මගෙ රත්තරනේ මගෙ වස්තුවේ……………
ඒ සමන්ති… ඩුබායි වල ගෘහසේවිකාවක් විදියට ඇය මීට අවුරුද්දකට කලින් මේ රටට සමු දුන්නෙ ඇගේ පවුලෙ බර කරට අරන්…

අම්මේ……………අනේ එන්නකෝ…………මට බෑ තාත්තා එක්ක ඉන්න………………….
ඒ සිගිති.අවුරුදු දහයක් වුනු පුංචි සිගිතිය හැඩකාර හුරතල් කෙලි පැංචෙක්…..

අනේ මගෙ මැනිකෙ………කෝ තාත්තා…………

දැන් නෑ…….කෙල්ල උත්තර දුන්නෙ අසතුටෙන් ..

කෝ මගෙ පුතේ දෙන්නකො නැන්දට…..ඇය මල්ලිකා..එදා ඉදන්ම සමන්තිගෙ හොදම යාලුවා.ඇය ද පෙලවහක් කරගත්තෙ නිමල් ගෙ මල්ලිව………..

ඔව් කියහන් බන්………………

කෝ බන් නිමල්…කොහෙ ගිහින් ද….

අනේ මන්දා බන්…ඕකා කට ගොන්නක් බීගෙන ඇවිත් හැමදාම කුනුහරුප පලනවා…පව් මේ අසරණී……………………

අනේ බන් මගෙ කෙල්ල….
සමන්ති හීල්ලුවේ දරු දුකට පපුව පුච්චගෙන..

හ්ම්ම් උබ බය නොවී ඉදහන් කො..මන් කෙල්ලව බලාගන්නම්……….

ඔව් උබට පින්….මගෙ හිගන්නිව බලාගනින්…..

දුරකථනය විසන්ධි වූවත් සමන්ති උන්නෙ බඩේ ගින්දරින්…මීට අවුරුදු ගානකට කලින් සමන්ති නිමල් එක්ක දීග ආවෙ ගෙදර ඇතෑරලා …නිමල් වඩු බාස් කෙනෙක්….ඉස්සර පොඩ්ඩක් ඉදලා හිටලා බොනවා කියපු මිනිහා හැමදාම ආවේ හම්බු කරන තුට්ටු දෙක කසිප්පු සිරාට දිය කරලා….කදුලු වලින් බඩ පුරවගත්ත සමන්ති ට සමහර දවස්වල හොද ගුටි පූජාවක් ද ලැබුනෙ නිමල්ගෙ ඕනෑ එපාකම් වලට සමන්තිගෙ විරුද්ධ කම හින්දා………………..

තෝ වේ## උබට දැන් ලැජ්ජයි මගෙත් එක්ක ඉන්න….කුනු ### දැනගනින් මන් නිමල්…තොපි කාටවත් මන් බය නෑ………………………..

අනේ මිනිහො කෑ නොගහා කෑවනම් බීවනම් නිදාගනින්කො මල වදේ…

මොකද්ද උබ උබ මට දැන් කියන්නෙ …තොගෙ රැස්පෙට් වලට මන් බය නෑ යකෝ…..

දෙවියනේ මන් කරපු කරුමෙක මහත…මන් ආවනෙ උබ වගේ මිනිහෙක් එක්ක…………

ඔව් ආවා.ඇයි තොට දැන් යන්න ඕනිද..### පරට්ටි…….

ඔව් යනවා තමයි මිනිහො මේ කෙල්ල නැත්නම්…

ඕව් පලයන් දැන් පලයන්…තොගෙ කට කඩනවා මන්….ඉදා………………ඉදා…….බැල්ලි ඉදා………උබව මන් මරනවා අද………………

අහ්හ්හ්…………..අම්ම්ම්මෝහ්……..එපා.එ..ප්ප්පා

ඩහ්හ්….ඩහ්හ්හ්…………..ඩහ්හ්………..
සමන්තිගෙ නෝනාහාමු දොර කඩන්න හදනවාය.
සමන්ති හනි හනිකට කදුලු ඇදි වස්ත්‍රයෙන්ම පිහගෙන දොර ඇරියා………………

සමන්ති අද මොකද මේකෙ ඇතුලෙ…සමන්ති වැඩකරපු ගෙදර නෝනාහාමු හරිම කාරුනික වූවද ඇයගේ සැමියා සෑම විටම මාන බැලුවෙ සමන්ති හා යහන් ගත වීමටය…….

