දැන් නම් භානුකට ගොඩාක් දුරට සනීපයි.තව ටික කාලයක් යනකල් යනකල් විවේක ගන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා.

“සමුද්‍රා…..අම්මයි තාත්තයි කෝල් කරා…….”

“මොකද කිව්වෙ?…….”

“එයාලා නත්තල් නිවාඩුවට මෙහෙ එන්නම්ලු.ඒත් තාත්තා නම් එච්චර කැමති නෑ ලංකාවට එන්න…….”

“අනේ මන්දා භානුක ඔයාගෙ තාත්තා ලංකාවේ ඉපදිලත් ලංකාවට එන්න කැමති නෑනෙ.ඉතිං අම්මලා කවද්ද එනවා කිව්වෙ?……”

“ලබන සතිය දිහාට එයි.මටත් නිවාඩු තියෙන්නෙ මේ සතිය විතරයිනෙ.ඊට පස්සෙ ආයෙ ඩියුටි…….”

“පරිස්සමින් මහත්තයො.මට බයයි ඔයා ගැන…….”

භානුකගේ පපුවට හේත්තු වෙලා මං එහෙම කියද්දී භානුක මගේ කනක් හැපුවා.මට ආව් කියලා කෑ ගැස්සුනා.

“ආව් මෝඩයෝ රිදෙනවා.ලේ එනවද දන්නෑ කනෙන්……..”😁

“කව්ද මෝඩයා?…….”😠

“කවුරුවත් නෑ…….”

භානුකව අතෑරලා මං කුස්සියට ගියා උයන්න.දැන් නන්දිතාත් නැති නිසා පාලුයි වගේ.ඒකි හිටියා නම් ඔහේ මොනවා හරි කියව කියව හිනා වෙලා ඉන්න තිබ්බා.


දෙයියනේ කියලා නන්දිතාගෙ පිහිටෙන් මට දැන් හොදට උයන්න පුලුවන්. නැත්නම් ඉතිං ඕඅයිසී මහත්තයගෙ ගෑස් බල බලා ඉන්න වෙයි😁😁😉…..එහෙම හිත හිතා මං දවල්ට උයලා ඉවර වෙලා මිදුලට ගියා අතු ගාන්න.මුලු මිදුලම අතු ගාලා ඉවර වෙලා කොල රොඩු ටිකත් පුච්චලා දාලා බාතෲම් එකට හොදට නා ගත්තා.

ලබන සතියෙ නත්තල් හින්දා මේ දවස් වල නුවරඑළියේ කඩ සාප්පු වල සෙනග ගොඩාක් වැඩියි.ටව්මට ගිහින් ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් අරගෙන ආවා.

සතියකට පස්සෙ භානුක ආයෙමත් වැඩට යන්න පටන් ගත්තා.එයා වැඩට ගියාම මට තමයි පාලු ඉතිං.වැඩක් නැති වෙලාවට නන්දිතා මෙහෙ එනවා.ඒ වෙලාවට නම් ෆුල් ජොලි තමා ඉතිං😀😀කොහේ හරි තියන ඕපදූපයක් ගැන කියව කියව ඉන්නවා.වෙලාව යනවා දැනෙන්නෙ නැහැ.කම්මැලි හින්දා මිදුල අතුගාලා දාලා මං ටිකක් ඇදෙන් ඇල වුනා.එතකොටම නන්දිතා ඇවිත් කතා කරන සද්දෙ ඇහුනා.

“අනේ පුංචි බේබි නිදාගෙනද හිටියෙ.ඇයි සනීප නැද්ද?…….”

“ඇගට පණ නෑ වගේ නන්දිතා.කොන්දත් රිදෙනවා.ඔයා මොකක් හරි උවමනාවකටද ආවෙ?…….”

“නෑ පුංචි බේබි.මං නිකන් වගේ ආවෙ. පුංචි බේබි තනියමනෙ ඉන්නෙ……..”

“අනේ ඒක හොදයි නන්දිතා.අපි යමු එලියට……..”

අපි දෙන්නම මිදුලට ගිහින් ලොවි ගහ යට බංකුවෙන් වාඩි වුනා.

“අපි බට්ටො පනිමු පුංචි බේබි…….”

