සමුද්‍රා….සමුද්‍රා නැගිටින්න.ඔයා හොදින් නේද?……..”
මුහුණට දැනුනු සීතල ගතියත් සමග මා භානුකගේ කටහඬ නිසා අවදි වීමි.
“භානු….ක මට මොකද වුනේ?…….”
මුහුණෙන් වෑහෙන දිය බිදු අතින් පිස දා ගත් මම භානුකගෙන් එලෙස ඇසුවෙමි.
“සමුද්‍රා…..මෙහෙ බලන්න.කලබල වෙන්න එපා.මෙයාව අදුරනවද බලන්න.හොදට කල්පනා කරලා බලන්න……..”
භානුකගේ වදන් හමුවේ මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.ඒ භානුකගේ පියාය.ඔහු සිනාසී මා දෙස බලා සිටියාය. මසිතට මහත් අමුත්තක් දැනුනි.ඒ ඇස් මාගේ මතකය වසර ගනනාවක් දුර ඈත අතීතයට රැගෙන ගියාය.
ඔව්….අදහන්න මසිතට පෙර භවයේ මතකය බිදෙන් බිද මතකයට නැගුනි.ඔව්.එදවස මා ධාරා නම් විය.මගේ මව අයිරා ය.
ඇය මාව විජේනායක බංගලාවට රැගෙන එන විට මට වයස අවුරුදු දහහතකි.මා අතිශය රූමත් තරුණියකි.දණහිස දක්වා වූ කේශකල්‍යානිය,දීප්තිමත් නෙතු සගල තවද මා උපතින්ම රැගෙන ආ ඒ වීණාවක් වැනි කටහඬ තවත් කෙනෙකු වශී කරවන සුලුය.මගේ පියා මිය ගියේ මා ඉපිද තුන් මසක් ගත් වූ තැන නයෙකු දශ්ට කර ය.
විජේනායක බංගලාවේ කුස්සියේ වැඩ කරපු මාගෙ අම්මාට සිටියේ මා පමණි.
මා අම්මාත් සමග බංගලාවෙ නතර වනවාට විජේනායක මහත්තයාත් නෝනාත් කිසිම විටෙක අකමැති වූයේ නැත.මන්ද,තරුණ වයසට ලංව සිටිනා ගැහැණු දරුවෙකුට තනියම සිසිටීම නුසුදුසු බවයි.මාත් අම්මාත් විජේනායක බංගලාවේ වැඩපල කරෙමි. තනියම සිටිනා විටදී මා විජේනායක බංගලාවේ උඩු මහලේ ඇති බැල්කනියට ගොස් සිංදු කියන්නට පුරුදුව සිටියෙමි.
මා එසේ සිංදු කියනා විටදී රොහාන් මහත්තයා මා දෙසම බලා සිටිනවා මා කිහිප විටක්ම දැක ඇත්තෙමි.දවසක් මා නිදා සිටිනා විටදී රොහාන් මහත්තයා මගේ කාමරේට පැමිණියේය.එදා මා බිය වී කෑගැසීමට හදනා විටදී රොහාන් මහත්තයා මගේ කට තද කර වැසුවාය.
ඒත් එදා රොහාන් මහත්තයා එසේ පැමිණ ඇත්තේ මට කරදරයක් කිරීමට නොවේ.කාලයක පටන් රොහාන් මහත්තයාගේ සිතේ මා ගැන ප්‍රේමනීය සිතක් පහලව ඇති බව රොහාන් මහත්තයා පැවසුවේය.
මා තදින්ම රොහාන් මහත්තයාගේ යෝජනාවට විරුද්ධ වූයේ ඔවුනුත් අපත් අහසට පොළව මෙන් දුර නිසාය.මා කෙතෙක් රොහාන් මහත්තයා හට එය පැවසුවද ඔහු ඒ ගැන තඹ සතේකට මායිම් කරේ නැත.අන්තිමට මා ඔහුගේ යෝජනාව පිළිගෙන ඔහුට ආදරය කිරීමට පටන් ගතිමි.අප ආදරය කරනා වග දැන උන්නේ වලව්වේ මුරකරු වූ අප්පු අයියා පමණි.
