කාලය දින සති ගනන් ගෙවිලා ගියත් උවමනාවකට වඩා ස්වේතා නංගි මාත් එක්ක වැඩිය කතා කරේ නෑ.මං දැනුවත්ව මගෙ අතින් ස්වේතා නංගිගෙ හිත රිදෙන කිසිම දෙයක් සිද්ද වෙලා නෑ.

මේ දවස් ටිකේ ගෙදර අය ගොඩාක් කාර්‍යබහුලයි.රාජේශ් මහත්තයගෙයි අනූෂා නෝනගෙයි වෙඩින් එකට ලෑස්ති වෙනවා.මාත් මට පුලුවන් හැම උදව්වක්ම එයාලා වෙනුවෙන් කරනවා. මේ දවස් වල මධාරා නෝනත් වැඩිය දහවලේදි ගෙදර නෑ.එක දවසක් සරත් මහත්තයා දවල් දෙකට විතර ගොඩාක් කලබලෙන් වගේ ගෙදර ආවා.

“සහන්‍යා දූ දවල් කවුරුහරි ගෙදර ආවද? කවුරු හරි කෙනෙක් මගෙ කාමරේට ගියාද?…….”

මට එතකොට එකපාරටම මතක් වුනා උදේ දහයට විතර රාජේශ් මහත්තයා සරත් මහත්තයගෙ කාමරේට ඇවිත් යනවා.

“මේ…..උදේ දහයට විතර රාජේශ් මහත්තයා හදිස්සියෙන්ම වගේ ඇවිත් මහත්තයගෙ කාමරේට ගිහින් මොකද්දෝ මන්දා ෆයිල් එකක් අරන් ගියා……..”

මං එහෙම කිව්වම සරත් මහත්තයා කාරෙකට නැගලා ගියා.මං කාමරේට ගිහින් මගෙ පාඩුවෙ හිටියා.ස්වේතා නංගීත් යාලුවෙකුගේ පාර්ටියකට ගිහිල්ලා.

“සහන්‍යා…….”😡

මගේ කාමරේ දොර ලගින් ඇහුනු ඒ කටහඩට මං ටක්ගාලා නැගිටලා ගියා කව්ද කියලා බලන්න.ඇවිත් හිටියෙ රාජේශ් මහත්තයා.

“උඹ මොකටද තාත්තට මං ගැන කේලම් කිව්වෙ ආ……..”😡😡

මගෙ කොණ්ඩෙන් ඇදගෙන රාජේශ් මහත්තයා ඒ අහපු විදියට මට හොදටම බය හිතුණා.😥😥

“අනේ මහත්තයා මගෙ කොණ්ඩෙ අතාරින්න රිදෙනවා.මං සරත් මහත්තයා අහපු දේට ඇත්ත කිව්වා විතරයි…….”😭

මං හයියෙන් කෑ ගහනකොට රාජේශ් මහත්තයා මට ගහලා මාව තල්ලු කරා.ඒ තල්ලු කරපු පාරට මගෙ ඔලුව කණුවෙ වැදුනා.කිසිම ගානක් නැතුව රාජේශ් මහත්තයා එතනින් යන්න ගියා.මං නලල අතගාලා බැලුවා.නලලෙන් හොදටම ලේ ආවා.මං නැගිටින්න හදනකොට ස්වේතා නංගී ගෙදර ආවා.

“අනේ දෙයියනේ අක්කෙ ඔයාට මොකද මේ වුනේ?අනේ නලලෙන් හොදටම ලේ එනවා…….”

ස්වේතා නංගී මාව නැගිට්ටෙව්වා.මගෙ නලලෙන් ගලපු ලේ ඇදුමෙත් තැවරිලා. ස්වේතා නංගී මාව ඉක්මනට හොස්පිටල් එකට එක්කන් ගියා බෙහෙත් දාන්න.

හොස්පිටල් එකට ගිහින් බෙහෙත් දාගෙන ආපහු ගෙදර එද්දී මාධවී නෝනයි සරත් මහත්තයයි රාජේශ් මහත්තයයි සාලෙ වාඩි වෙලා හිටියා.මාව දැකපු ගමන්ම රාජේශ් මහත්තයා හොදටම බය වුනා.

