ආත්මාදරී
🔥”අයියෝ පුංචි බේබි මොකක්ද දෙයියනේ මේ සිද්ද වෙච්චි අපරාදෙ?අනේ අපොයී…….”
නන්දිතා ඇවිත් කූඩුවෙ කූරු අල්ලගෙන කෑ ගහන්න පටන් ගත්තා.
“අනේ නන්දිතා කෑ ගහන්න එපා.මං මැරුනෙ නෑනෙ.මං හොදින් ඉන්නවා…….”
බොහොම අමාරුවෙන් නන්දිතා කෑ ගහන එක නවත්ත ගත්තා.ඊයෙ රෑ වැහැපු වැස්ස අඩු වුනේ පාන්දර යාමෙ. සීතලට වෙව්ල වෙව්ල හිටපු මට දැන් නම් උණ හැදෙන්න වගේ.ඔලුවත් රිදෙනවා.අපහසුවෙන් වගේ කූඩුවේ යකඩ කූරු අල්ලගෙන නැගිට්ටා.
“අනේ පුංචි බේබි මොකක්ද මේ සිද්ද වුනේ.පුංචි බේබි කොහොමද ඒ මනුස්සයට ගැහුවෙ?…….”
“නන්දිතා…..ඔයත් මාව සැක කරනවද?මං මේ කිසිම දෙයක් දන්නෑ.මං කිසිම වරදක් කරේ නෑ.වෙන කවුරුහරි කරපු දේකටයි මං මේ පැටලුනේ……..”😢
“ඇයි එහෙනම් භානුක මහත්තයා පුංචි බේබිව කූඩුවට දැම්මෙ?……..”
“ඒ මනුස්සයට පහර දීලා තියන තැන තිබ්බ හැම සාක්කියක්ම තිබිලා තියෙන්නේ මට විරුද්ධව.මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ද වුනේ කියලා……..”😢
නන්දිතා මාත් එක්ක විනාඩි දහයක් විතර කතා කර කර හිටියා.වෙලාව ඉවරයි කියලා එයාට යන්න කිව්වා.දවල් වීගෙන එද්දී මගෙ හිසරදේ ටිකින් ටික වැඩි වුනා.ඇගපත වෙව්ලුවා උණ හැදෙන්න වගේ.මං බැලුවා භානුක කෝ කියලා.එවලෙම වගේ පොලිස් නිලදාරීන් කිහිප දෙනෙක් සැකකාරයෝ කිහිප දෙනෙක්ව අල්ලගෙන පොලීසියට ආවා. මං දැක්කා භානුක ඒ මිනිස්සුන්ගෙන් මොනවද අහනවා.හිටගෙන ඉන්නවත් මට පණ නෑ.මං එහෙම්මම බිත්තියට හේත්තු වෙලා වාඩි වුනා.ටික වෙලාවක් යද්දී එක් පොලිස් කාන්තාවක් ඇවිත් මං හිටපු කූඩුවෙ දොර ඇරියා.
“ඔයාට ඕඅයිසී මහත්තයා කතා කරනවා…….”
ඒ පාර මොනවා වෙලාද දන්නෑ.මාව වැලිකඩ හරි බෝගම්බර හරි යවන්න ලෑස්ති කරලද දන්නෑ😁😊බොහොම අමාරුවෙන් මං බිත්තිය අල්ලගෙන නැගිට්ටා.ඒ පොලිස් කාන්තාව දකින්න ඇති මං අපහසුවෙන් ඉන්න බව.ඒ පාර එයා මං ගාවට ආවා.
“ඇයි ඔයාට සනීප නැද්ද?…….”
“මට උණ වගේ…….”
එහෙම කියපු මං භානුක ලගට ගියා. භානුක ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටියා.මූට මොංගල්ද මන්දා😁මගෙ මූණෙ පෙරහැරක් යනවද දන්නෑ🤣😂
“සමුද්‍රා දැන් ගෙදර යන්න…….”
මොකක්😱ඒ කියන්නේ භානුක හොයාගෙනද මගෙ අතේ වරදක් නෑ කියලා.මට ඇති වුනේ පුදුම සතුටක්😀😀
“එතකොට කව්ද මගෙ නම ගාවලා මේ වැඩේ කරලා තියෙන්නෙ?…….”
“ඒක තමුංට අදාල නෑ.තමුං දැන් ගෙදර යනවා…….”
