ඔයාට ගොඩාක් ස්තූතියි පාරමී මේ කරපු උදව්වට…….”
මගේ අත් දෙකම අල්ලගෙන දිනූ එහෙම කිව්වා.ඒත් මං හිටියේ ටිකක් කලකිරීමෙන්.
“ස්තූති කරන්න ඕන්නෑ දිනූ.ඒත් මට දුකයි මේ කරපු වැඩේට.දරුවෙක් නැති කරනවා කියන්නෙ කොච්චර ලොකු පවක්ද?මාත් ඒ පවට හව්ල් වුනා…….”
“මාත් මේ දේ කරේ හිතකින් නෙවෙයි පාරමී.මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.සාගර කැමති නෑ අනුන්ගෙ දරුවෙකුට තාත්තා වෙන්න.මං ගොඩාක් මෝඩ වුනා……..”😢😢
“දැන් ඒ ගැන කියලා වැඩක් නෑනෙ දිනූ. ඔයා සාගර ව කසාද බැදලා සන්තෝශෙන් ජීවත් වෙන්න.මං ගෙදර යනවා.ඔයත් පරිස්සමින් ගෙදර යන්න……..”
මං ආවෙ අපේ ගෙදර ගිහින් අම්මව බලන්න වුනාට දැන් එහෙ යන්න වෙලාවක් නැති හින්දා මං ආපහු ප්රසාද්ගෙ ගෙදරට ගියා.
මං නාගෙන ඉවර වෙලා එද්දී ප්රසාද් ගෙදර ආවා.අදත් බීලද කොහෙද?ප්රසාද් ටිකක් වැනි වැනී වගේ මං ගාවට ආවෙ. දෙයියනේ මේ මනුස්සයාව කවදාවත් හදන්න බෑ.මට පොරොන්දු වෙලා එක මාසයයි ඒ පොරොන්දුව රැක්කෙ.අද ආයෙමත් බොන්න පටන් අරන්.මං ගාවට ඇවිත් ප්රසාද් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.😀😀
“මෝඩි…..හිතුවෙ අදත් මං බීලා ආවා කියලද?මං මගෙ මැණිකට දීපු පොරොන්දුව කවදාවත් කඩන්නෙ නෑ…….”
අපොයි😱මං හිතුවෙ ප්රසාද් ඇත්තටම බීලා ඇවිල්ලා කියලා.මේකා මට විහිලුවක්ද කරේ එතකොට?😀😁මං බයත් වුනා.ප්රසාද් මාව තුරුල් කර ගත්තා.
“ඒයි….ගිහින් නාගෙන එනවා.දාඩිය ගදේ බෑ…….”😁🙂
ප්රසාද්ව අහකට තල්ලු කරමින් මං එහෙම කිව්වා.ඒත් ප්රසාද් මාව අතෑරියේ නෑ.තවත් තද කරලා බදා ගත්තා.
“අනේ මාව අතාරින්න ප්රසාද් ටවල් එක කැඩෙයි.එහාට යන්නකො…….”
“ඉතිං හොදයිනෙ……..”😁😁
“දෙනවා දෙකක්…….”🙂😊
කොහොම හරි මං ප්රසාද්ව අහකට තල්ලු කරලා බාතෲම් එකට යැව්වා.
“අම්මා මොකද කිව්වෙ පාරමී…….”
එවලෙයි මට මතක් වුනේ මං අද අම්මව බලන්න ගෙදර යනවා කියලා ගියා කියලා.ඒත් ඉතිං දිනූගෙ ප්රශ්නෙ නිසා මට අම්මව බලන්න යන්න බැරි වුනානෙ.මං හිතලා ප්රසාද්ට බොරුවක් කිව්වා.
“එහෙම විශේෂ මොකුත් කිව්වෙ නෑ ප්රසාද්.තාත්තා නම් ගෙදර හිටියෙ නෑ. මල්ලියි අම්මයි විතරයි ගෙදර හිටියෙ…….”
