ආපු ජීප් එකෙන් බැහැලා මං හොස්පිටල් එකට දිව්වේ අඩියට දෙකට.මං දැක්කා හොස්පිටල් එකේත් තැනින් තැන පොලීසියෙන් ඉන්නවා.මං කදුලු පිහදාගෙන එක පොලිස් ඔෆිසර් කෙනෙක් ගාවට ගිහින් භානුක ගැන ඇහුවා.
“බය වෙන්න එපා මිසිස් විජේනායක. භානුක ගැන මං ඩොක්ටර් එක්ක කතා කරා.එයාගෙ තත්වෙ නෝමල්.උණ්ඩෙ වැදිලා තියෙන්නෙ උරහිස පැත්තට.එන්න මාත් එක්ක…….”
මං ඒ පොලිස් නිළදාරියා පිටිපස්සෙන්ම භානුක හිටපු රූම් එක ඇතුලට ගියා. එයාගෙ තත්වෙ නරක නෑ කියලා දැන ගත්තට පස්සෙයි මට සැනසුමක් දැනුනෙ.භානුකට වෙඩි වැදුනු තැන උණ්ඩය ඉවත් කරලා තුවාලෙට බෙහෙත් දාලා තිබ්බා.භානුකට සිහිය ඇවිත් තිබ්බ නිසා මං භානුක ගාවටම ගියා.මගෙ ඇස් දෙකේ තිබ්බ කදුලු භානුක දකින්න ඇති.
“අනේ මගෙ රත්තරං භානුක ඔයා හොදින් නේද?ඔයාට ගොඩක් අමාරුද?…….”😭😭
භානුකගේ අතින් අල්ලගෙන මං එහෙම ඇහුවා.
“අඩන්න එපා සමුද්‍රා.මට ලොකු අමාරුවක් නෑ.ටික දවසක් යද්දී ටිකක් කපයි…….”
බොහොම අමාරුවෙන් වගේ භානුක එහෙම කිව්වා.මගෙ හිතට සැනසිල්ලක් දැනුනේ භානුකගේ තත්වෙ හොදයි කියලා මගෙ ඇස් වලින්ම දැන ගත්තට පස්සෙයි.
“කව්ද භානුක ඔයාට වෙඩි තිබ්බෙ?කව්ද ඔයත් එක්ක තරහාකාරයෙක් හිටියේ?…….”
“උන්ව පොලීසියෙන් ඇරෙස්ට් කරලා ඉවරයි සමුද්‍රා.මොකද මගෙ චන්ඩි රැජින මෙච්චර බය වෙලා.බය වෙන්න එපා ලමයො.මට ලොකු අමාරුවක් නෑ. ඉක්මනට ටිකට් කපයි……..”
“ඔයාට ඉන්නෙ ගොඩාක් හොද වයිෆ් කෙනෙක් මිස්ට භානුක…….”
මෙච්චර වෙලා අපි ගාව හිටපු පොලිස් ඔෆිසර් භානුකට මාව පෙන්නලා එහෙම කිව්වා.
“සමුද්‍රා ගොඩක් හොද බිරිඳක් සර්.එයා මට ගොඩාක් ආදරෙයි…….”
අපිත් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටපු ඒ ඔෆිසර් එතනින් ගියා.
“ඔයාගෙ තනියට නන්දිතාව අඩ ගහගන්න.තනියම ඉන්න එපා……..”
“මං නන්දිතාට කතා කරන්නම් භානුක. ඒත් මං තනියම ඉන්න බය නෑ…….”
“අනේ පණ්ඩිතයා වෙන්නෙ නැතුව නන්දිතාට එන්න කියනවා…….”
ටිකක් වෙලා භානුක ගාව හිටපු මං ගෙදර ඇවිත් නන්දිතාවත් ගෙදරට ගෙන්න ගත්තා.භානුකට වෙඩි වැදිලා කියලා දැන ගත්තු නන්දිතාත් ගොඩාක් දුක් වුනා.
“අනේ දෙයියනේ කව්ද භානුක මහත්තයට ඒ වගේ අපරාධයක් කරේ?අනේ කාටත් හොද කරපු මහත්තයා.මේ අපරාදෙ කරපු උන්ට නම් ඉක්මනින් දඩුවම් දෙන්න ඕනි……..”😠😠
“ඔව් නන්දිතා මං කියන්නෙත් ඒකම තමා.මේ කරපු දේට නම් උන්ට දඩුවම් ලැබෙන්නම ඕනි……..”😠😠
පහුවදා උදේම මං නන්දිතාත් එක්ක භානුකට කෑම අරගෙන හොස්පිටල් එකට ගියා.අපි යද්දී භානුක හිටියේ නැගිටලා ඇදට හේත්තු වෙලා.
“ඉන්න භානුක අපි කෑම කාලා ඉම්මු……”
මං භානුකට කෑම කැව්වා.අද භානුකගේ උපන්දිනේ හින්දා මං එයාට කිරිබත් හදාගෙන ඇවිල්ලා කැව්වා.
“ඇයි මැණික අද කිරිබත්?…….”
“ආ…හිතුවද මට අමතකයි කියලා.අද ඔයාගෙ උපන් දිනේනෙ මහත්තයෝ……”
“මං හිතුවෙ මැණිකට ඒක අමතක වෙලා කියලා…….”
“මට එහෙම අමතක වෙනවද මගෙ මහත්තයගේ උපන් දිනේ…….”