ශික්.ඒක කියපු හැටි විතරක්.ඉන්නවකො ගෙදර ගිහිල්ලා මං හොද වැඩක් කරන්නම්.එහෙම හිතපු මං පොලිස්ටේෂන් එකෙන් එලියට ආවා. ඉන්න බෑ ඔලුව කැක්කුමයි.මුලු ඇගම රස්නෙයි.බොහොම අමාරුවෙන් ගෙදරට ආවා.
“නන්දිතා…….”
“ආනේ පුංචි බේබි ඇවිල්ලා…….”
නන්දිතා මං ලගට දුවගෙන ආවා.
“මං පුංචි බේබිට කෑම ලෑස්ති කරන්නම්…….”
“එපා නන්දිතා.මට බොන්න මොනවහරි ගේන්නකො.මං නාගෙන එන්නම්……..”
උණ තිබ්බත් මං බාතෲම් එකට ගිහින් හොදට නාගෙන ඇවිත් නන්දිතා ගෙනත් දීපු බීම වීදුරුව බීලා කුස්සියට ගියා. පැයක් විතර යනකොට මුලු ඇගම රිදෙන්න පටන් ගත්තා උණට.මං කාමරේට ඇවිත් ඇදෙන් ඇල වුනා.
“අනේ පුංචි බේබි මොකද වුනේ?අයියෝ හොදටම උණ නේද?ඇයි උණ තියෙද්දී නෑවෙ?දැන් මහත්තයා ආවම පුංචි බේබිට හොදටම බැනුම් අහන්නයි වෙයි……..”
නන්දිතා ගෙනත් දීපු පෙනඩෝල් පෙති දෙක බීලා මං නිදා ගන්න හැදුවා.නිදා ගන්නවත් ඇස් පියාගන්න බෑ.ඒ තරමට ඇස් රිදෙනවා.නන්දිතා බෙහෙත් ගේන්න එක්කන් යන්න හැදුවත් මං ගියෙ නෑ. ටිකක් වෙලා යද්දී අඩු වෙයි කියලා හිතුණා.ඒත් එක්කම මට ඇහුනා භානුකගේ කටහඬ.නන්දිතා කෝල් කරලා කියන්න ඇති මට හොදටම උණ කියලා.මං ඇස් දෙක පියාගෙනම නින්ද ගිය විදියටම හිටියා.භානුක කාමරේට ආවා.
“සමුද්‍රා නෑවද නන්දිතා…….”
පුදුම වෙලා වගේ භානුක නන්දිතාගෙන් එහෙම ඇහුවා.
“ඔව් මහත්තයා.උණ තියෙද්දිත් නාලා.මං බෙහෙත් ගේන්න යන්න කතා කරාම යන්න බෑම කිව්වා ටිකක් වෙලා යද්දී අඩු වෙයි කියලා……..”
“පුදුම මුරණ්ඩු කමක්නෙ තියෙන්නෙ. මෙච්චර උණ තියෙද්දිත් නාලද?පිස්සු ගෑනි…….”😂😁
යකෝ මූ මට පිස්සු ගෑනි කියලා කිව්වා නේද?දෙන්න හිතයි දෙකක්🤣😊
භානුක මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.ගින්දර පිටවෙන තරමටම රස්නෙ දැනුන ඇගට භානුකගේ අතේ ස්පර්ශය හොදට දැනුනා.මං හිමිහිට ඇස් ඇරලා බැලුවා.
“තමුසෙට මොංගල්ද ගෑනියෙ උණ හැදිලා තියෙද්දී නෑවෙ?මැරෙන්නද හදන්නෙ?යමු බෙහෙත් ගේන්න.ඉන්නවා මං ඇදුම් මාරු කරගන්නකල්…….”
“මට බෙහෙත් එපා භානුක.මට බෙහෙත් බොන්න බෑ.හෙට වෙද්දී අඩු වෙලා යයි…….”
මං එහෙම කිව්වට භානුක ඇහුවෙ නෑ. එයා යුනිෆෝම් මාරු කරලා ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි ඇදගෙන මාව බෙහෙත් ගේන්න එක්කන් යන්න ලෑස්ති වුනා.මං ඇදටම වෙලා හිටියා.භානුක මාව වඩාගෙන කාරෙකෙන් වාඩි කෙරෙව්වා.
