පහුවදා උදෙන්ම මායි රාජේශුයි ටව්න් ගිහිල්ලා ගෙදරට අවශ්‍ය කරන දේවල් ගෙනාවා.මාකට් එකට ගිහිල්ලා එළවළු තෝරලා ගන්න,පොලට ගිහිල්ලා එළවළු තෝරලා ගන්න මට හොදට පුලුවන්.මගෙ පස්සෙන් බඩු මල්ලත් උස්සගෙන රාජේශ් ආවා.

“දැන් ඇති ඕයි.අපි දෙන්නා විතරයිනෙ ඉන්නෙ…….”

“පොඩ්ඩක් ඉන්න රාජේශ්……..”

තවත් අවශ්‍ය කරන බඩු කිහිපයක් අරගෙන රාජේශුයි මායි ත්‍රීවිලර් එකකින් ගෙදර ආවා.කාමරේයි කුස්සියයි අස් කරලා බඩු තියලා ඉවර වෙනකොට දවල් වුනා.මට හරි පුදුමයක් දැනුනා ගෙදරින් රාජේශ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ නැත්තෙ ඇයි කියලා.මං ඒ ගැන රාජේශ්ගෙන් ඇහුවා.

“මං වෙන සිම් එකක් දාගත්තා සහන්‍යා…….”

“රාජේශ්…….”

“ම්ම්…….”

“මට කෝල් එකක් අරන් දෙන්නකො.අපෙ අයියට කතා කරන්න ඕනි…….”

“කතා කරන්න.හැබැයි ඉන්න තැන කියන්න එපා.මං කැමති නෑ එයාලා අපි ඉන්න තැන ගැන දැන්ම දැන ගන්නවට…….”

රාජේශ් මට එයාගෙ ෆෝන් එකෙන් අයියට කෝල් එකක් අරන් දුන්නා.

“හෙලෝ කව්ද මේ?……..”📲

“අ…යි….යෙ මං සහන්‍යා…….”📲

“තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි.ඉගන ගන්න තැනක නැවැත්තුවම ඒ ගෙදර කොල්ලත් එක්ක පැනලා ගියෙ.අපේ නම්බුව උඹ විනාශ කරා.උඹ වගේ එකියෙකුට නංගි කියන්නත් මට ලැජ්ජයි.අපි හිතුවෙ නෑ උඹ ඔය වගේ ජරා වැඩක් කරයි කියලා. අපි කොහොමද යකෝ දැන් ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ?……..”📲😡

“අනේ අයියෙ ම…….”📲😭

මට තව මොකුත් කියා ගන්න ලැබුනෙ නෑ.අයියා ෆෝන් එක කට් කරා.මගෙ ඇස් වලින් කදුලු වැටුනා.

“මං තමුසෙට කිව්වා.පණ්ඩිතකමට කෝල් කරලා අහගත්තනේ……..”😠

“අනේ රාජේශ් ඔයත් ඒ පාර මට බනින්න පටන් ගත්තද?……..”😭

මං අඩ අඩාම එහෙම අහද්දී රාජේශ් මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.

“සොරි මැණික.ඔයා අඩන්න එපා.ඔයාට කවුරු නැතත් මම ඉන්නවනේ.ටික කාලයක් යද්දී එයාලගෙ හිත් වල අපි ගැන තියන තරහ නැති වෙයි…….”

❤️❤️

“මං හෙට ඉදන් වැඩට ගියාට පස්සෙ ඔයාට තනියම ඉන්න පුලුවන් නේද?කොහෙවත් යන්න එහෙම එපා. කම්මැලියි නම් දොර වහලා නිදා ගන්නවා. නැත්නම් පොතක් කියවනවා…….”

රාජේශ් වැඩට ගියාට පස්සෙ මං විතරක් ගේ ඇතුලෙ තනි වුනා.හදිස්සියක් වුනොත් කෝල් කරන්න කියලා රාජේශ් මට පොඩි ෆෝන් එකක් අරන් දීලයි තිබ්බෙ.කම්මැලි හින්දා මං ෆෝන් එකේ ගේම් එකක් ගගහා ඇදට වැටුනා.ටික වෙලාවකින් කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.බලද්දී බෝඩිමේ ඇන්ටි.

“දුව නිදාගෙනද හිටියෙ?……..”

“අනේ නෑ ඇන්ටි.එන්න ඇතුලට……..”

ඇන්ටිට පුටුවක් දීලා මාත් අනික් පුටුවෙන් වාඩි වුනා.

“දුවගෙන් මං පොඩි කාරණාවක් අහන්න කියලා ආවෙ……..”

“මොකක්ද ඇන්ටි?……..”

