💝දැන් අපේ දෝණිට අවුරුදු හතරයි. හරිම දග මල්ලක්.ලබන අවුරුද්දේ ඉදන් මොන්ටිසෝරි දාන්නයි ඉන්නෙ.කොච්චර දග කරත් තේජාන්ගෙයි මගෙයි පණ තමයි මේ.
“නෝනෙ මට කතා කරාද?……”
“අනේ ඔව් ලලිතා නැන්දෙ.මාත් එක්ක ඩොක්ටර් ගාවට යන්ද?…….”
“හා නෝනෙ මං එන්නම්…….”
ලලිතා නැන්දයි මායි ඩොක්ටර් ගාවට ගිහින් එද්දී හොද වෙලාවට තේජාන් ගෙදර ඇවිත් හිටියෙ නෑ.
“නෝනෙ එහෙනම් මහත්තයා ආවම කියන්න.මහත්තයා ගොඩාක් සන්තෝශ වෙයි මේ සුභ ආරංචිය අහලා…….”
තේජාන් ගෙදර එද්දී රෑ දහයත් පහු වුනා. අද තේජාන්ගෙ යාලුවෙකුගෙ පාටියක් හින්දා තේජාන් ටිකක් ඩ්‍රින්ක් අරගෙනයි හිටියෙ.හෙට උදේට කියනවා කියලා හිතලා නිදා ගත්තා.
තේජාන්ට කලින් මං උදෙන්ම නැගිට්ටා.
මං බාතෲම් එකේ ඉදන් එලියට එද්දී තේජාන් ලැප් එකේ මොකක්දෝ මන්දා වැඩක්.මං පිටිපස්සෙන් ගිහින් බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නා.
“තේජාන්……”
“ම්ම්……”
මං මේක කිව්වම තේජාන් ගොඩාක් සතුටු වෙලා මාව වඩාගෙන කැරකෙයි.
“තේජාන් මං ප්‍රෙග්නන්ට්…….”
“හ්ම්ම්…….”
යකෝ මූට කිසිම ගානක් නෑනෙ මං කියපු දේ ගැන.අපරාදෙ මං හිතුවෙ තේජාන්ට ගොඩාක් සන්තෝශ හිතෙයි කියලා.මට හොදටම දුක හිතුණා තේජාන් කිසිම ගානක් නැතුව ඉන්නකොට.ඕනි මගුලක් කරගන්නතෑ කියලා හිතපු මං ටවල් එක පැත්තකින් තියලා ගිහින් කාමරේ ජනේල් ඇරියා.මං දැක්කා තේජාන් ලැප් එක පැත්තකින් මං ගාවට එනවා.මං දැක්කෙ නෑ වගේ හිටියා.තේජාන් මගේ ඉන වටේ අත් දෙක යවලා මාව තුරුල් කර ගත්තා.
“එපා මාව අල්ලන්න…….”
“අනේ ඇයි මැණික…….”
“මං තරහයි…….”
“ඇයි තරහ?…….”
“මං හිතුවෙ මං ප්‍රෙග්නන්ට් කියලා කිව්වම ඔයා ගොඩාක් සන්තෝශ වෙයි කියලා.මට වැරදුනා තේජාන්.ඔයා මට ආදරේ නෑ…….”😥
“දන්නවද මැණික ඔයා ඒක කිව්වම මට ඔයාව වඩාගෙන තුරුල් කරගෙන නටන්න හිතුණා.මට ගොඩාක් සන්තෝශයි සංසලා.මං සද්දෙ නැතුව හිටියෙ ඔයාව පොඩ්ඩක් අවුස්සන්න…….”
“අනේ ඔය ඇත්තමද තේජාන්?මං හිතුවෙ ඔයාට සතුටු නැතුව ඇති කියලා.කෝ කෙල්ලට කිව්වද එයාට අම්මි මල්ලියෙක් ගේනවා කියලා…….”
“තාම කිව්වෙ නෑ තේජාන්…….”
“දෝණි එන්නකෝ හොද ළමයා වගේ…….”
කෙල්ල තේජාන් ගාවට දුවගෙන ආවා.
“දෝණි කැමති මල්ලියෙක්ටද නංගියෙක්ටද?……”
“මල්ලි බබෙතුට කැමතී.නංගි බබෙකුතත් කැමතී……..”
“ඔන්න අම්මි ඔයාට නංගි බබෙක් හරි මල්ලි ගේන්නයි යන්නේ…….”
“චෝයි එතතොට මත තෙල්ලම් කලන්න පුලුවන්.යේ…….”
