කෙටි කතාව

මේ කතාවට ආදර කතා වලට වැටෙන like වැටෙන එකක් නෑ..

මේ කතාවෙන් රණවිරුවන් හට උපහාරයක්ම වේවා!!!
මගේ එකම පැතුම…..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මචං.. මේක කාපන්..

උබලා කෑවද..

මේ තියෙන්නෙ බං..

කෑම කන්න හිත නොදුන්නත් දීපු පාර්සලය දිගඇර ගත්තේ කටක් හරි බඩට දාගන්න.

මම අසංක.. අසංක දේශප්‍රිය.. අම්මා මට ඒ නම දැම්මේ ඇයි කියලා නම් මං දන්නේ නෑ.. ඒත් මං හමුදාවට බැදෙනවට අම්මා තරම් සතුටු වුන කෙනෙක් තවත් නෑ..

මාස ගානක් මේ කැලේ ඇතුලේ.. මාස ගානකින් ගමේ ගියේ නෑ.. අම්මා වගේම නිසංසලාත් ඉන්නේ බයෙන් කියලා හිතට දැනෙද්දි හිත පිච්චෙනවා වගේ දැනෙන්නේ..

නිසංසලා කියන්නේ මගේ විවාහක බිරිද.. මාස 7ක ගැබිනියක් කියලා දැනගත්තත් ඒ කුසට අත තියලා බලන්නවත් මට වරමක් නෑ..

ලොකු කල්පනාවක හිටපු මම පියවි සිහියට ආවේ රණසිංහගේ හඩට.

මචං… මොනාද බං කල්පනා කරන්නේ..

ගෙදර මතක් උනා බං..

අපිටත් එහෙම තමා බං.. ලමයි මතක්වෙද්දි ගෙදර දුවන්න හිතෙන වාර අනන්තයි.. ඒත් අපිට ගෙදර යන්න පුලුවන් වෙයිද කියන එක අපිට කියන්න බෑනේ බං.. ඒ වෙලාවට මේ හිතට දැනෙන හැගීම කියාගන්න වචන නෑ බං..

මැරෙන්න බය නෑ බං.. රට ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න මේ හිතේ හයිය තියනවා.. මේ ප#### නැති කරලා මැරුනත් දුක නෑ බං.. අපෙ ලමයි හරි නිදහසේ ජීවත් වෙයි ඉතකොට..

රණසිංහ යන්න ගියේ තුවාල වුනු කොල්ලෝ ටික ඉන්න තැනට.. මාත් ඒ දිහා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැති විදිහට..

කොල්ලෝ තුවාලවෙලා උස්සගෙන එන්නෙත් අපිම තමා.. එකට හිටපු සහෝදරයන්ට වෙඩි වදිනවා මේ ඇස් දෙකට දැකලා තියනවා.. හුස්ම ඇදලා ඇදලා ජීවිතේ අත් අරින ඒ අයට මට වගේ අත් අරින්න බැරි අය ඉන්නවා නේද කියලා හිතෙද්දි මේ හිත පිච්චිලා යන්නෙ කියාගන්න බැරි තරම් වේදනාවක් හිත ඇතුලේ කැකෑරෙද්දි. කකුල් නැතිව අත් නැතිව ආබාධිත වෙද්දි අපිට දෙනෙන හැගීම් කියාගන්න අපිට කවුද ලගින් ඉන්නේ.. අපේම කෙනෙක්ට වෙඩි වදිද්දි දැනෙන දුක වගේම වෛරය වචන වලින් එලියට දාන්න බෑ.. ඒ වෙලාවට උන්ව මරාගෙන මැරෙන්න හිතුනත් හිත පාලනය කරගන්නේ උබලා ඔක්කවම මරලා මේ රට නිදහස් රටක් කරනවා කියන අදිශ්ඨානය ඇතුවයි..

අද අපි මෙතනට වෙලා ඉදගෙන ඉන්නෙත් ත්‍රස්තවාදීන් පන්නලා අපි මේ ප්‍රදේශයෙත් අපේ ජාතික කොඩිය 🇱🇰 ලෙලදෙද්දි.. අපි කරනවා.. මේ රටේම මේ කොඩිය අපි ලෙලදෙන්න සලස්වනවා.. ඒකයි අපේ එකම අදිශ්ඨානය..

