බබා මන් පාර්ටි එකට යනවා හොදේ………

හ්ම්ම් හා පන…පරිස්සමෙන් …ලස්සනට යන්න..හැබැයි කෙල්ලො පස්සෙ යන්න එපා හාද………………………………
ඇය සවිදි…..ඔහු ජනක…..ඔවුන්ගේ ආදරයට යන්තම් වසරක් ගත් වුනිද සවිදි ජනකට ආත්ම ගානකට ආදරේ කරා….ජනක කියන්නෙ සවිදිගෙ පන……………

ජනකත් කෙල්ලට පන ඇරලා ආදරේ …ඒත් ටිකක් සෙල්ලක්කාරයි…කෙල්ලො පස්සෙ යන,නිතරම කෙල්ලෙක් දිහාවට ඇහැ දාගෙන ඉන්න කෙනෙක්…..ඉතිං සවිදිත් දන්නවා ජනකගෙ හැටි…ඒත් ජනක කෙල්ලට බොරුවක් කරන්න හිතුවෙ නෑ….

අනේ නෑ මැණික…මන් බලන්නෙ නෑ…………
ජනක කෙල්ලට කියන්නෙ ආදරේ පුරෝගෙන ..

හ්ම්ම් හා අයියේ ඒනම් ගිහින් වෙලාවක් තිබ්බොත් මට ගන්න..බලන් ඉන්නවා මම්…

හරි මගෙ පිස්සි…පරිස්සමෙන් ඉන්න.මන් ගිහින් ගන්නම්………..

හ්ම්ම් පරිස්සමෙන් අයියේ ..බුදු සරනයි උම්ම්ම්මා…..

හරි පරිස්සමෙන් බුදු සරනයි උම්ම්ම්ම්ම්ම්ම්මා..

හෝරාවන් කිහිපයක් ගත වුනේ රාත්‍රි කෑම වේලාවද ලන් කරමිනි….

පන කමුද………….ජනක කෑමට කලින් සවිදිට පණිවිඩයක් දැම්මේ ඇය ඔහු කන තුරු කෑම කන්නෙ නැති නිසාය.

හරි අයියේ කමු….අයියේ ඔයා බොනවද අද…….

ජුන්ගක් ……………බොන්නද…………

මොනාද……………

බියර්……………….

හ්ම්ම්ම් හා මගෙ අයියේ …හුගක් නම් එපා හොදේ…………..

හා මගෙ මැට්ටි..හුගක් ගන්නෙ නෑ…………
ජනක යාලුවො එක්ක හරිබරි ගැහිලා බියර් වීදුරුවක් තොල ගාන්නට විය..ඔහුත් නොදැනුවත්ව ම එය පමන ඉක්මවා ගියේය…

ඒයි ඉදා ගනින් තව එකක්……….අයියෝ බන්..උබ ගහන්නෙ බියර් විතරද…………..
ඒ ජනකගෙ යාලුවෙක්……….ඔහු තවත් වීදුරුවක් ජනක වෙත ලන් කලේය..ජනකද එයද එක හුස්මට බී දැමුවේ සවිදිගෙ ඉල්ලීම පසෙකලාය…………………….

ඒයි බලහන් ජනකයෝ…අර සෙක්සි කෑල්ල උබට ලයින් දානවා………………….
ඒ සහන්….ජනකගෙ තවත් යාලුවෙක්………

ජනක් නිකමට වගේ ඒ කෙල්ල දිහා හිමීට බැලුවේය…..අම්ම්ම්ම්ම්මෝහ්හ්හ්හ්හ්හ්…
ජනකව රත් වෙලා ගියේ ඒ කෙල්ලගෙ රූ සපුව දැකය…………..ජනක හිමීට ඒ කෙල්ල වෙතට ගියේ ආතල් එකට වගේ…..ඇයත් ජනක ව මද සිනාවක් පා පිලිගත්තේ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බව අගවමිනි……

ඇය ශශී…සිහින් සිරුරක්,ලස්සන මුහුණක්,දිලිසෙන රූ සපුවක්,ස්ට්‍රේට් කරලා කඩලා දාපු වරලසක් හිමි ඇය බැංකුවක සේවය කරන්නියක් විය..එම රාත්‍රියේ ඔවුන්ගේ කතාබහ අවසන් වූයේ ජනක ඇයව ඔහුගේ ෆේස්බුක් එකටද ඇඩ් කරගනිමිනි………….

