මේ අහන්න යොහාන්…මන් ඔයාව රටේ නම ගිය තරුවක් කරනවා..හැබැයි ඔයා මාවයි මේ බඩේ ඉන්න දරුවාවයි අමතක කරන්න ඕනී…ඕකේ….
සචිනිගේ යෝජනාවට යොහාන් කලබල වූ නමුත් ඔහුට සියල්ලටම වඩා වැදගත් රටේ නමගිය තරුවක් වීමටය…සල්ලි..ජනප්‍රියකම ඔහු ජීවිතේ පලමු කොට තැකීය…
මන් කොහොමද සචී…ඔයාව අමතක කරන්නේ…ඊටත් වඩා අපේ දරුවා..
හෝව් ..හෝව්…අපේ නෙමෙයි මගේ..මේ දරුවා අද ඉදලා මගේ විතරයි ..ඒකට මන් ඔයාට ගෙවලා ඉවරයි ..
සචිනි දනවත් ව්‍යාපාරික බිරිදක්…යොහාන් නවක ගායකයෙක්…සචිනිට යෝහාන් මුන ගැසෙන්නේ මාලුවෙකුට දැමූ ඇමක් ලෙසිනි…
කොතරම් මිල මුදල් තිබුනද සචිනිට දරු සම්පත් නොතිබුනි ..ඈ නොයෙක් වෛද්‍යවරුන් හමු උනද ඒ කිසිවක්ම සාර්ථක නොවුනි…අවසානයේ ඈ කාගේ දුර්වලතාවයක්ද යන්න සොයා ගත්තාය..ඒ ඇගේ සැමියාගේ දුර්වලකමකි…ඈ එය ඔහුගෙන් සැගවූයේ එක් යටි අරමුනකිනි…
ඇගේ සැමියා වූ බානුක දරුවන් පසුපස ඒ තරම්ම හබා ගියේ නැත..ඔහු සැමවිටම පැවසූවේ එයාට එන්න තව කල් ඇති බවයි..සචී ඔහුට ඔහුගේ දුර්වලතාවය සැගවූයේ ඔහු එය දැනගත් පසුව ඇයව දික්කසාද කරාවී හෝ ….දරුවෙකු අරන් හදාගනීවී යැයි බියෙනි …
දරුපල තිබෙන ඈට අවැසි ඇගේ කුසෙන්ම දරුව්ර්කු බිහිකිරීමට ය ..පියා කවරෙකු උවත් මව තමන් විය යුතුයැයි ඈ තරයේ අදිටන් කර ගත්තාය…
එදා පටන් ඈ කුලී පියෙකු සෙව්වේ පිස්සුවෙන් මෙනි..ඈ දකින දකින අයට සෙනේ වැඩීමට ගියේ නැත..ඇයට අවැසි වූයේ දරුවාගේ පියා …ඒ ජාන හොද පුද්ගලයෙකුගේ වීමය..
බානුක නිතර නිතර රටින් පිට වන්නේ ව්‍යාපාරික වැඩවලටය ..එවන් අවස්තාවක ඈ ඇගේ මායා දැල එලුවේ නැගී එන ගායකයෙකු වූ යොහාන් වටාය …
සචිනි දුටුවන් මන බදින රූපශ්‍රීයකින් යුතු විවාහක යැයි කිසිවිටෙක කිව නොහැකි පුන්ච් දගකාර කෙල්ලකගේ අනුරූපයක් බදු වූවාය..