“මැණික…….”
“ම්ම්……”
“මං හිතුවෙ නෑ ඔයා මට ආදරේ කරයි කියලා.මාව කසාද බැන්දෙ කිසිම කැමැත්තකින් නෙවෙයිනෙ……..”
කකුලක් මගේ උකුල උඩින් දාගෙන මගේ කම්මුල පිරිමදින ගමන් ප්රසාද් එහෙම කිව්වා.
“මටත් කවදාවත් හිතුනෙ නෑ ප්රසාද් මගෙ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වෙයි කියලා.ඒත් හිතපු නැති විදියට මගෙ හිතේ ඔයා ගැන ලොකූ ආදරයක් ඇති වුනා…….”
ප්රසාද්ගෙ කම්මුලක් සිපගන්න ගමන් මං එහෙම කිව්වා.
දින කිහිපයකට පසු👇👇👇
“පාරමී……..”😡😡
⚡⚡හෙනයක් වැදුනා වගේ මගේ කන ලගින් ඇහුනු ප්රසාද්ගෙ ඒ කටහඬට මාව එකපාරටම ගැස්සිලා ගියා.ඇස් දෙකත් රතු කරගෙන තරහින් පිපිරි පිපිරි ප්රසාද් මගෙ දිහා බලන් හිටපු විදියට මට බයකුත් පුදුමයකුත් ඇති වුනා.
“ඇ…..ඇයි ප්රසාද්?……..”
මං එහෙම ඇහුවා විතරයි යකෙක් ආරූඪ වුනා වගේ මං ගාවට ආපු ප්රසාද් මගෙ කොන්ඩෙන් ඇදලා ලගට අරගෙන අත දිගෑරලා මගෙ කම්මුලට රත් වෙන්න පාර්ක් ගැහුවා.👋
“අනේ ප්රසාද් ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?……..”😭
කම්මුලත් අල්ලගෙන මං එහෙම අහද්දී ප්රසාද් මට තවත් ගැහුවා මිසක් කට ඇරියේ නෑ.වියරුවෙන් වගේ මට ගහපු ප්රසාද් මගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කර ගත්තා.
“ආව්…මා…ව අතාරින්න…..අනේ රිදෙනවා ප්රසාද්……..”😭😭
මං බොහොම අමාරුවෙන් ප්රසාද්ගෙන් ගැලවුනා.
“තොගෙ ඔතනද රිදෙන්නෙ යකෝ.මගෙ මෙතන රිදෙන්නෙ මෙතන……..”😡😡
පපුවට අත තියලා ප්රසාද් එහෙම කිව්වා. මට හිතාගන්න බැරි වුනා ප්රසාද් මොකක්ද මේ වුනේ කියලා.
“කියපිය පට්ට වේ### ඇයි තෝ මේ වගේ දෙයක් කරේ?මං හිතුවෙ නෑ උඹ මෙච්චර තිරිසන් පහත් වැඩක් කරයි කියලා.තෝ මහා කාලකණ්ණි ගෑනියෙක්……..”😡😡
“අනේ ඇයි ප්රසාද් මට මෙහෙම කරන්නෙ? මං මොකක්ද ඔයාට කරපු වරද?අනේ ගහන්න එපා රිදෙනවා……..”😭😭
මං බිම වැටිලාම අඩ අඩ එහෙම කිව්වා.
