හෙට දින පාසල් පටන් ගන්නා නිසා මා අවශ්‍ය කරන සියලූම දේවල් සූදානම් කර ගත්තෙමි.මාත් ස්වේතා නංගීත් යන්නේ එකම පාසලට නිසා අප දෙදෙනාට එකටම යා හැකිය.උදේ පාසල් යන විට කාරෙකේත් හවස පාසල් ඇරුනු විට පයින් එමුයි කියා කිව්වේ ස්වේතා නංගීය. මා එයට කැමති වූයෙමි.

“අක්කී…….”

“ඇයි නංගී?……..”

“අක්කි අම්මයි මායි ටව්න් යනවා.මට ස්කූල් බෑග් එකක් ගන්න.ඔයත් එනවද?……..”

“ඔයාලා යන්න නංගි.මං ඉන්නම්……..”

“කමක් නැද්ද අක්කි?…….”

“අනේ කමක් නෑ නංගි……..”

ඇය ගිය පසු බාතෲම් එකට ගොස් නා ගත් මම කෙටි ශෝට් කලිසමක් හා බැනියමක් ඇද බැල්කනියට ගියෙමි.මා ඇදන් සිටිනා මේ කලිසම ස්වේතා නංගී මට දුන් එකකි.මදක් කොට වූවත් මෙය ඇදගෙන නිවසේ පමණක් සිටිනා කමක් නැත.බැල්කනියට ගොස් පහල බලාගෙන සිටිනා විට එක්වරම පිටුපසින් අඩි ශබ්දයක් ඇසුනි.පිටුපස හැරී මා බලනා විට මා අසළ සිටියේ රාජේශ්‍ ය.

“ගිහින් මට තේ එකක් හදාගෙන එනවා……..”😠

මෙයා හිතන්නේ මං මේ ගෙදර වැඩකාරකමට ආවා කියලද දන්නෑ.

“ඇයි තමුසෙ තේ හදන්න දන්නෙ නැද්ද?…….”😠

“ද….න්නවා මහත්තයා…….”

“එහෙනම් හදාගෙන එනවා…….”😠

මා කුස්සියට ගොස් කෝප්පයක් සෝදා තේ සෑදීමට පටන් ගත්තෙමි.එවිට විමලා නැන්දා පැමිණියාය.

“දුවට තේ ඕන්නම් මට කියන්න තිබ්බනේ…….”

“මේ තේ මට නෙවෙයි නැන්දෙ.රාජේශ් මහත්තයා කිව්වා මට එයාට තේ එකක් හදාගෙන එන්න කියලා…….”

“කෝ දෙන්න දුව.මං තේ එක ගිහින් දෙන්නම්.දුව රාජේශ් මහත්තයට තේ ගිහින් දෙනවා ලොකු නෝනා දැක්කොත් බනියි.දුවව මෙහාට එක්කන් ආවෙ වැඩකාරකමට නෙවෙයිනෙ……..”

🌹🌹

පසුදා උදෑසනම මා ස්වේතා නංගීත් සමග පාසල් ගියෙමි.ගමේ පාසල මෙන් නොව මේ පාසල ඉතා විශාල ළමුන් පිරිසක් සිටිනා පාසලකි.තට්ටු තුනේ ගොඩනැගිලි තුනකුත්,තට්ටු දෙකේ ගොඩනැගිලි තුනකුත්,තනි තට්ටුවේ ගොඩනැගිලි හතරකුත් එම පාසලේ සමන්විතය.මේ පාසලට මා හට ලේසියෙන්ම ඇතුලත් වීමට හැකි වූයේ මා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක් රැගෙන විශිෂ්ට අන්දමින් සමත් වූ නිසාය.විදුහල්පති කාර්‍යාලයට ගොස් අවශ්‍ය වැඩකටයුතු ටික කරගෙන මා මට අයිති පන්තිකාමරයට පැමිණියෙමි.

