බිරිඳගේ විලාපය
❤️”මේ දොර ඇරපන් පාරමී…….”😠😠
දෙයියනේ මෙච්චර වෙලා ප්‍රසාද් දොරට තට්ටු කරාද?මං හිටියෙ වෙන කල්පනාවකනෙ.ඉක්මනට නැගිටලා ගිහින් මං දොර ඇරිලා.ප්‍රසාද් අදත් බීලා ඇවිත් හිටියේ.
“උඹ මොන මගුලෙද ගිහින් හිටියෙ.මං කී සැරයක් දොරට තට්ටු කරාද?……..”
“අනේ සොරි ප්‍රසාද්.මට ඇහුනෙ නෑ මං හිටියේ බාතෲම් එකේ…….”
ප්‍රසාද් ගාවින් උහුලගන්න බැරි තරම් මත්පැන් ගදක් ආවා.මට මතකයි ඉස්සර තාත්තා බීලා ගෙදර ආවම අම්මා දෙහි කෑල්ලක් ගෙනත් යටි පතුල් වලයි ඔලුවෙයි අතුල්ලනවා.
මාත් ඉක්මනට කුස්සියට ගිහින් දෙහි කෑල්ලක් අරන් ඇවිල්ලා ප්‍රසාද්ගෙ ඔලුවෙයි කකුලෙ යටි පතුල් වලයි ඇතිල්ලුවා.තාම වෙලාව රෑ හතයි දහයයි.ප්‍රසාද්ට හොදටම නින්ද ගිහින්.මං ප්‍රසාද්ට කතා කරා.
“ප්‍රසාද් නැගිටින්නකෝ අනේ……”
“ම්…ම්…මො…..ක…..ද?…….”
“නැගිටලා කාලා නිදා ගන්න…….”
ඊට පස්සෙ ප්‍රසාද් වැනි වැනීම ඇදෙන් නැගිට්ටා.මාත් ප්‍රසාද්ව අල්ලගෙන බාතෲම් එකට ගිහින් හොදට නෑව්වා. ඉන්න බැරි තරම් මත්පැන් ගද.බොහොම අමාරුවෙන් එලියට එක්කන් ඇවිත් කෑම කැව්වා.
❤️❤️
උදේ නවයට විතර ප්‍රසාද් නැගිටලා ඇදේ ඉදගෙනම ඔලුව අල්ලගෙන කල්පනා කරා.
“පාරමී…….”
“ඇයි…….”
“මගෙ ඔලුව රිදෙනවා ඕයි.පෙනඩෝල් පෙති දෙකක් අරන් එනවකෝ…….”
මං පෙනඩෝල් පෙති දෙකක් වතුර වීදුරුවකුත් එක්ක ප්‍රසාද්ට දුන්නා.
“ඔලුව රිදෙන්නැතුවයැ දවසගානෙ මෙතන බේබද්දෙක් වගේ බීගෙන එනකොට.බොන එකෙත් සීමාවක් තියන්න ඕනි ප්‍රසාද්.අපි බැදලා අදට සති තුනයි.මේ සති තුනට ඔයා හොද සිහියෙන් ගෙදර ආවෙ දවස් දෙකයි.ඔයා ඔය මළ ජරාව නොබී ඉන්නම බැරිද?…….”😠😠
බැරිම තැන කේන්තියෙන්ම මං ප්‍රසාද්ගෙන් එහෙම ඇහුවා.
“ඈ ගෑනියෙ උඹ මටද බේබද්දා කිව්වෙ?…….”😡
“ඔව් තමුසෙට තමයි.බේබද්දට බේබද්දා නොකියා වෙන මොනවා කියන්නද?ඔයා කවදාවත් හැදෙන මනුස්සයෙක් නෙවෙයි ප්‍රසාද්……..”😠😠
මං එහෙම කිව්වම ප්‍රසාද් අතේ තිබුනු වතුර වීදුරුව ස්ටූල් එක උඩින් තියලා දත් මිටි කාගෙන මගෙ කොන්ඩෙන් තද කරලා අල්ල ගත්තා.