යොහාන් හැඩි දැඩි..කඩවසම් තරුනයෙකි…ඔහුගේ කඩවසම්බව සචි තුල ආදරයකට එහා ගිය ආසාවක් රාගයක් ජනිත කලේය…
යොහාන් ආදුනිකයෙකු වූ නිසාවෙන් සචී ට ඔහු වසගයට ගැනීම පහසු කරවීය..සන්ගීත ක්ශේෂ්ත්‍රයේ ඔහු නිතර ගැවසෙන තැන්වලට ඈ ගියේ ඔහුට නොදැනෙන ලෙස සූක්ෂමවය…
රූපවාහිනී වැඩ සටහන්..ගුවන්විදුලි වැඩසටහන් ..සජීවී වැඩසටහන් මේ සෑම වැඩ සටහනක් පිටුපසම ඈ සිටියේ ඔහුට හොරාය..කොටින්ම කීවොත් ඈ ඇගේ ඉලක්කය වෙනුවෙන් දිවා රෑ උපරිම කැප වූවාය…
සචීනි ඇගේ පෙනුම වෙනස් කලේ දිනක් යොහාන් වැඩසටහනක කී දෙයක් නිසාවෙනි..ඔහුට ආදරවන්තියක් නොමැති බවද ඔහු සොයන්නේ ගම්බද අහින්සක පෙම්වතියක් බවද පැවසූ වදන් සචී ව වෙනස් කරන්නට වූවාය ..ඈ පෙනුමෙන් ..ඇදුමෙන් ගම්බද ලදක් වූයේ ඇගේ ඉලක්කය වෙනුවෙන් කැප කල නොහැකි දෙයක් නොමැති බව සනාත කරමිනි…
දිනක් එක් රැයක යොහාන් සිටියේ වැඩසටහනකට සහබාගී වී කුලී නිවස බලා යමිනි…ඔහුගේ වාහනය හදිසියේම මහමග නැවතුනේ වාහනයට අත දමා කෙල්ලක උදව් ඉල්ලූ නිසාවෙනි..
අයියේ ..ගෙදරට යන බස් එක මග ඇරුනා..අනේ පුලුවන් ද උදව්වක් කරන්න …
යොහාන් ඈහට උදව් කිරීමට කැමති වන්නේ ඇගේ අසරන බාවයටට් වඩා ඈ සුරූපී තරුනියක් වූ නිසාවෙනි…ඒ වෙන කවුරුත් නොව සචිනිය ..
සුපෝකබෝගී කෑම බීම..යානවාහන..ඉදුම් හිටුම් පසෙක ලා ඇය කුලියට කුඩා නිවසක් ගන්නේ බානුක මාස තුනකට විදේශගතවූ නිසාවෙනි …තවද ඈ ගැන සොයන්නට කෙනෙක් සිටියේ ද නැත..බානුකට ඈ සැකද නැත..ඇයට අවැසි වූයේ බානුක නැවත පැමිනීමට පෙර සිය කාර්ය මුදුන්පත් කර ගැනීමටය…
නන්ගි කොහෙද …මේ කිට්ටුවමද…කොහෙද ජොබ් කරන්නේ ..
ඈ යොහාන්ට වඩා වැඩිමහල් වුවද පැවසුවේ අඩු වයසකි…
නෑ…අයියේ…මන් අනුරාදපුරේ …ඇනෙක්ස් එකක කුලියට ඉන්නේ…මෙහේ ෆිනෑන්ස් ඔෆිස් එකක වැඩ කරන්නේ …
තනියමද ඉන්නේ ..
නෑ..තව යාලුවෝ දෙන්නෙක් ඉන්නවා..එයාලා ගමේ ගිහින් ..තාම ආවේ නෑ…
ඒ සුහදකම දුරකතන අන්කනයන් හුවමාරුව දක්වා දුරදිග ගියේ සචිනිගේ අහින්සක සරාගී රන්ගනයට යොහාන් මුසපත් වූ නිසාවෙනි…
තේ එකක් බීලා යන්න එනවද අය්යේ …
ඇගේ ආරාධනාව සතුටින් පිලිගත් ඔහු ගෙට ගොඩ වදින්නේ ගැස්සෙන පැද්දෙන ඇගේ පිරුනු නිතබ දෙස බලමිනි…
එදා තේ එකක රස බැලූ ඔහු හැකි සැමවිටකම ඇගේ සුවදුක් බැලීමට යන්නට එන්නට පුරුදු වූයේ ඇගේ එක් පියවරක් සාර්ථක කරමිනි …
බොහෝ ඉක්මනින්ම ඔවුන් ආදරවන්තයන් වූයේ ඒ හදවත්වල දෝර ගලන හැගුමන් වලට ඉඩ දෙමිනි..
හැමදාම තේ එකක් විතරක් දීලා එලෝ ගත්තාම හරිද සුදු නෝනා…ආ..
ඈ හැසිරුනේ ඔහුගේ හැගුමන් උද්දීපනය වන ආකාරයටය…පිරුනු ලමැද උලුප්පා පෙනෙන ඇදුම්.ඇදි ඈ දෙස හැමදාම බලා යන්නට ඔහිට නොහැකි විය …
ඉතින් මොනාද වෙන ඕනී මහත්තයෝ …
හුරතල් හඩින් තෙපලූ ඇ ඇවිත් වාඩී වූයේ ඔහුගේ ඔඩොක්කෙනි..හැට්ටයේ බොත්තමක් ලිහිල් කල ඈ ඔහුට අඩ ගැසුවේ පෙම් ආලින්ගනයටය ….
