ආත්මාදරී
🔥”නන්දිතා භානුක ඔයාට මං ගැන මොනවද කිව්වෙ?……..”
කුස්සියෙ උයන අතරෙ මං නන්දිතාගෙන් එහෙම ඇහුවා.
“ටික දවසක් මෙහෙ නතර වෙලා පුංචි බේබිට උයන්න පුරුදු කරන්න කිව්වා.මං හිතුවෙ පුංචි බේබි උයන්න දන්නවා ඇති කියලා…….”
“අම්මා ඉස්සරහ කියපුවා මට දැන් තමයි තේරෙන්නෙ නන්දිතා.කෝ ඉතිං මං අම්මා කියපුවා කනකටවත් ගත්තෙ නෑනෙ……..”
“පුංචි බේබි බය වෙන්න එපා.උයන එක එච්චර අමාරු නෑ……..”
නන්දිතා මට ගොඩාක් දේවල් කියලා දුන්නා.මට එළවළු බත් හදන්න කියලා දීලා නන්දිතා බලාගෙන හිටියා.
“එළවලු ටික කපලා පැත්තකින් තියලා ඉන්න පුංචි බේබි…….”
කොහොමින් කොහොම හරි නන්දිතා කියලා දීපු විදියට මං එළවළු බත් හැදුවා. මාලුත් හදලා ඉවර වුනා.මට නිකන් දැනුනේ යුද්දයක් කරලා ඉවර වුනා වගේ හැගීමක්.
මං ඇග හෝදන්න බාතෲම් එකට ගියා. නන්දිතායි භානුකයි කතා කර කර හිටියා.මේකි මං ගැන භානුකට මොනවා කියනවද දන්නෑ😁මං හිමිහිට හොරෙන් අහගෙන හිටියා.
“පුංචි කාලෙ ඉදන් සැපට හැදිච්ච ලමයිනෙ මහත්තයා.පුංචි නෝනා හැම දෙයක්ම ඉක්මනට ඉගන ගනියි……..”
“මං සමුද්‍රාට වරදක් කියන්නෙ නෑ නන්දිතා……..”
“පුංචි නෝනා ටිකක් දගයි තමයි මහත්තයා.මහත්තයා දෙකක් දීලා හදා ගන්න……..”
යකෝ මේකිව උල තියන්න එපායැ.😁😠
මෙතන හීමිජ්ජි වගේ ඉදගෙන මට ගහන්න උගන්නනවා භානුකට.😠😁😀
“කොහෙ දෙන්නද නන්දිතා.මං සැරෙන් වචනයක් කතා කරපු ගමන්ම මේකි ඇස් දෙකේ කදුලු පුරෝගන්නවා.ඉතිං මටත් දුක හිතෙනවා……..”
අනේ ඉතිං මගේ හබියට මං ගැන දුකත් හිතෙනවනේ😚😃
🔥🔥
උදේ දහයට විතර මම ටව්න් ගියා ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගේන්න. නන්දිතා ගියෙ නෑ.එයා අම්මගෙ බෙහෙත් වගයක් ගෙනත් දෙන්න ගියා.ටව්න් ගිහින් ඇවිල්ලා භානුකට කෝල් එකක් දෙන්න කියලා හිතාගෙම මං බෑග් එක ඇරියා ෆෝන් එක ගන්න.
දෙයියනේ කෝ මගෙ ෆෝන් එක😱අනේ මං ඒක බෑග් එකට දා ගත්තා මට හොදටම මතකයිනෙ.මං ගෙදර හැම තැනකම ෆෝන් එක හෙව්වා.ඒත් හම්බුනේ නෑ.ගෙදර ලෑන්ඩ් ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කරේ නෑ. කොච්චර හෙව්වත් මට ෆෝන් එක හම්බුනේ නෑ.අනිවාර්යයෙන්ම ටව්න් එකේදි ෆෝන් එක වැටෙන්න ඇති.භානුක ගෙදර ආවම කියන්න ඕනි ෆෝන් එක නැති වුනා කියලා…..එහෙම හිතපු මං බාතෲම් එකට ගිහිල්ලා නාගෙන ඇදුමකුත් ඇදගෙන කාමරේ අතුගානකොට වාහනේක සද්දයක් මිදුලෙන් ඇහුනා.මං එලියට එද්දී භානුක යුනිෆෝම් පිටින්ම ආවා.භානුකත් එක්ක තව යුනිෆෝම් ඇදගත්තු පොලිස් නිලදාරීන් කිහිප දෙනෙක්ම හිටියා.