“ආව්…මගෙ කොන්ඩෙ අතාරිනවා ප්‍රසාද්. රිදෙනවා මට…….”😥😥
“තොට බෑ යකෝ මගෙ බීම නවත්තන්න. තමන්ගෙ මිනිහව සතුටු කරන්න බැරි ගෑනියෙක්ගෙන් වැඩක් තියනවද?මං බොන්නෙ මගේ හිතේ දුකට යකෝ…….”😡😡
එහෙම කියලා ප්‍රසාද් මාව පැත්තකට තල්ලු කරා.මං හොදටම ඇඩුවා.😭😭ප්‍රසාද් මාව ගනං ගත්තෙවත් නෑ.
“තමුසෙ මගෙ මුලු ජීවිතේම කාලකණ්ණි කරා ප්‍රසාද්.අනේ අම්මයි තාත්තයි ගාව මං මොන තරම් සන්තෝශෙන් හිටියද?…….”😭😭
මගෙ කදුලු ගානකටවත් ගනං නොගත්ත ප්‍රසාද් කාමරෙන් ගියා.ටික වෙලාවකින් ප්‍රසාද්ගෙ අම්මා කාමරේට ආවා.
“අනේ ඇයි දුවේ ඔයා මේ අඩන්නෙ?පුතා ඔයාට මොකද කිව්වෙ?…….”
මං මොකුත් නොකියා ප්‍රසාද්ගෙ අම්මගෙ උරහිසට හේත්තු වෙලා හොදටම ඇඩුවා. ප්‍රසාද්ගෙ අම්මට උනත් තේරෙනවා ඇති ප්‍රසාද් හින්දා මං විදින දුක.
“අඩන්න එපා දුවේ.පුතා ටිකක් හිතුවක්කාරයි තමයි.බීලා ඉන්න වෙලාවට මනුස්සයෙක් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ.එයා හොද සිහියෙන් ඉන්න වෙලාවට කතා බහ කරලා ප්‍රශ්නයක් තියනවා නම් බේරුම් කරගන්න……..”
මට තව ගොඩාක් දේවල් කියලා ප්‍රසාද්ගෙ අම්මා කාමරෙන් ගියා.මට වෙලාවකට හිතෙනවා මේ හැම දෙයක්ම දමලා ගහලා ගෙදර යන්න.
ඒත් එහෙම ගිහිල්ලා අම්මගෙයි තාත්තගෙයි හිත් වලට දුක් දෙන්න මට බැහැ.තාත්තා හැම වෙලේම ඉන්නෙ ලෙඩින්මයි.ගහ බැනගෙන ප්‍රශ්න විසදන්න බැහැ.ප්‍රසාද් එක්ක හිමිහිට කතා කරන්න ඕනි.
❤️❤️
අදවත් ප්‍රසාද් බොන්නැතුව හොද සිහියෙන් ගෙදර ආවොත් හොදයි.එහෙම හිත හිතා හිටපු මං ප්‍රසාද් එනකල් බලාගෙන හිටියා.අම්මෝ ඇති යාන්තං. මගෙ බලාපොරොත්තුව ඉශ්ට කරමින් ප්‍රසාද් ගෙදර ආවෙ හොද සිහියෙන්.
“ප්‍රසාද් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි……..”
“ඉතිං කියනවා…….”
ඒකත් කිව්වෙ තරහින්.ඉතිං කොහොමද මේ මනුස්සයත් එක්ක ප්‍රශ්නයක් විසද ගන්නෙ.
“අනේ ඇයි ප්‍රසාද් ඔයා මට මෙහෙම කරන්නෙ?මං මොකක්ද ඔයාට කරපු වරද?…….”😢😢
“වරද??අනේ මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ කතා කරන්න එපා පාරමී. කසාද බැන්දට පස්සෙ එක දවසක් තමුසෙ කැමැත්තෙන් සතුටින් මාත් එක්ක හිටියද?…….”😡😡
“මං කියන දේ පොඩ්ඩක් අහන්න ප්‍රසාද්…….”😢
“තව මොනවා අහන්නද තමුසෙ කියන දේ?…….”😡
“අනේ ඔයා ඔය තරමටම බොන එක නවත්තන්න ප්‍රසාද්.බීලා බීලා ඔයා ඔයාගෙ ජීවිතේමයි නාස්ති කරගන්නෙ. මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙ ජීවිතෙන්ම පලි ගන්න හදන්න එපා ප්‍රසාද්.ඔයාට මොනවා හරි වුනොත්?……..”