වතුර තිබහා ආව නිසා බෝතලෙ අරන් වතුර උගුරක් අරන් කටතෙමා ගත්තේ වතුර උගුරකට වඩා බොන්න තරම අපි වතුරින් පොහොසත් නැති නිසා.

මගේ හිත ගමට දුවගෙන ගියේ ඇස් දෙක වතුර බෝතලෙ රැදෙද්දි..

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

අසංක… එන්නකෝ අනේ නාගන්න.. ඉදලා ඉදලා ගෙදර ආවමවත් ඔයාට බෑනේ ඔයාගේ බිරිඳ එක්ක වැවට යන්න..

නිසංසලා කිව්වේ තුවය දිය රෙද්ද හෝදන්න තියන ඇදුම් බාල්දිය වගේම සබන් කෑල්ලත් ලෑස්ති කරන ගමන්.

යමු ඉතින් මං බෑ කිව්වාද.. පොඩි දේටත් මූණ එල්ලගන්නේ නැතිව ඉන්න බැරිද සුදු නෝනා ඔයාට..

මං කිව්වේ ඉදන් හිටපු බංකුවෙන් නැගිටලා බාටා කෑලි දෙක දාගන්න ගමන්.

වැවට යනකල්ම නිසංසලා පොඩි ලමයෙක් වගේ මගේ අතේ එල්ලිලා.. ඒ හුරතල් කතාව ඒ ලස්සන හිනාව මගේ සුදු නෝනාගේ මූණට ගෙනාවේ අහිංසක ලස්සනක්..

මං දන්නවා වෙන අයට වගේ හැමදාම මා ගාව හුරතල් වෙන්න බැරි නිසා මං ගෙදර ආවම නිසංසලා මගේ ලගම ඉන්න උත්සහා කරන්නේ ඒ නොලැබෙන ආදරේට තියන ලෝබකමට.

වැවට ගිහින් රෙදි හෝදලා ඉවර වෙනකල් මං වැව ගාව තියන ගහේ වැවට බර වුනු අත්තක් උඩ ඉදගෙන බලාගෙන හිටියේ ඒ රුව දිහා.

ඔයා පවු සුදු නෝනා.. ඔයාගේ හිතේ මේ සතුට වගේම මං නැති දවසට දුක වගේම මං ගැන තරහකුත් එනවා ඇති..

මං කල්පනාවෙන් මිදිනේ මගේ සුදු නෝනාගේ දගකාර වතුර ප්‍රහාරයට..

රෙදි හෝදලා ඉවර වෙලා වැවට නිසංසලා බැහැලා හිටපු නිසා මාත් දෙපාරක නොහිතා වතුරට පැන්නේ පොඩිකාලෙ ඉදන්ම මේ අත්තේ ඉදන් වැවට පැනලා තියන නිසා..

නිසංසලා එක්කම වැවේ නාලා අපි දෙන්නා ගෙදර ආවේ කඩෙන් උයන්න ඕනා බඩුටිකත් අරං.

නිසංසලා තේ හදන වෙලාවේ මාත් කුස්සිය පැත්තට ගියේ අම්මාත් දර අහුලන්න ගිහින් තිබුනු නිසා. ලස්සන මල් ගවුමක් ඇදලා කොන්ඩේ කඩාදාලා තේ හදන මගේ සුදු නෝනාව මං පිටිපස්සෙන් ගිහින් තුරුල් කරගත්තේ නිසංසලා හිතන්නේත් නැති විදිහට.

මට දැනුනු ඒ උණුසුම වගේම මගේ උණුසුම එයාට දැනෙද්දි නිසංසලා පොඩි ලමයෙක් වගේ හැරිලා මගේ පපුවට තුරුලු උනේ මං වගේම ඒ උණුසුමට ලෝබකම් කරද්දි. ආදරනීය හෝරාවක් ගත වුනේ මමත් නොහිතපු විදිහට..

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
අඩුම තරමේ මං තාත්තා කෙනෙක් කියන සුබ ආරංචියවත් මට ඒ කටින් අහගන්න බැරි වුනා. මගේ දරුවා දකින්නවත් මට වරම් ලැබෙයිද කියලා මං දන්නේ නෑ. දරුවා හම්බුන ගමන් තාත්තෙක් දරුවෙක් අතට ගන්නේ කොයි තරම් ආසාවෙන්ද.. මොන තරම් හීන මවන්ද.. ඒත් මං දකින හීන මං හිතන දේවල් කවුද කියන්නේ.. මං මේ පපුවට තුරුල් කරන් ඉන්න ගිනිඅවියට කතා කරන්න පුලුවන් නම්… මං මේ හිතන දේවල් අකුරක් නෑර කියාවි..

