ලංකාවේ ගොඩක් අය දමිල සහ තෙලිඟු චිත්‍රපට නරඹන්න ගොඩක් කැමතියි මොකද ඒ කතා තේමාවන් වගේම නළු නිලියනුත් අපේ රටේ අයගේ පෙනුමට බෙහෙවින් සමාන නිසා ඒ වගේම තමා ලංකාවේ කෙල්ලෝ ගොඩක් ඉන්දීය නළුවන්ට ආදරෙයි ලංකාවේ කොල්ලොන්ගේ ක්‍රෂ් ඉන්දියන් නිලියක් තමා, ඉතින් මේ දවස්වල හැමෝම වශී වෙලා ඉන්න ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල කොල්ලෝ ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා ඒ තමා රශ්මිකා මන්දනා ඇයව නොදන්න කෙනෙක් ලංකාවේ නම් නොමැති තරම් නම නොදන්නවා උනත් අඩුම තරමින් ඇයගේ චායා රූපයක් වත් නොදැකපු කෙනෙක් ඉන්න බෑ මොකද ඒ තරමටම ඇය ලාංකේය තරුණ සිත් වශී කරගෙන.




ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රශ්මිකා උපත ලබන්නේ 1996 අප්‍රේල් මාසයේ 05 වන දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙට් කියන නගරයේදී, දැන් ඇයට වයස 24ක් ඉන්දියානු සිනමා නිළියක මෙන්ම නිරුපිකාවක වන ඇය ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සහ කන්නඩ චිත්‍රපටවල තමා වැඩිපුරම දැකගන්න පුළුවන්, මේ වනවිට ඇය ජනමාද්‍ය වල වගේම කන්නඩ සිනමා කර්මාන්තය විසින් ඇය නැෂනල් ක්‍රෂ් විදියටත් නම් කරලා තියෙනවා.





ඇය ගොඩක්ම කෙටි කාලයක් තුල බිලියන 1ක ආදායමක් නිලියන් අතලොස්සක් අතරට ගිය ඇය අද වනවිට රශ්මිකා තෙලිඟු සහා කන්නඩ සිනමා කර්මාන්තයේ වැඩිම මුදලක් අය කරන නිලියන් අතර කෙනෙක්, රශ්මිකා මුලින්ම රංගන දිවියට පිවිසෙන්නේ 2016 වසරේ කන්නඩ චිත්‍ර පටයකින්, 2017දී ඇය අති සාර්ථක චිත්‍රපට දෙකක රඟපානවා ඒ “අන්ජානි පුත්”රා සහ “චාමක්” පසුව ඇය 2018 වසරේදී “චාලෝ” නම් ආදර කතාවක් වටා ගෙතුන චිත්‍රපටයකින් තෙලිඟු රංගනයට පිවිසෙනවා ඉති මේ ඔබ අප හැමෝම ආදරේ කරන ඒ සුරුපිනියගේ සුන්දර චායාරූප කිහිපයක්



