කාමරයේ ඇති ජනේලයෙන් එපිටට මම නෙත් යොමාගෙන සිටියේ වැස්සක් ලග ලගම එන ලකුණු අහසෙහි පහල වූ නිසාය.වේලාව හවස පහ පසුවී විනාඩි තිහ වූවා පමණි.

මුලු අහසම දෙදරාගෙන මහා ධාරානිපාත වර්ශාවක් ඇදහැලෙන්නට විය.ජනේල් සියල්ලම වසා දැමුවේ කාමරේ තෙමෙන නිසාය. කලුවර නිසා කාමරේ ලයිට් දැමූ මම බැල්කනියට ගොස් එහි තිබූ රෙදි ටික ගත්තෙමි.

“නෝනා තේ බොන්න එන්න…….”

“මට තේ බොන්න බෑ අමරා නැන්දෙ. අම්මලාට බොන්න කියන්න…….”

“හා නෝනා……..”

අමරා ගිය පසු මම බැල්කනියට වී වැස්ස දෙස බලා සිටියෙමි.

ඉස්සර නම් මෙවැනි වර්ෂාවලදී මා එලියට පැන වැස්සේ තෙමි තෙමී විනෝද වන්නෙමි.එවිට අම්මා පැමිණ මට බැන මා ගෙතුලට අඩ ගසා ගනී.

එහෙත් දැන් ඒ සුන්දර අතීතය යලි නොඑන තරමට මගෙන් දුරස්ව ගොස් අවසානය.නෙතට ඉනූ කදුලු දෙවුරින් පිස දමා ගත් මා දිගටම වැස්ස දෙස බලා සිටියෙමි.

මට මගේ ජීවිතය ගැන ඇත්තේ දරා ගත නොහැකි අන්දමේ දුක් කන්දරාවකි.

මගේ නම පාරමී සහස්නා.මගෙ අම්මා නිර්මලා.මගෙ තාත්තා දයාරත්න.මට මල්ලි කෙනෙක් ඉන්නවා.එයා පැතුම්. මගේ තාත්තා රැකියාව විදියට කරේ ගොවිතැන් කටයුතු.අපිට කුඹුරු එහෙම තිබ්බා.කාලයක් තිස්සේ මගෙ තාත්තා අසනීප වෙන්න පටන් ගත්තා.

කොයි තරම් බේත් හේත් කරත් තාත්තට හරියට සනීප වුනේ නෑ.අන්තිමට තාත්තට කොළඹ පෞද්ගලික රෝහලකදී ලක්ශ විස්සක් වියදම් කරමින් ඔපරේෂන් එකක් සිදු කරා.

ඒ ඔපරේෂන් එකෙන් තාත්තා හොදටම සනීප වුනා.ඔපරේෂන් එකට වියදම් වුනු සල්ලි හොයා ගත්තේ අපේ කුඹුරු සේරම විකුණලා.තාත්තා ඒ කුඹුරු විකුණුවේ ගමේ නාලක බණ්ඩාර කියන මුදලාලිට.

තාත්තාට සනීප වුනාට පස්සෙ නාලක බණ්ඩාර මහත්තයා අපේ ගෙදරට ඇවිත් එයාගෙ එකම පුතාව මට යෝජනා කරා.

මං එකපාරින්ම ඒ යෝජනාවට මගේ අක්මැත්ත ප්‍රකාශ කරේ නාලක මහත්තයගේ පුතා කියන්නේ මොන ජාතියේ කෙනෙක්ද කියලා මං හොදටම දන්නා නිසායි.

ප්‍රසාද් සංජය කියන්නේ ගමටම ඉන්න මහා එපාම කරපු මිනිහෙක්.ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි කියන්නේ කොයිතරම් හොද වුනත් ප්‍රසාද් කියන්නේ රස්තියාදුකාරයෙක්, බේබද්දෙක්,මැරයෙක්.ඒ වගේ මිනිහෙක්ව මට කසාද බදින්න බෑ කියලා මං තාත්තට වැද වැද කිව්වා.

ඒත් නාලක මහත්තයා කියලා ගියේ දෑවැද්දකුත් එපා. මංගල්‍යෙට යන සේරම වියදම් එයාලා බලා ගන්නම් කියලා.

ඒ හින්දා තාත්තා කිව්වේ මේ කසාදෙ සිද්ද වුනොත් මට හොද සැප සම්පත් වලින් ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් කියලා.

පුංචි කාලෙ ඉදන් මං ගත කරේ හරිම නිහඬ ජීවිතයක්.අම්මා වුනත් මේ කසාදෙට මුලදි කැමති වුනේ නැහැ.ඒත් තාත්තගේ බල කිරිල්ලට අම්මාත් අන්තිමට මේ කසාදෙට කැමති වුනා. කාටවත්ම වරදක් නොකරපු අහිංසක මට සිද්ද වුනේ අකමැත්තෙන්ම සල්ලාල මැරයෙකුගේ බිරිඳ වෙන්න.