පාසල අවසන් වී නිවසට පැමිණෙන විට සවස දෙක පමණ විය.නාගෙන ඇදුම් මාරු කරගෙන දහවල් ආහාරය ගන්නා විට තුන පමණ විය.ස්වේතා නංගී තාම දහය වසරේ නිසා මා ඇයටද පාඩම් කියා දෙමි.

“අක්කි ආට් ද කරන්නෙ?…….”

“නෑ නංගි මං කොමස් කරන්නෙ?…….”

“ශා මරුනෙ.අපේ යකාත් කොමස් තමයි කරේ…….”

“යකා??……..”🤔🤔

“යකා කිව්වේ අපේ අයියට.එයා හරිම සැරයි අනේ.ඒකයි යකා කිව්වෙ…….”

පාඩම් වැඩ අවසන් වී මා කුස්සියට ගියේ විමලා නැන්දාට රාත්‍රී ආහාරය පිසීමට උදව් වීමටය.ඇය මා උදව් කරනවාට කැමති නැත.

“අනේ දරුවො ලොකු නෝනා දැක්කොත් බැනුම් අහන්න වෙයි……..”

“නෑ නැන්දෙ.ලොකු නෝනලා මට ඉන්න කාමරේකුත් දීලා පව්ලෙ කෙනෙකුට වගේ සළකලා කන්න බොන්නත් දෙනවා. ඉතිං මං කොහොමද කකා බිබී නිකන්ම ඉන්නෙ?ගෑනු ළමේක් මෙහෙම දේකට උදව් කරාට අපතෙ යන්නෑනෙ……..”

“ඒක නම් ඇත්ත තමයි දරුවො.ස්වේතා බේබිට ලොකු නෝනා නිතරම ඔය කතාව කියලා බනිනවා තේ එකක්වත් හදාගන්න දන්නෑ කියලා…….”

මා විමලා නැන්දාට උයන්න උදව් කරමින් සිටිනා අතරතුර වාහනේක සද්දයක් මිදුලෙන් ඇසුනි.එවිට මාධවී නෝනා කුස්සියට පැමිණියාය.

“විමලා…..අනූෂා දූගෙ ගෙදර කට්ටිය එනවා.එයාලාටත් එක්ක කෑම ලෑස්ති කරමු…….”

“හා ලොකු නෝනා…….”

එහෙම කියලා මාධවී නෝනා එතනින් ගියා.මායි විමලා නැන්දයි කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා.

“කව්ද විමලා නැන්දෙ අනූෂා කියන්නෙ?…….”

“අනූෂා කියන්නෙ රාජේශ් මහත්තයා කසාද බදින්න ඉන්න නෝනා.ඒ නෝනගෙ ගෙදරින් තමයි ඔය ඇවිත් ඉන්නෙ…….”

කෑම ලෑස්ති කරලා ඉවර වෙලා මායි විමලා නැන්දයි කුස්සියට වෙලා හිටියා. අද නිවසට අමුත්තො ඇවිල්ලා ඉන්න වෙලාවෙ මට කෑම කන්න කෑම මේසෙට යන්න හිතුනෙ නෑ.

“අක්කී ඔයා මොකද මෙහෙට වෙලා. එන්න කෑම කන්න…….”

ස්වේතා නංගී කුස්සියට ඇවිල්ලා මාව කෑම මේසෙට එක්කන් යන්න හැදුවා.

“අනේ නංගි මං අද කුස්සියට වෙලා කන්නම්.ඔයාලා කෑම මේසෙදි කන්න……..”

“අනේ මේ අක්කි බොරුවට බය වෙන්න එපා.එන්න කෑම කන්න යන්න……..”

මං බෑ කියද්දී ස්වේතා නංගී මාව ඇදගෙන කෑම මේසෙට ගියා.කෑම මේසෙ හිටපු හැමෝගෙම දෑස් යොමු වෙලා තිබ්බෙ මට.මං හිමිහිට දෑස් බිමට බර කර ගත්තා.මං හිමිහිට පුටුවකින් වාඩි වුනා.

“අනේ හරිම ලැජ්ජ බයට හැදුනු ළමේක් වගේ……..”

