ටික දුරක්‌ යන තෙක්‌ උමා නංගි හෝ මා කතා කලේ නැත. කතා කිරීමට කොතැනකින්‌ පටන්ගන්නේද යන්න මට ප්‍රශ්නර්තයක්‌ විය. එතරම්‌ ඇය සමග කතා කිරීමට දේවල්‌ තිබුණි.

“අපිට මොනවද උදේශග්‌ අය්යේ වුනේ…. හරිම ටික කාලෙකින්‌ හැමදේම වෙනස්‌ වුණා” ඇය කට හඬ අවදි කාලය.

“ඔක්කොටම කලින්‌ කියන්න මොකද වුනේ අප්පච්චිට” මම ඇයගෙන්‌ ඇසුවේ, ඇය ගේ අප්පච්චිට එතරම්‌ අමාරු නම්‌ ඇය මගේ නිවස අසල කුමක්‌ කලේ දැයි දැන ගැනීමටය.

“අනේ අය්යේ මගේ අප්පච්චිට හොඳටම අමාරුයි මම ගෙදර ගිය දවසේට පස්සේ දවසෙම අප්පච්චිට පපුවේ අමාරුව හැදුන…..ඒ වෙලාවේ ඉදන්‌ සිහිය නෑ….දොස්තර කිව්වා

අප්පච්චිගේ ජීවිතේ ගැන විශ්වාස තියන්න බැ කියලා, මගේ අම්මා මගේ මුණවත්‌ බලන්නේ නෑ අය්යේ ” ඇය හඬමින්‌ පැවසූවාය

“එහෙනම්‌ අප්පච්චි කොහොමද මාව හම්බෙන්න ඕන කිව්වේ…..”

“මන්‌ අද පාන්දර ගෙදරින්‌ අවා. මට ඕන වුනේ ඔයාව කොහොම හරි හම්බෙන්න, එකයි මම ලොකු මාමාට එහෙම කිව්වේ….මගේ ගිත කිව්වා ඔයා ඒවි කියලා….. ඒ නැතත්‌ ඔයා ඔෆිස්‌ යනකොට හරි හම්බවෙයි කියලයි ගෙට හැරෙන පාර ගාව හිටියේ……”

“මට තේරෙන්නේ නෑ උමා නංගි ඔයාට හැබැවටම පිස්සුද….. ඇයි ඔයා නැති ප්‍රශ්න ඇති කරන්න හදන්නෙ… ඔයා ඔය කරන පිස්සු වැඩ හින්ද මගේ දෙමව්පියන්ට තවත්‌ ඔයා ගැන කලකිරෙනවා, ටිකක්‌ ඉවසුවා නම්‌ මම ලස්සනට හැමදේම විසන්දනවනේ…” මම එසේ කිව්වේ ඇය කර දේවල්‌ නිසා අපේ සම්බන්දයට දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබීම සිහිනයක්‌ වී ඇති නිසාය”

“විසදනවා……ඔයා ලස්සනට විසදන්නේ මම ඔයාගේ වෙඩින්‌ එකේ දෙවැනි මනමාලි වුනාම පස්සෙද……මට තේරෙන්නේ නෑ ඔයා කොහොමද මට මෙහෙම කරන්නේ කියලා……ඔයාට කවුරුත්‌ මම තරම්‌ ආදරය කරන්නේ නැති චේවි උදේශ්‌ අය්යේ……ඔයා කොහොමද දිලිනිත්‌ එක්ක එහෙම හිටියේ.

අපේ ෆොටෝ දිලිනිට පෙන්නන්න තරම්‌ ඔයා මාව අසරණ කලා ….ඔයා මොන කටකින්ද කිව්වේ අපි අතර සම්බන්දයක්‌ නෑ කියලා ලොකු නැන්දට අය්යේ…..ඇය විලාප දිදී හැඬු බැවින්‌ මම වාහනය පාරේ අයින්‌ කර නවත්තුවෙමි.

මට උමා නංගි සමග ඇත්තටම තරහ ආවෙමි.මේ හැම දෙකටම මුල ඇය යි. ඇය කොල්ලෙක්‌ සමග මට පෙන්නන්න පිස්සු නැටුවේ නැත්නම්‌ මම දිලිනිට කැමතියි යනුවෙන්‌ මගේ මව වරදවා වටහා ගන්නේ නැත.

විවාහය සැලසුම්‌ කලත්‌ දිලිනිට ම එය එපා වෙන ලෙස හැසිරීමට මම සියල්ල සැලසුම්‌ කලෙමි.ඊට කලින්‌ උමා නංගි විසින්‌ සියලු දේ කණපිට පෙරලුවාය. දැන්‌ ඒ සියලු දේට වැරදි මම යයි ඇය කියයි.

