අනේ මට මේ වගේ ලොකු දඩුවමක් දෙන්න එපා ප්‍රසාද්.මං කිසිම වරදක් කරේ නෑ.මාව විශ්වාස කරන්න…….”😭😭

මට ගෙදරින් යන්න කියලා ප්‍රසාද් බැනපු වෙලාවෙ ඇදුම් බෑග් එකත් ලෑස්ති කරගෙන ප්‍රසාද්ගෙ දෙපා පාමුල වැද වැටිලා එහෙම කිව්වා.

“මගෙ හිතේ උඹ ගැන කිසිම අනුකම්පාවක් ඇති වෙන්නෙ නෑ පාරමී. තෝ මගේ දරුවව මරා ගත්තා.උඹේ ඔය බොරු කිඹුල් කදුලු හලන්නෙ නැතුව කරුණාකරලා මේ ගෙදරින් පලයන් යන්න……..”😡😡

තව දුරටත් ප්‍රසාද් ඉදිරියේ හඩා වැලපිලා වැඩක් නෑ කියලා මට හිතුණා.ඇස් වලින් ගලා ගිය කදුලු දෙවුරෙන් පිස දමා ගත් මම ඇදුම් බෑග් එකත් අරගෙන පල්ලෙහාට ආවා.

“පුතා අපි තව පොඩ්ඩක් මේ ගැන හොයලා බලමු.පාරමී දුවව මෙහෙන් යවන්න එපා.අපි හිමීට මේ ගැන හොයලා බලමු……..”

ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි එහෙම කිව්වත් ප්‍රසාද් එයාගෙ තීරණේ වෙනස් කරේ නෑ.

“තව මොනවා හොයන්නද?ඇස් පනා පිටම මේකි කරපු වැරදි ඔප්පු වෙලා තියෙද්දි?මේ ගෑනි මේ වහලෙ යට තව දුරටත් හිටියොත් මං මේ ගෙදරින් යනවා……..”😠😠

මං ප්‍රසාද් ගාවට ගියා.ප්‍රසාද්ගෙ ඇස් වල තිබුනු වෛරය කෝපය චුට්ටක්වත් වෙනස් වෙලා තිබ්බෙ නෑ.

“මං යනවා ප්‍රසාද්.මං මේ දඩුවම් වින්දෙ නොකර්පු වරදකට.දවසක ඔයා තේරුම් ගනියි මං වරදක් කරේ නෑ කියලා……..”

ප්‍රසාද් ඉදිරියේ ඒ වචන ටික කියපු මං අඩාගෙනම ඒ ගෙදරින් එලියට ඇවිල්ලා ත්‍රීවීලර් එකකින් ගෙදරට ආවා.අම්මයි තාත්තයි දොරකඩ මොනවදෝ කතා කරමින් හිටියා.මාව දැකලා එයාලා ගොඩාක් පුදුම වුනා.

“දුවේ මේ මොකද වුනේ?ඇයි ඔයා අඩන්නෙ?කියන්න ඔයාට මොකක්ද සිද්ද වුනේ?……..”

අම්මයි තාත්තයි දෙන්නම මගෙන් එහෙම ඇහුවා.මං අම්මගේ පපුවට හේත්තු වෙලා ඉකි ගගහා හොදටම ඇඩුවා.😭😭

“දෙයියන්ගෙ නාමෙට කියන්න දුවේ මොකක්ද මේ සිද්ද වුනේ?ඔයා ඇයි මේ ඇදුම් බෑග් එකත් උස්සගෙන ආවෙ?ප්‍රසාද් පුතා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?……..”

“ප්‍රසාද් මාව ගෙදරින් එලෙව්වා අම්මෙ…….”😭😭

“ඒ ඇයි?මොකක්ද ඔයා කරපු වැරැද්ද?…….”

“මං කිසිම වරදක් කරේ නෑ අම්මෙ.දිනූට උදව් කරන්න ගිහිල්ලයි මට මෙහෙම වුනේ…….”😭😭

අඩ අඩාම වෙච්චි හැම දෙයක්ම මං අම්මයි තාත්තයි එක්ක කිව්වා.

“හත් දෙයියනේ මොකක්ද ඔයා ඒ කරේ ළමයො?ඔයාගෙ යාලුවට උදව් කරන්න ගිහින් ඔයා තමන්ගෙම ජීවිතේ විනාශ කරගත්තා නේද?ඔයා ඇයි දුවේ මෙච්චර මෝඩ වුනේ?……..”