“අනේ දෙයියනේ සහන්‍යා දූ ඔයාට මොකද මේ උනේ?මේ මොකද වෙලා තියෙන්නේ?……..”

මං ගාවට ආපු මාධවී නෝනා බය වෙලා වගේ මගෙන් එහෙම ඇහුවා.

“අම්මගෙ මහලොකු පුතාගෙ වැඩ තමයි මේ.අක්කගෙ නලලට මැහුම් පහක්ම දැම්මා……..”

වෙච්චි හැම දෙයක්ම ස්වේතා නංගී කිව්වා.

“රාජේශ් තමුසෙට පිස්සු හැදීගෙන එනවද මනුස්සයො?ඒ මිනිස්සු මේ ළමයව මෙහෙ එව්වෙ අපි ගැන විශ්වාස කරලා.මිනී මරන වැඩ කරන්න එපා…….”😡😡

සරත් මහත්තයයි මාධවී නෝනයි රාජේශ් මහත්තයට හොදටම බැන්නා.

“පුතා ඔයා කරලා තියෙන්නෙ ලොකු වැරැද්දක්.දැන්මම සහන්‍යා දූගෙන් සමාව ගන්න……..”

“අයැම් සොරි සහන්‍යා……..”

එහෙම කියපු රාජේශ් මහත්තයා එතනින් ගියා.ස්වේතා නංගී මාව කාමරේට එක්කන් ගියා.මං හිතුවා ස්වේතා නංගී මාත් එක්ක දැන් තරහ නැතුව ඇති කියලා.ඒත් ස්වේතා නංගී මාව කාමරේට ගෙනත් දාලා නොකියාම යන්න හැදුවා.

“ප්ලීස් මට ස්වේතා නංගී ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලා වගේ ඉන්නෙ?ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?…….”

“මං….අක්කිත් එක්ක තරහ නෑ…….”

“එහෙනම් ඇයි ඔයා වෙනදා වගේ මාත් එක්ක කතා කරන්නැත්තෙ?ඔයා ලොකු දුකකින් වගේ ඉන්නෙ.මට කියන්න පුලුවන් දෙයක් නම් කියන්න……..”

මං එහෙම කිව්වම ස්වේතා නංගී ටිකක් වෙලා කල්පනා කරා.

“මං කෙනෙකුට පණ වගේ ආදරේ කරා. එයා වෙන කෙනෙක්ව මැරි කරන්න යනවා.ඕනවටත් වඩා හැම දෙයක් ගැනම මං බලාපොරොත්තු තියාගත්තා වැඩියි.ඒකයි මෙච්චර දුක……..”

මං හිතුවා හරි ස්වේතා නංගිට තියෙන්නෙ කොල්ලෙක් ගැන ප්‍රශ්නයක්.

“ශික්….මාර සවුත්තු වැඩක්නෙ ඒක.ඔයා දුක් වෙන්න එපා නංගි.ඔයා තාම ඉගන ගන්නවනේ.ඉගනගෙන ඉවර වෙලා ආදරයක් ගැන හිතන්න.ඒ කොල්ලා නැතුවට ඔයාට හොද කොල්ලෙක් හම්බෙයි…….”

“මං එයාට ගොඩාක් ආදරෙයි අක්කෙ. ඒකයි මට එයාව අමතක කරන්න බැරි.ඒ මගේ පලවෙනි ආදරේ…….”

“අඩන්න එපා නංගි.ඌ ඔයාට ඇත්තටම ආදරේ කරා නම් කවදාවත් ඔයාව දාලා යන්නෑනෙ.ආදරේ ගැන ඔයාට උපදෙස් දෙන්න මට තේරෙන්නෙ නෑ.හිත හදා ගන්න…….”

“එයාට බනින්න එපා අක්කෙ.එයා කව්ද කියලා දන්නවා නම් ඔයා ඔහොම කියන්නෑ.මං එයාට අවුරුදු දෙකක් තිස්සෙ ආදරේ කරාට එයා ඒ ගැන දන්නෑ. එයා මාත් එක්ක එක පාරක්වත් කතා කරලා නැහැ…….”