“මගෙ දුවගෙ පුතා ඉන්නවා.එයා පහ වසරෙ ඉගන ගන්නෙ.දුවට පුලුවන්ද එයාට ඔය ඉංග්‍රීසි,ගණං එහෙම පොඩ්ඩක් කියලා දෙන්න.පොඩියට ක්ලාස් එකක් දාලා.නිකන් නෙවෙයි. මාසෙකට ගානක් දෙනවා…….”

ඒ වැඩේ නම් ගොඩක් හොදයි කියලා මට හිතුණා.නිකන් ඉන්න එකේ අතට ගානකුත් ලැබෙනවනේ.ඒ ලැබෙන ගාන ගෙදර වියදමට තියාගෙන රාජේශ්ගෙ පඩිය ඉතුරු කරගත්තා නම් ඉඩම් කෑල්ලක් ගන්න තිබුනා.

“මට පුලුවන් ඇන්ටි.ඔයාලට ලේසි වෙලාවක් කියන්න.මං උගන්නන්නම්…….”

“එහෙනම් දුවේ මේ සෙනසුරාදා උදේ පටන් ගම්මු.මං එහෙනම් යන්නම්…….”

“හා හොදයි ඇන්ටි……..”

හවස රාජේශ් ආවම මං විස්තරේ එයාටත් කිව්වා.

“ඒක නම් හොදයි.නැත්නම් මේක අස්සට වෙලා නිකන්ම ඉන්න ගියාම තමුසෙට පිස්සු හැදෙයි…….”

“ඒත් රාජේශ් ක්ලාස් තියෙන්නේ සෙනසුරාදට විතරයිනෙ.මටත් බැරි වෙයිද ජොබ් එකක් හොයා ගන්න……..”

“අනේ මේ තමුසෙ කරන ජොබ්.ඕන් ඔහේ ගෙදෙට්ට වෙලා ඉන්නවා…….”😠😠

“ඒත් රාජේශ් මං මේ කිව්වෙ…….”

“ආයෙ සැරයක් ඔලුව පලා ගන්න ඕනිද මට කියලා……..”😁😠

ඒ පාර නම් සද්දෙ නැතුව හිටියා.නැත්නම් මූ ආයෙමත් පාරක් මගෙ ඔලුව පලයි.

මේ අතරතුර ඒලෙවල් රිසාල්ට් අවුට් වුනා.මං ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරිලා තිබ්බා.රාජේශ් මාව වැලදගෙන සුභ පැතුවා.

“සහන්‍යා ඔයාට කැම්පස් යන්න ඕනිද?…….”

රෑට උයද්දී මං ලගට ඇවිත් රාජේශ් එහෙම ඇහුවා.

“ඕන්නෑ රාජේශ්.මං මුල ඉදන්ම හිතන් හිටියෙ කැම්පස් යන්නෑ කියලා……..”

“මාත් එක්ක තරහද?……..”

“නෑ රාජේශ්.මට ඉන්නෙ ඔයා විතරයිනෙ……..”

“ඒ කියන්නෙ තව කට්ටිය හිටියොත් මාත් එක්ක තරහා වෙනවා?……..”

“පිස්සුද මෝඩයො?……..”

“කන්න මොනවද හදන්නෙ?…….”

“මේ තියන දේවල් තමා ඉතිං.ඒයි….මේ ලූණු ටික සුද්ද කරලා දෙනවකෝ.මගෙ ඇස් දැවිල්ලයි…….”😁😁

රාජේශ් ලූණු සුද්ද කරන අතරේ මං බත් ඉව්වා.


මේ අතරතුර මං බෝඩිමේ ඇන්ටි කියපු විදියට එයාගෙ දුවගෙ පුතාට ඉංග්‍රීසියි ගණිතයයි උගන්නන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දී පන්තියට තව ළමුන් දෙතුන් දෙනා වැඩි වුනා.ඒ දරුවන්ගේ දෙමව්පියන්ට වුනත් මගෙ ඉගැන්වීම් කටයුතු හොදට හිතට අල්ලලා තිබ්බා. කොහොමින් කොහොම හරි මාසෙකට රුපියල් විසිදාහක් විතර හොයාගන්න පුලුවන් වුනා.හැමදාම සෙනසුරාදා උදේ දහයෙ ඉදන් දෙක වෙනතුරුත් ඉරිදා උදේ නවයෙ ඉදන් එක වෙනතුරුත් ඉගැන්නුවා.බෝඩිම් අයිති ඇන්ටිගේ ගෙදර තමයි ක්ලාස් කරේ.අවුරුදු දහනවයක් වෙච්චි මට ඒ දරුවන් ටීචර් කියලා කතා කරනකොට හරිම සන්තෝශයක් දැනුනා.ක්ලාස් ඉවර වෙලා මං ගෙදරට ආවා.