🔥🔥
“ඇයි සමුද්‍රා ඔයා මෙච්චර මුරණ්ඩු?මං දන්නවා කොහොමත් ඔයාගෙ වරදක් නෑ කියලා.ඒත් එතන තිබ්බ හැම සාක්කියක්ම තිබ්බෙ ඔයාට විරුද්ධව.මං ඔයාව ඇරෙස්ට් නොකරා නම් අනික් අය කියයි ඔයා මගෙ වයිෆ් හින්දා එහෙම කරේ කියලා.රාජකාරියෙදි මට හැමෝම එකයි සමුද්‍රා.ඔයා මාව තේරුම් ගන්න බලන්න.ඔයා හිතන්න එපා මං ඔයාට ආදරේ නෑ කියලා.ඒත් මට රිද්දන්න කියලා ඔයා ඔයාගෙන්ම පලි ගන්න හදන්න එපා……..”
බෙහෙත් අරගෙන ඇවිල්ලා මාව ඇදෙන් වාඩි කරවලා භානුක මගෙ ඔලුව අත ගාලා එහෙම කියද්දී ඇත්තටම දුක හිතුණා.මගෙ ඇස් වලට කදුලු පිරුනා.
“මට සමාවෙන්න භානුක.මට ගොඩාක් දුක හිතුණා.ඔයා මාත් එක්ක තරහයිද?…….”😢😢
“කවදාවත්ම මං ඔයත් එක්ක තරහ නෑ මැණික.දැන් නිදා ගන්න……..”
“පුංචි බේබි මං දැන් මෙහෙ හිටියා ඇති නේද?……..”
“අනේ නන්දිතා තව ටික දවසක් ඉදලා යන්න්කො.මට බයයි…….”
“අයියෝ පුංචි බේබි මොකටද බය වෙන්නෙ?පුංචි බේබිට දැන් හොදට උයන්න පුලුවන්නෙ…….”
“එහෙම නෙවෙයි නන්දිතා.වෙලාවකට මට හරිම පාලුවක් තනිකමක් දැනෙනවා. ඔයා මට සහෝදරියක් වගේ…….”
මං එහෙම කියද්දී නන්දිතාගෙ ඇස් වල කදුලු පිරුනා.
🔥🔥
නන්දිතා ගෙදර ගියාට පස්සෙ මං තනියම උයන්න පටන් ගත්තා.හෙට භානුකගේ බර්ත්ඩේ එක.මං භානුකට ගත්තු ප්‍රසන්ට් එක එයාට නොපෙනෙන්න හංගලා තිබ්බා.කේක් එකත් ෆ්‍රිජ් එකට දාලා උයලා ඉවර වෙලා කුස්සිය අස් කරලා මිදුලට ආවා.වෙලාව හයටත් කිට්ටුයි.භානුක තාම ගෙදර ආවෙ නෑ.අද නයිට් ඩියුටි කියලාවත් කිව්වෙ නෑ.හයයි තිහත් වුනා.ඒත් භානුක තාම ගෙදර ආවෙ නෑ.මට බයත් හිතුණා. ටිකක් වෙලා යද්දී පොලිස් ජිප් එක ආවා. ඒත් භානුක ඒකෙ හිටියෙ නෑ.එක පොලිස් නිළදාරියෙක් මං ගාවට ආවා.
“මිසිස් විජේනායක මං ඉන්ස්පෙක්ටර් සාගර…….”
“අනේ භානුක තාම ගෙදර ආවෙ නෑ. එයාට මොකුත් කරදරයක්ද…….”
“කලබල වෙන්න එපා මැඩම්.භානුක සර්ට කව්ද මන්දා වෙඩි තියලා.අපි සර්ව හොස්පිටල් ඇඩ්මිට් කරා…….”
අනේ දෙයියනේ😭😭මගෙ භානුකට මොකක්ද මේ සිද්ද වුනේ?
“අනේ භානුකට ගොඩාක් අමාරුයිද?මට එයාව බලන්න ඕනි.අනේ එයා හොදින් නේද?……..”😭😭
ඒ ආපු ජීප් එකේම මං හොස්පිටල් එකට ගියා.මගින් මගටම මං දෙයියන්ගෙන් ඉල්ලුවේ භානුකට මොකුත් කරදරයක් වෙන්න එපා කියලයි.😭🙏
මතු සම්බන්දයි