පන ඔයා කාලා ඉවරද………මන් කෑවා…අයියා පාටි එකේ සතුටෙන් ඉදලා එද්දි මට කතා කරන්න…මන් චුට්ටක් නිදාගන්නවා..බුදු සරනයි උම්ම්ම්ම්ම්මා……………………..

සවිදි ජනකට නිදහසේ ඉන්න දිය යුතු නිසා ඉක්මනින් නින්දට යන්නට සැරසුනේය….

ගුඩ් මෝර්නින් මගෙ අයියේ ………….
ජනකගෙන් කෙල්ලට මෙසේජ් එකක් තා වනතුරු නැත…උදේ පාන්දරම හිත රිදෝගෙන කෙල්ල වැඩට යන්න සූදානම් වුනේය…

ගුඩ් මෝර්නින් බබා……….
සවිදු ඇහැරුන විගස සවිදිට පණිවිඩයක් තැබුවේය…………..

ගුඩ් මෝර්නින් ජනක…….
ඔහුට තවත් පණිවිඩයක් ඇවිත් තිබුනේ ශශීගෙනි…….ඔහු ඇය හා සංවාදයක යෙදෙන්නට විය…ඒ අතරම සවිදිට ද මෙසේජ් කලේ ඔහුගේ දුරකතනයේ ඩේටා මදිබව පවසමිනි…..සවිදි ජනකගෙ කීම අවිශ්වාස කලේ නැත…………

කාලයක් ගතවුනි…ජනක සවිදිගෙන් මාසයක් වැනි පොඩි කාලයක් තුල බොහෝ දුරට ගොස්‍ ය..කෙල්ල මේ ටිකේම උන්නේ ඇඩූ කදුලෙනි..වෙනදා දවසට කීපසැරයක් කතා කල ඔහු දැන් නිතරෝම කාර්‍යබහුල ය…සවිදි හමුවන කාලය පවා අඩු විය….ඇය වෙනුවෙන් පමනක් කාර්‍යබහුල වූ දුරකථනය අද ගන්නා හැම වේලාවකම කාර්‍යබහුල ය…මේ සියල්ල සවිදි විදදරාගත්තේ මහත් දුකකිනි….

ජනක ශශී සමග කතාවට ආසා කලාය..ඇයගේ හා සවිදිගෙ අසමානකම් ඔහු සන්සන්දනය කරන්නට පටන්ගෙන තිබුනි.ඇත්තෙන්ම සවිදිට වඩා ශශී හැම අතකින්ම ලස්සනය…හුරතල් ය.නමුත් ජනක සවිදිව ඇතැහැරියේද නැත..ඔහු ශශී සමග ඇත්තේ මිතුරුකමක් පමනකි යැයි ඔහුගේම හිතට කා වද්දනන්නට වෙහෙස වුනේය.

අයියේ ඔයා බිසීද…………
සවිදි ජනකට ඇමතුමක් ගත්තේය……..

ඔව් බබා අද හොදටම වැඩ…ඇයි………..

නෑ මට කොටුවට යන්න ඕනි.පොඩි වැඩකට…

අද නම් බෑ බබා…අපි හෙට යමුද……….

හ්ම්ම් හා අයියේ ……………..හෙට යමු………..

හරි පරිස්සමෙන් බුදු සරනයි …….උම්ම්ම්ම්ම්මා.