“ඔයා කරලා තියෙන්නෙ වරදක් දුවේ. දරුවෙකුගෙ ජීවිතේ නැති කරන්න ඔයා උදව් කරලා ඔයා වරදක් කරලා තියෙන්නෙ…….”

අම්මයි තාත්තයි දෙන්නම මට හොදටම දොස් කිව්වා.දිනූ වෙනුවෙන් උදව් කරපු එක ගැන මං සිය දහස් වාරයක් පසු තැව්නා.දිනූට අලුත් ජීවිතයක් පටන් ගන්න උදව් කරපු මගේ ජීවිතේ එහෙම් පිටින්ම විනාශ වුනා.

“ඔයා ප්‍රසාද් පුතාගෙන් සමාව ගන්න……..”

ගොඩාක් වෙලා ගියාට පස්සෙ තාත්තා එහෙම කිව්වා.

“ප්‍රසාද්ගෙන් සමාව ගන්න මං එයාට කිසිම වරදක් කරලා නෑ තාත්තෙ……..”

“මං ගිහින් ප්‍රසාද් පුතා එක්ක කතා කරන්නම්……..”

තාත්තා ප්‍රසාද් එක්ක මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න යන්න සූදානම් වුනා.

“එපා තාත්තෙ.කවදාවත් ප්‍රසාද් මං වැරැද්දක් කරේ නෑ කියලා පිලි ගන්නෙ නෑ…….”

මං එහෙම කිව්වත් තාත්තා ඇහුවෙ නෑ. අම්මයි තාත්තයි දෙන්නම ලෑස්ති වෙලා ප්‍රසාද්ගෙ ගෙදර යන්න පිටත් වුනා.මල්ලි ගෙදර ඉන්න නිසා අම්මා කිව්වා මල්ලිට මාව හොදට බලා ගන්න කියලා.අම්මට බය හිතෙන්න ඇති මං ජීවිතේට හානියක් කර ගනියි කියලා.

“අක්කෙ තමුසෙ නම් මහා මෝඩියෙක් ඕයි.මොන මගුලකටද ඔහොම අනුන්ට උදව් කරන්න ගියේ?…….”

“මට තේරෙන්නෙ නෑ මල්ලි මං මොනවා කරන්නද කියලා.මං හිතුවෙ නෑ දිනූ මට එහෙම කතා කරයි කියලා.එයාට උදව් කරන්න ගිහින් මමයි විනාශ වුනේ……..”

හවස් වීගෙන එද්දී අම්මයි තාත්තයි ගෙදර ආවා.එයාලගෙ මුහුණු දිහා බලද්දී මට සතුටුදායක බවක් පෙනුනෙ නෑ.

“මොකද වුනේ අම්මෙ?…….”

මං බයෙන් බයෙන් වගේ එහෙම ඇහුවා.

“ප්‍රසාද් පුතා කියන්නෙම ඔයාගෙ වැරැද්දමයි.හැබැයි ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි නම් ඒ කතාව එතරම් විශ්වාස කරන පාටක් නම් නෑ.ඒත් ප්‍රසාද් පුතා විශ්වාස කරන්නෙ නැත්නම් වැඩක් තියනවද?……..”

“අපි කොහොම හරි මේ ප්‍රශ්නෙ විසදගන්න බලමු දුවේ.ඔයා බය වෙන්න එපා.අපි උඹව තනි කරන්නෙ නෑ…….”

අඩලා අඩලාම මගෙ ඇසුත් හොදටම ඉදිමිලා.මං කාමරේට ගිහිල්ලා ඇදෙන් ඇල වෙලා කල්පනා කරා.ටිකක් වෙලා යද්දී අම්මා කාමරේට ආවා.

“උදේ ඉදන් ඔය ඇදුම පිටින්මනෙ ඉන්නෙ. නාගෙන ඇවිත් කෑම කන්න දුවේ.අපි ඉන්නවා ඔයා වෙනුවෙන්…….”

මගෙ ඔලුව අතගාලා අම්මා එහෙම කිව්වා.මොන ප්‍රශ්නෙ ආවත් දෙමව්පියෝ කවදාවත් දරුවන්ව තනි කරන්නෙ නෑ.මං ඇදගෙන හිටපු ඇදුම් ගලවලා චීත්තයක් ඇද ගත්තා ලිදට නාන්න යන්න.අම්මා මට සබන් පෙට්ටිය ගෙනල්ලා දුන්නා.