කෑම මේසෙ හිටපු මාධවී නෝනගෙ වයසෙම ගෑනු කෙනා මං දිහා බලලා එහෙම කිව්වා.මං හිනා වුනා විතරයි.

“මේ මගේ යාලුවෙකුගේ දුවෙක්.මෙහෙ ඉදන් තමයි ස්කූල් යන්නෙ.අපේ දූගෙ ස්කූල් එකටමයි……..”

එහෙම කිව්වෙ ස්වේතාගේ තාත්තා.

“නංගි කීය වසරෙද ඉන්නෙ?……..”

මගෙන් එහෙම ඇහුවෙ රාජේශ් ළගම වාඩි වෙලා හිටපු කෙනා.මෙයා අනූෂා වෙන්න ඇති.

“මං ගිය ලබන අවුරුද්දෙ නෙවෙයි ඊගාව අවුරුද්දෙ ඒලෙවල් කරන්නෙ…….”

“නම මොකක්ද නංගි ඔයාගෙ?……..”

“සහන්‍යා පැහැසරණී……..”

“ඔයා වගේම ඔයාගෙ නමත් හරිම ලස්සනයි……..”

අනූෂා එහෙම කිව්වා.මං ඒකට තෑන්ක්ස් කරලා කෑම කෑවා.

🌹🌹

කාලය වේගයෙන් ගෙවීගෙන ගියා.පාසල මට සුපුරුදු තැනක් බවට පත් වුනා. පාසලේ හැම වැඩක්ම මං ගොඩාක් හොදට කරා.හොදට පාඩම් කරා.හැම වාර විභාකෙටම හොද රිසාල්ට් ගත්තා. පන්තියේ හැම බාහිර ක්‍රියාකාරකමක්ම හොදට කරා.

සරත් මහත්‍තයා නිවසටම ගුරුවරයෙක් ගෙන්නලා මටයි ස්වේතා නංගිටයි ඉගැන්නුවා.ස්වේතා නංගිට ඕලෙවල් වලට තව තියෙන්නේ මාස හතයි.මට ඒලෙවල් තියෙන්නෙ ලබන අවුරුද්දෙ.මේ ගෙදර හැමෝම මට ගොඩාක් හොදට පවුලෙම කෙනෙකුට වගේ සළකනවා. එක්කෙනෙක් ඇරෙන්න.ඒ රාජේශ්.හැම වෙලේම රාජේශ් කරන්නෙ මගෙ හිත රිද්දන එක.එයාට මාව පේන්නම බෑ.අනේ පව් අර අනූෂා.එයා හරිම අහිංසක කෙල්ලෙක්.මේ වගේ නපුරු යකෙක්ව කසාද බැදලා අනූෂා කොහොම ජීවත් වෙයිද මන්දා.

“මේ ඕයි තමුසෙ වැඩක්ද?පොඩ්ඩක් එලියට එනවකො…….”

මගේ කාමරේ දොර ගාවට ඇවිත් රාජේශ් මට කතා කරා.රාජේශ් මට ඒ කතා කරපු විදිය ගැන තරහකුත් දැනුනා.මට නමක් තියෙද්දී පහත් විදියට එයා මට කතා කරේ.

“ඇ…..ඇයි රාජේශ් මහත්තයා?…….”

“අපේ තාත්තා කිව්වා තමුසෙට මේ පොත් ටික දෙන්න කියලා.ඒලෙවල් වලට තව ටික කාලයයිනෙ තියෙන්නෙ…….”

“අනේ බොහොම ස්තූතියි මහත්තයා…….”

“හ්ම්ම්.ස්වේතාගෙ ඕලෙවල් රිසාල්ට් ඇවිල්ලා.A8,B1යි…….”

“අනේ ගොඩාක් හොදයි මහත්තයා……..”

“තමුසෙට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?…….”

“අනේ මහත්තයා මං තාම ඉගන ගන්නවා.මහත්තට පිස්සුද?…….”

එය මට ඉබේටම කියවුනි.රාජේශ්ගෙ නෙත් කෝපයෙන් දිලිසෙනවා මම දුටිමි. මට මහත් බියක් දැනුනි.