බුදු සරනයි උම්ම්ම්මා…………
ජනක සවිදිට කීවෙ බොරුවකි.අද ඔහු ශශී මුනගැසීමට හවස යොදාගෙන තිබුනි.ඒ නිසාම ඔහු සවිදිට බොරු කීවේය………

සවී මන් කොටුවට යනවා.උබත් යනවා කීවනෙ.වරෙන් යන්න ……………..ඒ නිශා කෙල්ලගෙ හොදම යෙහෙලිය…….කෙල්ලට සතුටුය..දැන් අයියට කරදර කරන්න ඕනි නෑ..කෙල්ල ඉක්මනින් ලැහැස්ති වී ජනකට පණිවිඩයක් දැමූවද එයට ප්‍රමානවත් තරම් මුදල් දුරකථනයේ නොවිනි.

කමක් නෑ ගිහින්ම කාඩ් එකක් දාගෙන අයියට ගන්නවා…කෙල්ල එහෙම හිතාගෙනම යෙහෙලිය සමගින් පිටත් වුනාය…සවිදි ජනකට ප්‍රෙසන්ට් එකක් බැලීමට ගියේ ලග එන ඔහුගේ උපන් දිනය හේතුවෙනි..

කෙල්ලයි කෙල්ලගෙ යාලුවයී ශොප් එකට ඇතුලු වී විවිදාකාර දේවල් සොයන්නට විය..අවසන සවිදි ජනකට ලස්සන මෙරුන් කලර් ශර්ට් එකක්,කලු දිග කලිසමක්,බෙල්ට් එකක්,සපත්තු දෙකක්,යට ඇදුම් තුන හතරකුත් ගෙන එය පාර්සල් කරන්නට වූයේය…….තවද ඇය ඔහුට රිදී බ්‍රේස්ලට් එකක් මිලදී ගත්තේ ඔහුගේ අතේ පැලදීමටය……………..

කෙල්ලේ අයියා එනවා කීවා..උබට පුළුවන් නේද මෙතනින් ත්‍රීවීලර් එකක් අරන් යන්න …

අහ්හ් උබ පලයන් ..මන් යන්නම්…….


මිතුරියන් දෙදෙනා වෙන් විය..සවිදි ත්‍රීවීලරයක් නවතාගෙන එයට ගොඩවූයේ නැවත හොස්ටල් එකට ඒමටය…………ටික දුරක් පැමිනි වාහනය නැවතුනේ ගෝල්ෆේස් ඉදිරියේ ඇති කලර් ලයිට් එක පත්තු වුනු නිසාය…සවිදි එක් වරම හුරු පුරුදු මුහුනක් දුටුවේය………දෙවියනේ අයියා….


සවිදිගෙ හුස්ම හිර වුනාය.ඇය මෙතක් කල් එල්ලීගෙන සිටි බාහිවේ අද වෙනත් තරුණියක් එල්ලී සිටී…….ආදරයෙන් තම හිස පිරිමැදු ඒ දෑත වෙනත් කෙනෙකුගේ බදවටා ගොසිනි…සවිදිට මේ වෙන කිසිවක් තේරුම් කරගත නොහැකි විය….

අයියේ ඔයි ඉස්සරහින් නවත්තන්න ……….
සවිදි ඉක්මනින් රියදුරුට මුදල් ලබා දී ජනක පසුපස වැටෙන්නට විය…ජනක සවිදි දුටුවේ නැත…ඔවුන් දෙදෙනාම අයිනකට වූ ගල් බැම්මක් උඩවාඩි වූයේ එකිනෙකාට තුරුල් වෙමිනි…..

සවිදි ඒ හා සමානම තිබූ ගල් පඩිය මත වාඩි වූයේ මුලු ලෝකයම අහිමි වූවෙකු සේය….මීට කලකට ඉහත ඒ උනුහුම් පපුව මත උන් ආකාරය සිහිවී කෙල්ලට වාවගන්න බැරිව ගියාය…ජීවිතේ මේ තරම් ආදරය කල විශ්වාස කල ඔහු අද වෙන කෙල්ලෙකුගෙ පහස ලබනවා දැකීමට කල පවක වේදනාව,තමාට ලබාදුන් පොරොන්දු සියල්ල ඔහු සවිදිගෙ ඉදිරියේ ම අද කඩා දැමුවේය……….