“ඇයි භානුක ඔයා මේ හදිස්සියෙන්ම ආවෙ?ඇයි මේ කට්ටිය?…….”
“කෝ ඔයාගෙ ෆෝන් එක දෙන්න…….”
“අනේ භානුක මං උදේ ටව්න් ගිය වෙලාවෙ ෆෝන් එක නැති වෙලා.ඔයා ගෙදර ආවම මං ඒ ගැන කියන්න හිටියෙ……..”
“ටව්න් ඇරෙන්න වෙන කොහෙද ගියේ?…….”
“මං වෙන කොහෙවත් ගියෙ නෑ භානුක……..”
“මට ඇත්ත කියන්න සමුද්‍රා.තමුසෙ වෙන කොහෙද ගියේ?……..”😡
අනේ දෙයියනේ භානුක මොනවද මේ කියන්නෙ?මොකක් හරි ලොකු දෙයක් වෙලා තියනවා වගේ.මට බයකුත් දැනුනා.මට පපුවත් ගැහෙන්න ගත්තා.
“මං ඇත්ත කිව්වෙ භානුක.මං වෙන කොහෙවත් ගියෙ නෑ.මොකද වෙලා තියෙන්නෙ?…….”😢
“අද උදේ දහයත් එකොලහත් අතර බුක් ශොප් එක ලගදී මනුස්සයෙකුට හොදටම පහර දීලා දැන් ඒ මනුස්සයා හොස්පිටල් එකේ.එතන තිබිලා තමයි මේ ෆෝන් එකයි පොතයි හම්බුනේ……..”
දෙයියනේ මං බුක් ශොප් එකට ගිහින් මේ පොත ගත්තා නේද?ඒත් දෙයියනේ ඒ පොත කොහොමද භානුක ගාව තියෙන්නෙ?මං ටක්ගාලා බෑග් එක ඇරලා බැලුවා.දෙයියනේ පොත ඒකෙ තිබුනෙ නෑ.මට හිතාගන්න බැරි වුනා භානුක මේ කියන කතාව.
“අනේ භානුක මට තේරෙන්නෙ නෑ ඔයා කියන කතාව.මං බුක් ශොප් එකට ගිහිල්ලා ඔය පොත ගත්තා තමයි.ඒත් ඒක කොහොමද ඔයා ගාව තියෙන්නෙ…….”
“මාත් ඒක තමයි අහන්නේ?ඒ මනුස්සයගෙ කට උත්තරේ හැටියට මේ පොත ගත්තු ගෑනු කෙනා ඒ මනුස්සයට හොදටම පහර දීලා තියනවා.මොකද ඒ මනුස්සයා ඒ ගෑනු කෙනාට නම්බර් එක දෙන්න හැදුවලු……..”😠😠
“දෙයියනේ භානුක ඔයාට පිස්සුද ඔයා මොනවද මේ කියන්නෙ?මං මොකටද ඒ මනුස්සයට ගහන්නෙ?මේකට මගෙ කිසිම සම්බන්දයක් නෑ.මේක කවුරු හරි කෙනෙක් මාව අමාරුවෙ දාන්න කරපු වැඩක්……..”😢😢
මං මගේ නිර්දෝශීභාවය වෙනුවෙන් භානුක ඉදිරියේ මොනවා කිව්වත් වැඩක් වුනේ නෑ.භානුක එයාගෙ අත් දෙකෙන්ම මගෙ අත් දෙකෙට මාංචු දැම්මා.මගෙ ඇස් වලින් ගලාගෙන ගිය කදුලු පොලවට පතිත වුනා.දෙයියනේ මොකක්ද මේ සිද්ද වෙන්නේ?😭😭මාව පොලීසියට ගෙනල්ලා කූඩුවට දාලා ලොක් කරපු භානුක එයාගෙ මේසෙට ගිහින් වාඩි වුනා.වෙච්චි දේවල් මං කල්පනා කරත් මට හිතා ගන්න බැරි වුනා බුක් ශොප් එකෙන් ගත්තු ඒ පොත කොහොමද භානුකගේ අතට ගියේ කියලා.මං කොහොමද මිනිහෙක්ට ගහන්නෙ?කවුරු කරපු අපරාදෙකට මේ මාව අහු වුනේ?😭😭
මං දැක්කා භානුක එයාගෙ පුටුවෙ වාඩි වෙලා ඉන්න ගමන් මං දිහා හොදට හොදට බලනවා.මං අහක බලා ගත්තා. මහලොකු ඕඅයිසී මහත්තයා වැරදිකාරයව අල්ලගන්නෙ නැතුව අහිංසක මාව ගෙනල්ලා කූඩුවට දැම්මා.😉 ඉන්නවකෝ මං හැමදාම මෙතන ඉන්නෙ නෑනෙ.😁ගෙදර ආපු ගමන්ම හොද වැඩක් කරන්නම්කො.😁😁😂🤣