“ඔව් ඉතිං මට මොනවා හරි වුනොත් තමුසෙට මොකද?තමුසෙගෙ හිතේ මං ගැන ආදරයක් තියා අනුකම්පාවක්වත් නෑනෙ…….”😠😡
“අනේ එහෙම කියන්න එපා ප්‍රසාද්.ඔයා ඔහොම බීලා බීලා එනකොට මගෙ හිතේ තියන ආදරෙත් නැති වෙලා යනවා……..”
මං එහෙම කිව්වම ප්‍රසාද් පුදුම වෙලා වගේ මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.
“ආයෙත් කියනවා බලන්න.ත….මුසෙ මට ආදරේ කරාද?…….”
දෙයියනේ මං මොනවද මේ ප්‍රසාද්ට කියන්නෙ?මගෙ හිතෙ කවදාවත්ම ප්‍රසාද් ගැන ආදරයක් ඇති වෙලා නෑ.ඒත් ප්‍රසාද්ව හොද මගට ගන්නම ඕනි. අකමැත්තෙන් වුනත් ප්‍රසාද් දැන් මගෙ කසාද මනුස්සයා.
“ප්‍රසාද්……”
“කියන්න පාරමී තමුසෙ මට ආදරෙයි කිව්වෙ ඇත්තටමද බොරුවටද?ඔයා මට ඇත්තටම ආදරෙයි නම් මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි……..”
“එහෙනම් ඔය හැමදාම බොන එක නතර කරන්න……..”
“හරි මං පොරොන්දු වෙනවා.ආයෙ කවදාවත්ම මං බොන්නෙ නෑ…….”
ප්‍රසාද් මගෙ ඔලුවෙ අත තියලා එහෙම පොරොන්දු වුනා.මට පුදුම හිතුණා ප්‍රසාද්ගෙ ඒ වෙනස්වීම ගැන.ප්‍රසාද් මට ගොඩාක් ආදරේ කරනවා කියලා මට තේරුණා.මගෙ ආදරේට පුලුවන් ප්‍රසාද්ව හොද මනුස්සයෙක් කරන්න.මට ඒක දැන් හොදටම තේරෙනවා.
“දැන්වත් මට ආදරෙයි කියලා කියන්න පාරමී.මං ඒක ඔයාගෙන් අහන්න සෑහෙන කාලයක් බලන් හිටියා……..”
“මං……..ඔයාට…….ගොඩාක් ආදරෙයි ප්‍රසාද්……..”
මං එහෙම කිව්වම ප්‍රසාද් මාව තද කරලා එයාගෙ පපුවට තුරුල් කරගත්තා. ප්‍රසාද්ගෙ සිරුරේ උණුසුම මට හොදටම දැනුනා.
“ආයෙ කවදාවත් මං ඔයාට දුකක් දෙන්නෙ නෑ පාරමී…….”
මගේ නලල සිපගෙන ප්‍රසාද් මට එහෙම පොරොන්දු වුනා.ප්‍රසාද්ගෙ දෑතින් මගේ රෑ ඇදුම ගැලවිලා ගියා.මගේ සිරුරේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රසාද්ගෙ දෙතොලින් සිසිල් වුනා.අද මං ප්‍රසාද්ට විරුද්ධ වුනේ නෑ.ඔහු මේ තරම් ආදරණීයයි කියලා මං දැනගෙන හිටියේ නෑ.
මේ විදියට මාස දෙකක් විතර ගෙවිලා ගියා.මේ මාස දෙකට ප්‍රසාද් කවදාවත් බිව්වෙ නෑ.ඒක මට ලොකු සැනසීමක් වුනා.අපි අතර කිසිම රණ්ඩුවක් වුනේ නෑ.
ගොඩ කාලෙකින් අම්මලාව බලන්න ගියේ නෑ.ඒ හින්දා ප්‍රසාද්ගෙන් අවසර අරගෙන මං අම්මලාගෙ ගෙදර යන්න පිටත් වුනා.හංදියට එනකොට ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම මගෙ හොදම යාලුවා වුනු දිනූෂා ව හම්බුනා. එයා හිටියෙ ලොකු අවුලකින් වගේ.මං ලගට යනකල්ම දිනූෂා මාව දැක්කෙ නෑ.