අප කෙතෙක් ආදරය කලද කිසිදු දිනෙක අපට එක්වීමට දෙමව්පිය අවසරය නොලැබෙන බව මා කිහිප වරක්ම රොහාන් මහත්තයා හට පැවසුවෙමි.
එහෙත් රොහාන් මහත්තයා මා හට පුන පුනාම කියා සිටියේ කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද මා අත් නොහරින බවය.මා රොහාන් මහත්තයාව මගේ ප්‍රාණයටත් වඩා විශ්වාස කලෙමි.දිනක් වලව්වේ විජේනායක මහත්තයාත් එම නෝනාත් දුර පලාතක ගමනක් ගිය අවස්ථාවේ වලව්වේ සිටියේ මාත් මගේ මවත් අප්පු අයියාත් පමණි.එදින රාත්‍රියේ මහ වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේය.
ගොරවමින් විදුලි කොටමින් මොර සූරන වැසි ඇද හැලෙන්නට විය. එදින රාත්‍රී දහයට පමණ රොහාන් මහත්තයා මා සිටි කාමරේට පැමිණියේය. සීතලෙන් වෙව්ලමින් සිටි මාව රොහාන් මහත්තයා ඔහුගේ තුරුලට ගත්තේය.එදා අපි දෙදෙනා හැගීම් වලට වහල් වූයෙමු. මා ඔහුගේ අතින් ගැහැණියක වූයේ අවුරුදු දහ අට සම්පූර්ණ වීමට දින හතක් තිබියදීය.
ඉන් සතියක් යන තුරු රොහාන් මහත්තයා මා සමග කතා කරේ නැත.මා සිතුවේ ඔහු හට මා එපා වී ඇතැයි කියාය.මා සිතුවා වැරදිය.ඔහු අතින් මා හට සිදු වූ වරදට ඔහු පසුතැවිලි වී ඇත.
නමුත් එම වරද සම්පූර්ණයෙන්ම ඔහු පිටම පැටවිය නොහැක.මාද එයට වැරදිකාරියකි.මෙසේ කාලය ගත වූයේ කිහිප වරක්ම ඔහු මා සමග එක් වීය.
එහෙත් එක් දිනෙක උදෑසන මා හට ඔක්කාරය ආවේය.
බඩත් අල්ලාගෙන කුස්සිය පිටුපස ඇති ගස යටට ගිය මා නැමී වමනය කරනා තැනට අම්මා පැමිණ හිසේ අත ගසාගෙන මා හට දොස් කියා විලාප තබා ඇඩුවේය. රොහාන් මහත්තයාගේ දරු පැටියෙකු මාගෙ කුසේ වැඩෙන බව දැනගත් මා සතුටු වනවාද දුක් වනවාද දුක් වනවාද කියා සිතා ගැනීමට නොහැකිව සිටියෙමි.
සිදු වූ සියල්ලම මා අම්මාට පැවසුවේ දැන්මම මෙය විජේනායක මහත්තයාටත් නෝනාටත් නොකියන පොරොන්දුව පිටය.මා රොහාන් මහත්තයා ලගට ගොස් එය කීවෙමි.මා නොසිතූ ලෙස රොහාන් මහත්තයා මා ගැබිනියක් වී ඇති බව දැන ගත් මොහොතේ අතිශය සතුටු විය.මගේ හිස මත සිය අත තබා රොහාන් මහත්තයා මාව විවාහ කරගන්නා බවට පොරොන්දු වූයේය.ඒත් ඊට දින කිහිපයකට පසුව විජේනායක මහත්තයා රොහාන් මහත්තායට විවාහ යෝජනාවක් පැමිණ ඇති බව ප්‍රකාශ කලේය.
