හොටෙල් එකේ ඉදන් ගෙදර ආපු ගමන්ම මං ලලිතා නැන්දා ගාවට ගිහින් දුවව වඩා ගත්තා.මාව දැක්ක ගමන් දුව කෑ ගහලා හිනාවෙලා මං ගාවට පැන්නා. මට හරියට දුක හිතුණා කෙල්ලව එක රැයක් මෙහෙම තනි කරලා දාලා යන්න සිද්ද වෙච්චි එකට.

පව් අහිංසකී මං නැතුව ගොඩාක් පාලුවෙන් ඉදලා තියෙන්නේ.අවුරුදු දෙකක පුංචි ලමේක්ව දාලා මං මේ ගිය ගමන වැරදියි කියලා හිතුණා.මං දුවව වඩාගෙන කාමරේට ඇවිත් කිරි දුන්නා.

“ඇයි සංසලා ඔයාගෙ ඇස් වල කදුලු?මොකද වුනේ.දැන් ටිකකට කලිනුත් ඔයා හොදින් හිටියනෙ……..”

“ඔයා මට තියන ආදරේ හින්දා මාව සතුටු කරන්න කරපු දේ ගොඩාක් ලස්සනයි. ඒත් කෙල්ල පව් තේජාන්.ඊයෙ අඩලා මං නැතුව.අද මාව දැක්කම මගෙ අතට පැනලා මගෙ බෙල්ල බදාගෙන තද කරගෙන හිටියා……..”😥😥

“ආයෙ කවදාවත් අපි මැණිකව දාලා කොහෙවත් යන්නෑ.අපිට සමාවෙන්න පැටියෝ……..”

කෙල්ලගෙ ඔලුව අතගාලා තේජාන් එහෙම කිව්වා.

“පව් කෙල්ල ගොඩාක් කිරි බඩගින්නෙ ඉදලා වගේ…….”

😘😘

“තේජාන් අපි හෙට ගමනක් යමුද?……..”

“කොහෙද?…….”

“කොහෙ හරි යමුකො.අපි ගොඩ කාලෙකින් කොහෙවත් ගියෙ නෑනෙ.අපි අන්තිමට කැළණි ගියෙත් ඔයාගෙ කකුල අසනීප වෙලා තිබ්බ කාලෙනෙ…….”

“ම්ම්ම්…..එහෙනම් අපි හෙට පේරාදෙණිය යමු.නුවර ගිහින් දළදා මාලිගාව වැදලා පේරාදෙණිය මල් වත්ත බලලා එමු.දෝණිත් ගොඩාක් ආස වෙයි. දවස් දෙකක් තුනක් ඉදලම එමු.ඔයා ඇදුම් ලෑස්ති කරන්න……..”

තේජාන් කියපු ගමන්ම මං දුවලා ගිහින් අපි තුන් දෙනාගෙම ඇදුම් ලෑස්ති කරා. ගොඩ දවසකින් මෙහෙම ගමනක් යන්නෙ.අවශ්‍ය කරන හැම දෙයක්ම මං ඉක්මනට සූදානම් කරගත්තා.තේජාන්ගෙ හිතට එන අයිඩියා ගැන නම් මට හිතා ගන්නවත් බැහැ.එකපාරටම තීරණය කරානෙ අපි හෙට නුවර,පේරාදෙණිය යනවා කියලා.😀😀

“බඩු ටික ලෑස්ති කරාද සංසලා?…….”

“ඔව් තේජාන්.දැන් වාහනේ ගෙනියන්නෙ කව්ද ඉතිං?……..”

“ඇයි යකෝ උඹ හිතුවෙ මගෙ කකුල තාමත් කැඩිලා කියලද?😁🤣මේක ෆැමිලි ට්‍රිප් එකක්නෙ.අපි තුන් දෙනා විතරයි යන්නෙ හරිද?…….”

පහුවදා උදෙන්ම අපි තුන් දෙනාම නුවර යන්න පිටත් වුනා.ගොඩ කාලෙකට පස්සේ තමයි තේජාන් මෙච්චර දුරක් වාහනේ තනියම ඩ්‍රයිව් කරේ.ටික දුරක් යද්දී දුවට මගෙ අතේම නින්ද ගියා.

“අපි හොටෙල් එකට ගිහිල්ලා ඇදුම් මාරු කරගෙන මාලිගාවට යමු.මේ ඇදුම් ඇදගෙන යන්න බෑනෙ.කෙල්ලටත් මහන්සි ඇතිනෙ……..”

තේජානුයි මායි දුවයි මාලිගාවට ලග හොටෙල් එකකට ගිහිල්ලා කාලා ඉවර වෙලා ඇදුම් මාරු කරගෙන එහෙම දළදා මාලිගාව වදින්න ගියා.

“තේජාන් මං මේ දළදා මාලිගාවට ආපු පළවෙනි වතාව…….”

“මාත් පළවෙනි වතාවට මේ ආවෙ.කෝ දුවව මගෙ අතට දීලා ඔයා ඔය මල් වලට පැන් ටිකක් ඉහගෙන එන්න…….”