“ඇයි උඹ දරුවව නැති කරේ?කියපිය බැල්ලි.තෝ මහ මූසල ගෑනියෙක්.ඇයි උඹ මගෙ දරුවට මේ ලෝකෙ එලිය දකින්න ඉඩ නොදුන්නෙ?කියපිය වේ##…….”😡😡
“අනේ මොනවද ප්රසාද් ඔයා මේ කියන්නෙ. මට දරුවෙක් නැති කරේ නෑ.මට දරුවෙක් ලැබෙන්න හිටියේ නෑ……..”😭
“එහෙනම් මේ මොනවද කියපිය.තෝ මට බබා පාට් දාන්න හදන්න එපා.තෝ කරපු පාහර වැඩේ ගැන මං සාක්කිත් එක්ක අරන් ආවෙ.කියපිය දරුවා නැති කරේ ඇයි?තෝ මට ආදරෙයි කිව්වෙ බොරුවට නේද?මං බොන එක නතර කරගන්න උඹ මට බොරු ආදරයක් පෙන්නුවා.මාත් එක්ක තියන තරහට ඇයි වේ#### උඹ ඒ අහිංසක කිරි සප්පයව මැරුවෙ?අනේ මගෙ දරුවා……..”😡😡
පේපර් වගයක් මං ගාවට විසි කරපු ප්රසාද් දෑතින්ම හිස බදාගෙන ඇදේ වාඩි වුනා.මං ඒක හොදට බැලුවා.දෙයියනේ😱😱මේ එදා දිනූගෙ ඇබෝශන් එකට මං දීපු ඩීටේල්ස් නේද?ඒවා කොහෙන්ද ප්රසාද්ට හම්බුනේ.මේ හැම දෙයක්ම ප්රසාද් වැරදියටයි තේරුම් අරන් තියෙන්නෙ.මං ඉක්මනට ප්රසාද් ගාවට ගියා.
“අනේ ප්රසාද් ඔයා හැම දෙයක්ම තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට.මෙතන මං කිසිම වරදක් කරලා නෑ.මං කියන දේ චුට්ටක් අහන්න……..”😭😭
බිම වාඩි වෙලා ප්රසාද්ගෙ කකුලත් බදාගෙන මං සිද්ද වෙච්චි හැම දෙයක්ම අකුරක් නෑරම කිව්වා.ඒත් මං කියපු කිසිම දෙයක් ප්රසාද් විශ්වාස කරේ නෑ.
“එක බොරුවක් වහගන්න තව බොරු කියන්න එපා ගෑනියෙ.උඹ වගේ ජරා ගෑනියෙක් අම්මා කෙනෙක් වෙන්න සුදුසු නෑ.මේ කරපු අපරාදෙට තෝව මැරුවත් මදි.පට්ට වේ##……..”😡😡
“අනේ මං කියන දේ පොඩ්ඩක් අහන්න ප්රසාද්😭🙏එකම එක වතාවක් මට ඔප්පු කරන්න ඉඩ දෙන්න මං වැරදි නෑ කියලා. මං වැරදි නම් ඊට පස්සෙ ඔයා කැමති දඩුවමක් දෙන්න.මං ඒක සතුටින් බාර ගන්නම්……..”😭😭
“මොකක්ද උඹ කියන්නෙ?ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙද්දිත් උඹ කියන්නෙ උඹ වැරදි නෑ කියලද?…….”😡😡
“එකම එක වතාවක්…..එකම එක වතාවක් මට ඉඩ දෙන්න ප්රසාද් මං වැරදි නෑ කියලා ඔප්පු කරන්න.අනේ පින් සිද්ද වෙයි……..”😭🙏
“එහෙනම් මං උඹට එක අවස්තාවක් දෙන්නම් උඹට.හැබැයි උඹ වැරැද්දක් කරා නම් මං තෝව හම ගහනවා…….”😡
මං ඉක්මනට දිනූගෙ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තා.ඒත් ඒ නම්බර් එක වැඩ කරේ නෑ.මට ගොඩාක් බය හිතුණා.දෙයියනේ දිනූට උදව් කරන්න ගිහින් මං ලොකු අමාරුවකයි වැටුනෙ.කොහොම හරි මං වරදක් කරේ නෑ කියලා ප්රසාද්ට ඔප්පු කරන්න ඕනි.මං ප්රසාද්ගෙ අතින් ඇදගෙන පල්ලෙහාට ඇවිත් කාරෙකට නැග්ගා.
