“සත්‍යා මොකද අද මෙච්චර පරක්කු?…….”

සාලේ තේ බොමින් සිටි අප්පා මගෙන් එලෙස විමසුවේය.

“අද ළමේකුගෙ උපන් දිනයක් තිබ්බා අප්පා.ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ……..”

“සත්‍යා…..ආ ඔයා ආවද?ඔන්න අක්කට අද හොද මංගල යෝජනාවක් ආවා. අප්පගේ යාලුවෙකුගෙ පුතෙක්.හරිම හොද වැදගත් කට්ටියක්……..”

මාත් සමගම කාමරේට පැමිණි අම්මා එලෙස පැවසුවාය.මා ඉන් ඉතාමත් සතුටට පත් වීමි.

“ශා….හරිම ශෝක්නෙ අම්මා.කෝ ඉතිං අක්කා?……..”

“අක්කා බාතෲම් එකේ නානවා.ඔයත් වොශ් එකක් දාගෙන ගිහිල්ලා කතා කරන්න.පුතාත් දැන් ටිකකට කලින් ආවෙ……..”

එලෙස පැවසූ අම්මා මගේ පිටට තට්ටුවක් දමා සිනාසී කාමරෙන් නික්ම ගියා.ටවල් එකත් අරගෙන බාතෲම් එකට පැන්න මං හොද හැටි නාගෙන සැහැල්ලු ඇදුමක් ඇද අක්කාව සොයාගෙන කාමරේට ගියා.අක්කා හිටියේ මොකක්දෝ ත්‍යාගයක් බලමින්.

“ආ…..මෙයා අද අමුතු සතුටකුන් වගේ…….”

පිටුපසින් ගොස් අක්කාව වැලදගෙන මං ඇයට එසේ කීවෙමි.

“අම්මා මොකුත් කිව්වද නංගි?…….”

“හ්ම්ම් කිව්වා.ඔයාට හොද මංගල යෝජනාවක් ආවා කියලා.කොහොමද කොල්ලා ලස්සනයිද?……..”

මං එහෙම අහනකොට අක්කගේ මුහුණ පුරා සිනහ රැල්ලක් පැතිර ගියා.මං දන්නවා ඇය මේ විවාහයට හුගාක් කැමතියි.

“හ්ම්ම්.එයා ගොඩාක් ලස්සනයි.හරියට විජේ වගේ……..”

“විජේ?🤔🤔කව්ද විජේ කියන්නෙ?……..”

“අනේ මෝඩ කෙල්ල.ටැමිල් වුනාට බලන්නෙ සිංහල ෆිල්ම්ස්නෙ.ඉතිං විජේව දැනගන්න විදියක් නෑනෙ……..”

“හරි හරි.කවුරු වගේ වුනත් ඔයා මේ මැරේජ් එකට කැමතියිනෙ……..”

“පිස්සු කෙල්ල.යමු කෑම කන්න.මට ගොඩාක් බඩගිනියි දැන්………”

***මගේ නම සත්‍යාදේවි විජයකුමාර්.මට වයස අවුරුදු විස්සයි.මට ඉන්නෙ අම්මයි අප්පයි අක්කයි අයියයි. අපි ජීවත් වෙන්නේ කොළඹ “රන්දිය දහරා” මහල් නිවාස සංකීර්ණයේ.මේ නිවාස සංකීර්ණයේ අපි වගේම දෙමළ සිංහල මිනිස්සු ගොඩාක් ජීවත් වෙනවා. අපි මේකෙ පදිංචියට ආවෙ දැනට අවුරුදු පහකට කලිනුයි.

මගෙ අප්පා දෙමළ වුනාට අම්මා සිංහල.ඒ දෙන්නාම පදිංචි වෙලා ඉදලා තියෙන්නෙ ත්‍රීකුණාමලයෙ. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙ කාලයේ පුපුරපු බෝම්බෙකින් මගෙ අම්මගෙ පවුලෙ හැමෝම මැරිලා.ඒ කාලෙදි තමයි අප්පට අම්මව මුණගැහිලා තියෙන්නෙ.

ඊට අවුරුද්දකට පස්සේ ඒ දෙන්නා විවාහ වෙලා බදුල්ලෙ එයාලගෙ අදුරන යාලුවෙකුගෙ මාර්ගයෙන් නවත්තන්න තැනකුත් හොයාගෙන එහෙ පැත්තෙම පදිංචි වෙලා.අයියව ඉපදිලා අවුරුදු දෙකකට පස්සෙ අක්කව ඉපදිලා.ඊටත් අවුරුදු තුනකට පස්සෙ තමයි මං ඉපදිලා තියෙන්නෙ.අපි දෙමළ වුනාට ඉපදුනා ඉදලම අපි සිංහල පරිසරයක.අපි ඉගෙන ගන්න ගියේ සිංහල ඉස්කෝලවලට.ඒ හින්දා අපිට හොදට සිංහල භාෂාව කතා කරන්න වගේම සිංහල ලියන්නත් පුලුවන්.