“ආනේ…..දිනූෂා ඔයාව දැක්ක කල්?කොහොමද ඔයාට?……..”
“අ…..මේ සොරි පාරමී මං ඔයා ලගට එනකන් දැක්කෙ නෑ…….”
“ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ දිනූ?……..”
මං එහෙම කිව්වම දිනූගෙ මුහුණ දුකින් පිරිලා ගියා.එයා හිටියෙ ලොකු ප්‍රශ්නෙකින් වගේ.
“පාරමී……මං ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ…….”😢😢
“ඇයි…….ඇයි ඔයාට මොකක්ද උනේ දිනූ? කියන්න මට.මං ඔයාගෙ හොදම යාලුවනේ.මං ඔයාට උදව් කරන්නම්……..”
“මං ප්‍රෙග්නන්ට් පාරමී.සාගර කැමති නෑ දරුවට.එයාව කසාද බදින්න ඕන්නම් දරුවව ඇබෝශන් කරන්න කියනවා.මට තේරෙන්නෙ නෑ මං මොනවා කරන්නද කියලා.මං ගොඩාක් අසරණයි පාරමී……..”😭😭
“මහ පුදුම මිනිහෙක්නෙ සාගර.එයාගෙ දරුවව එයාට එපාලුද?…….”😡
“දරුවා සාගරගෙ නෙවෙයි පාරමී…….”😭
“එහෙනම් කාගෙද?……..”
“රමේශ් ගෙ…….”
“දෙයියනේ ඔයා මොකක්ද දිනූ මේ කරගත්තෙ?ඇයි ඔයා සාගරව මැරි කරන්න ඉන්නැද්දි රමේශ් එක්ක…….”
“මට බනින්න එපා පාරමී.අපේ ගෙදරින් රමේෂ්ට කැමති නෑ.මං හැමෝටම විරුද්ධ වෙලා රමේෂ්ව බැන්දොත් අම්මා වහ බොනවා කියලා කිව්වා……..”
“එතකොට ඔයා දැන් මොකක්ද කරන්න හදන්නෙ?……..”
“මට මේ දරුවව එපා පාරමී.මං අදුරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා…….”
“ඔයා හදන්නෙ දරුවව නැති කරන්නද දිනූ?ඔයා කොහොමද ඒ වගේ අපරාධයක් කරන්න හිත හදා ගත්තෙ?…….”
“මං වෙන මොනවා කරන්නද පාරමී?මේ දරුවා හිටියොත් මගෙ අම්මා වහ බොයි. මට ඒක වෙනකල් බලන් ඉන්න බෑ…….”
“ඔයාගෙ තීරණේට මට විරුද්ධ වෙන්න බෑ දිනූ.ඔයා දැන් යන්න හැදුවෙ ඒ ඩොක්ටර් ගාවටද?…….”
“ඔව් පාරමී.ඒත් එක ප්‍රශ්නයක් තියනවා. ඒ ඩොක්ටර් ගාව සාගරගේ අක්කා වැඩ කරනවා.මේ ගැන එයා දැන ගත්තොත් මේ කසාදෙත් ඉවරයි.මට ජීවිතේ ගැන එපා වෙලා තියෙන්නෙ පාරමී……..”😭😭
මං ගොඩාක් වෙලා කල්පනා කරා දිනූගෙ ප්‍රශ්නෙ ගැන.පව් අහිංසකී.අන්තිමට මං හිතලා තීරණයක් ගත්තා.
“මං ඔයාට උදව් කරන්නම් දිනූ.අපි ඒ ඩොක්ටර් ගාවට යමු.ෆයිල් එකට මගේ නම දාන්න.ඇබෝශන් මට කරන විදියට ඉන්න.ඩොක්ටර් එන්න කලින් මං ඇදෙන් බහින්නම්……..”
මං එහෙම කිව්වම දිනූ මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.
“ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා පාරමී.අනේ අපි ඉක්මනටම යමු…….”
දිනූ යි මායි කියපු විදියටම එතෙන්ට ගියා.හැම ෆෝම් එකකම දිනූගෙ වෙනුවට මගේ විස්තර ලිව්වා.ආපු වැඩේ ඉවර වුනාට පස්සෙ මායි දිනූයි එලියට ආවා.දිනූ හිටියෙ ටිකක් අමාරුවෙන් වගේ.
මතු සම්බන්දයි