“උඹ මගෙන්ද පිස්සුද කියලා ඇහුවෙ?ආ……..”😡😡

“න්….නෑ මහත්තයා අනේ මට සමාවෙන්න…….”😥😥

එහෙම කියලා මං ටක්ගාලා කාමරේට පැනලා දොර වහගත්තා.රාජේශ්ට නම් මොනවා වෙලාද කියලා මට හිතා ගන්න බෑ.කමක් නෑ මෙච්චර කාලයක් ඉවසුවා වගේ මේ මාස හතරත් ඉවසනවා. ඒලෙවල් එග්සෑම් කරාට පස්සෙ මං ගෙදර යනවා.රිසාල්ට් බලන්න එහෙදි පුලුවන්නෙ.

🌹🌹

“සහන්‍යා දූ…..ඔයා ඒලෙවල් වලට පස්සෙ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?……..”

මගෙන් එහෙම ඇහුවෙ සරත් මහත්තයා. මාධවී නෝනත් එතන හිටියා.

“මට කැම්පස් යන්න බලාපොරොත්තුවක් නෑ මහත්තයා.හොද ජොබ් එකක් කරනවා.ඒ තරමට රිසාල්ට් එකක් තිබ්බොත් ඇති……..”

“අනේ දරොවො අපරාධෙනෙ කැම්පස් නොගිහින් හිටියොත්.අපි බලාගන්නම්. ඔයා කැම්පස් යන්න…….”

ඔවුන් දෙදෙනා එසේ කීවත් තව දුරටත් ඔවුන්ට බරක් වීමට මට නොහැකිය. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සෙ ඔවුන් මට සැළකුවේ දරුවෙකුට මෙනි.

🌹🌹

“දුවේ…..ඔයාගෙ අයියා ඇවිල්ලා…….”

දිනක් මා පාඩම් කරමින් සිටිනා අතරතුර විමලා නැන්දා පැමිණ මට එලෙස කීවාය. මං ඉක්මනින් පහළට ගියෙමි.

“අනේ අයියේ ඔයා ගොඩ කාලෙකට පස්සෙනෙ මාව බලන්න ආවෙ……..”

“ඇයි නංගි මං ගිය මාසෙත් ආවෙ ඔයාව බලන්න…….”

ඇත්තනෙ ඉතිං අයියා ගිය මාසෙත් මාව බලන්න ආවනෙ.මා මෙහි සිටි කාලය අතරතුර අයියා මාව බැලීමට දස වතාවක් පමණ පැමිණ ඇත.මං අයියාට සාලෙන් වාඩි වෙන්නට කීවාය.විමලා නැන්දා අයියාට තේ ගෙනවිත් දුන්නාය.

“තව මාස දෙකයි නේද එග්සෑම් වලට?……..”

“ඔව් අයියෙ.කොහොම හරි විභාගෙ ගොඩදාගන්න ඕනි……..”

“කැම්පස්‍ යන්න ඕනි හරිද?මට අම්මයි තාත්තයි කිව්වා තමුසෙ කැම්පස් යන්න බෑ කියනවා කියලා……..”

“ඒ තීරණේ නම් කොහොමටවත් වෙනස් කරන්නෙ නෑ.මං කැම්පස් යන්නෙ නෑ අයියෙ.මට ඕනි හොද ජොබ් එකක් කරගන්න තරමට විභාගෙ පාස් වෙන්න. හැමදාම අම්මටයි අප්පච්චිටයි බරක් වෙන්න බෑනෙ……..”

“තමුසෙ මහා බක පණ්ඩිතයෙක් ඕයි.මං හිතුවෙ මටවත් බැරි වෙච්චි එක තමුසෙ හරි කැම්පස් යයි කියලා…….”

“හරි හරි ඉතිං කැම්පස් නොගියා කියලා මං හිගන්නෙක් වෙන්නෑනෙ.හොද ජොබ් එකක් කරලා ලස්සනට මේ වගේ ගෙයක් හදලා වාහනේකුත් අරගෙන ඔය තුන් දෙනාවම එහෙ අරන් යනවා……..”