“දෙයියනේ මේ මක් වෙලාද දුවේ?……..”😱

මගේ උරහිසට අත තියලා අම්මා අහනකොට මං අත හරෝලා උරහිස බැලුවා.ප්‍රසාද් ගහපු පාරක් උරිස්සේ පාර හිටිලා තිබ්බා.මට ඇඩුනා.😢😢

“ඔයා මෙච්චර දුක් වින්දද මයෙ දුවේ?අපි හිතුවෙ මේ කසාදෙ සිද්ද වුනොත් ඔයා හොදට කාලා බීලා ඇදලා සතුටින් ඉදියි කියලා.අන්තිමට අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක්නෙ වුනේ……..”

“වැරැද්ද මගෙයි අම්මෙ.මං දිනූව ඕනවටත් වඩා විශ්වාස කරලා උදව් කරා…….”

අම්මට එහෙම කියලා මං ලිදෙන් නාගෙන ඇවිත් ගව්මක් ඇද ගත්තා. අම්මගේ බල කිරිල්ල නිසා මං කාලා නිදා ගත්තා.නිදා ගන්න ගියත් මට මතක් වුනේම ප්‍රසාද්වමයි.මගෙ හිතේ ප්‍රසාද් ගැන ආදරයක් ඇති වෙලා කීදවසද අපි ආදරෙන් සතුටින් ජීවත් වුනේ?මට ඔයාව නැතුව ජීවත් වෙන්න බෑ ප්‍රසාද්.මං ඔයාට ගොඩාක් ආදරෙයි.අනේ ඇයි ඔයා මාව විශ්වාස කරන්නෙ නැත්තෙ ප්‍රසාද්.😢😢


“ඔය විදියට පැත්තක් අල්ලගෙන කල්පනා කර කරම ඉන්න එපා දුවේ. ඔහොම ඉන්න ගියොත් ඔයාට පිස්සු හැදෙයි…….”

“මට ප්‍රසාද්ව නැතුව ජීවත් වෙන්න බෑ අම්මෙ.දැන් කී දවසක් ගෙව්නද?එයා මාත් එක්ක එක පාරක් කතා කරේ නෑ. අනේ මාව මැරිලා යනවා නම් මීට වඩා හොදයි…….”😭😭

“අනේ ඔහොම කියන්න එපා මගෙ දුවේ. අපි කොහොම හරි ඔයා වැරදි නෑ කියලා ඔප්පු කරනවා…….”😢😢

දවසින් වැඩි හරියක්ම කරේ මං කල්පනා කරන එක.ප්‍රසාද්ව මතක් නොවන වෙලාවක් නැති තරම්.මගෙ හිතට මේ තරම් ලොකු දුකක් උහුලන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. ප්‍රසාද්ගෙන් වෙන් වෙලා ඇවිත් අදට හරියටම මාසයක් වුනා.මේ මාසෙට මං එකපාරක්වත් ප්‍රසාද්ව දැක්කෙ නෑ.මට ප්‍රසාද්ව නොදැක ඉන්නම බැරි වුනා.මං කාමරේට ගිහින් ප්‍රසාද්ගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.

“අනේ ප්‍රසාද් කෝල් එක කට් කරන්න නම් එපා……..”📲

“ඉතිං කියපං.මට උඹ වෙවෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ……..”😡📲

“අනේ ප්‍රසාද් මට ඔයාව නැතුව ජීවත් වෙන්න බෑ.මාව මැරෙයි ප්‍රසාද්.අනේ මාව තේරුම් ගන්න……..”😭📲

“ඉතිං මැරියං.මගෙ දරුවව මරා ගත්තු උඹ මැරුණා කියලා මගෙ හිතේ කිසිම දුකක් නෑ……..”😡📲

“අනේ දෙයියනේ මං කියන්නෙ ඇත්ත ප්‍රසාද්.මං එහෙම අපරාධයක් කරේ නෑ. දිනූ ඒ කිව්වෙ බොරු…….”😭📲

“උඹේ බණ අහන්න මට වෙලාවක් නෑ…….”😡📲

එහෙම කියලා ප්‍රසාද් ෆෝන් එක කට් කරා.මං හොදටම ඇඩුවා.😭😭ඇයි දෙයියනේ ප්‍රසාද් මාව විශ්වාස කරන්නෙ නැත්තෙ?කදුලු අතරෙම ඉන්නැද්දී කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මං ගිහින් දොර ඇරියා.දෙයියනේ දිනූ😱😱මගෙ ජීවිතේ විනාශ කරපු මං හොදම යාලුවා කියලා හිතපු දිනූ.දිනූගෙ මුහුණේ තිබ්බේ ලොකු දුකක සේයාවක්. දිනූත් එක්ක එයාගෙ මහත්තයා සාගරත් හිටියා.