“මේ නංගි හැම දේට ම වෙලාවක්‌ නියෙනවා කලාවක්‌ නියෙනවා….ඔයා වගේ හදිස්සි වෙලා ඔයා වගේ හැම දේම නැති කරගන්න මට බැගැ……මට ඔයාට වඩා ජිවිතේ වගකීම්‌ තියෙනවා…..දැන්‌ ඔය ටික කිය කිය අඩන්නද මාව හම්බෙන්න ආවේ……හොඳට මතක තියා ගන්නවා මේ හැම දෙකටම මුල තමුන්‌ කියලා” මම ඇය ට තරගින්‌ කීවෙමි.

ටික වෙලාවක්‌ නිහඬ වු නිසා මම කාරය පන ගන්වා ගමන්‌ කලෙමි. “මට අමතක වුණා උදේශ්‌ අය්යේ ඔයා මට පොඩ්ඩක්‌ වත්‌ ආදරේ නෑ කියලා…..මගේ කරුමෙට මගේ හිත ඒක චිශ්වාස කලේ නෑ……මට ඔයාව ඕන වෙච්ච හැම වෙලාවේම ඔයා කලේ මාව තනි කරපු එක.මට ඇත්තම කියන්න උදේගශ්‌ අය්යේ ඔයා මට පොඩ්ඩක්වත්‌ ආදරේ නැද්ද”

‘නෑ…… ආදරේ නෑ…… ඒක නේ අහගන්න ඕනේ දැන්‌ අහගත්තා නෙ…..”

“ඔයා ඔය තරම්‌ නපුරු වුනේ කොහොමද උදේදග්‌ අය්යේ…..මට හිතා ගන්න බෑ මගේ නීරණය ඒ තරම්‌ වැරදි චුනේ කොහොමද කියලා……මට ඔයා නිසා මගේ අම්මාට මාව එපා වුණා……ලොකු නැන්දටයි මාමාටයි මාව එපා වුණා.මන්‌ හිතුව ඒ කව්රු නැතත්‌ ඔයා හරි මට ඉඳීවි කියලා….. අන්තිමට මම මේ ලෝකේ තනි වෙලා”

“අනේ මේ නංගි මගේ යකා අවුස්සන්න එපා….. ඔය දේවල්‌ ගිතන්න තිබ්බ එදා අර විදිහේ පිස්සු නැටුවේ නැත්නම්‌….මන්‌ හිතුව හැමදේම දරා ගෙන කට පියාගෙන ඉන්නකොට මෙයා හෙන බුද්දිමත්‌ කෙනෙක්‌ කියලා. බලන්‌ ගියාම හැසිරුනේ මොන්ටිසෝරි ළමයෙකුටත්‌ අන්ත ගානට”

මම මෙච්චර දවසක්‌ මගේ ගිතේ තද කර සිටි සියලු දේ ඇයට කිවේ ඇය හඬන බව ද නොතකා ය.

“හරි මම වැරැද්දක්‌ කලා මන්‌ පිලිගන්නවා.. මන්‌ ඒ හැමදේම කලේ ඔයාව ලබා ගන්න ….ප්ලීස්‌ දැන්වත්‌ මට බනින එක නවත්තන්න. මට අපහු ගෙදර යන්න බැ. අම්මා මගේ මුණවත්‌ බලන්නේ නෑ…..අහල පහළ ඔක්කොම නෑදැයන්ට ලොකු නැන්ද කොල්‌ කරල මගේ විස්තර කියලා මට ගමෙත්‌ ඉන්න නැති කරලා තියෙන්නේ….ඇත්තමයි මට මැරෙන්න ගිතිලා තියෙන්නේ…..අනේ අය්යේ ඔයාට මන්‌ ගැන අබමල්‌ රේණුවක චත්‌ හැඟීමක්‌ තියෙනවා නම්‌ මාවත්‌ අරගෙන කොහේ හරි යන්න.

අපි කොහෙ හරි රටකට ගිගින්‌ ජීවත්‌ වෙමු මට මගේ ස්කෝොල්‌ එක වැඩේත්‌ හරි යයි ගොඩක්‌ වෙලාවට”

“උමා ඔයාට පිස්සුද ඔයා ඉගෙනගත්ත ළමයෙක්‌ නේද ඔය තරම්‌ හැගීම්බර වෙලා හදිසි තීරණ ගන්න එපා.මොලේ පාවිච්චි කරලා තීරණ ගන්න…..ඔයාගේ අම්මා තරහ නම්‌ ටික කාලෙකින්‌ හැමදේම හරි යයි….අම්මාල ට සදාකාලිකව ළමයි එක්ක තරහ වෙන්න බැ……හැමදෝම කාලය විසඳයි. අපේ අම්මා වුනත්‌

දවසක අයෙමත්‌ ඔයාට ආදරේ කරයි. පොඩ්ඩක්‌ ඉවසන්න” මම ඇය ගේ හිත හැඳීිමට නොගත්‌ උත්සහයක්‌ නැත.