“අපි ඉක්මනට යමු දිනූගෙ ගෙදර.එයා ඔයාට හැම ඇත්තක්ම කියයි ප්රසාද්.අනේ මාව විශ්වාස කරන්න.මං වරදක් කරේ නෑ…….”😭😭
කොහොම හරි පැය දෙකක් විතර යද්දී මායි ප්රසාදුයි දිනූගෙ ගෙදරට ආවා.දිනූයි සාගරයි විවාහ වෙලා සාගරලාගෙ මහ ගෙදර පදිංචි වෙලයි හිටියෙ.ගේ දොරකඩට ගිහිල්ලා මං දිනූට කතා කරා. දිනූයි සාගරයි එයාගෙ පව්ලෙ හැමෝමයි සාලෙ හිටියා.මං ගිහින් දිනූගෙ අතින් අල්ල ගත්තා.
“ඇයි පාරමී මේ රෑ වෙලා ඔයාලා හදිස්සියෙන්ම?……..”
“අනේ දිනූ ඔයාට උදව් කරන්න ගිහිල්ලා මාව ලොකු අමාරුවක වැටුනෙ.ප්ලීස් එදා හොස්පිටල් එකේදි වෙච්චි හැම දෙයක්ම ඔයා ප්රසාද්ට කියන්න.ඇබෝශන් කරේ මට නෙවෙයි ඔයාට කියලා කියන්න. ප්රසාද් හිතන්නෙ මං දරුවව ඇබෝශන් කරා කියලා.අනේ මගෙ පව්ල් ජීවිතේ විනාශ වෙන්න ඉඩ තියන්න එපා දිනූ……..”
“පාරමී….ඔයා මොනවද මේ කියන්නෙ?ඔයා කියන්නෙ ඔයා කරපු පව් වහ ගන්න මට උදව් කරන්න කියලද?ඔයාමනෙ එදා මාව හොයාගෙන ඇවිත් කිව්වෙ මේ ලැබෙන්න ඉන්න දරුවව ඔයාට එපා කියලා.මං ඔයාට කොච්චර කිව්වද පාරමී මේ අපරාදෙ කරන්න එපා කියලා.ප්රසාද් එක්ක තියන වෛරෙට මේ කිරිසප්පයා පලි නෑනෙ……..”
අනේ දෙයියනේ දිනූ මොනවද මේ කියන්නේ?😭😭එයාට උදව් කරන්න ගිහිල්ලා මං මගෙ ජීවිතේ විනාශ කරගත්තා නේද?මං හීනෙකින්වත් හිතුවෙ නෑ දිනූ මෙහෙම කරයි කියලා.මං හොදටම ඇඩුවා.ඒ ගෙදර හැමෝම මට බැන්නා.මගෙ පව් වලට දිනූ පලි නෑ කියලා.මං හොදටෝම අසරණ වුනා. ප්රසාද් මගෙ අතින් ඇදගෙන කාරෙකට ඇවිත් මහ හයියෙන් දොර වැහුවා. ගෙදරට එනකල් ප්රසාද් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.මං හිටියෙ හොදටෝම බය වෙලා.කාරෙකෙන් බැහැලා ප්රසාද් මගෙ අතින් ඇදගෙන ගේ ඇතුළට ආවා.
“කොහෙද පුතා ඔයාලා ගියේ එකපාරටම. ෆෝන් එකත් ඕෆ් කරගෙන.අපි මේ ඔයාලා එනකල බලන් හිටියෙ කෑම කන්න…….”
