“සහන්‍යා බලන්න කව්ද දොරට තට්ටු කරන්නෙ කියලා…….”
රාජේශ් එහෙම කියද්දී මට බය හිතුණා රාජේශ්ගෙ අම්මයි තාත්තයි ඇවිත් ඇති කියලා.මං හිමින් හිමින් ගිහින් දොර ඇරියා.ඇවිත් හිටියෙ මගෙ අයියා සහන්. මට පුදුමත් හිතුණා අයියා මාව හොයාගෙන ඇවිත් හිටියම.ඒත් එක්කම අයියගෙ අතේ එල්ලිලා හිටපු කෙනාව දැක්කම මගෙ ඇස් උඩ ගියා.
දෙයියනේ මේ මොකද සිද්ද වෙලා තියෙන්නේ???? මගෙ අයියගෙ අතේ එල්ලිලා හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි ස්වේතා නංගී. ඒ කියන්නෙ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ස්වේතා නංගී හිතින් ආදරේ කරලා තියෙන්නේ මගෙ අයියටද?ඒත් අයියා කසාද බදින්න හිටියේ නිම්සරා සෙව්වන්දි කියලා කෙනෙක්වනෙ.
“කව්ද ආවෙ සහන්‍යා?…….”
එහෙම අහගෙන රාජේශුත් දොරකඩට ආවා.අයියවයි ස්වේතා නංගිවයි දැකලා රාජේශුත් ගොඩාක් පුදුම වුනා.ඒ දෙන්නට ඇවිත් ඇතුලෙන් වාඩි වෙන්න කියලා මාත් රාජේශ් ගාවින් වාඩි වුනා.
“මොනවද අයියෙ මේ සිද්ද වෙන්නෙ?ඔයා කොහොමද ස්වේතා නංගිව……..”
“හැම දෙයක්ම මං පැහැදිලි කරලා කියන්නම් නංගි…….”
“නංගි තමුසෙ කොහොමද සහන්‍යාගෙ අයියත් එක්ක ආවෙ?…….”
මං දැක්කා ස්වේතා නංගිගෙ ඇස් වල කදුලු පිරිලා තියනවා.මොනවා වුනත් මෙතන ලොකු දෙයක් සිද්ද වෙලා තියනවා.
“නංගි,නිම්සරාගෙයි මගෙයි කසාදෙ සිද්ද වුනේ නෑ.එයා මාව දාලා ගියා.මට වඩා ගොඩාක් පෝසත් කෙනෙක්ගෙන් එයාට ප්‍රපෝසල් එකක් ඇවිත්.එයා ඒකට කැමති වෙලා.ඒ වෙනකොටත් අපේ වෙඩින් එකට දිනත් දාගෙන ඉවරයි.මට පුදුම කලකිරීමක් ඇති වුනේ නිම්සරා ගැන.එයාට හොද නම් මටත් මොකෝ කියලා මං එයාව නවත්තන්න ගියේ නෑ. මං ඔයාව බලන්න රාජේශ්ගෙ ගෙදරට ආපු දවසෙ පාන්දර තමයි ඔයාලා පැනලා ගිහින් තියෙන්නෙ.
මට හැම දෙයක්ම මාධවී නෝනයි සරත් මහත්තයයි කිව්වා. මට ඔයා ගැන ආවෙ පුදුම කේන්තියක්. රාජේශ්ගෙ අම්මයි තාත්තයි මට ඔයා ගැන කියලා සෑහෙන්න බැන්නා.ඒ හැම බැනුමක්ම අහගෙන මං ඒ ගෙයින් එලියට බැහැලා පාරට එනකොට ස්වේතා පාරට දුවගෙන ආවා.ඇවිත් මගෙ කසාදෙ කවද්ද කියලා ඇහුවා.වෙච්චි දේ කෙටියෙන් කියලා මං යන්න ගියා.ඊට දවස් දහයකට විතර පස්සෙ රෑ හතට විතර ස්වේතාගේ අම්මයි තාත්තයි මාව හොයාගෙන ආවා……..”
“ඒ ඇයි?……..”