පව් ඒ කොල්ලා නිසා ස්වේතා නංගී පිස්සු වැටිලා ඉන්නෙ.ස්වේතා නංගී කාමරෙන් ගියාට පස්සෙ මං නිදා ගත්තා.

මේ විදියට ටික දවසක් ගෙවිලා ගියා. වෙනදා වගේ සුපුරුදු විදියට මං රෑ කෑම කාලා කාමරේට ගිහින් දොර වහලා නිදා ගත්තා.නින්දත් නොනින්දත් අතර ඉද්දී කවුරුහරි මගෙ ඇගට අත තියනවා වගේ දැනුනා.හොදටම බය වෙච්චි මං ඇස් ඇරලා බලනකොට ළග හිටියේ රාජේශ් මහත්තයා.මං කෑ ගහන්න හදනකොටම රාජේශ් මහත්තයා මගෙ කට තද කරලා වහගත්තා.

“පින් සිද්ද වෙයි සහන්‍යා කෑ ගහන්න එපා.මං තමුසෙට කරදරයක් කරන්න නෙමෙයි ආවෙ.කෑ ගහන්න නම් එපා……..”

එහෙම කියපු රාජේශ් මහත්තයා මගෙ කට අතෑරියා.බය වැඩි කමට මගෙ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ලොක් කරපු දොර කොහොමද රාජේශ් මහත්තයා ඇර ගත්තේ?

“අනේ රාජේශ් මහත්තයා පින් සිද්ද වෙයි මෙතනින් යන්න.ලොකු මහත්තයා හරි නෝනා හරි දැක්කොත් මට හොදටම බැනුම් අහන්න වෙයි……..”😥😥

“එයාලා දකින්නෙ නෑ.මට තමුසෙත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා ඒකයි ආවෙ…….”

“කියන්න තියන දෙයක් හෙට කියන්න මහත්තයා.මට බයයි මෙතනින් යන්න…….”😥😥

මං කොයි තරම් කිව්වත් රාජේශ් මහත්තයා කාමරෙන් ගියෙ නෑ.දෙයියනේ ගෙදර කවුරුහරි දැක්කොත් රාජේශ් මහත්තයා මගේ කාමරේට එනවා.මට හොදටම බැනුම් අහන්නයි වෙන්නෙ.😢

“මං අනූෂා ව මැරි කරන්න කැමති නෑ…….”

“ඉතිං ඒක මට කියලා වැඩක් නෑනෙ මහත්තයා.ඔයා ඒ ගැන මාධවී නෝනට හරි සරත් මහත්තයට හරි කියන්න…….”

“එයාලට කියලා වැඩක් නෑ.මං මුලදි කොච්චර කිව්වද මට අනූෂා ව මැරි කරන්න බෑ කියලා.මං ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට……..”

“එහෙනම් ඒක එයාට කියන්න මහත්තයා.අනේ දැන්වත් මෙතනින් යන්න……..”

“මං…..මං ආදරේ කරන්නෙ තමුසෙට සහන්‍යා……..”

“මොකක්???…….”⚡⚡

“ඔව් සහන්‍යා මං විහිලුවක් නෙවෙයි කරන්නෙ.මං තමුසෙට ආදරෙයි.මට ඒක කියාගන්න බැරුවයි හිටියෙ.මට අනූෂා ව මැරි කරන්න බෑ.ඒක මං අනූෂාටත් කිව්වා…….”

දෙයියනේ රාජේශ් මහත්තයා මොනවද මේ කියන්නෙ?අනේ මං කවදාවත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කන්න දීපු අත හපාකනවා වගේ තිරිසන් වෙන්න මට බෑ.

“අනේ රාජේශ් මහත්තයා මං ගැන අදහසක් තියනවා නම් ඒක අතෑරගන්න. අහසට පොළව කවදාවත් එකතු වෙන්නෙ නෑ.මට බෑ ලොකු මහත්තයාටයි නෝනටයි ද්‍රෝහි වෙන්න…….”