මං ඇස් කරකව කරකව කියපු විදියට අයියාටත් හිනා.😃😃

“බලන්න මෙයා ලස්සනයිද කියලා…….”

ෆෝන් එකේ තිබිච්ච ලස්සන ගෑනු ළමේක්ගෙ පින්තූරයක් අයියා මට පෙන්නුවා.

“අනේ ලස්සනයි අයියෙ.කව්ද මේ?…….”

“ඔයාගෙ අනාගත නෑනා පොඩ්ඩ……..”

“ශා….මරුනෙ.අනේ හරිම ලස්සනයි අයියෙ එයා.මොකක්ද නම?……..”

“නිම්සරා සෙව්වන්දි…….”

“අනේ ඔයාට තිබ්බෙ එයාවත් එක්කන් එන්න.අම්මයි අප්පච්චියි දන්නවද මේ ගැන?……..”

“ඔව්.දෙගොල්ලොම දන්නවා.එයාලා කැමතියි මේකට……..”

පැයක් පමණ සිටි අයියා ගිය පසු මා ස්වේතා නංගී සොයා ගියෙමි.ඇය සිටියේ කාමරයේය.අයියා මට දුන් නිම්සරා අක්කාගේ චායාරූපය මම ස්වේතා නංගිට පෙන්නුවෙමි.

“කව්ද අක්කි මේ ගර්ල්?…….”

“ඔය මගෙ අනාගත නෑනා.නිම්සරා සෙව්වන්දි……..”

“හ….හරිම ලස්සනයි අක්කෙ.මට දැන් බඩගිනි වගේ.මං පල්ලෙහාට යනවා…….”

ස්වේතා නංගී පල්ලෙහාට ගිය නිසා මාත් මගේ කාමරේට ගියා.

🌹🌹

දින කිහිපයක් ගත විය.ස්වේතා නංගී මාත් සමග කතා කරේ නැත.මා ඇයගෙන් ඒ ගැන ඇසුවත් ඇය මට හරි පිළිතුරක් නොදුන්නාය.ඒත් ඇය කුමක් හෝ දෙයක් නිසා දුකින් සිටින බවක් නම් මට හොදින්ම දැනුනි.මේ අතර තුර මා හට උසස් පෙළ විභාගයට දින දෙකක් තිබියදී උණ සෑදුනි.මධාරා නෝනා මාව බෙහෙත් ගේන්නට රැගෙන ගියාය.කෙසේ හෝ අධිෂ්ඨානශීලීව මා උසෙස් පෙළ විභායට මුහුණ දුන්නෙමි.මා එය කරේ හිතේ ශක්තියෙන් මිසක් ගතේ ශක්තියෙන් නොවන වග මට වැටහුනි.ඇති යාන්තං….
කොහොම හරි ඒ බරිනුත් නිදහස් වුනා. මා ගමට යන්නට සූදානම් වුවත් මධාරා නෝනත් සරත් මහතාත් රිසාල්ට් එන තෙක් මට ඔවුන් සමග නිවසේ සිටින්නැයි කීවාය.මා ඔවුන්ගේ බස් අසා ගමට යෑම කල් දැමුවාය.

තාමත් ස්වේතා නංගී මාත් සමග කතා කරන්නේ නැත.මා අතින් දැනුවත්ව ඇයට කිසිදු වරදක් සිදු වී නැත.මා ඇය සොයා ගියෙමි.

“ස්වේතා නංගී…..ඇයි ඔයා මාත් එක්ක මෙහෙම කතා නොකර ඉන්නෙ?මගෙ අතින් මොකක් හරි වැරැද්දක් වුනාද?…….”

“අනේ අක්කෙ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.හැම දෙයක් ගැනම ඕනවට වඩා බලාපොරොත්තු තියා ගත්තම මෙහෙම වෙනවා……..”

මතු සම්බන්දයි🌹🌹🌹


ස්වේතා ඇයි සහන්‍යාත් එක්ක කතා කරන්නැත්තෙ?