බිරිඳගේ විලාපය

💗”නංගි මොනවද කල්පනා කරන්නේ?…….”

ප්‍රසාද්ගෙ අක්කා දුලානි මං ගාවට ඇවිත් එහෙම ඇහුවා.දුලානි අක්කා විවාහකයි. එයා දරුවා ලැබෙන්න වෙනුවෙන් මේ දවස් වල මෙහෙ ඇවිත් නතර වෙලා ඉන්නවා.

“න්…නෑ…මොකුත් නෑ අක්කෙ…….”

“නංගිට මෙහෙ පාලු ඇති.ගෙදර මතක් වුනාද?…….”

“ඔ….ඔව් අක්කෙ.අම්මවයි තාත්තවයි මල්ලිවයි මතක් වුනා.එතකොට ගොඩක් දුක හිතෙනවා……..”

“එහෙනම් ගෙදර ගිහිල්ලා එයාලව බලලා එන්න.වැඩි දුරක් නෑනෙ…….”

“පස්සෙ දවසක යනවා…….”

මං ඉන්නෙ දුකින් කියලා දුලානි අක්කා තේරුම් ගන්න ඇති.මගෙ සතුට නැති වුනේ ප්‍රසාද්ව කසාද බැදපු දවසෙයි.

“නංගි….ඔයා දුකින් නේද ඉන්නෙ?…….”

“න්…නෑ අක්කෙ…….”

“මල්ලි ගොඩක් දඩබ්බර මුරණ්ඩු කෙනෙක් තමයි.ඒත් ඔයාට පුලුවන් එයාව හදා ගන්න.ගෑනි කියන දේ මිනිහා අනිවාර්යයෙන් අහනවා…….”

එයාව හදාගෙන මට ඇති වැඩක් නෑ…..ඒ වචන ටික මං හිතුවා මිසක් කියන්න ගියේ නෑ.ටිකක් වෙලා මාත් එක්ක කතා කර කර හිටපු දුලානි අක්කා කාමරෙන් ගියා.මං කුස්සියට ගියා දවල්ට කෑම උයන්න උදව් වෙන්න.ටිකක් වෙලා යද්දී දුලානි අක්කා කෑ ගහන සද්දෙ ඇහුනා.මං ටක්ගාලා ඒ දිහාට දුවගෙන ගියා.

“අනේ අක්කෙ ඔයාට මොකද වුනේ?…….”

මට තේරුනා දුලානි අක්කට දරුවා ලැබෙන්න අමාරු වෙලා තියන බව.මං ඉක්මනට ප්‍රසාද්ගෙ අම්මට කතා කරලා දුලානි අක්කව හොස්පිටල් එකට එක්කන් ගියා.

“අම්මා බය වෙන්න එපා.දුලානි අක්කට කරදරයක් නැතුව දරුවා ලැබෙයි……..”

ප්‍රසාද්ගෙ අම්මා හිටියේ ගොඩාක් බය වෙලා.ටිකක් වෙලා යද්දී දුලානි අක්කගේ මහත්තයයි අම්මයි ප්‍රසාදුයි හොස්පිටල් එකට ආවා.

“ඔය දෙන්නා ගෙදර යන්න දරුවනේ. හදිස්සියක් මං කෝල් එකක් දෙන්නම්…….”

ප්‍රසාද්ගෙ අම්මා එහෙම කියද්දී අපි දෙන්නා කාරෙකේම ගෙදර ආවා.

💗💗

කම්මැලි හිතුන නිසා මං අම්මට කෝල් එකක් ගත්තා.

“හෙලෝ අම්මෙ මේ මං…….”📲

“අනේ මං මේ දුවව මතක් කරා විතරයි. ඔයාලා හොදින් ඉන්නවා නේද?……..”📲

“අම්මලාට කොහොමද ඉතිං?කෝ මල්ලියි තාත්තයි එහෙම?…….”📲

“තාත්තා නම් නිදි.මල්ලි ගියා තාත්තගෙ බෙහෙත් වගයක් ගේන්න.කෝ ප්‍රසාද් පුතා?ඔයාලා ප්‍රශ්නයක් නැතුව ඉන්නවා නේද?……..”📲

කොහොම කියන්නද ප්‍රශ්නයක් නෑ කියලා.මගෙ ජීවිතය මිහිපිට අපායකට වැටුනා.වැටුනා නෙවෙයි අම්මයි තාත්තයි දෙන්නම මාව ඒ අපායට වැට්ටෙව්වා.😭

“ඇයි දුවේ ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?ඔයා සතුටින් නෙවෙයිද ඉන්නෙ?…….”📲

මං මොකුත් නොකියා සද්දෙ නැතුව ඉන්නකොට අම්මා ආයෙමත් මගෙන් එහෙම ඇහුවා.