ඒ සුවද ..ඒ ගැහැනු පහසට ඉව.ඇල්ලූ ඔහුට තවත් ඉවසිය අවැසි නැත..ඈ කැමැත්තෙන් ම දෙන දේ ඔහුද බාරගත්තේය.. පැය දෙකක පමන පෙම් ආලිංගනයක අවසානයේ ඔහුට ඇගේ පිරිසිදුකම දැක ගැනීමට නොහැකි වූ නමුත් ඔහු කිසිවක්ම විමසුවේ ද නැත..මන්ද ඔහුටද ඇවැසි වූයේ ආශාවන් සන්තෘප්ත කරගෙන ඇගෙන් මිදීමටය…
මීට කලින් නැව් ගිහිල්ලා තියෙනවා එහෙනම් …ඔහු තනිවම සිතුවේ එයයි…ඇගේ උද්වේගකාරී ලින්ගික හැසිරීම් ..ඒ සැකය තහවුරු කරන්නට වුනි..
හැමදාම මෙහෙම ඉමුද මාත් එක්ක..ආ..
ඈ යටි සිතින් සිනාසුනේ සියල්ල සාර්ථක වූ නිසාවෙනි..පලමු එක්වීමෙන්ම ඔහු ඇයට වසග වී තිබුනි..ඈ නැතුවම බැරි තැනට ඔහු පත්ව තිබුනේ ඒ තරමටම ඈ ඔහුව වසග කරගෙන සිටි නිසාවෙනි..
මාසයක් ගෙවුනේ ඔවුන්ගේ පෙම් අනග රැගුමන් හමුවේය ..ඇයට කැරකිල්ලක් ..මහන්සිගතියක් දැනෙනට වූ නිසාවෙන්ම ඈ ගියේ කැලන්ඩරය වෙතටය.මාස් ශුද්දිය හැදෙන දවස් පහුව තිබුනු නිසාවෙන් ඈ ඉගිලුනේ ඇගේ වෛද්‍යවරයා සොයා ගෙනය…
සුබාරන්චියක්..එහෙනම් ඔයා දිනුම්…
ඈ සතුටින් ඉපලුනේ එම පුවතටය…දරුවන් නොමැතිව අවුරුදු හයක් හිල්ලූ ඈ අද තනිවම ඒ සතුට බුක්ති වින්දාය..
සැමියාගේ දුර්වලතාවය හදුනාගත් අවස්තාවේ සිටියේ ද මෙම දොස්තරය..ඔහු එදා පැවසූ වදන් ඇයට දෝන්කාර දෙන්නට වුනි…
මහත්තයාට කියනවාද නැද්ද කියලා ඔයා තීරනය කරන්න දරුවෝ…කිවොත් එයා දර්ය්වෙක් අරන් හදාගමු කියයි…ඒත් ඔයාට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් …හොද ජාන හොයාගත්තොත් හොද දරුව්ර්ක් බිහිකරන්න පුලුවන් ..මන් මේ මොකක්ද කියන්නේ කියලා ඔය දරුවාට තේරෙනවා ඇති නේ…මේ වගේ ගොඩාක් අය මන් ලගට ඇවිත් ඇති…ඒ හැමෝටම මන් දුන්නේ මේ උපදෙස..අද හුගාක් අය අම්මලා..තව හිතන්න..
💚💚💚💚💚💚💚💚
මහත්තයෝ අපි මේ සම්බන්දේ නවත්තමු…
ඒ වචන සොහාන්ගේ කනට ගැසුවා මෙනි..සොහාන් ඇයට ඇත්ත්ටම ආදරය නොකලත් ඇයට වශීකෘත ව සිටු නිසා ඇගෙන්.මිදෙන්නට ඈ අත් හරින්නට ලෝබය…
පිස්සු ද…ඇයි ඒ…
මන් අම්මා.කෙනක් වෙන්න යන්නේ…ඔයා නිසා…ඒක ඔයාට හොද නෑ..ඔයාට නරක නාමයක් එයි මේකෙන්…ඒ නිසා මාව අමතක කරන්න …
ඈ බලාපොරොත්තු උනේ මේ පුවත දැනගෙන ඔහුගේ වෙනස්වීමය..එහෙත් වූයේ වෙන දෙයකි..