තේජාන්ගෙ අතට කෙල්ලව දීලා මං මල් ටිකත් අරගෙන පැන් ඉහින්න ගියා.

එතන ටිකක් විතර සෙනග හිටියා.කොහොම හරි බොහොම අමාරුවෙන් මල් වලට පැන් ඉහගෙන එතනින් එන්න හදනකොටම කව්ද කොල්ලෙක් ඇවිල්ලා ඇගේ හැප්පුනා.

“ඔ….හෝ අයැම් වෙරි සොරි නංගි.මං දැක්කෙ නෑ…….”

මං හිනා වෙලා එතනින් ඉක්මනට ආවා. මල් ටිකක් තේජාන්ගෙ අතට දීලා මාලිගාව ඇතුළට යන්න හදද්දී මං දැක්කා අර කොල්ලයි තව කොල්ලො දෙතුන් දෙනෙකුයි එක්ක මං දිහා බලන් ඉන්නවා.මං ඒ ගැන වැඩිය ගනං ගත්තෙ නෑ.

මාලිගාවට ගිහිල්ලා වැදලා ඊට පස්සේ අපි ආවෙ හොටෙල් එකට.

“අපි හෙට උදෙන්ම මල් වත්තට යමු සංසලා……..”

හොටෙල් එකට ඇවිත් ඇදුම් මාරු කරගෙන අපි ස්විම්පූල් එක ගාවට ආවා. දුව හිටියෙ තේජාන්ගෙ අතේ.තේජාන් දුවව වඩාගෙන ස්විම්පූල් එකට බැස්සා. වතුරට බැස්සම කෙල්ලට තියෙන්නෙ පුදුම සන්තෝශයක්.වතුරෙ දගලන්න තියනවනම් දෝණිට වෙන දෙයක් ඕන්නෑ වගේ.තාත්තිගෙයි දූගෙයි කෝලම් දිහා මං ස්විම් පූල් එකේ පඩිය උඩ ඉදගෙන කකුල් දෙක විතරක් වතුරට දාගෙන බලන් හිටියා.

“සංසලා ඔයත් බහින්න වතුරට…….”

“අනේ මට බෑ තේජාන්……..”

“මෙන්න මෙහෙ එන්න අනේ……..”

තේජාන් දුවව තනි අතට අරගෙන අනික් අතින් මාවත් ඇදලා ගත්තා වතුරට.

“කෝ දෝණි අම්මිට වතුර ගහන්න.ආව් මගෙ මැණික චෝයිනෙ……..”

අපි තුන්දෙනා ගොඩාක් වෙලා වතුරෙ හිටියා.මං දෝණිව අරගෙන කාමරේට ගිහින් හොදට පිහදාලා වෙන ඇදුමක් ඇන්දෙව්වා.

“සංසලා යමු කෑම කන්න.මට නම් බඩගිනියි වගේ…….”

තේජාන් දුවවත් වඩාගෙන පල්ලෙහා ගියා කෑම කන්න.මාත් ඒ පස්සෙන්ම ගියා.අපි තුන් දෙනා කෑම කද්දී මං දැක්කා එහා ටේබල් එකේ මාලිගාවෙදි මගෙ ඇගේ හැප්පුනු කොල්ලයි තව කොල්ලො කීප දෙනෙකුයි ඉන්නවා.ඒ කොල්ලා මං දිහා බලාගෙනමයි හිටියෙ.මං බිම බලාගෙන කෑම කන අතරේ දුවටත් කෑම කැව්වා.

“තේජාන් දුවව පොඩ්ඩක් ගන්නකෝ.මං ටක්ගාලා වොශ් රූම් එකට ගිහිල්ලා එන්නම්………”

තේජාන්ගෙ අතට දුවව දීලා මං ඉක්මනට වොශ් රූම් එකට ගියා.ගිහින් ආපහු එලියට ඇවිත් අත හෝදද්දී අර කොල්ලා එතන ඉන්නවා.මට බයත් හිතුණා.ඒ කොල්ලා හිටියේ බීලා කියලා මට හොදටම තේරුණා.

“ආ….නංගි ඉස්සෙල්ලා ඔ..යත් එක්ක කතා කරන්නත් බැරි වුනානෙ……..”

බීපු මිනිස්සුත් එක්ක මොනවා කතා කරන්නද?එහෙම හිතලා මං එතනින් එන්න හදද්දී ඒ කොල්ලා අත් දෙක දෙපැත්තට දාලා මං යන පාර හරස් කරා. මට බය හිතුණා.

“මේ කරුණාකරලා මට මෙතනින් යන්න දෙනවද?…….”😡

“පොඩ්ඩක් ඉ….න්නකෝ නංගි අපි පොඩ්ඩක් ආශ්‍රය කරන්න…….”

