අපේ ගති පැවතුම් අනුව අපි එකිනෙකා එකිනෙක දෙස අවදානය යොමු කරන්නේ එකිනෙකට සාපේක්ෂ ප්‍රමාණ වලිනි.උදාහරනයක් ලෙස නාගරික ප්‍රදේශයක ජීවත් වෙන පුද්ගලයා ශබ්ද වලට ,විලාසිතා වලට වැඩි ලැදියාවක් දක්වන විට ගම්බද පුද්ගලයා ඊට වැඩි ලැදියාවක් සොබාදහමට දක්වයි.තමන් ජීවත් වෙන පරිසරය අනුව,තමන්ගේ සිතුම් පැතුම් අනුව තමයි මේ විදිහට කෙනෙක්ගෙන් තව කෙනෙක්ට තමන් දක්වන අවදානයන් එකිනෙකට වෙනස් වෙන්නේ.ඉතින් මේ විදිහට ගත්තම ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ කැමැත්තම නෙමේ අනිත් කෙනාගේ කැමැත්ත.

ඔයා කැමති දෙයට අනෙකා අකමැති වෙන්න පුළුවන්.එකිනෙකාගේ කැමැත්ත අකමැත්ත කොහොම වුණත් තමන් පෞද්ගලිකව මොනවටද කැමති,මන් කියන්නේ මොනවගේ චරිතයක්ද,මට ඕනේ මොනවාද?එපා මොනවද ?කියලා දැනගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් දෙයක්.ඉතින් ඔයා මේ රූපය දෙස බැලුවම පළමුවෙන්ම දකින දෙය කුමක්ද කියා මතක තබාගෙන ඒ දෙය ඇසුරින් ඔයාව එක වචනයකින් විස්තර කරන්නේ ඒ කියන්නේ ඔයාට දෙන තනි හැඳින්වීම කුමක්ද කියලා දැනගන්න මෙම සරල පරීක්ෂණයෙහි යෙදෙන්න.

රුවල් බෝට්ටුව ඔබ සංචාරකයෙක්! දැනුම වගේම ලෝකයම ගවේෂණය කරන්න සංචාරයේ යෙදෙන්න අලුත් අලුත් දේ සොයන්න,දකින්න ,ඉගෙනගන්න සහ ඔබේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඔබට අවශ්‍යයි.එසේම ඔබේ අත්දැකීම් හා දැනුම අවශ්‍යතාවය සහිත අය සමඟ බෙදාගැනිමටද ඔබ කැමතියි.ඔබට අවශ්‍ය මොනවද,ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නේ කොහොමද කියා ඔබ දන්නා අතර ඔබ විශ්වාසවන්ත පුද්ගලයෙකි.

අත්- ඔබ භාරකරුවෙක්. එනම් ඔබ වගකිවයුතු සහ සැලකිලිමත් පුද්ගලයෙකි. දැඩි තීරණ ගැනීමට සහ ඔබේ අවධානය අවශ්‍ය වූ විට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට ඔබ දන්නවා. උපදෙස් දෙන්න,යමෙකුව හොඳ අතට මෙහෙයවන්න වගේම නරක මාර්ගයට යොමු කිරීමට වුවද ඔබට හැකි නමුත් යහපතම පමණක් සිදු කරන්න අධිෂ්ඨාන කරගන්න.

සඳ -ඔබ ස්වභාවයෙන්ම ගුප්තයි.එනම් ඔබට ඇත්තේ අමුතුම ආකාරයේ හැකියාවන්.උදාහරණයක් ලෙස ගතහොත් අපිට තේරුම් ගත නොහැකි දේ ඔබට තේරුම් ගැනීමට පුළුවන්.ඔබ කිසිම විටෙක දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැත.කෙසේ හෝ අගමුල සොයාගෙන අවස්ථා,සිද්ධි විමර්ශනය කර තේරුම් ගැනීමට ඔබට හැකියි.පැහැදිලි කල නොහැකි දේ තේරුම් ගැනීමට දක්ෂ ඔබ ඕනෑම අවස්ථාවක හේතුව තේරුම් ගෙන ඒ සඳහා වූ පරීක්ෂනයන් පිළිගනියි.එසේම ඕනෑම ආකාරයක අළුත් යමක් වේ නම් ඔබ ඒ සඳහා විවෘතය.

අත්ල-ඔබ කුතුහලය පිරි මනසකින් යුතු අයෙක්.එහෙම නැත්නම් කෑදර මනසකින් යුතු අයෙක් කිව්වත් නිවැරදියි.ඊට හේතුව නම් ඔබ අළුත් සෑම දෙයකටම කැමතියි.අලුත් පුද්ගලයින්ට,මිතුරන්ට ,ස්ථාන වලට,බඩු බාහිරාදිය ආදී අලුත් යයි පවසන ඕනෑම දෙයකට ඔබ ඉතාමත් ආශා කරයි.එසේම ඔබ හොඳ සවන් දෙන්නෙක්.කරුණු කාරණා හොඳින් විමසා බලා තේරුම් ගැනීමට දක්ෂ ඔබ බුද්ධිමත් මනසක් සහිත අයෙක්.එසේම ඔබ කිසිම විටෙක වරදක් වුවත් එය පිළිගැනීමට සුදානම් නැත.අවට සැම දෙයක් ගැනම විමසිලිමත් ඔබ ,ඔබ අදහස් කරන්නේ කුමක්ද,ඔබට අවශ්‍ය මොනවද ආදී ලෙස තමන් ගැන පමණක් බොහෝ විට අවදානය යොමු කරන අයෙක්.