තමුසෙට පිස්සු ද..ආ…මන් තමුසෙව දාලා යන්නේ නෑ..මේ මගේ දරුවා..
ඔහු ඇයට පෙම් කලේ නැත..ඈ හා නිදිවැද්දා පමනි…එහෙත් ඔහු පියෙක් වන්නට යන පුවත ඔහුව වෙනස් කරන්නට වූනි…වෙනදා සරාගිකව ඈ දෙස බැලූ ඔහු අද ඇයට ආදරය කරන්නට පෙලබුනේ ඈ කුස තුල වැඩෙන්නේ තමාගේ ලේ නිසාවෙනි….
ඈ විවිධ උපක්‍රම යෙදුවේ ඔහුගෙන් ගැලවෙන්නටය ..විටෙක දරුවා නැති කරමුන් යැයි කීවේද දරුවා නැති වුනායැයි කියා ඔහුගෙන් මිදෙන්නටය..ඒ සියල්ල අසාර්ථක වූ තැන ඈ හිටියේ කලබලවය…
බානුක එන්නට ඇත්තේ තවත් සතියක පමන කාලයකි ..ඇයට සොහාන්ගෙන් ගැලවීමක් නොලැබෙන තැන ඈ ඇත්තම කියන්නට සිතා ගත්තාය ..
ඔයා මේක අහලා කලබල වෙන්න එපා…
යනුවෙන් පටන් ගත් ඈ සියල්ල ඔහු ඉදිරියේ මුදා හරින්නෙ ඔහුව පුදුම කරව්මුනි…ඇගේ ක්‍රියාව ඇසූ ඔහු ඇයට පහර දෙන්නට එසවු අත පහතට දමන්නේ ඇගේ සැමියාගේ තනතුර සිහිවය…
තමුන්…තමුන් මාව රැවැට්ටුවා….
මේක හොදට අහගන්න සොහාන්.
මන් මේකට තමුන්ට හොදට ගෙවන්නම්..මේ කිසි දෙයක් පිට යන්න බෑ…අනික මේ දරුවට අයිතිවාසිකම් කියන්නත් බෑ…
එදා ඔහු අසරන වූයේ ඇගේ මුදල් හා බලය හමුවේය..ඈ පොරොන්දු වුූ පරිදිම ඔහිට සියල්ල හිමි වුනි ..වාහනයක් නිවසක් මේ සියල්ල ඈ ඔහිට පිරිනමන්නේ කිසිදු පැකිලීමකින් තොරවය …
බානුක ලන්කාවට පැමිනෙන්නේ ඇගේ කුසට මාසයක් වනවිටය ..බානුක පැමින ටික දිනකින් ඈ ඇගේ රන්ගනය පටන් ගත්තාය…නිතර් නිතර වමනය කරන්නට වූ නිසා බානික ඈ රැගෙන ගියේ පුරුදු දොස්තර ල්ගටය..ඔහුගේ පිලිතුර වූයේ ඈ ගැබිනියක් බවය…
තාම සති දෙකක් වගේ..හරියටම කියන්න බෑ…
ඉතින් බානිකට මේ සියල්ල ඇත්තය..මුදල් මතම නහින බානුක ගැහැනු ගැට නොදනී..ඔහු ඇයට ..දරුවාට නියම පියෙක් වෙමින් සිටියේය ..
💚💚💚💚💚💚
සොහාන්ට ඇයව අමතක කරන්නට හැකි නමුත් ඔහුගේ ලෙයින් පන ගැහෙන ඔහුගේම දරුවා අමතක කල නොහැකිය..තමා පියා වන කල වෙන අයෙකුට පියා වෙන්නට දීමට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත…
ඔහු මුදලට..ප්‍රසිද්ධියට තම දරුව විකිනුවා යැයි නිතර නිතර ඔහුගේ ම යටි සිත ඔහුට වද දෙන්නට වුනු….
ඈ දකින්නට ..ඒ කුස පිරිමැද තාමත් මෙලොව එලිය නුදුටු ඔහුගේ ම ලේ සමග දොඩමළු වෙන්නට සොහාන්ගේ පිරිමි හිත මොරගාන්නට විය ..
