දැන් මායි රාජේශුයි ජීවත් වෙන්නේ රාජේශ්ගෙ අම්මලා එක්ක ඒ ගෙදරමයි. ඉස්සර මාධවී නෝනා සරත් මහත්තයා කියපු මං දැන් ඒ දෙන්නට කට පුරා අම්මෙ තාත්තෙ කියලා කතා කරනවා. ස්වේතා නංගිට දුවෙක් හම්බුනා.මං දැන් නැන්දා කෙනෙක්.කාලය මේ විදියට ගලාගෙන ගියා.
මට ලැබෙන්න ඉන්නේ නිවුන් පිරිමි දරුවන් කියලා දැනගත්තට පස්සේ හැමෝම කියලා නිම කරගන්න බැරි තරම් සන්තෝශයෙන්.රාජේශ් මං කන්න ආස හැම දෙයක්ම මට ගෙනල්ලා දුන්නා.රාජේශ්ගෙ අම්මා මාව ගොඩාක් හොදට බලා ගත්තා.
දැන් මගේ බඩට මාස නවයක් හින්දා රාජේශ්ගෙ අම්මා හිටියේ මං ගැන ගොඩාක් කල්පනාවෙන්.ඔෆිස් ගියාම රාජේශ් ගෙදරට කෝල් කරලා මං ගැන අහනවා.
දවල්ට කාලා ඉවර වෙලා මං නාගෙන එහෙම පල්ලෙහාට යන්න හදද්දී මගෙ කකුල ලිස්සලා මාව වැටුනා.එකපාරටම මට කෑ ගැස්සුනා.මගේ සද්දෙට රාජේශ්ගෙ අම්මා දුවගෙන ආවා. කොන්දෙන් ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනුනා.රාජේශ්ගෙ අම්මා මාව ඉක්මනට හොස්පිටල් එකට එක්කන් ආවා.
දෛවය මට මේ තරම් අකාරුණික වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. වෙච්චි දේවල් ගැන මට ඇති වුනේ දරාගන්න බැරි තරම් දුකක්.පඩිපෙලින් වැටුනු මාව හොස්පිටල් එකට ඇතුල් කරාට පස්සෙ මට සිහිය ඇවිත් තිබ්බෙ දවස් දෙකකට පස්සෙයි.ඒ වෙනකොටත් මට උපන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මෙලොව හැර ගොස් තිබුනි.
එක් දරුවෙකු මෙලොව හැර ගියත් අනික් දරුවා ජීවතුන් අතර සිටි නිසා යාන්තම් හිත හදා ගත්තත් මියගිය දරුවා මතකයට නැගෙනා විට පපුව පැලෙන තරමට දුකක් ඇතිවේ.සති දෙකක් පමණ හොස්පිටල් එකේ සිටි මා නිවසට පැමිණියා.
රාජේශ් නම් සිටියේ මුලු ලොවම ජය ගත්තාක් වැනි තරම් සතුටකිනි.එහෙත් මා හට සැම විටම මතකට නැගෙන්නේ මිය ගිය මාගෙ අනික් පුත්‍රයාය.අනේ මගෙ රත්තරං පුතා ආයෙමත් මගේ කුසේම ඉපදේවා🙏🙏ඒ මා නිතරම පැතූ පැතුමයි.
“සහන්‍යා දුක් වෙන්න එපා දැන්.මේ දරුවා ගැන හිතලා හිත හදා ගන්න බලන්න…….”
රාජේශ් නිතරම මගෙ හිතේ ඇති දුක නිවීමට තැත් කරනවා.
මේ විදියට අවුරුද්දක් විතර ගෙවිලා ගියා.නැවතත් මා ගැබිනියක් වූයේ තවත් පුතෙකුට උපත ලබා දෙමිනි.විශ්වාස කිරීමට පවා අපහසු කරුණ වූයේ මගේ පොඩි පුතා ලොකු පුතාගේම හැඩ රුව ගැනීමයි.නොදන්නා අය නම් පුතුන් දෙදෙනා දුටු විට සිතනුයේ මේ නිවුන් දරුවන් කියාය.
“කොල්ලො දෙන්නා නිවුන්නු වගේ නේද සහන්‍යා…….”
“ඔව් රාජේශ්.අපේ නැතිවෙච්ච පුතා ආයෙමත් ඉපදිලා කියලයි මට දැනෙන්නෙ……..”
“ඒකනෙ.පුංචි වුනාට දෙන්නගෙන් කිසිම කරදරයක් නෑ.හොදට කියන දේ අහනවා.ලොකු පුතා ඉස්කෝලේ යන නිසා පොඩි පුතාට දවල්ට කම්මැලි හින්දා ස්වේතාගේ දුවත් දැන් මෙහාට ආවා. කෙල්ල ආපු ගමන් චූටි මල්ලි කෝ කියලා ඇහුවෙ?……..”
“එතකොට ස්වේතාගේ දුව ඉස්කෝලේ යන්නෙ නැද්ද?……..”
“එයාලට මේ දවස් ටිකේ නිවාඩුයිලු…….”
අවුරුදු තුනකට පස්සෙ රාජේශ්ට කම්පැණි එකේ අයිතිය ලැබුනා.ලොකු පුතා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වෙ ලියනවා.පොඩි පුතා නම් තාම දෙක වසරෙ.රාජේශුයි මායි පුතාලා දෙන්නයි ගොඩාක් සතුටින් ජීවත් වෙනවා.
අවසානයි❤️