කිරිබත් ටික කවලා ඉවර වෙලා මං භානුකට කේක් කෑල්ලකුත් කැව්වා.ඊට පස්සේ භානුකගේ නලලට සිපගෙන මං එයාට බර්ත්ඩේ එකට විශ් කරා.
“අපරාදෙ ගෙදර හිටියා නම් අපි දෙන්නට පුංචි පාටියක් දාලා කේක් කපන්න තිබ්බා……”
“ලබන අවුරුද්දේ බර්ත්ඩේ එකට අපි එහෙම කරමු භානුක.ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ……..”
සතියකට පස්සෙ හොස්පිටල් එකෙන් ටිකට් කපාගෙන භානුකව ගෙදර එක්කන් ආවා.ඇවිදින්න පුලුවන් වුනාට භානුකට ටික කාලයක් යනකල් දකුණු අත හොලවන්නත් අමාරු වෙයි කියලා ඩොක්ටර් කිව්වා.නන්දිතා අපිත් එක්ක භානුකට සනීප වෙනකල් ඉන්න පොරොන්දු වුනා.
“සමුද්‍රා…….”
“ඇයි භානුක?……..”
“මට මුහුණ හෝදගන්න උදව් කරන්නකෝ…….”
මට දුකත් භානුක එහෙම කියපු විදියට. මං ඉක්මනට දුවලා ගිහින් භානුකගේ මුහුණ හෝදවලා පිහ දැම්මා.
“හොද වෙලාවට මෙතෙන්ට වෙඩිල්ල වැදුනේ.තව ටිකක් මෙහාට වැදුනා නම් සොරිම තමා……”
“අනේ එහෙම කියන්න එපා භානුක මට බය හිතෙනවා.මං දෙයක් කියන්න ඔයා අහනවද?…….”
“මොකක්ද මැණික?…….”
“ඔයා ඔය පොලීසියේ ජොබ් එකෙන් අයින් වෙන්න භානුක.මට බයයි ඔයාගෙ ජීවිතේ ගැන…….”
“ඔහොම බය වෙලා බෑ ජීවත් වෙන්න.මේ රස්සාව කරද්දී හොදට කොන්ද පණ තියන්න ඕනි.වැරදිකාරයන්ට බය වෙලා අපි අපේ ගමන නැවැත්තුවොත් මේ සමාජෙට මොකක්ද වෙන්නෙ?පොලීසියෙ හතුරො කියන්නෙ මුලු සමාජෙම හතුරො.මගෙ චන්ඩි රැජින බය වෙන්න එපා.මාව වට්ටන්න කාටවත්ම බෑ…….”
භානුකගේ හිතේ ධෛර්යය ගැන මට ගොඩාක් ආඩම්බර හිතුණා.අනේ දෙවියනේ භානුකට කාගෙන්වත් කරදරයක් නම් වෙන්න එපා.🙏🙏මං සියලු දෙවියන්ගෙන් එහෙම ඉල්ලුවා.
“මගෙ බර්ත්ඩේ එකට ඔයා මොනවත් දුන්නෑනෙ සමුද්‍රා…….”
අපොයි දෙයියනේ😱😱එතකොටනෙ මට මතක් වුනේ භානුකට ගත්තු ප්‍රසන්ට් එක ගැන.මං ඉක්මනට කබඩ් එක ඇරලා ඒ ප්‍රසන්ට් එක භානුකට දුන්නා.
“අනේ සොරි භානුක.මේ ප්‍රශ්නෙ අස්සෙ මට මේක ඔයාට දෙන්න අමතක වුනා…….”
“අනේ මං විහිලුවට කිව්වෙ රත්තරං. මෙච්චර හොද වයිෆ් කෙනෙක් ඉන්නැද්දී මට මොකටද තෑගි…….”
මගේ කොන්ඩෙ අවුල් කරම ගමන් භානුක එහෙම කිව්වා.මං භානුකට දුන්නෙ ලස්සන මුද්දක්.
“අනේ ගොඩාක් ලස්සනයි මැණික.තැන්ක්‍යූ……”
භානුක එපා කියලා කියපු හින්දා එයාගෙ අම්මටයි තාත්තටයි වෙච්චි දේ ගැන කිව්වෙ නෑ.එයාලා බය වෙලා හැම දේම දමලා ගහලා ලංකාවට එයි කියලා භානුක කිව්වා.
“සමුද්‍රා….මට මේ කමිසෙ ඇද ගන්න උදව් කරන්නකෝ…….”
භානුකට කමිසෙ අන්දවලා මං කුස්සියට ගිහින් නන්දිතා එක්ක උයන්න පටන් ගත්තා.
“මහත්තයාට ඉක්මනට සනීප වෙයි පුංචි බේබි…….”
මං කල්පනා කරමින් උයන්න ගත්තු නිසා නන්දිතා එහෙම කිව්වා.
“මට භානුකගේ ජීවිතේ ගැන බයයි නන්දිතා.මං එයාට කිව්වා ඔය ජොබ් එකෙන් අයින් වෙන්නත් කියලා.කෝ මේ යකා අහන්න නෑනෙ.හරිම මුරණ්ඩුයි…….”
“එහෙම කියන්න එපා පුංචි බේබි. මහත්තයා ඔය ජොබ් එකට ගොඩාක් ආදරෙයි.ලොකු සේවාවක්නෙ කරන්නෙ…….”
“ඒ හින්දා තමයි මං සද්දෙ නැතුව ඉන්නෙ නන්දිතා………”
❤️❤️
මතු සම්බන්දයි……
අන්තිම කොටසට පෙර කොටසින් හෙට හමුවෙමු