හැමෝගෙම කැමැත්තෙන් ඒත් මගේ අකමැත්තෙන් මට ප්‍රසාද් සංජයගේ බිරිඳ වෙන්න සිද්ද වුනා.අපේ වෙඩින් එක ගත්තේ කොළඹ ගලධාරි හොටෙල් එකේ. එදා ප්‍රසාද්ගෙයි මගෙයි මංගල රාත්‍රියේදී ප්‍රසාද් මාව එයාගෙ තුරුලට ගද්දී මං එයාගෙන් ගැලවුනේ බොහොම අමාරුවෙන්.ඒ තරමටම මට ප්‍රසාද්ව අප්පිරියයි.

මං දිහා කන්න වගේ බලන්හ හිටපු ප්‍රසාද් එදා රෑ හොදටම බීලා මං ගාවට ආවා.බීලා වෙරි වෙලා හිටපු නිසාද මන්දා එදා මට තරම් හයියක් ප්‍රසාද්ට තිබ්බෙ නෑ.මං ප්‍රසාද්ව අහකට තල්ලු කරලා බාතෲම් එකට පැනලා දොර වහගෙන ඉදලා රෑ එකොළහට විතර ආපහු කාමරේට එද්දී ප්‍රසාද්ට හොදටම නින්ද ගිහින් තිබ්බා.

ප්‍රසාද්ගෙයි මගෙයි කසාදෙ සිද්ද වෙලා අදට සතියයි.මේ සතියෙම ප්‍රසාද් ගෙදර ආවෙ හොදටම බීලා.

ගමේ මිනිස්සු වුනත් ප්‍රසාද් මාව කසාද බැන්දම ගොඩාක් පුදුම වුනා.සමහරු දැනන් ඉන්න ඇති මේ කසාදෙ සිද්ද වුනේ මගේ කැමැත්තෙන් නෙවෙයි කියලා.

“අනේ මලක් වගේ හැදිච්ච අහිංසක සීදේවි කෙල්ල.දයාරත්නට පිස්සුද මන්දා මේ කෙල්ලව අර පෝරිසාදයට කසාද බන්දලා දුන්නෙ……..”

ගමේ මිනිස්සු අපේ කසාදෙ ගැන ඒ විදියට කතා වුනා.

“මොකද තමුසෙ භාවනා කරනවද?…….”😠😠

ප්‍රසාද්ගෙ කටහඬට මං ඔලුව උස්සලා බැලුවා.අද නම් ප්‍රසාද් ඇවිත් හිටියේ බීලා නෙවෙයි.හොද සිහියෙන්.මං අහක බලාගෙන හිටියා මිසක් ප්‍රසාද් එක්ක කතා කරේ නෑ.

“මොකද උඹේ කටේ පිට්ටුද?…….”😠😠

“නෑ…….”

“මේ අහපන් පාරමී.මං උඹට තව දවස් දෙකක් කල් දෙනවා.උඹ කැමැත්තෙන් මගේ වෙයන්.මං උඹේ කසාද මිනිහා. නැත්තම් මට සිද්ද වෙනවා අකමැත්තෙන් හරි උඹව මගේම කරගන්න.උඹ දන්නවනෙ මගෙ හැටි…….”😡😡

ප්‍රසාද්ව මං කසාද බැන්දෙ මගේ කැමැත්තෙන් නෙවෙයි කියලා ප්‍රසාදුත් හොදට දන්නවා.මං හිටියේ ගොඩාක් බය වෙලා.මං ප්‍රසාද්ට පොඩ්ඩක්වත් කැමති නෑ.

“මොකද උඹ සද්දෙ නැතුව ඉන්නෙ?මේක හොදට අහපන් පාරමී.උඹ ජීවත් වෙන්න ඕනි මට ඕනි විදියටයි.මං කව්ද කියලා උඹ හොදටම දන්නවනෙ…….”😡😡

“අනේ ප්‍රසාද් මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.මට ටික කාලයක් දෙන්න…….”😢

“මොකටද උඹ ටික කාලයක්?උඹ මගෙ කසාද ගෑනි.මටත් අයිතියක් තියනවා…….”😡😡

මගෙ නිකටෙන් උස්සලා කට මිරිකලා ප්‍රසාද් එහෙම ඇහුවා.ප්‍රසාද් කියන කතාවත් ඇත්තක් නැතුවම නෙවෙයි.ඒත් මගෙ හිතේ ප්‍රසාද් ගැන ආදරයක් ඇති වෙන්නෙ නෑ.ඒත් මං ප්‍රසාද්ගෙ කසාද බිරිඳ.ඒ අයිතිය ප්‍රසාද්ට දෙන්න මට හිත හදා ගන්න බෑ.

මතු සම්බන්දයි