“අනේ බෑ නන්දිතා මගෙ කොන්ද රිදෙනවා.ඇගට පණ නෑ.හරි අමාරුයි…….”

“අනේ ගොඩාක් අමාරුද පුංචි බේබි?අපි බෙහෙත් ගේන්න යමු……..”

“ඕන්නෑ නන්දිතා මේක ටිකක් වෙලා යද්දී ඇරිලා යයි……..”

ඊට පස්සේ මායි නන්දිතායි එක එක විකාර දේවල් කියව කියව හිටියා.ටිකක් වෙලා යද්දී මගෙ ඔලුව කැරකෙන්න වගේ අරගෙන මාව බංකුව පල්ලට වැටෙන්න ගියා.හොද වෙලාවට නන්දිතා මාව අල්ල ගත්තෙ.

“අනේ පුංචි බේබි අපි යමු ගේ ඇතුලට. ඉන්න මං මහත්තයට කෝල් කරලා කියන්නම් පුංචි බේබිට සනීප නෑ කියලා…….”

“ඒයි පිස්සු කෙල්ල ඔයා නිකන් බොරුවට කලබල වෙලා.මට අසනීපයක් නෑ…….”

“ඒ වුනාට පුංචි බේබි මට නම් හොදටම බයයි.බලන්න ඉස්සෙල්ලා මං හිටියේ නැත්නම් පුංචි බේබි බංකුව පල්ලටම වැටෙනවා…….”

“එහෙනම් නන්දිතා මාත් එක්ක ගමනක් යන්න එනවද?…….”

“හා එන්නම් පුංචි බේබි…….”

🔥🔥

“මගේ සුභ පැතුම් පුංචි බේබි.අපේ අලුත් පොලිස් මහත්තයටයි…….”😀

යකෝ මේකි ගිහින් තියන දුර🤦🤦ලමයා බඩට ඇවිත් මාස දෙකයි.මේකි ඒ ඩිංගට මගෙ ලමයව පොලීසියට බන්දලා දීලත් ඉවරයි.😀😉😂🤣

❤️❤️

මං මග බලන් හිටියා භානුක ගෙදර එනකල් මේ සුභ ආරංචිය එයාට කියන්න.වෙනදාට වඩා විනාඩි දහයක් විතර කලින් භානුක ගෙදර ආවා.මං ගිහින් භානුකව බදා ගත්තා.

“ඇයි මැණික මේ?මොකද වුනේ?…….”

“දෙයක් කියන්න මට මොනවද දෙන්නෙ?……”

මං සුරතල් හඩින් එහෙම කියලා භානුකට අත් දෙකම දික් කරා.භානුක මගෙ අත් දෙකම අල්ල ගත්තා.

“මොනවද ඕනි?…….”😃

මං භානුකගේ අතක් අරගෙන මගේ කුස
මත තිබ්බා.මගේ ඉගියෙන් භානුක තේරුම් ගන්න ඇති මං මොකක්ද අදහස් කරේ කියලා.භානුකගේ මුහුණ සිනහා රැල්ලක් එකතු වෙන්න එතරම් වෙලා ගියේ නෑ.සන්තෝශයෙන් පිරී ඉතිරී ගිය භානුක මාව හරහට ඔසවා ගත්තා.

“අනේ භානුක මාව වැටෙයි අනේ.මට බයයි අනේ බලාගෙන…….”

මං එහෙම කිව්වත් මං දන්නවා භානුක මාව වට්ටන්නෙ නෑ කියලා.හිමිනි සීරුවේ මාව ඇදෙන් හාන්සි කරවපු භානුක මං ඇදලා හිටපු බ්ලව්ස් එක උඩට කරලා මගෙ කුස සිප ගත්තා.

“දැන් ඉතිං චන්ඩි රැජිනගේ චන්ඩි වැඩ නවත්තලා ටිකක් තැන්පත් වෙන්න වෙයි. නැත්නම් අපේ පැටියත් දග මල්ලක් වෙයි අම්මි වගේ…….”

“මං දග නෑ මහත්තයෝ……”❤️❤️

“නත්තල් තෑග්ග නම් ශෝයි රත්තරං…….”😘😘

අවසානයි