භානුකගේත් මගේත් විවාහයට පසු දින ඔහුගේ පියාත් මවත් නැවත විදේශ ගත විය.මා භානුකත් සමග ඔහුගේ නුවරඑළියේ නිවසේ පදිංචි වූයෙමු.

පාන්දර පහට පමණ මා අවදි වූයෙමි. පෙර දින වන තෙක් නිවසේ ආහාර පිසුවේ මාගේ මව විසිනි.අද දින සිට ඒ වගකීම මා බාරගත යුතුය.

කුස්සියට ගිහින් මම බැලුවා ඉතිං මොනවද උයන්න තියෙන්නෙ කියලා. රසට උයලා දෙන්න එපායැ ඉතිං. නැත්නම් අර යකා මාව කයි උදේ කෑමට.😁එහෙම හිතපු මම සැමන් හදලා අල තෙල් දාලා කතුරුමුරුංගා කොල මැල්ලුමකුත් හැදුවා.කෑම ටික මේසෙට ඇරලා මං ගියා භානුකට ඇහැරවන්න. යකෝ මූ තාමත් නිදි.😴😁

“භානුක….නැගිටින්න අනේ.දැන් හොදටම එලි වෙලා…….”

කෑ ගහලා කෑ ගහලා කොහොම හරි භානුකව නැගිට්ටව ගත්තා.

“ඇයි මෙච්චර උදේ පාන්දර මාව නැගිට්ටෙව්වෙ?තාම නිදි මතයි අප්පා…….”

“පාන්දර නෙවෙයි දැන් හතයි වෙලාව. මූණ කට හෝදගෙන එන්න කෑම කන්න……..”

කම්මැලි කමින් භානුක ටවල් එකත් අරගෙන බාතෲම් එකට රිංග ගත්තා.

🔥🔥

“භානුක ඔයාට වැඩට යන්න තියෙන්නෙ කවද්ද ආයෙ?……..”

“අනිද්දට යන්න තියෙන්නෙ.ඔයාට ගෙදර තනියම ඉන්න පුලුවන්නෙ.බය වෙන්න එපා.හොරු පනින්නෙ නෑ…….”

“ඔව් ඉතිං ඕ.අයි.සී මහත්තය්ගෙ ගෙදරට හොරු පනින්නෑනෙ……..”😁😂

“කම්මැලියි නම් නන්දිතාව ගෙන්නගෙන ඇවිදින්න යන්න.තනියම යන්න එපා…….”

“අප්පෝ මං බය නෑ.මගෙ මහත්තයා පොලීසියේ ඕ.අයි.සී නෙ…….”😁😁

සිනාසෙමින් මා එලෙස පැවසීමි.

“ඒ හින්දා තමයි මං කියන්නෙ යන්න එපා කියලා.ඔයා තනියම ගිහින් ප්‍රශ්නයක් දා ගත්තොත් ඊට පස්සේ මට ඉතිං ගෑනි කියලා බලන්න බෑ අත් දෙකට මාංචු දාලා කූඩුවට දාන්න වෙනවා…….”

මං දන්නවා භානුක කියන්නෙ නීතිගරුක පොලිස් නිළදාරියෙක්.තමන්ගෙ බිරිඳ කියලා නෑ වරදක් කරොත් අනිවාර්යයෙන්ම නීතිය හරියට ක්‍රියාත්මක කරයි.

ගෙදරටම වෙලා ඉන්න කම්මැලි හින්දා මායි භානුකයි හවස ඇවිදින්න ගියා. කැලෑ පාරෙන් තමයි ඇවිදින්න ගියේ.

“අනේ ඇයි භානුක මේ කැලෙන් යන්නේ? උඩහ පාරෙන් ගියා නම් කැලේ නෑනෙ අනේ…….”

“ඇයි මගෙ චන්ඩි රැජින බයයිද කැලෙන් යන්න?…….”

මගේ කරට අත දමමින් භානුක එහෙම ඇහුවා.

“මං බය නෑ.ඔයා ලග ඉන්නකල්…….”😙

භානුකගේ කට මිරිකලා එහෙම කියපු මං එක්වරම දුටුවේ මිනීවලක් වගේ තැනක්.මං දැක්කා භානුක මං දිහා හොදට හොදට බලනවා.