අනේ නෑ නෝනා…..පොඩ්ඩක් ආවා…………සමන්ති මහත් බයාදු හඩකින් එසේ පවසා එතැනින් ගියෙ දැන් නෝනහාමුගෙ තේ වෙලාව නිසයි……………….

කාලය ගෙවුනි….නිවසට කීපවරක් කතා කල සමන්ති ට දැනගන්න ලැබුනෙ නිමල් තව ගෑනියෙක්ගෙ ගෙදර යනවා එනවා කියලා …දහදුක් මහන්සියෙන් හම්බු කරලා යවන සල්ලි ඒ මිනිහා කසිප්පු වලට ගෑනුන්ට වියදම් කරනවා කියලා සමන්තිට කිව්වෙ මල්ලිකා තරහෙන් පුපුරගෙන…..

පුංචි එකී ඉස්කෝලේ යන්නෙත් නැහැ කියලා කිව්වම සමන්ති උන්නෙ පුදුම වේදනාවකින්..පුංචි කෙල්ල ගෙදර දොරේ වැඩ එක්ක ඔට්ටු වෙන හැටි ඇහුවම සමන්ති හිටියෙ ඇඩූ කදුලින්………………

ඔහොම සති තුනක් හතරක් යද්දි හදිසියේ ම සමන්තිගෙ ලොකු නෝනා දවස් තුන හතරකට බිස්නස් වැඩ වගේකට පිට ගියා..ඒ මහ ලොකු බංගලාවේ හිටියෙ සමන්තියි නෝනාහාමුගෙ සැමියයි විතරයි …………………

මට තේ එකක් ගේන්න සමන්ති උඩට…………
ඒ හාමු මහත්තයා…සමන්ති තේ එක සාදාගෙන උඩට ගියෙ හිතකින් නොවුනත් ජීවිතේ ගොඩදාගන්න ආපු මේ ගමන නිසා ඇය ඉවසගෙන හාමු මගත්තයගෙ කාමරේ ට ගියා තේ එක දෙන්න…………..

අතනින් තියහන්…………
හාමු පෙන්නූ ස්ටූලය උඩින් තේ එක තබනවාත් සමගම ඇයව ඔහු පිටුපසින් පැමිණ බදාගන්නට වූයේ සමන්තිගෙ ලතෝනියත් සමගිනි…වයසින් ඉක්මවූවත් සමන්ති හැඩකාර ගැහැනියකි…හාමු බලා සිටි දවස එලබුනේ සමන්තිගෙ අසරණ කම බිල්ලට ගෙන පුරා හෝරාවල් තුනකට පමන කාලයක් හාමුගේ කාමුක වින්දනයට යට වෙමිනි.අවසන සමන්ති අවට තිබූ තමන්ගේ සියලු ඇදුම් ටික එකතු කරගෙන ලහි ලහියේ ඒවා බාගෙට ඇදගත්තෙ හාමුට හිතින් දෙස් දෙවුල් තබමිනි…..

හාමු තමන්ගෙ බිරිද නැති සෑම අවස්තාවකම සමන්ති සමග යහන් ගත වුනේ එම ගැහැනියගෙ ජීවිතය තවත් අගාදයකට තල්ලු කරමින්………දිනක් සමන්ති හිටි හැටියෙ අසනීප වුනාය..ඇයට හොදටෝම උන ගැනුනේ හාමු මහත්තයගෙ අඩත්තේට්ටම් වල අවසානයක් නැති වූ තැනය…………………..

සමන්තියො ඉක්මනට ලංකාවට වරෙන්….කරදරයක් ………………….

ගහෙන් වැට්ට මිනිහට ගොනා ඇන්නා සේ සමන්ති විදි දුක් වේදනා සමගින් ම ආයෙම මව් රටට ආවෙ සිදු වූ කිසිවක් නොදැනය…..