.සවිදි පුරා හෝරාවක් පමන ඉකි ගගගා අඩන්නට විය.මේ කිසිවක් නොදන්න ජනක උන්නේ ශශීගෙ රස්නෙට කා වැදිලාය…ඔහු අසහියෙන් ඇය සිපගන්නා අයුරු සවිදි බලා උන්නේ කම්පාවෙනි…….අවසානයේ සවිදි කදුලු පිස ගත්තාය…ඇය නැගිට ජනක ඉන්නා දිහාවට හිමින් හිමින් පා තැබුවේ කදුලු පාලනය කරගනිමිනි….සවිදි ඔවුන් වෙතට ලන් වෙනවාවත් ඔවුන්ට නොදැනුනි..ඒ තරමට ඔවුන වල්මත් වී සිටියේය…අවසානයේ ශශී තමන් ඉදිරියේ සිටගෙන ඉන්නා චායාව දැක ගැස්සුනේ ජනක මෙලොව සිහියට ගෙනය….ජනක සැනින් ඒ චායාව අදුරේ වුවද හදුනා ගත්තේය………..

සවිදි……………………………
ජනකට උන්හිටි තැන් අමතක වුනේ තමන් කල වරද තේරුම් යනවාත් සමගය…….ඔහු ශශී අතහැර ඉක්මනින් බංකුවෙන් නැගිට ගත්තේය..ඔහුගේ බොත්තම් පවා ගැලවී ගොසිනි..ඔහු බොහොම අපහසුතාවයෙන් එය නැවත සකස් කර ගත්තේය………

අයියේ ……………….කෙල්ලගෙ කටහඩ බිදී ගොසිනි…ඇයගේ රතු වුනු ඇස් ඉදිමුනු මුහුණ ඇයගේ වේදනාව ඔහුට හොදින් තේරුම් කර දුන්නේය ..

කව්ද මේ……………………
ශශීට කුතුහලයකි…

අහ්හ්…………මේහ්හ්හ්හ්හ්……………ජනකට ගොත ගැසුනේ ඇත්ත කීමටවත් බොරු කීමටවත් නොහැකි නිසාවෙනි….

අහ්හ්හ් මන් මේ අයියගෙ යාලුවෙක්…මේ පැත්තට යද්දි දෙන්නා දැක්කෙ…..සවිදි කියු කතාවෙන් ජනක උඩ ගොස් වැටුනි.දෙවියනේ මේ කෙල්ලට මේ තරම් හයියක් තියෙනවද…මේ තරම් ඉවසීමක්………………..මන් මේ මොනවද දෙවියනේ කලේ….මේ අහිංසකී මැරෙයි……ජනකගෙ හිත කෑමොර දෙන්නට පටන් ගත්තේය….

අන්නේ සොරි ඔයාලට ඩිස්ටර්බ් උනානම්..ඒත් මන් අයියට කිව්වා අපෙ ට්‍රිප් එකේ පොටෝ ටික දාලා දෙන්න කියලා ..කෝ මෙයාට වෙලාවක් ඈ.නිතරෝම බිසී…………………………….


සවිදි කදුලු හංගාගෙන හිනාවිය…ජනක නිරුත්තර විය….ඔහු එක එල්ලේම සවිදි දෙස බලා උන්නේ මේ කෙල්ලම ද කියා සිතාගැනීමට නොහැකිවය….

අයියේ දෙන්නකෝ පෝන් එක..මන් අර අතන ඉන්නෙ අපෙ යාලුවො එක්ක…මන් ඒ ටික දාගෙන ඔයාට දෙන්නම්………………………………….

