🌹”එහෙනම් අපි දැන් යමු නේද රාජේශ්? අපි යමු නංගි…….”

අනූෂා නෝනයි මමයි රාජේශ් මහත්තයයි ඒ ගෙදරින් එලියට ආවා.මං කොහොමද දෙයියනේ මේ දේවල් වලට මුහුණ දෙන්නෙ?මං රාජේශ් මහත්තයාත් එක්ක පැනලා ගියොත් සරත් මහත්තයයි මාධවී නෝනයි අපේ අම්මටයි අප්පච්චිටයි හොදටම බනියි.මං හින්දා ලොකු විනාශයක් සිද්ද වෙයි දෙයියනේ. කාරෙකේ එනකලුත් මං කල්පනා කරේ ඒකමයි.

“නංගි ඔයා කිසිම දේකට බය වෙන්න එපා.රාජේශ් ඔයාව හොදට බලා ගනියි. කසාද බැන්දට පස්සෙ ඔයාලා දෙන්නව වෙන් කරන්න කාටවත්ම බැහැ.සමහර විට මාධවී ආන්ටියි සරත් අංකලුයි ඊට පස්සේ ඔය දෙන්නට සමාව දෙයි…….”

අනේ එහෙම වුනොත් කොච්චර දෙයක්ද?
මගේ හිතෙත් මේ වෙනකොට රාජේශ් මහත්තයා ගැන ආදරයක් ඇති වෙලා ඉවරයි.ඒත් මට ඒක කියාගන්න අමාරුයි. මගෙ හිතේ තියෙන්නෙ ලොකු බයක්.මං කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා අම්මයි අප්පච්චියි දැන ගත්තම මොනවා සිද්ද වෙයිද?

“තමුසෙ මොනවද කල්පනා කරන්නේ?…….”

මගෙ කර වටේ අත යවමින් රාජේශ් මහත්තයා එහෙම ඇහුවා.මං රාජේශ් මහත්තයගෙ මුහුණ දිහා බැලුවා.ඒ ඇස් වල මං වෙනුවෙන් මහා ලොකු ආදරයක් මට පෙනුනා.මට තියන ආදරේ හින්දා රාජේශ් මහත්තයා එයාගෙ පව්ලම අතාරින්න ලෑස්ති වෙලා ඉන්නවා.ඉතිං ඒ වගේ අවංක ආදරයක් මං කොහොමද අතාරින්නෙ?

“මගේ මුහුණේ පෙරහැරක්‍ යනවද බං?…….”

මං ටක්ගාලා බිම බලා ගත්තා.රාජේශ් මහත්තයා මගේ උරහිසේ ඔලුව තියා ගත්තා.ආදරේ කියන්නෙ මට නුහුරු දෙයක්.ආදරේ ගැන මට අත්දැකීම් නෑ.

අනූෂා නෝනා රාජේශ් මහත්තයව මගින් දාලා මාත් එක්ක ගෙදරට ආවා.

“වැඩ ටික හරිද අනූෂා දූ?…….”

අපි ගේ ඇතුළට ආවම මාධවී නෝනා අනූෂා නෝනගෙන් එහෙම ඇහුවා.

“ඔව් ආන්ටි ඒ සේරම වැඩ ටික හරි……..”

අනූෂා නෝනා ගියාට පස්සෙ මං කාමරේට ආවා.වෙන දේවල් නම් මට හිතා ගන්නවත් බැහැ.

🌹🌹

“අක්කි එන්න කෑම කන්න…….”

ස්වේතා නංගී කාමරේට ඇවිත් මට කෑම කන්න කතා කරා.දෙයියනේ අද විතරයි නේද මං මේ ගෙදර ඉන්නෙ?හෙට පාන්දරින් පස්සෙ මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා නේද?
කෑම මේසෙදි මං දැක්කා රාජේශ් මහත්තයා මං දිහා උවමනාවෙන් බලනවා.මං හිමිහිට කෑම කාලා කාමරේට ගියා.මට නින්ද ගියේම නෑ. ඔහේ කල්පනා කරමින් හිටියා.රෑ දහයට විතර රාජේශ් මහත්තයා කාමරේට ආවා.

“මොකද ඕයි තමුසෙ,,මං ලගට එනකොට ඔච්චර බය?ඉන්නවකො හෙට මං තමුසෙව අල්ල ගන්නම්……”

“න්….නෑ මහත්තයා මං මේ නිකන් කල්පනා කර කර හිටියෙ……..”