හ්ම්…. ජිවිතේ කියන්නේ අන්න ඕකටයි.. මං තුවක්කුව අරගෙන නැගිට්ටේ කිසිම හැගීමක් නැති ගානට..

දින දෙකක් ගතවුනා.. අපි හිටියේ වෙඩි වරුසාවක.. අපේම සිංහල ලේ ත්‍රස්තවාදීන් හොලවද්දි, ඒ ලෙයින් මේ භූමිය තෙත් වෙද්දි අපි ටිකෙන් ටික ඉස්සරහට ගියේ උන්ගේ විනාශය ලං කරන්න..

ඒත් එක්කම මගේ ඉලක්කයට හත්අට දෙනෙක් බිම වැටෙද්දි. මමත් නොහිතූ විදිහට මගේ පපුව පසාරුකරගෙන උන්ඩයක් ගියා.

මං බිම වැටෙද්දි රණසිංහ මං ගාවට අඩියට දෙකට ආවේ වේගයෙන්..

මචං අමාරුද.. හිටපං.. බයවෙන්න එපා.. උබට මුකුත් වෙන්නේ නෑ..

රණසිංහ මාව ඒ ගතට අරන් කිවේ ඇස් කදුලින් බොද වෙද්දි.

මං ගැන.. ග්.. හිතන්න එපා.. රටගැන… හිතපං.. යමන්.. මං මේ විදිහට.. ග්.. වැටුනු පලවෙනියා නෙවෙනේ..

රණසිංහ මගේ කීම අහලා නොයා හිටියත් එයාට යන්න වුනේ ඒ වාතාවරණය එක්ක..

මං බිම වැටිලා හිතුවේ මගේ පවුල ගැන.. මගේ අම්මා.. නිසංසලා වගේම මගේ නූපන් දරුපැටියා..

මට සමාවෙන්න රත්තරනේ.. මං හිතලා කිසිම දෙයක් කරේ නෑ.. මං දන්නවා ඔයාලා දුක්වෙන විදිහ.. ඒත් මට කරන්න දෙයක් නෑ.. මගේ සුදු නෝනා මගේ පුතාව පරිස්සමින් හදාවි මං ඒක ඉර හද වගේ දන්නවා..

මට සමාවෙන්න.. පුතේ උබ මට වෛර කරයි.. මේ තාත්තා රටට ආදරේ කරේ උබට නෙවෙයි කියලා.. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා උබට කියාගන්න මට ලැබෙන්නේ නෑ..

මං හිතුවේ එච්චරයි.. මගේ ඇගම සැහැල්ලු වෙද්දි මං ඉබේම ගමට ගියේ.. හැමදාම ඉදගන්න බංකුව ගාවට යද්දි මගේ සුදු නෝනා අඹ ගෙඩියක් තියාගෙන බඩත් අතගගා කකා හිටියේ ආසාවෙන්.. මං ඒ දිහා බලන් හිටියත් එයාට මාව පෙනුනේ නෑ.. මං ඒ බඩට අත තිබ්බත් නිසංසලා ඒ බව දන්නේත් නෑ..

දවස් කිහිපයකට පස්සේ මගේ මිනිය ගේ ඇතුලට ගේනවා මං බලාගෙන.. අම්මා වගේම නිසංසලා ඉමක් නැතිව අඩද්දි මං මොකක්ද කරන්න ඕනා කියලා මට වැටහීමක් තිබුනේ නෑ.. මං ඔහේ ඒ දිහා බලන් හිටියා.. දුක හිතුනත් මගේ ඇස් වලින් කදුලු වැටුනේ නෑ..

මාව වලලනවා වගේම… නිසංසලා මගේ පුතාව මේ ලෝකෙට බිහි කරනවත් මං බලාගෙන..

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

දැන් මගේ පුතාට අවුරුදු 4ක්.. එයා පෙරපාසලට යන්නේ මගේ ෆොටෝ එකට වැදලා.. මං බලන් හිටියත් ඒ බව එයාලා දන්නේ නෑ.. මගේ මේ හැගීම එයාලට තේරෙන්නේ නෑ.. මං හෙමින් ජනේලේ අත් ඇරලා බංකුවෙන් ඉදගත්තේ ඈත අහස දිහා බලාගෙන..

මම අසංක