“මටත් හිතුණා මාත් ඒ ක්ලාස් එකේ ළමේක් කෙනෙක් වුනා නම් හොදයි කියලා…….”

මං දිහා බලලා රාජේශ් එහෙම කිව්වා.

“එහෙනම් අනික් දවසෙ ඉදන් ඔය ළමයත් එන්න……..”

මේ විදියට සුපුරුදු පරිදි මාස හයක් හතක් ගෙවිලා ගියා.දවසක් මං කුස්සියෙ උය උයා ඉන්නකොට කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මං ගිහින් දොර ඇරලා බලනකොට දොරකඩ හිටගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි මාධවී නෝනායි සරත් මහත්තයයි⚡⚡ඒ කියන්නේ රාජේශ්ගෙ අම්මයි තාත්තයි.මගෙ හර්ද ස්පන්දන වේගය නතර වුනා වගේ මට දැනුනා.

“ආ මේ ඉන්නෙ කුමාරිහාමි…….”😡

ගේ ඇතුලට අඩිය තියපු ගමන්ම මාධවී නෝනා අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.තව පාරක් ගහන්න හදද්දී සරත් මහත්තයා මාධවී නෝනව වැලැක්කුවා.

“දැන් ගැහුවා කියලා වැඩක් නෑනෙ මාධවී.අපෙයි වැරැද්ද…….”😠

“සහන්‍යා මං කවදාවත් හිතුවෙ නෑ තමුසෙ අපිට මෙහෙම දෙයක් කරයි කියලා.කන්න දීපු අත හපා කනවා වගේ තිරිසන් වැඩක් තමුං කලේ.මායම් දාලා මගේ පුතාව දැලේ දාගෙන.කොයි තරම් සැප සම්පත් මැද්දෙ හැදිච්ච දරුවෙක්ද. අද මෙහෙම තැනක දුක් විදින්නෙ…….”😡

මාධවී නෝනා මට හොදටම බැන්නා. කවදා හරි මාධවී නෝනා මට මේ වචන කියලා බනියි කියලා මට හිතුණා.මට හොදටම ඇඩුනා.මගේ කදුලු මාධවී නෝනා චුට්ටක්වත් ගනං ගත්තෙ නෑ.

“අපියි වැරැද්ද කරේ.තමුංගෙ තත්ත්වෙට ගැලපෙන්නෙ නැති එකියක්ව ගෙනල්ලා කන්න බොන්න දීලා වියදම් කරලා ඉගැන්නුවට.ඒ හැම දෙයක්ම කරපු අපිට තමුන් දීපු තෑග්ගද මේක.හිගන හැත්ත……..”😡😡

අඩනවා ඇරෙන්න මට කරගන්න දෙයක් තිබ්බෙ නැහැ.

“අනේ නෝනා මට සමාවෙන්න.මං රාජේශ්ට ගොඩාක් ආදරෙයි.අනේ එයාව මගෙන් උදුර ගන්න හදන්න එපා…….”😭

“මේවට අපේ බූරුවත් වැරදියි මාධවී.මේ තමුං එකක් හොදට අහගන්නවා.අද ඉදන් රාජේශ් කියන්නෙ අපේ දරුවෙක් නෙවෙයි කියලා අපි හිතාගෙන ඉවරයි. යමු මාධවී අපි……..”😡😡

සරත් මහත්තයයි මාධවී නෝනයි ගියාට පස්සෙ මං බිම වැටිලා හොදටම ඇඩුවා.😭😭මං දන්නෑ කොයි තරම් වෙලාවක් මං ඇඩුවද කියලා.

“සහන්‍යා මේ මොකද මේ ඔයා අඩන්නෙ? කතා කරන්නකො……..”

රාජේශ් ඇවිත් මාව නැගිට්ටෙව්වා.මං රාජේශ්ගෙ පපුවට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා.😭😭

“කතා කරන්න සහන්‍යා ඔයාට මොකද වුනේ?ඇයි මේ කම්මුල ඉදිමිලා?කව්ද ආවෙ මෙහෙට?මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියනවා සහන්‍යා……..”😡😡

ඉකි ගගහා හූල්ල හූල්ලම සිද්ද වෙච්චි හැම දෙයක්ම මං රාජේශ්ට කිව්වා.

“අඩන්න එපා මැණික.එයාලා කියපු දේවල් ගනං ගන්න එපා.හිතේ දුකට කියන දේවල් ඔය.මාව ඔයාට කවදාවත් නැති වෙන්නෙ නෑ……..”

මතු සම්බන්දයි

Advertisment