මගෙ අයියේ මගෙ පන කියාගෙන ඉදිය මේ කෙල්ල මෙහෙම හැසිරෙන එක ගැන ජනක හිටියෙ බොහොම බයකින්..ඒ නිසාම ඔහු ඇය ගැන අවදානයෙන් උන්නෙ..ජනක ඔහුගේ දුරකථනය සවිදිට ලබා දුන්නේය…එය ලද සැනින් කෙල්ල ආපිට හැරුනේ කදුලු වැල් ඔහේ ගලාගෙන යෑමට ඉඩදීමෙනි..

සවිදි එක එල්ලේම ගොස් ඉදගත්තේ ජනක හා ඇය පෙමින් බැදුනු ඒ පඩිය උඩය..සවිදිට සිදුවු සියල්ල තවමත් අදහාගත නොහැකි විය…..

අනේ ඇයි මගෙ පන…………..මාව දාල යන්න මන් කරපු වරද මොකද්ද…..මං කොහොමද ඔයා නැතිව ඉන්නෙ..ඇයි මගෙ අයියේ මට මෙහෙම කලේ………කෙල්ල ඉකි ගගහා අඩන්නට විය..ඒ අතරෙම ජනකගෙ දුරකථනය තුල තිබු ඔවුන්ගේ සියලූම මතකයන් එයින් මකා දැමුවේ ඔහුගේ අලුත් ජීවිතයට තමා බාදාවක් විය යුතු නැති නිසාවෙනි ………………………

ජනක උන්නේ කරකියාගත දෙයක් නොමැති වය..සියල්ල අවසන් වී තිබිනි..ඔහුගෙන් වූ වරදට සමාව ගැනීමටවත් අවස්තාවක් නොවිනි ..හිමින් හිමින් තමන් ඉදිරියට එන සවිදිගෙ හෙවනැල්ල පවා ජනකට දරාගත නොහැකිවිය..ඔහුට ඇයගේ ආදරය,ඒ අහිංසක හිනාව,ඒ හීන බලාපොරොත්තු ,පොරොන්දු සියල්ල මතක් විය..නමුත් ඒ සියල්ල දැන් විනාස වී හමාරය..

අයියේ මෙන්න පෝන් එක..මන් පොටෝ ටික ගත්තා….පරිස්සමෙන් ඉන්න..මන් යනවා එහෙනම්..බුදු සරනයි ඔයාලට………………..සවිදි ආපසු එන්නට හැරුනි….සවිදි ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මිලදී ගත් සියල්ල අසල වූ හිගන්නෙකුට දෙන අයුරු ජනක බලන් උන්නෙ පිච්චෙන හදවතින්….

කෙල්ල ආපසු නොබලාම යන්න ගියේ ජනකට සදාකාලික දඩුවමක් ලබා දෙමිනි…..ඔහු තම දුරකථනය පරීක්ෂා කල බැලූ විට ඇයගෙ නමින් ඉතිරි කොට තිබුනේ එක් පණිවිඩයක් පමණි……………..ඒ ඔහු හා ආදරයෙන් බැදී එවූ පලමු පෙම් පණිවිඩයයි….

මගෙ පන…මන් ඔයාට හුගක් ආදරේ …ඒත් කවදාහරි මේ කෙල්ලව මදි කියලා හරි ගැලපෙන්නෙ නෑ කියලා හරි එක තප්පරයකටවත් හිතුනොත් මට කියන්න .ඒ වගෙම මන් ඉන්න ඔයි පපුවට කවුරුම හරි විනාඩියකට හරි නැවතුනොත් ඔයත් එයාට කැමති නම් මට කියන්න ..ඔයාගෙ කෙල්ල ඔයාගෙ සතුට නාමෙන් ඔයාගෙන් ඈත් වෙනවා..බුදු සරනයි උම්ම්ම්ම්ම්ම්මා………

එදා එක් පණිවිඩයක් පමනක් වූ මේ මතකය දිනෙක තම ජිව්තේ යතාර්ථය වේයැයි ජනක කිසිවිටෙකත් නොසිතන්නට ඇත..මහමෙරකට වඩා තමන්ට ආදරය කල,සියලු බැදීමකටම පලමුව තමාට සැලකුව ඒ අහිංසක ආදරේ අද ඔහු හා ඔහුගේ ආදරය නාමයෙන් ඈතට යන්න ගියාය….