ප්රසාද්ගෙ අම්මා අපි දිහා බලලා එහෙම කියද්දී ප්රසාද් මගෙ අත අතෑරියා.මගෙ පපුව හොදටම ගැහෙනවා.ප්රසාද් මං දිහා බලන් හිටියෙ යකෙක් වගේ.😡😡මගෙ කම්මුලට අත මිට මොලෝලා ප්රසාද් ගහපු පාරට මාව ස්ටූල් එකත් පෙරලගෙන වැටුනා.තොල පුපුරලා ලේ වැක්කෙරෙන්න ගත්තා.
“පුතා ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?පිස්සු හැදීගෙනවත් එනවද?…….”
ප්රසාද්ගෙ අම්මා මාව නැගිට්ටෙව්වා. කෙලින් හිටගන්නවත් බැරි තරමටම මගෙ ඇග රිදෙනවා.
“මේකි මහ ජරා ගෑනියෙක්.මේ වේ## මගෙ දරුවව මරා ගත්තා අම්මෙ……”😡😭
වෙච්චි දේවල් සේරම ප්රසාද් එයාගෙ අම්මයි තාත්තයි ඉස්සරහ කිව්වා.මං ඇත්ත කිව්වත් එයාලා ඒවා විශ්වාස කරපු බවක් පේන්න තිබුනෙ නෑ.
“දෙයියනේ ඔයා මෙහෙම දෙයක් කරාද දුවේ?මට නම් මේක විශ්වාස කරන්නත් බෑ…….”
“අනේ අම්මෙ මං වරදක් කරේ නෑ.මාව විශ්වාස කරන්න දෙයියනේ.දිනූට උදව් කරන්න ගිහින් මාව ලොකු අමාරුවක වැටුනෙ…….”😭😭
“අපි මේ ගැන උදේට කතා කරමු.දැන් ගොඩාක් රෑ වෙලානෙ.ඔය දෙන්නා ප්රශ්නයක් ඇති කරගන්න එපා.අපි ආපහු දිනූෂා දුවත් එක්ක තනියම කතා කරමු. ඔය දෙන්නා කෑම කාලා නිදා ගන්න…….”
ප්රසාද්ගෙ තාත්තා ඒ විදියට කිව්වත් මට දිනූ ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ.මං කෑම කන්නෙ නැතුවම කාමරේට ගියා. බාතෲම් එකට ගිහින් මුහුණ හේදුවා. ප්රසාද් ගහපු පාරවල් වලට කම්මුල රතු වෙලා තඩිස්සි වෙලා තිබ්බා.තොල පුපුරලා ලේ එනවා.හිමිහිට කට හෝදගෙන කාමරේට ආවා.එවලෙම ප්රසාද් කාමරේට ආවා.මට ඒ මුහුණ දිහා බලන්නත් බය හිතුණා.අනේ දෙයියනේ මට නින්ද ගිය අතරේ ප්රසාද් මගෙ බෙල්ල මිරිකලා මාව මරයිද?……මට එහෙම දේවල් හිතිලා බයක් දැනෙන්නට වුනා. ප්රසාද් මං දිහා බලනකොටයි මං දැක්කෙ ප්රසාද්ගෙ ඇස් තෙමිලා වගේ තියනවා. අනේ ඒ කියන්නේ ප්රසාද් අඩලද?😢😢මට දුකත් හිතුණා.
“උඹ නිදා ගනිං බිමින්.මගෙ දරුවව මරාගත්තු තිරිසන් ගෑනි.තෝත් එක්ක එක ඇදේ නිදාගන්නවත් මං කැමති නෑ…….”😡😡
මං කොට්ටෙයි සීට් එකයි අරගෙන පැදුරක් එලාගෙන බිමින් නිදා ගන්න හැදුවා.
“මේකත් උඹ හොදට අහගනිං.හෙට උදෙන්ම උඹ උඹේ රෙදි ටිකත් අරගෙන මෙහෙන් පලයන්.මං කැමති නෑ උඹ තව දුරටත් මේ වහලෙ යට ඉන්නවට…….”😡
මතු සම්බන්දයි❤️❤️