හරියටම අවුරුදු එකහාමාරකට විතර පසු තමන්ගේ ගමට එන සමන්ති පුළුවන් ඉක්මනින් ආවෙ සිද්ද වුනේ මොකද්ද දැන ගැනීමටය….

ගෙදරට යන පාරෙ සුදුකොඩි…සමන්තිගෙ හිතට දැනුනේ අව්නිශ්චිත බයක්….දෙවියනේ නිමල්…ඇයට සිහිවූයේ ඔහුව….සමන්තිගෙ දුක් මහන්සියෙන් උස්සපු බිත්ති හතර ඇතුලෙ මිනි පෙට්ටියක්….ගමේම මිනිස්සු ඇය දිහා බලන් ඉන්නෙ අනුකම්පාවෙන්………………

සමන්තියෝඔ…………මල්ලිකාගෙ විලාපයෙන් සමන්තිගෙ බය දෙගුන තෙගුන උනා..

මල්ලිකො….කි..ය්හ්හ්..න්න්න් මොකද මේ….
සමන්ති ට ගොත ගැසුනේ බයටමය…

කියහම්ම්………………සමන්ති මල්ලිකාගෙ දෙව්රෙන් සොලවන්නට උනේ කිසිවක් හිතාගන්න බැරි නිසාය..ඇය තවමත් හිදින්නේ ඉඩමට ඇතුලු වෙන කඩුල්ල අසලය….

අනේ බන් සිගිතියා……………..ඇයට කියන්නට වූයෙ එපමනකි…සමන්ති සියල්ල අතහැර පෙට්ටිය ගාවට දිව්වේ පිස්සියෙක් වගේ……..

දෙවියනේ මගෙ කෙල්ල………………..
සමන්ති සිහිසුන් ව ඇද වැටුනාය….

සියල්ල අවසන් වී තිබුනි….බේබදු පියා තම ලෙයින් හැදුනු දරුවාව දූශනය කර තිබුනි…කට ගොන්නක් බීගෙන ආපු නිමල් තම සිගිත්තියට ලිංගික අතවර කරලා තිබුනෙ ගෑනිගෙයි දරුවගෙයි වෙනසවත් හොයාගන්න බැරි තරමට සුරාවෙන් ලොල් වෙලා…………

අවජාතක පියෙකුට දාව උපන්න නිසා පුංචි සිගිති අනේක වේදනාවන් විද සදහටම දෑස් පියාගත්තෙ ඒ පුංචි නොදරුවට එම වේදනාව දරාගන්න නොහැකිම තැන වෙන්න ඇති…සුදු ලමාසාරියක් අන්දවලා ඒ පුංචි අත් දෙකට කකුල් දෙකට සුදු මේස් දාලා පුංචි සිගිති අද නිහඩවම පෙට්ටියක නිදන්නට වුනේ මුලු ගම්මානයම හඩවාලා………………..

දරන්න බැරි වේදනාවක් එක්ක ජීවිතේ තනිවුනු සමන්ති තමන්ගේ අත් දෙකින්ම පුංචි සිගිත්තිව පොලොව යට වැලලුවේ පොලොවෙ පස්කන ගමන්……………..මේ සියල්ලටම වැරදි කාරයා වෙච්ච නිමල් හිටියෙ හැංගිලා…ඒත් දවසක් මහ රෑ……………………….

අහ්හ් උබ ආවද……කටගොන්නක් බීගෙන පුරුදු සත්තම දාගෙන නිමල් ගෙට ගොඩවුනේ එහෙම කියාගෙන………………සමන්ති උන්නෙ තාමත් සිගිතිගෙ මරණය අදහන්න බැරි වේදනාවක…

හුගකාලෙකට පස්සෙ උබව දැක්කෙ…………නිමල් නුරා ඉගි පෑමෙන් සමන්ති ට කිට්ටු වුනේ ඇයගෙන් ඔහුගේ අමාරුව සන්සිදවා ගැනීමටය……………

සමන්ති ඒ වන විටත් උන්නේ සමස්ත පිරිමි කොට්ටශයට වෛර බදිමිනි….එහි ප්‍රතිඵලයක් ලෙස සමන්ති තමාට අකටයුතුකම් කල හාමුගෙ වෛරයද,දහසක් බලාපොරොත්තු තියාගෙන හිටිය පුංචි සිගිත්තිට දුන්නු වේදනාවෙ පලිය එදා රාත්‍රියේ මුදුන්පත් කරගත්තේ එම රාත්‍රිය බයානක මරණයක නිහඩ සාක්ෂි කරුවන් කරමිනි……….