ඈ බැහැ දකුන්නට ගිය සෑම විටකම් ඈ ඔහුව එලවා ගත්තාය .දුරකතන ඇමතුම් විසන්ධි කලාය…
ඈ ඔහුට පොරොන්දු වූ පරිද්දෙන් ඔහුව ජනප්‍රිය ගායකයෙකු කලේ මුදල් ව්සික් කරමිනි ..දැන් ඔහිට හැමදෙම තිබෙන නිසා ඔහු හා යන්නට ඇයට කතා කලේය….
ඔහෙට පිස්සුද ..ආ…ඔහේ දන්නවාද..මේක දැනගත්තොත් ඔහේගේ මලකදවත් හොයාගන්න බැරිවෙයී..ඒ තරමට බලවත් බානුක ..අපෙන් අයින් වෙලා යනවා…මන් බානුක ට ආදරෙයි ගොඩාක්..ඔහෙට ලන් උනේ මේ දේට මිසක් ආදරේකට නෙමෙයි ..කොච්චර මන් කිව්වාද මේක..ආ..
ඈ කිවේ ඇත්තකි ..ඈ ඔහුට ලන් උනේ ඇගේ ඉලක්ක ව්ෙනුවෙනි..නමුත් ඈ බානුකට වඩා ඔහුගේ සැපසම්පත් වලට ආදරේ කලාය..ඒ නිසාම ඈ බානුකව අත් හැරියේ නැත…
💚💚💚💚💚
ඈ…පිරිමි දරුවෙකු ප්ර්සූත කලාය…බානුක සතුටින් ඉපිලුනේ ඔහුගේ දනස්කන්දයට හිමිකරුවකු පැමිනි නිසාය..ඇගේ යටිසිත බානුකට සිනහා වූයේ අනුන්ගේ දරුවෙක් තමන්ගේ කරගත් අපූරුව දැකය..
අඩු මාසෙන් ආවාත් පුතා හොදට හැදිලා නේද නොෝනා….
ඒ බානුක ය..ඔහු සිතන්නේ දරුවා ලැබුනේ අඩු මාසෙන් බවය…ඇත්ත දන්නේ තිදෙනෙකි
බානුක නොමැති වේලාවක සොහාන් පැමිනියේ තම කිරිකැටියා දැකීමටය ..
අනේ..මට දරුවා නොදැක බෑ…මට ඩරුවා එපා…ඒත් මෙහෙම ඇවිත් බලන්නවත් ඔඉනී…
ඈ අවසානයේ තීරනයකට එලබුනාය…ඒ බානුක හා ටික කාලයකට විදේශගතවීමය.
මන්ද මෙහි රැදුනහොත් සොහාන් දරුවා සොයා එනු ඇත..ත්වද කොයි මොහොතේ හෝ මේ සියල්ල බානුක දැනගනු ඇත…ඉන්පසුව අත්වන ඉරනමට ඇ බිය වූවාය …
අනේ…මහත්තයෝ …මේ මහත්තයලා ගේත් විකුනලා රට ගියානේ ගිය මාසෙ..පවුලම ගියේ …
ඒ සොහාන් ඈ සොයා ආ මොහොතක අසන්නට ලැබුනු අසුබ පුවතයි….
ඒ ගේ දෙස කදුලු පිරි දෑසින් බලා සිට ඔහු නැව්ත හැරුනේ තම කිරිකැටියා කිසිදාක දකුන්නට නොලැබෙන බව දැනගෙනමය…
ඔහු ඔහුටම සාප කරගත්තේය…අද ඔහුට සියල්ල හිමිව තිබුනත් තම කිරිකැටියා අහිමිව තිබේ…මේ සියල්ල තමාමුදලට බලයට කෑදරකම් කල නිසාවෙනි …තම දරුවා වික්කා යැයි ඔහුගේ සිත මොරගාන්නට උනි…
ඉතින් වසර ගනනක් ඔහු තම පුතු එනතෙක් බලා සිටියේ තනිකඩවය…අද ඔහු රටේ නමගිය ගායකයෙකි ..තාමත් තනිකඩයෙකි…එහෙත් ඔහුගේ පුතා හෝ පෙම්බරිය නැවත පැමිනියේ නැත..ඔහු තාමත් ඔවුන් එන්තුරු බලා සිටී….
💚💚💚💚💚💚💚
හිතුනා ලියන්න …ඉතින් ලිව්වා…මෙහම දෙවල් වෙන්නේ නෑ කියලා කියන්න බෑ නේද යාලුවනේ …කතාව හොදයි නම් ලයික් කොමෙන්ට් කරලා ශෙයාර් කරන්න …..