“කව්ද දුවේ ආවෙ?…….”

එහෙම අහගෙන අම්මත් සාලෙට ආවා.

“ආ කුමාරිහාමි ආවද මගෙ අහිංසක කෙල්ලගෙ ජීවිතේ විනාශ කරපු පාහර බැල්ලි……..”😡😡

අම්මා දිනූට ගහන්න හැදුවා.මං බොහොම අමාරුවෙන් අම්මව නවත්ත ගත්තෙ.දිනූවත් සාගරවත් අම්මට මොකුත්ම කිව්වෙ නෑ.

“මට සමාවෙන්න පාරමී.මං හින්දා ඔයාට වෙච්චි දේවල් වලට……..”

“සමාව??ඔයා වෙනුවෙන් මං කරපු කෑප කිරීමට ඔයා මට දීපු තෑග්ගද දිනූ මේ?ඔයා අලුත් ජීවිතයක් ආරම්භ කරේ මගේ ජීවිතේ විනාශ කරලා.ඔයා මෙහෙම කරයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ දිනූ.පින් සිද්ද වෙයි දැන්වත් ප්‍රසාද්ට ඇත්ත කියන්න…….”😭😭

“බලනවා මගෙ අහිංසක කෙල්ල දිහා මේ කෙල්ල මාසයක් තිස්සෙ අඩ අඩ හූල්ලනවා.පව්ලක් කඩලා දානවා කියන්නෙ හෙන ගහන අපරාධයක්.තමුං හින්දා මගෙ දුව ඒ මනුසයගෙන් නොසෑහෙන්න ගුටි කෑවා.බලපන් මේ දිහා……..”😠😠

අම්මා මගෙ ගව්මෙ කර පන්නලා පාර හිටලා තිබ්බ තැන පෙන්නුවා.

“මට සමාවෙන්න පාරමී.අද මායි සාගරයි ආවෙ ප්‍රසාද්ව හම්බෙලා ඇත්ත විස්තරේ කියන්න.මං විතරක් ගිහින් කිව්වා නම් ප්‍රසාද් කවදාවත් විශ්වාස කරන එකක් නෑ………”

“පාරමී නංගි අපි දැන් ප්‍රසාද්ගෙ ගෙදර ගිහින් ඇත්ත විස්තරේ සේරම කියන්නම්. ප්‍රසාද් ඔයාව හොයාගෙන එයි.අපිට සමාවෙන්න නංගි……..”

සාගරයි දිනූයි ගියාට පස්සෙ මට ලොකු සැනසීමක් ලැබුනා.මං මග බලන් හිටියා ප්‍රසාද් මාව හොයාගෙන එනකල්.


රෑ වුනත් ප්‍රසාද් මාව හොයාගෙන ආවෙ නෑ.ඒ කියන්නෙ සාගරයි දිනූයි ප්‍රසාද්ව හම්බෙන්න ගිහිල්ලා නැද්ද?ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ?මං මොන පාපයක් කරාටද මගෙන් මෙහෙම පලි ගන්නෙ.දිනූගෙ බඩේ හිටපු දරුවව නැති කරන්න මං උදව් වුනු පාපයද මට මේ පල දෙන්නෙ?අනේ මාව මැරිලා ගියා නම් මීට වඩා හොදයි දෙයියනේ😭😭😭එහෙම හිතපු මං අඩ අඩාම මහ හයියෙන් කිහිප වතාවක්ම ඔලුව බිත්තියේ හප්ප ගත්තා.

“අනේ දෙයියනේ මොකක්ද දුවේ මේ කරන්නෙ?……..”

කෑ ගහගෙන අම්මා මං ගාවට ඇවිත් මාව වලක්කන්න හැදුවා.මගේ දෑස් බොද වෙලා නිලංකාර වෙලා ගිහින් මාව ඇද වැටෙද්දී අම්මා මාව අල්ල ගත්තා.

මතු සම්බන්දයි