“එතකොට තමුසෙට පුලුවන්ද මාව මැරෙනකල් බලන් ඉන්න.තමුසෙව නැති වුනොත් මං පිස්සෙක් වෙයි සහන්‍යා.මාව තේරුම් ගන්නවා……..”

“අනේ මට බෑ මහත්තයා.කවදාවත් මේවට අපේ දෙමව්පියන්ගෙන් කැමැත්‍තක් ලැබෙන්නෙ නෑ…….”😢

“මේ බලන්න සහන්‍යා තමුසෙට මාව නැතුව ඉන්න පුලුවන්ද?මගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කියනවා මාව නැතුව ජීවත් වෙන්න පුලුවන්ද?…….”

මගේ කම්මුල දෝතින්ම අල්ලගෙන රාජේශ් මහත්තයා එහෙම අහද්දී තවත් මට ඒ ආදරණීය දෑස් අතරෙ හිරවෙලා ඉන්න බැරි වුනා.මං ඉබේටම බිම බලා ගත්තා.මගේ නලල සිපගෙන රාජේශ් මහත්තයා දෙවුරෙන්ම අල්ලලා මාව නැගිට්ටෙව්වා.

“වචන වලින් නොකිව්වට මං දන්නවා සහන්‍යා තමුසෙ මට ආදරෙයි කියලා. තමුසෙව අයිති මට විතරයි…….”

එහෙම කියලා රාජේශ් මහත්තයා කාමරෙන් යන්න ගිහිල්ලා ආපහු හැරුණා.

“ආ….මේ කාමරේ මීට කලින් පාවිච්චි කරේ මං.මං ගාව යතුරු දෙකක් තියනවා. 🔑🔑

රාජේශ් මහත්තයා කාමරෙන් ගියාට පස්සෙ මං ඇදට වැටිලා කල්පනා කරා මොනවද මේ සිද්ද වුනේ කියලා.වෙච්චි හැම දෙයක්ම මට හීනයක් වගේ.මං කොහොමද දෙයියනේ රාජේශ් මහත්තයට ආදරේ කරන්නෙ?අවුරුදු දෙකක් තිස්සෙ මාව මෙහෙ නවත්තගෙන කන්න බොන්න දීලා හැම වියදමක්ම දරලා මාව ඉස්කෝලේ යවපු මාධවී නෝනටයි සරත් මහත්තයටයි මං කොහොමද දෙයියනේ ද්‍රෝහි වෙන්නෙ?😢😢

කල්පනා කරලා කරලා හිටපු මට නින්ද ගියේ පාන්දරයි.උදේ ඇහැරෙද්දී අටත් පහුවෙලා.බාතෲම් එකට ගිහින් නලල නොතෙමෙන්න මුහුණ කට හෝදගෙන දත් මැදලා මං කුස්සියට ගියා.

“ආ සහන්‍යා දූ දැන්ද ඇහැරුනේ?…….”

“අනේ ඔව් නෝනා.අද මට ගොඩාක් වෙලා නින්ද ගියා…….”

“දුවට තුවාලෙ තාම ගොඩාක් රිදෙනවද?…….”

“අනේ නෑ නෝනා දැන් ගොඩාක් හොදයි…….”

“දුව එහෙනම් තේ බීලා කාලා එහෙම ලෑස්ති වෙලා ඉන්න.දහයට විතර අනූෂා දුව එයි ඔයාව එලියට එක්කන් යන්න වෙඩින් එකේ වැඩ වගේකට…….”

එහෙම කියලා මාධවී නෝනා කුස්සියෙන් ගියා.මට හිතා ගන්න බැරි වුනා මොනවා කරන්නද කියලා.තේ බීලා මං ලෑස්ති වෙලා ඉවර වෙනකොට අනූෂා නෝනා ආවා කාර් එකේ.

“ඔයා ලෑස්ති වෙලා ඉවරද නංගි.යමු…….”

කාරෙකේ ඉස්සරහ දොර ඇරලා මට නගින්න කියපු අනූෂා නෝනා අනික් පසින් නැග්ගා.