හවස් වෙනකොට හොදටම වහින්න පටන් ගත්තා.සිමෙන්ති පොලවෙ වාඩි වෙලා උන්ඩි වෙලා වගේ අත් දෙකත් අකුලගෙන මං හිටියේ සීතලට ගැහි ගැහී.මං ඇදලා හිටියේ අත කොට ගව්මක්.හිරිගඩු පිපෙන තරමට සීතල. මං දැක්කා භානුක මං දිහා බල බල හිනා වෙනවා.මං විරිත්තලා අහක බලා ගත්තා.😉එයාට නම් මොකද තව ටිකකින් සීතල වැඩි වෙලා මාව අයිස් කැටයක් වෙයි.😁☺️
මං දැක්කා භානුක පුටුවෙන් නැගිටලා මං ඉන්න පැත්තට එනවා.මං හිටපු කූඩුව ගාවට ඇවිත් අත බැදගෙන මං දිහා බලාගෙන හිටියා.මං අහක බලාගෙනම හිටියා.ටික වෙලාවකින් කූඩුව ඇරගෙන භානුක මං ලගට ආවා.
“මොකෝ සීතලද?…….”
“නෑ රස්නෙයි…….”😂
“මේ අහනවා සමුද්‍රා.තමුං ඇත්තම කියනවා.නැත්නම් තමුංට හැමදාම කූඩුවටම වෙලා ඉන්න වෙයි…….”
“මං ඇත්ත තමයි කිව්වෙ.මං මොකුත් දන්නෙ නෑ.බුක්ශොප් එකෙන් පොත ගත්තු හැටියෙම මං මාකට් එකට ආවා. එලවලු අරගෙන මං කෙලින්ම ආවේ ගෙදරට……..”😠😠
“එතකොට තමුසෙගෙ පොතයි ෆෝන් එකයි කොහොමද ඒ ගුටි කාපු මනුස්සයා ගාව තිබ්බෙ?…….”😡
“මං දන්නෑ…….”
“එහෙනම් මමද දන්නෙ?…….”😡
“වෙන්න ඇති…….”
භානුක අහන දේවල් වලට මාත් කැත්තට පොල්ල වගේ උත්තර දුන්නා.ඇයි යකෝ වෙන එකෙක් කරපු දේකට මං මොකටද දඩුවම් විදින්නෙ?😠😠
“දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න……..”
“දෙනවා බලන්න පුලුවන් නම්?…….”
“ඇයි බැරිද?…….”
“මේ ඕඅයිසී මහත්තයා ඔයාගෙ මහ ලොකු පොලීසියට බැරිද වැරදි කාරයව අල්ල ගන්න?……..”
“නීතිය හරියට ක්‍රියාත්මක වෙයි.තමුං ඒ ගැන බය වෙන්න එපා.
“හරියට ක්‍රියාත්මක වෙන හින්දා වෙන්න ඇති මං කූඩුවෙ ඉන්නෙ?…….”
“තමුංගෙ වැරදි හින්දා තමයි අද තමුං කූඩුවෙ ඉන්නෙ…….”
“මොකක්ද මං කරපු වැරැද්ද?…….”
“ඇයි තමුං බුක්ශොප් එකට ගියේ?……..”
“පොතක් ගන්න……..”
“මොන පොතද ගත්තෙ?……..”
“කෑම…..උයන හැටි තියන පොතක්……..”
“උයන්න ඉගන ගත්තා නම් තමුසෙට ඔය බුක්ශොප් එක අස්සෙ රිංගන්න වෙන්නෙ නෑනෙ පොත් ගන්න.තමුසෙ අද ටව්න් ගියේ ඔය පොත හින්දමනෙ……..”😡😡
භානුක කියපු කතාවත් ඇත්ත කියලා මට හිතුණා.මගෙයි වරද.අනේ මං වගේ ගොං හරක් ගෑනියෙක්.😢😢
“වැරදි කාරයව ඉක්මනට හොයා ගන්න භානුක…ඔහො …සොරි ඕඅයිසී මහත්තයා……..”
මං එහෙම කිව්වම භානුක හිනා වෙලා එලියට ගියා.එයාට නම් මොකද ඉතිං.
මතු සම්බන්දයි