එහෙම කියලා ඒ කොල්ලා හැදුව මාව බදා ගන්න.අත දිගෑරලා කම්මුලට පාරක් දෙන්න හදද්දී තව බීපු කොල්ලො දෙතුන් දෙන්නෙක් අපි ඉන්න තැනට ආවා.මට හොදටම බය හිතුණා.දෙයියනේ මේ මොකද මේ වෙන්න යන්නේ.😥😥

“අනේ කරුණාකරලා මට යන්න දෙන්න…….”😥😥

මං එහෙම කියද්දී ඒ කොල්ලා සාක්කුවේ තිබිලා පන්දාහෙ කොල වගයක් අතට අරන් මට දුන්නා.මං ගත්තෙ නෑ.

“මොකද කියන්නෙ මෙතන තිස්දාහක් තියනවා.අද රෑට මාත් එක්ක ඉන්නවද?…….”

තවත් නම් මට ඉවසන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.මං අත දිගෑරලා අර කොල්ලගෙ කම්මුලට ගැහුවා.👋

“ඈ බොල වේ### තෝ මටද අත ඉස්සුවෙ?යකෝ මං මහේන්ද්‍ර බස්නායක ඇමති තුමාගෙ පුතා යකෝ.මට ඕනි දෙයක් මං බලෙන් හරි ගන්නවා…….”

එහෙම කියලා ඒ කොල්ලා මගෙ කොණ්ඩෙන් ඇදලා අල්ල ගත්තා.මං ගිරි යටින් කෑ ගැහුවා.

“අනේ තේජාන් මාව බේරගන්න. තේජාන්……..”😭😭

“ඒයි ඔය කෙල්ලව අතෑරපන්……..”😡😡

එතනට ආවෙ හෝටලේ ආරක්ෂක අංශයේ නිළදාරීන්.අර කොල්ලගෙ අතින් මගෙ කොණ්ඩෙ අතෑරෙනවත් එක්කම මං එතනින් පැන ගත්තා.එතකොටම තේජාන් ආවා එතෙන්ට දුවත් වඩාගෙන.

මං අඩාගෙනම තේජාන්ගෙ පපුවට තුරුල් වුනා.😭😭

“ඇයි සංසලා මොකද වුනේ?ඇයි ඔයා අඩන්නෙ?……..”

අඩ අඩාම මං වෙච්චි දේ තේජාන්ට කිව්වා.තේජාන් දුවව මගෙ අතට දීලා එතෙන්ට ගියා.තේජාන් හිටියේ ගොඩාක් කේන්ති ගිහින්.😡😡එතෙන්ට ගිය ගමන්ම තේජාන් අර කොල්ලගෙ ටී ෂර්ට් එකෙන් අල්ලගෙන ඌට බිම දාගෙන හොදටම ගැහුවා.

“සර් ඕක නවත්තන්න දැන් ඇති.මේ ඇමතිතුමාගෙ පුතා……..”

ඒ කොල්ලත් එක්ක ආපු අනික් කොල්ලො තේජාන් මේ කොල්ලට ගහන දිහා බයවෙලා වගේ බලන් හිටියෙ.ආරක්ෂක අංශයේ නිළදාරියෙක් තේජාන්ව අල්ල ගත්තෙ නැත්නම් තේජාන් අරූගෙ අතක් හරි පයක් හරි කඩනවා.

“ඈ බොල්ල බල්ලො තෝ කවුරු කියලා හිතාගෙන මගෙ ගෑනිට එහෙම කතා කරේ වේ### ගෙ පුතා.මුන් දෙන්නා හින්දා තෝ බේරුනා කියලා හිතා ගනිං.නැත්නම් මං ඉවරයක් කරලා දානවා තෝව.තොගෙ මහ එකා කව්ද යකෝ මට…….”😡😡

“අනේ තේජාන් අපි යමු දැන්.අනේ ඔය ඇති.අනේ යමු……..”

මං බොහොම අමාරුවෙන් තේජාන්ව එක්කරගෙන කාමරේට ආවා.තේජාන් හිටියෙ හොදටම කේන්ති ගිහින්.

“ඔයාට ප්‍රශ්නයක් වුනේ නෑනෙ මැණික…….”

“නෑ තේජාන්.අනේ අපි හෙට උදෙන්ම ගෙදර යමු.පේරාදෙණිය යන්න ඕන්නෑ…….”

“ඔයා කාටවත්ම බය වෙන්න එපා රත්තරං.මං ඉන්නවනේ.මං ගැන දන්නැති එකෙන් ඒ.පොඩ්ඩක් ඉන්නකො……..”

එහෙම කියලා තේජාන් කාටද මන්දා කෝල් එකක් ගත්තා.

“හෙලෝ ඇමතිතුමා මං තේජාන් ෂාමේන්ද්‍ර කතා කරන්නෙ……..”📲

“ඔව් ඇමතිතුමා ඔබතුමාගෙ පුතා අද මගෙ නෝනට කරදර කරන්න හැදුවා. ඔබතුමා හොද මනුස්සයෙක් හින්දයි මං ඉවසුවෙ.නැත්නම් මං උගෙ අන්ඩක් කඩලයි එවන්නෙ……..”📲😡😡

නැවත හමුවෙමු

Advertisment