“මට අහන්නත් බැරි වුනා ඔය නලල තුවාල වුනේ මොනවා වෙලාද?…….”

“අ…..මේ….බාතෲම් එකේ ලිස්සලා වැටිලා…….”

මං එහෙම කිව්වම අනූෂා නෝනා හිනා වුනා.

“බාතෲම් එකේ ලිස්සලා වැටිලද?එහෙම නැත්නම් රාජේශ් තල්ලු කරපු පාරට කණුවෙ වැදිලද?……..”

දෙයියනේ අනූෂා නෝනා කොහොමද ඒක දැනගත්තෙ?

“නෝනා…මේ ඒක කොහොමද දන්නෙ?…….”

“පිස්සු කෙල්ල😀😀රාජේශ් මට හැම දෙයක්ම කිව්වා.එයාගෙ හිතේ තිබ්බ හැම දෙයක්ම මට කිව්වා…….”

“හැ…..හැම දෙයක්ම කිව්වෙ?……..”

“ඊයෙ රෑ ඔයාගෙ කාමරේට ඇවිත් කියපු දේවල්.මේ අහන්න නංගි රාජේශ් ඔයාට ගොඩාක් ආදරෙයි……..”

“අනේ නෝනා මං කොහොමද රාජේශ් මහත්තයට ආදරේ කරන්නෙ?ඔය දෙන්නා ලගදිම බදින්නනෙ ඉන්නෙ?මට බෑ මාධවී නෝනයි සරත් මහත්තයයි කරපු උදව් වලට ද්‍රෝහි වෙන්න…….”😢😢

“රාජේශ් ඔයාට ආදරේ කරද්දි මං කොහොමද එයාව මැරි කරන්නෙ?ආදරේ නැති කෙනෙක් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ නංගි.ඔයාට තාම මේ දේවල් තේරෙන්නෙ නෑ.අපි දෙගොල්ලොන්ගෙ දෙමව්පියෝ අපේ කසාදෙ ගන්න ලෑස්ති කරාට මට බෑ රාජේශ්ව මැරි කරන්න. ඔයාලා දෙන්නට එකතු වෙන්න මං උදව් කරන්නම්.දැන්වත් රාජේශ්ගෙ ආදරේ පිලිගන්න.ඔයාව අහිමි වුනොත් එයා පිස්සෙක් වෙයි නංගි……..”

“අනේ නෝනා මං කොහොමද එහෙම කරන්නෙ?සරත් මහත්තයා අපිව මරයි…….”

“එයාලට ද්‍රෝහි වෙන්න බෑ කියලා ඔයාට පුලුවන්ද රාජේශ් මැරෙනකල් බලන් ඉන්න.ඔයාගෙ ඔය ප්‍රතිපත්ති හින්දා රාජේශ්ගෙ ජීවිතේ විනාශ වෙනවා බලන්න ඔයාට පුලුවන්ද?ආ….කතා කරනවා……..”😠😠

අනූෂා නෝනා අහපු විදියට මට බයත් හිතුණා.ඊට පස්සේ හුගාක් වෙලා යනකල් මාත් එක්ක කතා කරේ නෑ.එයා කාරෙක පදවගෙන ගියේ කොහෙදෝ මන්දා ගෙදරකට.දොර ඇරලා මගෙ අතිනුත් අල්ලගෙන අනූෂා නෝනා ඒ ගේ ඇතුළට ගියා.

“මේ මගේ යාලුවෙකුගෙ ගෙයක්……..”

ගේ ඇතුලෙ සාලෙ පුටුවක වාඩි වෙලා හිටියේ රාජේශ් මහත්තයා.

“ඔයාලා දෙන්නා කතා කරගන්න දෙයක් කතා කරන්න……..”

එහෙම කියලා අනූෂා නෝනා එලියට ගියා.

“මෙහාට එනවා…….”

රාජේශ් මහත්තයා මාව ඇදලා එයාගෙ තුරුලට ගත්තා.මාව හොදටම ගැහෙන්න ගත්තා.

“මොකද ඕයි තමුසෙ මෙහෙම බය වෙලා. මං තමුසෙව මරන් කන්නෙ නෑ…….”