ජනක එහෙමම බංකුවට බර වූයේ තමා මේ ලොව ඇති වටිනම වස්තුව අහිමි කරගත් පරාජිතයෙකු ලෙසිනි.කාලය ගෙවී ගියේ ජනකට සවිදිගෙ අඩුව හොදටම දන්වමිනි..කෙල්ල රස්සාවෙන් පවා අයින් වී ඇත..ජනක ගෙදරට ගිය නමුත් ඇය එහිද වූයෙ නැත..

ආතල් එකට ශශී හම්බුවෙන්න ආවට ඔහුගෙ හිතෙ ඇය ගැන ආදරයක් වූයේ නැත..සවිදිගෙ නිහඩකම,කදුලු හන්ගගෙන හිනාවුනු ඒ ඇස්,වේදනාවෙන් වුවත් තමාගෙන් වූ වරදට ඇය කිසිවක් නොකීව එක,ඇය තමාගේ යෙහෙලියක් බව පැවසීම මේ සියල්ල ජනකට දරාගන්න නොහැකි විය….කදුලු කෑ ගසා ඒ අහිංසක පපුවට දුන්නු ගින්දර ජනකගෙ පපුවෙ ඇවිලෙද්දි සවිදි ජනක සහ ඔහුගේ මතකයන් සියල්ල හදවතේ දරාගෙන ඔහුගේ ජීවිතයට අවංකවම සුබ පැතීය…..

අයියේ මන් අද රට යනවා…ආයෙ මේ කෙල්ල ඔයාට වදයක් වෙන්නෙ නෑ…ඉතිං දෙයක් අහන්නම්ද කවදාවත් මේ කෙල්ලගෙ ආදරේ දැනුනෙ නැද්ද….කියන්න මට කොහොමද ඔයා එහෙම වෙන කෙල්ලෙක් එක්ක හිටියෙ..ඔයාට පන වගෙ ආදරේ කරපු මේ හිගන්නිව මතක් උනේ නැද්ද පන…..කමක් නෑ…ඔයා සතුටෙන් ඉන්න අයියේ ..මන් තරහා නෑ….හැබැයි කවදාවත් ඒ කෙල්ලට බොරුවක් කරන්න එපා .ඒකෙ වේදනාව දරාගන්න හරි අමාරුයි අයියේ …………..ඔයාට බුදු සරනයි ……………

සවිදි එසේ පණිවිඩයක් ජනකට යැව්වෙ එයාපෝර්ට් එකේ ඉදගෙන පෝන් එක ඕෆ් කරන්න ඔන්න මෙන්න තියාගෙන …අවසානයේ ඇය සියලු දුක් කදුලු දරාගෙන මෙරටින් යන්න ගුවන් යානයට ගොඩ වුනේ නැවත වරක් ජනක හා ගෙවුනු මතකයන් පිරුනු මේ රටට සමුදීමට හිත හදාගෙනය………………………

ජනක සවිදිගෙ මෙසේජ් එක දුටු විගස නැවත ඇමතුම් කිහිපයක් ගත්තද එය අසාර්ථක විය..

අනේ මගෙ මැණිකෙ මට සමාවෙයන්…මාව දාලා යන්න එපා පන….වරදක් කලා..ඒත් මට උබ නැතිව බෑ බම්…..ජනක මහපොලොව බදාගෙන හඩන්නට වූයේ කෑ ගසමිනි…නමුත් ඒ කිසිවක් සවිදිගෙ සවනත ට මුහුවෙන්නේ නැත..ඇය ඔහුගෙන් වෙන් වී බොහෝ දුර ගොසිනි………

නිමි………………………………….

😍😍😍 මන් සදූ