“ස්වේතා වහ බීලා හොස්පිටල් ඇඩ්මිට් කරලා කිව්වා.එයා වහ බිව්වෙ මං හින්දා කිව්වම මං පුදුම වුනා මොකද ස්වේතා මාත් එක්ක එක පාරයි කතා කරලා තියෙන්නෙ.එතකොටයි මං දැන ගත්තෙ ස්වේතාගෙ හිතේ මං ගැන තියන ආදරේ එයාගෙ දෙමව්පියන්ට කිව්වට පස්සෙ එයාලා අකමැති වුන නිසා එයා වහ බීලා තියෙන්නෙ.මට හිතා ගන්න බැරි වුනා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරපු කෙල්ල මට මෙච්චර ආදරේ කරාද කියලා……..”
“එතකොට ඔයාලා මැරි කරලද ඉන්නෙ අයියෙ දැන්?…….”
“ඔව් නංගි.ස්වේතාගේ අම්මයි තාත්තයි දෙන්නගෙම කැමැත්තෙන් තමයි අපි කසාද බැන්දෙ.ස්වේතා දිගටම කිව්වේ මාව අහිමි වුනොත් එයා ආයෙමත් වහ බොනවා කියලා……..”
“එතකොට ස්වේතා ඔයා ඒලෙවල් කරේ නැද්ද?……..”
“නෑ අක්කෙ.අම්මයි තාත්තයි මාව සහන් අයියගෙන් වෙන් කරන්නමයි හැදුවෙ.මට ඒක දරා ගන්න බැරුව ගියා.ඒ හින්දයි දවසක් මං රෑ හොරෙන්ම බස් එකේ නැගලා සහන් අයියව හොයාගෙන ගෙදර ගියේ……..”😢😢
“මොකක්…..ඔයා කොහොමද එච්චර දුරක් තනියම ගියේ?……..”
“මං ඔයාගෙ පොතකින් ගෙදර ඇඩ්‍රස් එක හොයාගත්තා.ඒ විදියට පාර හොයාගෙන කොහොම හරි ගියා.ඔයාගෙ අම්මයි තාත්තයි හරිම හොදයි අක්කෙ.එයාලා මාව හොදට බලා ගත්තා……..”
“ඔයාලා කොහොමද අයියෙ මැරි කරේ?ඒ වෙනකොට ස්වේතාට අවුරුදු දහ අටක් නෑනෙ?…….”
“නෑ නංගි.ස්වේතාට අවුරුදු දහ අට ලබපු දවසෙයි අපි කසාද බැන්දෙ…….”
කොහොමින් කොහොම හරි අන්තිමට ස්වේතා නංගී මගෙ නෑනා වුනා.එයාගෙ ආදරේ එයා ජය ගත්තා.දැන් ස්වේතා නංගී තුන් මස් ගැබිනියක්.
❤️❤️
“අයියයි නංගියි දෙන්නම එකම පව්ලට සෙට් වුනා නේද කොහොම හරි?…….”
මාවත් තුරුල් කරගෙන ඇදට වැටුනු රාජේශ් එහෙම කිව්වා.
“ඒකනෙ ඉතිං.මං නිකමටවත් හිතුවෙ නෑ ස්වේතා නංගී ආදරේ කරේ අපෙ අයියට කියලා.අපෙ අයියා ගොඩක් හොද කෙනෙක්.එයා ස්වේතා නංගිව හොදට බලා ගනියි…….”
රාජේශුයි මායි කසාද බැදලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.
“සහන්‍යා මගෙ පොතෙත් ඉතුරු කරපු සල්ලි වගයක් තියනවා.අපි පොඩි ඉඩම් කෑල්ලක් ගම්මු.ගෙයක් එක්කම තියනවනම් හොදයි නේද?……..”
“ඔව් රාජේශ් ලොකු ගෙයක් ඕන්නෑ.පොඩි ගෙයක් තිබ්බම ඇති.කාමර දෙකකුයි බාතෲම් එකයි කුස්සියයි සාලෙයි තිබ්බම ඇති……..”
“සහන්‍යා මැණික…….”
“ම්ම්…….”
“මේ බණ්ඩියට පුංචි පැටියෙක් ගේමු නේද?…….”
මගේ කුස අතගාමින් රාජේශ් එහෙම කිව්වා.
“ඔයාමනෙ කිව්වෙ මහත්තයො අපි ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදා ගත්තට පස්සෙ දරු පැටියෙක් ගැන හිතමු කියලා……..”
“එතකල් ඉන්න බෑ බං.මේ තියන සල්ලි වලින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න පුලුවන්.ගොඩාක් ඕන්නෑ කෙල්ලො දෙන්නයි කොල්ලො තුන් දෙනයි හිටියම ඇති……..”