“අනේ මහත්තයා මට බයයි…….”

“බය වෙන්න එපා සහන්‍යා.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.ප්ලීස් මාව තේරුම් ගන්න…….”

“අනේ මට බෑ මහත්තයට ආදරේ කරන්න……..”

“ආ ඇත්තද බලනවා මෙහෙ?මේකෙ මොනවද තියෙන්නෙ කියලා දන්නවද?……..”

එහෙම කියලා රාජේශ් මහත්තයා කුඩා බෙහෙත් බෝලයක් අතට ගත්තා. දෙයියනේ රාජේශ් මහත්තයා මොනවද මේ කරන්න හදන්නෙ?😢

“මේකෙ තියෙන්නෙ වහ.තමුසෙට මාව එපානෙ.මං මේක බොනවා……..”

එහෙම කියපු රාජේශ් මහත්තයා ඒ බෝතලේ මූඩිය ඇරලා කටට දෙකට ඒක බිව්වා.අනේ දෙයියනේ😭😭මං බලන් ඉන්නැද්දිම රාජේශ් මහත්තයා පපුව අල්ලගෙන බිමට වැටුනා.මං කෑගහගෙන රාජේශ් මහත්තයව අල්ල ගන්න හැදුවත් රාජේශ් මහත්තයට සිහිය නැති වුනා.මං කෑ ගහගෙන එලියට දුවලා අනූෂා නෝනගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ආවා.අනූෂා නෝනත් හොදටම බය වෙලා හිටියෙ.

“අනේ රාජේශ් මහත්තයා කතා කරන්න දෙයියනේ….අනේ ඇස් ඇරලා බලන්න මං දිහා…….”😭😭

“ඔයා මොනවද නංගි මේ කරේ?රාජේශ් වහ බිව්වෙ ඔයා හින්දයි……..”

“අනේ නෝනා මං හිතුවෙ රාජේශ් මහත්තයා මෙහෙම දෙයක් කරගනියි කියලා.අනේ මහත්තයා නැගිටින්න.මං මහත්තයාට ගොඩාක් ආදරෙයි.අනේ මං ඔයාට ගොඩාක් ආදරෙයි රාජේශ් මහත්තයා.අනේ මට සමාවෙන්න……..”😭

“ඇත්තටම ආදරෙයිද?……..”

“ඔ……ව්…….”

“මොකක්…..රාජේශ් මහත්තයා ඔයා බොරුවක්ද කරේ?අනේ මං හොදටම බය වුනා……..”😢😢

රාජේශ් මහත්තයා මගෙ උරහිසට අත තියාගෙන නැගිට්ටා.

“මේ අයිඩියා එක දුන්නෙ අනූෂා තමයි. නැත්නම් තමුසෙ කොහෙද මට ආදරෙයි කියන්නෙ?මේ බෝතලේ තිබ්බෙ වතුර…….”

තාමත් මගෙ පපුව ගැහෙනවා.රාජේශ් මහත්තයට නම් හිනා.

“දැන් හරිනෙ රාජේශ්.ඔන්න සහන්‍යා ඔයාගෙ ආදරේ පිලි ගත්තා.කතා කර ගත්තු පිලිවෙලට වැඩ ටික කරමු…….”

අනූෂා නෝනා එහෙම කියලා පුටුවෙන් වාඩි වුනා.

“මෙහෙ බලන්න සහන්‍යා.ඔයා අනිද්දා පාන්දර දෙක වෙද්දි කාටවත්ම නොදැනෙන්න පාරට එන්න ඕනි.අනූෂා කාරෙක අරන් හැරෙන වංගුව ගාවට එයි. මං ඔයත් එක්කම එනවා.අපි දෙන්නා අනිද්දා උදේ නවයට කසාද බදිනවා.අපිට නවතින්න තැනක් මං හොයාගත්තා.ඔයා කිසිම දේකට බය වෙන්න එපා…….”

මතු සම්බන්දයි🌹🌹
(ළමායි දෙන්නා පැනලා යන්න හදන්නෙ. මොකද කියන්නෙ?බාල්දියක් පෙරලන්නද?……”)