“අ…ම්මෙ දැන් පහුගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ.මං ඔයාලට මොන තරම් කිව්වද මට මේ රස්තියාදුකාරයව කසාද බදින්න බෑ කියලා.ඔයාලා ගාව ඉද්දී මං හිටියෙ මොන තරම් සතුටකින්ද?අද ඒ සතුට සදහටම විනාශ වෙලා ගිහිල්ලා…….”😭😭📲

ඇස් දෙකේ කදුලු පුරෝගෙන එහෙම කියපු මං ෆෝන් එක කට් කරලා මේසෙ උඩට විසික් කරද්දී මං දැක්කේ අත් දෙකත් බැදගෙන මං දිහා බලාගෙන ඉන්න ප්‍රසාද්ව.මට බය හිතුණා.දෙයියනේ ප්‍රසාද් මං අම්මත් එක්ක කතා කරපුවා අහගෙනවත් හිටියද?ප්‍රසාද්ව ගනං ගන්නෙ නැතුව මං ටව්ල් එකත් අරගෙන බාතෲම් එකට ගියා නා ගන්න.මං ආපහු නාගෙන එද්දී ප්‍රසාද් හිටියේ ඇදේ වාඩි වෙලා කල්පනා කර කර.මං හිටියේ ප්‍රසාද් කාමරේ නෑ කියලා.

එකපාරටම ඔලුව උස්සලා ප්‍රසාද් මං දිහා බැලුවා.ඒ බැල්ම අතරේ මං හොදටම අසරණ වුනා.මට බයකුත් දැනුනා.ප්‍රසාද්ගෙ අර මනමාල හිනාවත් දාගෙන පියවරෙන් පියවර මං ගාවට කිට්ටු වුනා.මං ආපහු බාතෲම් එකේ දොර අරිද්දී ප්‍රසාද් මගේ අතින් ඇදලා මාව බිත්තියට හේත්තු කරගත්තා.

කොච්චර දැගලුවත් ප්‍රසාද්ගෙ හැඩි දැඩි දෑත් වලින් මිදෙන්න මට නොහැකි වුනා.මාව තද කරලා බිත්තියට හේත්තු කරගත්තු ප්‍රසාද් උමතුවෙන් වගේ මගේ දෙතොල් සිප ගත්තා.

“ප්‍රසාද්…අහකට වෙනවා.මාව අතාරිනවා. මට තමුසෙව අප්පිරියයි…….”😠😠

මං එහෙම දැගලුවත් ප්‍රසාද් මාව අතෑරියේ නෑ.දවල්ට කෑවෙ නැති නිසාද මන්දා මගෙ ඇගට පණක් තිබුනෙ නෑ.මං ඇදන් හිටපු ටවල් එක බලෙන්ම ගලවලා පැත්තකට දාපු ප්‍රසාද් මාව ඇදට තල්ලු කරා.කොයි තරම් උත්සහ කරත් මට බැරි වුනා ප්‍රසාද්ගෙන් බේරෙන්න.

💗💗

“තමුසෙ මොකද අඩන්නෙ?අඩන්න තරම් දෙයක් උනේ නෑනෙ තමුසෙට.උඹ මගේ කසාද ගෑනි.අන්න ඒක මතක් තියා ගනිං…….”😠

මගේ සිරුරෙන් ඈත් වූ ප්‍රසාද් මගෙ නිකටෙන් උස්සලා එහෙම කිව්වා.ඇස් දෙකෙන් ගලාගෙන ගිය කදුලු අතින් පිස දා ගත් මං බොහොම අමාරුවෙන් ඇදෙන් නැගිටලා ටවල් එක ගතේ දවටාගෙන බාතෲම් එකට ගිහින් අඩලා අඩලා ඉදිමිලා රතු වෙලා තිබුනු මුහුණ හෝදගෙන කාමරේට ඇවිත් ඇදුමක් ඇද ගත්තා.

“එනවා පල්ලෙහාට කෑම කන්න…….”

“මට බඩගිනි නෑ ප්‍රසාද්.ඔයා කන්න…….”

“ඇයි තමුසෙ දවල්ටත් කෑවෙ නෑ කිව්වා නේද?…….”