“එහෙනම් කමක් නෑ.ඉක්මනට ඇදුම් ටික ලෑස්ති කරගෙන හරියටම තුන වෙද්දි කාමරේ දොර වහලා එලියට එනවා.මාත් එක්කම යමු පල්ලෙහාට.ඉක්මනට ඇදුම් ටික දා ගන්නවා මේකට…….”

රාජේශ් මහත්තයා එහෙම කියලා මගෙ අතට බෑග් එකක් දුන්නා.මං ඒකට ඇදුම් ටිකයි තව අවශ්‍ය දේවල් ටිකකුයි දා ගත්තා.රාජේශ් මහත්තයා කාමරෙන් ගියාට පස්සෙ මං ඇදෙන් වාඩි වෙලා හිටියා.රාත්‍රී දොළහ පහු වුනත් නින්ද අහලකටවත් ආවෙ නෑ.තප්පර විනාඩි පැය ගනන් පහුවෙලා ගිහින් පාන්දර තුන ලෙස ඔරලෝසුවේ වෙලාව සටහන් වුනා. රාජේශ් මහත්තයා කියපු විදියට මං බෑග් එක අරගෙන කාමරෙන් එලියට ආවා. රාජේශ් මහත්තයත් එයාගෙ බෑග් එක අරගෙන මගෙ අතින් අල්ලගෙන කාමරෙන් එලියට ඇවිත් දොර ඇරගෙන එලියට ඇවිත් ගේට්ටුවෙනුත් එලියට ආවා.

“ඉක්මන් කරන්න.අනූෂා ඇවිල්ලත් ඇති දැන්…….”

රාජේශ් මහත්තයයි මමයි ඉක්මනට කලුවරේම දුවගෙන වංගුව ගාවට ආවා. අනූෂා නෝනා කාරෙකේ අපි එනකල් බලාගෙන හිටියා.අපි ඉක්මනට ඇවිත් කාරෙකට නැග්ගා.

“ප්‍රශ්නයක් නෑනෙ රාජේශ්?…….”

“නෑ අනූෂා.අපි ඉක්මනට යමු…….”

පැයක් ඇතුලත අපි රාජේශ්ගෙ යාලුවෙකුගෙ ගෙදරට ආවා.

“අම්මෝ ඇති යාන්තං උඹලා දෙන්නා ආවද?අපි හිතුවෙ පරක්කු වෙනකොට මොකක් හරි බාල්දියක් පෙරලගෙන කියලා……..”

අපි ඒ ගේ ඇතුලට ගියා.අනූෂා නෝනා මාව ඒ ගේ ඇතුලෙ කාමරේකට එක්කන් ගියා.

“නැකතට තව ගොඩාක් වෙලා තියනවා නංගී.ඔයා ටිකක් නිදා ගන්න.මං කතා කරන්නම්.ඊයෙ රෑ නිදා ගත්තෙ නැතුව ඇතිනෙ…….”

පුදුම නිදි මතක් මට තිබ්බෙ.ඇදට වැටුනා විතරයි මලා වගේ නින්ද ගියා.පාන්දර පහයි හතලිස් පහට විතර අනූෂා නෝනා මාව ඇහැරවලා මට ලස්සන සාරියක් ඇන්දෙව්වා.

“ෂා….ඔයා ගොඩාක් ලස්සනයි නංගි…….”

“තැන්ක්‍යූ නෝනා…….”

“මට නෝනා කියන්න එපා නංගි.මට ඔයා අක්කා කියලා කියන්න……..”

උදේ නවයට යෙදුණු සුබ මොහොතින් අපේ විවාහය ලියාපදිංචි වුනා.මගේ පැත්තෙන් සාක්ශියට අත්සන් කරේ අනූෂා නෝනා.රාජේශ්ගෙ පැත්තෙන් සාක්ශියට අත්සන් කරේ එයාගෙ යාලුවෙක්.

“මයි කන්ග්‍රැජුලේශන් රාජේශ්…….”🤝🤝

හිටපු හැමෝම අපිට සුභ පැතුවා.දැන් වෙලාව උදේ දහයයි විස්සයි.මධාරා නෝනයි සරත් මහත්තයයි අපිව හැම තැනකම හොයනවා ඇති.මං රාජේශ් මහත්තයා එක්ක පැනලා ගියා කියලා එයාලා අපේ අම්මටයි අප්පච්චිටයි කියලාත් ඇති.ඒ ඔක්කොමලා මට හොදටම බනිනවා ඇති.