මට හොදට සිංහල සිංදු කියන්න පුලුවන්.අපි අතරෙ කවදාවත් ජාති ආගම් භේදයක් නෑ.මගෙ අප්පා වැඩ කරන්නේ කොළඹ ප්‍රධාන පෙලේ ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක් හැටියටයි.මගෙ අයියා කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක ඇසිස්ටන් මැනේජර් කෙනෙක් විදියට සේවය කරනවා.මගෙ අක්කා දමිළ පෙර පාසලක ගුරුවරියක්.සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරපු මට කැම්පස් යන්න ළකුණු මදි වුනා.මං ජොබ් එකක් කරනවට අම්මයි අප්පයි කැමති වුනේ නෑ.ඒත් මං හැම සෙනසුරාදාවකමයි ඉරිදාවකමයි ළමයින්ට දෙමළ ක්ලාස් කරනවා.

“මොනවද කල්පනා කරන්නෙ මෙතෙන්ට වෙලා?……..”

මගේ කල්පනා දැහැන බිදුනේ අයියාගෙ කටහඩින්.මං හිටියේ බැල්කනියට වෙලා රෑ අහස දිහා බලාගෙන.

“නිකන් කම්මැලිකමටත් එක්ක මෙතෙන්ට ඇවිත් අහස දිහා බලාගෙන ඉන්න හිතුණා……..”

“තව ටික දවසකින් ලොකූ ගෙදරින් ගියාට පස්සෙ පාලු දැනෙයි……..”

අයියා එහෙම කිව්වේ අක්කා තව ටික කාලෙකින් කසාද බැදලා යන නිසා.

“ඉතිං…..ඒකට ඔයා අපිට නෑනා කෙනෙක් ගෙනල්ලා දෙන්නකෝ.එතකොට අපිට පාලු නැති වෙයි……..”😉😀

මං එහෙම කියනකොට අයියා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

“හිටපන්කො උඹට නෑනා කෙනෙක් ගේන්න.උඹලා දෙන්නා වගේ ඒකිත් මගේ ඔලුව කයි……..”😁🤣


“දුහුල් මලක මල් පෙත්තක…….
එහා මෙහා පෙනෙන පරිදී……..
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවිඩය…..
සමනලයෙකු අතේ එව්වා හම්බවුනාද……
බාර ගන්න පරිස්සමින් තටු පොඩි නොකර…….
මගෙ පෙම් පණිවිඩිය……..//🎼🎵

හෙමින් හෙමින් ගීතයක් මුමුණ මුමුණාම මං පඩිපෙළ අතු ගාන්න පටන් ගත්තා. මෙහෙ ක්ලීනින් වලට හිටපු ගෑනු කෙනා හදිස්සියෙන්ම වගේ අස් වෙලා ගිය හින්දා අපේ නිවාස වලට එන මේ පඩිපෙළ අපි බෙදිලා අතු ගාගන්නවා.

අනික් උඩ තට්ටු වලට යන්න ලිෆ්ට් එකක් තියනවා.මං ඔහේ නිදහසේ අතු ගාන්න පටන් ගත්තා. අතුගාගෙන පිටි පස්සෙන් පිටිපස්සට ඇවිත් ඉස්සරහට හැරෙනකොටම කව්දෝ මන්දා කොල්ලෙක් අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තු වෙලා මං දිහා බලාගෙන ඉන්නවා.

අපොයි දෙයියනේ මේ කොල්ලා මෙච්චර වෙලා මං කියපු සිංදුව අහගෙන ඉදලද? අප්පෝ වස ලැජ්ජාව දැන්.🤭🤦

“එක්ස්කියුස්මී ඔතනින් පොඩ්ඩක් අහකට යනවද මට මේ පඩිපෙළ අතු ගාන්න……..”

මං එහෙම කිව්වේ වෙච්චි ලැජ්ජාව යටපත් කරගෙන වගෙයි.ඒ පාර ඒ කොල්ලා හිනා වෙවී අත්පුඩි ගගහා මං ගාවට ආවා.😀👏ඒ පාර මූට මොනවා වෙලාද මන්දා.කව්ද මේකා🤔🤔මං මීට කලින් මේකාව දැකලා නෑනෙ.මේ නිවාස සංකීර්ණයේ කෙනෙක් නම් වෙන්න බෑ.

“ඔයා ගොඩක් ලස්සනට ඒ සිංදුව කිව්වා. ඇත්තටම හරිම ලස්සනයි……..”

“තැන්ක්‍යූ……..”

“මං මීට කලුනුත් ඔයාව මේ ඇනෙක්ස් එකේදි දැකලා තියෙනවා.සිංදු කියනවත් ඇහිලා තියනවා.ආ…..මේ…..මගෙ නම ධනුජ.ධනුජ කාරියවසම්.ඔයා?……..”

“මගෙ නම සත්‍යා.සත්‍යාදේවි විජයකුමාර්……..”

“ආහ්……ඔයා ටැමිල්ද?කොහොමද මෙච්චර හොදට සිංහල කතා කරන්නෙ?……..”

ඒ කොල්ලට පුදුම ඇති මං මෙච්චර හොදට සිංහල කතා කරනකොට.

“අපි පුංචි කාලෙ ඉදන්ම ඉගන ගත්තෙ සිංහල……..”

එහෙම කියලා මං අතුගාන්න පටන් ගත්තා.ඒ කොල්ලා මං දිහා බලන් ඉදලා පඩිපෙළ නැගලා උඩහට ගියා.

මතු සම්බන්දයි❤️❤️

මගේ අලුත්ම කතාව සත්‍යාදේවි සමගින් නැවත හමුවෙමු