“ඇයි සමුද්‍රා?…….”

“මිනියක් යට කරපු තැනක් භානුක.මට නම් බයේ බෑ.මං හරිම බයයි එහෙම තැන් දකිනකොට…….”

“ඔහොම බය වෙන්න එපා සමුද්‍රා.මේ අවුරුදු ගානකට කලින් මැරිච්ච කෙනෙක්ගෙ මිනීවලක්.අපි යමු…….”

භානුකත් මාත් සුන්දර නුවරඑළියේ මල් ලස්සන තැන් කිහිපයකම ඇවිද්දෙමු.පැය ගනනාවක් ඇවිද්ද අපි යලි නිවසට් පැමිණෙන විට සවස හතර පමණ විය.

“සමුද්‍රා….රෑට බත් කන්න නම් බෑ.රොටී හදන්නකො…….”

අපොයි🤦රොටී.මං රොටී හදන්න දන්නෑනෙ.😁අපේ ගෙදර වැඩිය රොටී හදලා නෑනෙ.කමක් නෑ උත්සහ කරලා බලනවා.

කල්පනා කර කරම මං කුස්සියට ගිහින් පොල් ගෑවා.පිටි හලලා අරගෙන කොහොමින් කොහොම හරි රොටිය හදා ගත්තා.අනේ දෙවියනේ මාව බේර ගන්න.🙏😁රොටිය පිච්චෙන්න තැටියෙ තියලා ලූණු කැපුවා ලුණු මිරිසක් හදන්න.ලූණු කපලා ඉවර වෙලා එලියට කොච්චි ගහෙන් කොච්චි කඩන්න.

“සමුද්‍රා…..සමුද්‍රා……..”

“ඉන්න මං එනවා භානුක……..”

මේ යකා මොකට කෑ ගහනවද මන්දා.

“මෙහෙමද ඕයි තමුසෙ රොටී හදන්නෙ?…….”😠

අපොයි දෙයියනේ🤦🤦රොටිය හොදටම කර වෙලා අගුරු වෙලානෙ😁😂.මට බය හිතුණා භානුකගේ මුහුණ දිහා බලන්න. මූ මට රොටියෙන් දමලා ගහයිද?😁

“මං….මේ එලියට ගියා භානුක කොච්චි කඩන්න.මේ…….”😥

“මෙහාට එනවා…….”😠

අනේ දෙයියනේ මේකා මට මොනවා කරයිද?එහෙම හිත හිතා මං බයෙන් බයෙන්ම භානුක ලගට ගියා.

“මෙන්න බලා ගන්නවා රොටී හදන හැටි. ඉද ගන්නවා ඔතනින්…….”😠

එහෙම කියලා භානුක මාව පිටුව උඩට තල්ලු කරා.

“පොල් වලට පිටි ටික දාන්න කලින් ලුණු දාලා ඉන්නවා…….”

හුටා🤦මට ලුණු දාන්න අමතක වුනානෙ.😁😁

භානුක රොටිය ගානට රව්මට හදලා තැටිය උඩට දැම්මා.යකෝ😁🤣මං හදපු රොටිය අපේ රටේ සිතියම වගේනෙ. මේකා කොහොම මේවා ඉගන ගත්තද මන්දා.

“කොහෙද ඔය බලන් ඉන්නෙ?මෙහෙ බලනවා.සැරින් සැරේට මේක උඩ යට මාරු කරනවා.නැත්නම් එක පැත්තම තියලා කර වෙයි…….”

කොහොමින් කොහොම හරි භානුක රොටී ටික හැදුවා.

“රම්පෙ ගෙනාවෙ මොකටද මේ?…….”

