දන්නෑ මේකා දැන්ම ඕන්නෑ කිව්වේ?🤦😉අපොයි මාත් ගොං ගහක්නෙ ඒක තේරුම් ගන්න බැරි තරම්.
මට හිනා ත් එක්ක.
“මොකද තනියම හිනා වෙන්නෙ?…….”😀
“න්…නෑ එහෙම නෑ.අපි දැන් යමු ධනුජ. මට පරක්කු වෙනවා.අම්මලා බලාගෙන ඇති මං එනකල්…….”
“හරි යමු.ඊට කලින් මං අහපු දේට උත්තරයක් දෙන්න…….”
“මොකක්ද ඇහුවෙ?…….”😁🤣
“ඇයි යකෝ මේ ඩිංගට ඒක අමතක වුනාද?මට ආදරෙයිද කියන්නකෝ?……..”
පණ ගියා🤣😁කවදා කාපු කටුද යකෝ මේ?😂😊
“ආ……..”😁
“මොකද යකෝ ආ….ගාන්නෙ?සිංදු කියන්න නෙවෙයි කිව්වෙ?……..”🤣😂
“ආ…..ද…..රෙ…..යි……”
බොහොම අමාරුවෙන් අපහසුතාවයෙන් මං ඒක කිව්වා.සමහර විට ඒ මං මේ ජීවිතේ අමාරුවෙන්ම කියපු වචනෙ වෙන්න ඇති.😂😁😁ධනුජ මගේ අත අරන් එයාගෙ මුවට තියලා සිප ගත්තා. අම්මෝ🤭🤭මගෙ පපුවත් එක්ක හිරි වැටුනා වගේ වුනා.
“අපි යමුද?…….”
“යමු.මං රෑට කෝල් එකක් ගන්නද?ආ මගෙ නම්බර් එක…….”
“හා…….”
මතු සම්බන්දයි