“මගෙ ඇග රිදෙනවා.මට නිදිමතයි.ඔයා ගිහින් කන්න ප්‍රසාද්…….”😢😢

එහෙම කියලා මං නිදා ගත්තා.මං දිහා බලන් හිටපු ප්‍රසාද් මං ගාවට ඇවිත් “අයි ලව් යූ පාරමී” කියලා මගෙ නලලට කිස් එකක් දීලා කාමරෙන් ගියා.මගෙ හිතේ කවදාවත් ප්‍රසාද් ගැන ආදරයක් ඇති වෙන්නෙ නෑ කියලා මට හොදටම විශ්වාසයි.


දවස් තුනකට පස්සේ දුලානි අක්කවයි පුතාවයි ටිකට් කපලා ගෙදර එක්කන් ආවා.ගෙදර හැමෝම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.ටික කාලයක් යනකල් දුලානි අක්කවයි පුතාවයි මෙහෙ නවත්තගන්නවා කියලා ප්‍රසාද්ගෙ අම්මා කිව්වා.

උදේට උයලා ඉවර වෙලා මං ප්‍රසාද්ගෙ අම්මටත් කියලා අපේ ගෙදරට ආවා. මගදි මට ගමේ අදුරන වැඩිහිටියො කිහිප දෙනෙක්ම හම්බුනා.එයාලා සමහරු මං දිහා බැලුවේ අනුකම්පාවෙන් වගේ.මං එයාලත් එක්ක සුහදව හිනා වෙලා අපේ ගෙදරට ආවා.මං එද්දී මල්ලි ගෙයි බැම්ම උඩ වාඩි වෙලා බත් කනවා.

“අම්මෙ මෙන්න කව්ද ඇවිල්ලා…….”😁😂

යකෝ මූට මේ සතියට මාව අදුරගන්න බැරි වුනාද?🤣අම්මා ගේ ඇතුලෙ ඉදන් දුවගෙන ආවා.

“අනේ පුතේ මේ අක්කනෙ.මං බැලුවා කව්ද කියලා…….”

“ආ….මට අක්කෙකුත් හිටියද?දැනුයිනෙ මතක් වුනේ😂🤣කෝ මස්සිනා?…….”

මල්ලිගෙ කතාවට හිනා වුනත් ප්‍රසාද් ගැන අහද්දී මගෙ හිතේ තිබුනු සතුට අතුරුදහන් වුනා වගේ දැනුනා.ඒක මල්ලිට හොදටම තේරෙන්න ඇති.ඊට පස්සෙ මල්ලි සද්දෙ නැතුව හිටියා.

“යමු දුවේ ගේ ඇතුලට…….”

මගේ අතින් අල්ලගෙන අම්මා මාව ගේ ඇතුලට එක්කන් ගියා.

“අම්මෙ කෝ තාත්තා?…….”

“තාත්තා සෝමෙ මාමත් එක්ක ගමනක් ගියා දුවේ…….”

“අක්කෙ ආ…….”

මල්ලි මට බත් පිගානක්ම බෙදලා ගෙනත් දුන්නා.මං පුටුව උඩ වාඩි වෙලා ඒක කෑවා.මොනවා වුනත් මගේ ගෙදරදී මට දැනෙන සැනසීම ප්‍රසාද්ගෙ ගෙදරදී දැනෙන්නෙ නෑ.කාලා ඉවර වෙලා මං මිදුලට ආවා.අම්මත් මගෙ පස්සෙන්ම ආවා.

“උඹලා දෙන්නා තරහ වෙලාද ඉන්නෙ දුවේ?…….”

“එහෙම නෑ අම්මෙ…….”

“අපිත් එක්ක වෛරයක් හිතේ තියාගන්න එපා දුවේ.උඹට හොදට කාලා බීලා ඇදලා සන්තෝශෙන් ජීවත් වෙන්න පුලුවන් කියලා හිතපු නිසයි අපි ඔය කසාදෙට කැමැත්ත දුන්නෙ……..”

“මගෙ හිතේ අම්මලා ගැන වෛරයක් නෑ අම්මෙ.මට පරක්කු වෙනවා.මං ගිහින් එන්නම්…….”

අම්මටයි මල්ලිටයි කියලා මං ආපහු ගෙදර ආවා.මං යද්දී ප්‍රසාද්ගෙ අම්මා දුලානි අක්කගෙ රෙදි ටිකක් වනනවා.

“අම්මලා එහෙම සනීපෙන් ඉන්නවද දුවේ?……..”

“වරදක් නෑ අම්මෙ.එයාලා හොදින් ඉන්නවා…….”

මතු සම්බන්දයි❤️