“මේ…ලුණු මිරිසට දාන්න…….”😂🤣

මං එහෙම කිව්වම භානුක ඔලුවෙ අත ගහගත්තා.🤦🤦

“ඇ…..ඇයි භානුක?…….”😥

“කව්ද ගෑනියෙ ලුණු මිරිස් වලට රම්පෙ දාන්නෙ?…….”😠

භානුක ලුණු මිරිසත් හදලා ඉවර වුනාම මං කුස්සියෙන් ගිහින් කාමරේට ඇවිත් කල්පනා කරා.ඉස්සර අම්මා මට මොන තරම් කියනවද උයන්න ඉගන ගන්න කියලා.කසාද බදින උයන්න දන්නෑ කියලා මිනිහගෙන් ගුටි කන්න බැනුම් අහන්න වෙයි කියලා අම්මා මට මොන තරම් කියලා ඇත්ද?ඒ දේවල් මට දැනුයි තේරෙන්නෙ.මට දැනුනේ ලැජ්ජාවක්.මං උයන්න දන්නේ ටිකයි.තමන්ගෙ මිනිහට කටට රහට උයලා දෙන්න බැරි ගෑනියෙක්ගෙන් වැඩක් තියනවද?

“සමුද්‍රා….එන්න කමු…….”

“ඔයා කන්න භානුක.මට බඩගිනි නෑ…….”

මං එහෙම කිව්වත් භානුක කාමරෙන් එලියට ගියේ නෑ.මං ගාවින් වාඩි වුනා.

“මං බැන්නට තරහද?…….”

මාව ඔහුගේ පැත්තට හරවා ගනිමින් භානුක එහෙම ඇහුවා.මගෙ ඇස් වලට කදුලු පිරුනා.

“මට ගෙදර යන්න ඕනි භානුක…….”😢😢

“ඒ ඇයි?ඔයාට මම මොකුත් කිව්වෙ නෑනෙ…….”

“රොටියක්වත් හදාගන්න බැරි ගෑනියෙක් මං.මං ගෙදර ගිහින් ටික කාලයක් ඉදලා අම්මගෙන් උයන්න ඉගනගෙන එන්නම්……..”😢😢

“මේ අහන්නකො සමුද්‍රා…..හෙට ඉදන් ඔයා පාන්දරම නැගිටිනකොට මාත් නැගිටින්නම්.මං ඔයාට කියලා දෙන්නම් උයන හැටි…….”

භානුක එහෙම කිව්වත් මට හිතුනෙ නෑ භානුකගෙන් උයන හැටි ඉගන ගන්න.

“නෑ භානුක මං ටික කාලයක් ගෙදර ගිහින් ඉදලා එන්නම්…….”

“මේ…මගෙ යකා අවුස්සන්නෙ නැතුව මෙහෙට වෙලා ඉන්නවා.තමුසෙව ගෙදර යවන්න අපි මැරි කරපු එකේ තේරුමක් නෑනෙ…….”😡😡

භානුක බැනපු විදියට මට හොදටම බය හිතුණා.මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා. භානුක හරි.මමයි වැරදි.😢😢

රෑට කන්නෙ නැතුවම මං නිදා ගත්තා. හූල්ල හූල්ල ඉදලම මට පාන්දර යාමයේ නින්ද ගියේ.උදේ මට ඇහැරෙනකොට අටත් පහුවෙලා තිබ්බා.මං ඉක්මනට මූණ කට හෝදගෙන කුස්සියට යද්දිත් භානුක උයලත් ඉවරයි.

“එන්න කන්න.ඊයෙ රෑත් නොකා නේද නිදා ගත්තෙ?…….”

භානුක එක්ක මාත් කෑම කෑවා.

“මං ඇග්නස් ආන්ටිට කිව්වා එයා ටික කාලෙකට නන්දිතාව මෙහෙට එවයි.එයා ඔයාට උයන්න කියලා දෙයි…….”

භානුක එහෙම කියද්දී නම් සැනසීමක් දැනුනා.ඉක්මනට උයන හැටි ඉගන ගන්න ඕනි.

දවල් දෙකට විතර නන්දිතා ආවා බෑග් එකකුත් උස්සගෙන.

“එන්න නන්දිතා…….”

“පුංචි බේබි කොහොමද ඉතිං?…….”

“හොදින් ඉන්නවා නන්දිතා.ඔයාට කරදරයක්ද?…….”

“අනේ නෑ පුංචි බේබි…….”

මං නන්දිතාට එයාට සූදානම් කරපු කාමරේ පෙන්නලා එලියට ආවා.

නැවත හමුවෙමු