“රාජේශ් ඔයා සහන්‍යාව හොදට බලා ගන්න.මේ කෙල්ල කසාද බැන්දට තාම ගොඩාක් පුංචි කෙල්ලක්.පව්ල් ජීවිතේක බරක් පතලක් තේරුම් ගන්න තාම පොඩියි.වැරැද්දක් වුනොත් හිමිහිට තේරුම් කරලා දෙන්න.ගහන්න බනින්න එපා.සහන්‍යා ඔයාව විශ්වාස කරලා හැම දෙයක්ම අතෑරලා ඔයත් එක්ක ආවෙ. ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි……..”

පිටත් වන මොහොතේදී අනූෂා නෝනා රාජේශ්ට එහෙම කිව්වා.මං අනූෂා නෝනගෙ කකුල් දෙක අල්ලලා දණ ගහලා වැන්දා.

“අපි දැන් කොහෙද යන්නෙ රාජේශ් මහත්තයා?……..”

“දැන් ඔය මහත්තයා මහත්තයා කියන්නැතුව මට රාජේශ් කියලා කතා කරන්න පුරුදු වෙන්න……..”

“හ්ම්ම්……..”

“අපි දැන් යන්නෙ නුවරඑළියේ.එහෙ ගිහිල්ලා අනිද්දා උදේට එමු……..”

“එතකොට අපි ඉන්නෙ කොහෙද ඉන්නෙ?……..”

“මං නවතින්න තැනක් හොයා ගත්තා. යාලුවෙක් හොයලා දුන්නෙ.පුංචි බෝඩිමක්.ලබන සතියෙ සදුදා ඉදන් ජොබ් එකට යන්න පුලුවන්……..”

“ඔයාලගෙ කම්පැණියෙද?……..”😱

“පිස්සුද ඕයි තමුසෙට?මට පුලුවන්ද ආයෙ එතෙන්ට වැඩට යන්න. යාලුවෙකුගෙ ඔෆිස් එකක ජොබ් එකක් හම්බුනා……..”

අපි නුවරඑළියට ඇවිත් ලස්සන හොටෙල් එකක නැවතුනා.මං කවදාවත් මේ වගේ හොටෙල් එකකට ඇවිත් නෑ.පුදුම ලස්සනක් තිබ්නෙ මේ හොටෙල් එක.මං වටපිට බල බලාම රාජේශ් එක්ක කාමරේට ආවා.

“තමුසෙ මොනවද ඔච්චර වටපිට බල බල හොයන්නෙ?…….”

“ම්….මේ….මං අදමයි මේ වගේ හොටෙල් එකකට ආවෙ.හරිම ලස්සනයි මේ හොටෙල් එක……..”

“එහෙනම් ගිහින් නාගෙන එනවා කෑම කන්න……..”

❤️❤️

නුවරඑළියේ ගත කරපු සුන්දර මධුසමයෙන් පසුව අපි ආවේ රාජේශ්ගෙ යාලුවා හොයලා දීපු බෝඩිමට.තට්ටු දෙකේ නිවසක අයිනට වෙන්න තියන උඩ තට්ටුවෙ කාමරයක්.තරමක් ලොකුකාමරයත්,කුස්සියත්,බාතෲම් එකත් තිබුනා.බෝඩිමේ අයිති අය හිටියේ නිවසට පොඩ්ඩක් එහායින්.අපේ බෝඩිමට එන්න වෙනම ගේටුවක් තියනවා.

“සහන්‍යා මේ හොදටම ඇති.අපි හිමීට සල්ලි ටිකක් එකතු කරගෙන ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදා ගම්මු…….”

මාවත් තුරුල් කරගෙන රාජේශ් එහෙම කිව්වා.රාජේශ් මට ගොඩාක් ආදරෙයි. අච්චර සැප සම්පත් දාලා මාත් එක්ක මේ පුංචි ඇනෙක්ස් එකකට ආවනෙ.මං පාත් වෙලා රාජේශ්ගෙ කම්මුලක් මත හාදුවක් සටහන් කරා.රාජේශ් මාව එයාගෙ පපු තුරුලට ඇදලා ගත්තා.

“තරහද මාත් එක්ක මෙච්චර ඉක්මනට කසාද බදින්න වුනාට?…….”

රාජේශ් මගෙන් එහෙම අහන්න ඇත්තෙ මට තාම අවුරුදු දහනවයයි හින්දා වෙන්න ඇති.මං නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා.

“අද උයන්න ඕන්නෑ.කුස්සියෙ බඩු ටික හිමීට අස් කරලා හෙට රෑ ඉදන්ම උයන්න පටන් ගම්මු.එතකල් කඩෙන් කමු…….”

“හ්ම්ම්.හෙට උදෙන්ම යමු එළවළු එහෙම ගේන්න…….”

මතු සම්බන්දයි