“මට ඔය විකාර වැඩක්‌ නෑ උදේශ්‌ අය්යේ…..ඔයා මගේ තැන හිටියා නම්‌ මම විදින වේදනාව තේරෙයි. ඇත්තමයි ඔයා අද මාව කසාද බැදලා කොහේ හරි ගියේ නැත්නම්‌ මම මැරෙන එක මැරෙනවා අය්යේ මට දැන්‌ ඕන දෙයක්‌ ..වුණා වේ …” ඇය එසේ කියන විට ඇය කොතරම්‌ ගිතුවක්කාරදැයි මට සිතිනි.

“මේ උමා බහිනවා මගේ කාරේකින්‌…..තමුසෙට කියන සිංහල තේරෙන්න නැත්නම්‌……..; තමුසෙව හම්බෙන්න කලින්‌ මගේ දෙමව්පියෝ මට හම්බුනේ….එයාලට ගින්දර දෙන්න මට බෑ….එහෙම වුනොත්‌ ඒවා පඩිසන්‌ දෙනවා…. .තමුන්‌ ඔය විකාර කියවන්වා මම දැන්‌ ගමේ ඇවිත්‌ නැන්දට ඇත්තම කියලා ප්‍රශ්නේ විසදලා දෙන්නම්‌”

“ ඒ ප්‍රශ්න එහෙම ලේසියෙන්‌ විසදන්න පුළුවන්‌ ප්‍රශ්න නෙමෙයි….ඔයා දැන්‌ ගමේ අචොත්‌ ඊට වඩා ප්‍රශ්නයක්‌වෙනවා ලොකු නැන්ද දැනගෙන……ඇයි අය්යේ මට මෙහෙම කරන්නේ…. ඔයාට පව්‌ සිද්ද වෙයි…..” උමා නංගි බෙරිහන්‌ දෙමින්‌ කෑ ගැසුවාය.

“මේ උමා නංගි අන්තිම වතාවට මම කියන්නෙ බගින්වා කාර්‌ එකෙන්‌ එලියට”

ඇය මා කියන දෙයක්‌ අසන්නේ නැති බව තේරුම්‌ යාමෙන්‌ මට යකා ආවේස විය. මේ වගේ පිස්සු කෙල්ලෙකුට මම ආදරය කලේ ඇයි දැයි මට ඒ චෙලාවේ සිතුනි. එත්‌ මම ඇයව එදා තේරුම්‌ නොගැනීම පිලිබඳ අදටත්‌ පසුතැවිලි වන්නෙ මි.

මා කාරයෙ වේගය අඩු කර ඇයව එලියට ඇද දැම්මාය. නැවත ගමන්‌ ආරම්භ කලද කර වරදේ බරපතල කම තේරුම්‌ යාමෙන්‌, යන විටම ස්ටිය්රින්‌ වීල්‌ එකට ඔලුව ගසා ගත්‌ බවත්‌ වන්ගුවේ ඉදිරියට එන ට්‍රක්‌ රථයට මාර්ගය ඉඩ දීමට වෙලා නොමැති වීමෙන්‌ හෙලට කැපුන බව පමණක්‌ මතකය. එතැන්‌ සිට මගේ ජිවිතේ මාස කිහිපයක්‌ රෝහලට මෙලෙස සින්න විය. උමා නංගිට වෙච්ච දෙයක්‌ නැත. එහෙත්‌ ඇය සිහිනෙන්‌ මෙන්‌ මට රෝහලට පැමිණ කතා කල බවක්‌ මතකය.

එහෙත්‌ පසුව දැනගත්‌ පරිදි ඒ වන විට මා කොමා තත්වයෙනි.ඇය ‘කොහේ හෝ තැනක සිට මා ගැන සිතනවා විය යුතුය. මා කෙසේ හෝ ඇය සොයා ගත යුතුය. මා දන්නේ එපමණකි. එහෙත්‌ ඇය කියූ පරිදි ජිවිතේ එක පාරක්‌ සැබෑවටම සෑම දා මම ඇයට ආදරය කරමි…………….

සමාප්තයි………