දෙවියනේ සමන්ති ……………………..

නිමල්ගෙ සිරුර කීතු කීතුවලට මන්නයකින් ඉරා දැමූ සමන්ති ඇයගේ වේදනාව තුරන් කරගත්තෙ පුංචි සිගිතිගෙ මරණයට පවා සැනසීමක් එක් කරමින්….සියල්ල අහිමි වූ පටාචාරාවක් වු සමන්ති එම මන්නයෙන්ම තම ගෙල කපාගෙන තිබුනේ දකින්නන්ගේ ඇග හිරිවැටෙනා සේය…

නිමි……………………………………..

අපේ රටේ හුගක් කාන්තාවන් පිටරට සේවයට යන්නෙ දරිද්‍රතාවයෙන් උපරිමේට බැට කාලා අවසානයේ………..ඉතිං මට කියන්න තියෙන්නෙ මේ කතාව කියවන ඔබ කාන්තාවක් නම් ආයෙමත් හිතන්න තමන්ගෙ දරුවන් ගැන…ඒ පුංචි උන්ට උබ ගියාම මොකද වෙන්නෙ,කව්ද බලගන්නෙ කියන එක හොදට හිතලා බලපන්..මොකද දරුවෙක්ට තමන්ගේ අම්මා තරම් තව කවුරුත් නෑ..උන්ගෙ ජීවිතේ ගොඩදාන්න උබ මේ රටේ ම උත්සහ ගනින්..මොකද උබ මහලොකු පඩියකට රට රස්සාවල් වලට ගියාට උබට ඉන්න දරුවට දෙයක් උනොත් උබ හම්බු කරන එකෙන් වැඩක් නෑ නේද…………………………….

මේ කතාව කියවන උබ පිරිමියෙක් නම් මේ ටික උබට…..කවදාහරි ගෑනියෙක් ගනින් බන් ඒකිගෙ ජීවිතේ උබට තනියම බලාගන්න පුළුවන් නම් විතරක්…ගේන ගෑනිට කන්න බොන්න අදින්න පලදින්න දෙන්න බැරිනම්,දරුවන්ගෙ අඩුපාඩු පිරිමහන්න බැරිනම් උබ මොකටද බන් ගෑනියෙක් ගන්නෙ….උබ එක්ක එන ගෑනිට උබෙන් ලැබෙන්නෙ කායික සතුට විතර නම් ඒකත් ගෑණු හිතකට එපා වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ ……….කවදාවත් තමන්ගේ ගෑණිව රට යවලා හම්බුකරන් කන්න එපා බන්…

ඒක උබලගෙ ඔයි පිරිමිකමට ලැජ්ජාවක්…මොකද ඒ ගෑනි රට රස්සවකට ගියා වගෙ නෙවෙ එහෙදි වෙන අසික්කිත දේවල්..ඒ වගෙ නරකාදියකට තමන්ගේ ගෑනිව ඇදලා දාන්න තරම් උබලා පහත් තැනකට වැටෙන්න එපා..කුලීවැඩක් කරලා හරි වේලක් ඇර වේලක් කාලා හරි බලාගනින් උබව විශ්වාස කරලා එන ගෑනිව….පොඩ්ඩ පොඩ්ඩ කෝමහරි ගේමක් දීලා ඩිංගෙන් ඩිංග ගොඩ දාගනින් ජීවිතේ නියම පිරිමියෙක් වගෙ…………………………….

අරක්කු ටිකටයි,යාලුවො එක්ක නටන පිස්සුවටයි,ඒ අයාලෙ යන වේ@## උබ හුරු උනොත් මතක තියාගනින් ජීවිතේ කෙලවර වෙන්නෙ උබගෙම කියන හැමබැදීමක් ම අහිමි කරගෙන අයාලෙ යන බල්ලෙක් වගේ කියලා…

😍😍 මන් සදූ