“අනෙ අම්මෝ රාජේශ් එච්චර වැඩි නැද්ද?……..”
“කොච්චර දරුවො හිටියත් වැඩි නෑ මැණික…….”
“ඔයා නම් කියයි ඉතිං…….”
“ඇයි බැරිද?……..”
“පුලුවන් ඉතිං.කවුද බෑ කිව්වෙ?……..”
❤️❤
රාජේශ්ගෙයි මගෙයි බලාපොරොත්තුව ඉශ්ට කරමින් අපේ පව්ලට පුංචි පැටියෙක් එන ලකුණු පහල වුනා.ඒක දැන ගත්තු දවසෙ ඉදන් අපි දෙන්නා හිටියේ ගොඩාක් සන්තෝශෙන්.දැන් අපි ජීවත් වෙන්නේ අපේ අලුත් ගෙදර.වෙනදා වගේ සුපුරුදු පරිදි හැම සෙනසුරාදා ඉරිදාවකම මං ගෙදරදීම පොඩි අයට ක්ලාස් කරනවා.රාජේශ් වැඩට ගිහින් එනකොට හැමදාම වගේ මට කන්න මොනවහරි අරන් එනවා.තාම මාස තුනයි හින්දා සමහර දේවල් කන්න බෑ අප්පිරියයි.
“සහන්‍යා තාම අමාරුයිද?ගොඩාක් වමනෙ යනවද?…….”
මගේ පිට අතගාමින් මාව ඒ ඇගට වාරුකරගෙන රාජේශ් මාව කාමරේට එක්කන් ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා.
“කොන්ද රිදෙනවා රාජේශ්.ඇගට පණ නෑ වගේ.අප්පිරියයි…….”🤕
“ගොඩක් රිදෙනවද කොන්ද.අපි හොස්පිටල් එකට යමු……”
“අනේ ඕන්නෑ රාජේශ්.ටිකක් වෙලා යනකොට මේක අඩු වෙයි…….”
රාජේශ් මගෙ කොන්දෙ බාම් ගානකොට කවුරු හරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.බාම් ගාලා ඉවර වෙලා මායි රාජේශුයි දෙන්නම ගියා කව්ද ආවෙ කියලා බලන්න.දෙයියනේ😱⚡⚡ රාජේශ්ගෙ අම්මයි තාත්තයි.මට හොදටම බය හිතුණා ඒ දෙන්නව දකිද්දී. මං දැක්කා රාජේශ්ගෙ අම්මා මගෙ කුස දිහා හොදට හොදට බලනවා.අනේ දෙයියනේ මේ දෙන්නා ආවෙ රාජේශ්ව මගෙන් උදුර ගන්නද?😭😭මං ගිහින් රාජේශ්ගෙ අම්මගෙ දෙපා මුල වැද වැටුනා.
“අනේ පින් සිද්ද වෙයි නෝනා රාජේශ්ව මගෙන් උදුර ගන්න එපා.අපි දෙන්නට සමාව දෙන්න.අනේ මගෙ දරුවට එයාගෙ තාත්තව අහිමි කරන්න එපා…….”😭🙏
අඩ අඩා මං එහෙම කියද්දී මාධවී නෝනා මාව නැගිට්ටෙව්වා.මගෙ ඇස් වල කදුලු එයාගෙ අත් දෙකෙන්ම පිස දැම්මා.
“අපිට සමාවෙන්න දුවේ.ඔයාලා දෙන්නම අපිට සමාව දෙන්න…….”
දෙයියනේ මාධවී නෝනා මොනවද මේ කියන්නේ?ඒ කියන්නේ එයාලා අපි දෙන්නට සමාව දුන්නද?මට අදහගන්න බැරි වුනා.
“පුතා ඔයාලා දෙන්නා ආපහු ගෙදර එන්න.අපි කවදාවත් ඔයාලා එක්ක තරහ නෑ.දරුවො කරන වැරදි වලට හැමදාම දරුවොත් එක්ක තරහ වෙලා දෙමව්පියන්ට ඉන්න බෑ.වෙච්චි දේවල් ඔක්කොම අමතක කරලා දාන්න…….”
“අම්මයි තාත්තයි දෙන්නම අපිට සමාවෙන්න.ඒත් අපිට දැන්මම එන්න අමාරුයි.ලබන සතියෙ අපි ගෙදර එන්නම්…….”
❤️❤️❤️
මතු සම්බන්දයි