කෙල්ල ගොඩාක් සන්තෝශෙන් උඩ පැන පැන නැටුවා.
“දෝණි ගොඩාක් සන්තෝශෙන් ඉන්නෙ තේජාන්…….”
“ඔව් සංසලා.මේ ඒක නෙවෙයි.ඔයා කන්න ආස දෙයක් තියනවනම් කියන්න. මේ කාලෙදි එක එක කෑම ජාති කන්න ආස හිතෙනවලු……..”
“ම්ම්ම්…..එහෙනම් මට ලොකූ පීසා එකක් ගෙනත් දෙන්නකෝ……..”😋😋
දවසින් දවස ගෙවිලා ගියේ අපේ ජීවිත තව තවත් සතුටින් පුරවාලමින්.තේජාන් මාව ගොඩාක් හොදට ඒ වගේම පරිස්සමට බලා ගත්තා.මං කන්න ආස හැම දෙයක්ම මට ගෙනත් දුන්නා.දෝණිව ලැබෙන්න හිටපු මුල් මාස අටේදී තේජාන් මගෙ ලග හිටියෙ නෑනෙ.ඉතිං කිසිම අඩුවක් නොකර මට හැම දෙයක්ම ගෙනත් දුන්නා.
❤️❤️❤️
කාලය වේගයෙන් ගෙවිලා ගියේ අපේ කැදැල්ලට තවත් අලුත් සාමාජිකයෙක් එකතු වෙමින්.එයා පුතෙක්.අපි හැමෝම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.අම්මත් ඇවිත් පුතාව බලලා නැවතත් විදේශ ගත වුනා.තේජාන්ගෙ හිතේ මගෙ තාත්තා ගැන ඉස්සර වගේ වෛරයක් නැති වුනත් තේජාන් තාත්තා එක්ක කතා කරන්න කැමති වුනේ නෑ.
තේජානුයි මායි පුතාට නම දැම්මෙ ‘ෂාමේන් අභිශේක් සේනානායක’ කියලයි.
දෝණි මල්ලිට ගොඩාක් ආදරෙයි.
“මොනවද සංසලා කල්පනා කරන්නේ?…….”
“මරන්න එක්කන් ආපු කෙල්ලව අන්තිමට බිරිඳ කරගන්න සිද්ද වුනා නේද?…….”😁😉
“අප්පේ ඔව්නෙ.අන්තිමට මාව හිරේ වැටුනා වගේ වුනා……..”😁😉
“ආ ඇත්තද මහත්තයෝ.ඒ ඉතිං ආදරේටනේ…….”😙
“මං ඒක දන්නවා රත්තරං.ඔයාව මෙහාට ගෙනාපු පළවෙනි දවස මට හොදට මතකයි.එදා මෙතෙන්ට පුටුවක් තියලා ජනේලෙන් පනින්න නේද හැදුවෙ?හොද වෙලාවට මං ඇවිල්ලා කකුලෙන් ඇද්දෙ…….”
“ඒ අතීතෙ මට හොදට මතකයි තේජාන්. මං කවදාවත් හිතුවෙ නෑ මේ නපුරා මට මෙච්චර ආදරේ කරයි කියලා……..”
“මං නපුරු නෑ.උඹ තමා මාව නපුරු කරේ…….”😙😉
❤️❤️❤️
ජීවිතේ මං ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම මට ලැබුනා.ආදරණීය සැමියෙක්,දරුවො දෙන්නෙක් ලස්සන පව්ල් ජීවිතයක් අද මං ගෙවනවා.මට ඒ සැප සතුටක්ම උදා කරලා දුන්නේ මගේ ආදරණීය සැමියා තේජාන්.ඔහු ව්‍යාපාරික ලොවේ කාර්‍යබහුල පුද්ගලයෙක් වුවත් ඔහු දිවියේ මුල් තැන දුන්නේ මටත් දරුවන් දෙදෙනාටත් ය.අපේ දෝණි දැන් කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක පහ වසරේ ඉගෙනුම ලබනවා.පුතා නම් මොන්ටිසෝරි යනවා.පව්ල් ජීවිතේ ලස්සනට ගෙවෙනවා.ඉදලා හිටලා පොඩි පොඩි ගෝරි ඇති වෙනවා.😁😉ඒවා ඉතිං ඒ වෙලාවට විතරයි.පුංචි හරි වලියක් නැත්නම් පව්ල් ජීවිතේක රහකුත් නෑනෙ. 😙❤️😘
❤️❤️❤️සමාප්තයි