ඉන් උරණ වූ මාගෙ අම්මා මාත් රොහාන් මහත්තයාත් අතර සිදු වූ සියල්ලම අකුරක් නෑරම පැවසුවේය. එතෙක් පන්සලක් මෙන් නිස්කලංකව නිහඬව තිබූ විජේනායක වලව්ව එයින් පසු යුද්ධ පිට්ටනියක් බවට පත් වූයේය.
මටත් මගේ කුසේ සිටිනා රොහාන් මහත්තයාගේ දරු පැටියාටත් සාදාරණයක් ඉශ්ට කරන ලෙස මාගෙ මව විජේනායක මහත්තයාත් නෝනාත් ඉදිරිපිට කෑ ගසා විලා පතැබුවාය.එයින් කෝප වූ විජේනායක මහත්තයා තුවක්කු බටයත් රැගෙන මගේ මවට වෙඩි තැබීමට තැනුවාය.
සිද්ද වන්නට යන විනාශය නැවතීමට විජේනායක නෝනා කෑ ගසමින් තුවක්කුවේ එල්ලුනු විට ඇයට වෙඩි වැදුනි.
විජේනායක නෝනාගේ මරණෙන් පසුව විජේනායක මහත්තයා ඉතාමත් දරුණු විය.සිය බිරිඳගේ මරණයට වග කිව යුත්තේ තම පුත්‍රයා බව කියා විජේනායක මහත්තයා රොහාන් මහත්තයාට හොදටම ගැහුවේය.
එයින් පසු රොහාන් මහත්තයා වෙනස් විය.තමාට පියාගෙන් ගුටි කෑමට සිදු වූයේත් තම මව මිය ගියේත් මා නිසා බව කියූ රොහාන් මහත්තයා මට වෙනස් කම් කරන්නට පටන් ගත්තේය.සියලු දුක් වේදනා මා ඉවසා සිටියේ දරු පැටියා නිසාවෙනි.
රොහාන් මහත්තයා කීප වරක්ම දරුගැබ විනාශ කිරීමට මාව කොහෙදෝ රැගෙන යාමට උත්සහ දැරුවේය.මා එයට අකමැති වූයේ දරුවා රොහාන් මහත්තයාට නොවටිනා වුනාට මට වටිනා නිසාවෙනි.
දවසක් රාත්‍රියේදී මා බැල්කනියේ සිටිනා විටදී රොහාන් මහත්තයා පැමිණ මට දරුවා නැති කරන්න යැයි කියා හොදටම බැන්නේය. එයට මා දැඩි ලෙස අකමැති වූ නිසා රොහාන් මහත්තයා මට පහර පිට පහර දුන්නේය.මගේ කෙස් වැටියෙන් ඇද මගේ කම්මුලට පහර පිට පහර ගැසූ රොහාන් මහත්තයා මාව තල්ලු කර දමා එතනින් පිටත් විය.
රොහාන් මහත්තයා මාව තල්ලු කල පාරට මගෙ කුස බිම වැදුනි. මර ලතෝනි දී කෑ ගැසූ මාව අප්පු අයියා පැමිණ රෝහලට ඇතුල් කරත් මට දරු පැටියාත් මගේ ජීවිතයත් අහිමි විය.
රොහාන්ගේ පතිනිය වීමට පෙරුම් පිරූ ධාරා ට දරු පැටියා සමග ජීවිතය අහිමි වී මිනිසත් භවයක නැවත සමුද්‍රා ලෙස උපත ලබා රොහාන්ගේ ලේලිය වීමට පෙරුම් පුරමින් සිටියි.
🔥🔥🔥
“මට සමාවෙන්න ධාරා…..නෑ ඔයා මගේ දුවනෙ.මොනවා කියන්නද කියලා මටම තේරෙන්නෙ නෑ…….”
භානුකගේ තාත්තා මගේ හිස අතගාමින් එලෙස පැවසුවේය.මගේ පෙර ආත්ම භවය මට දැන් හොදින්ම මතකය.මට මහත් බියක් දැනුනි.මගේ අම්මාත් අප්පච්චීත් අයියාත් මා අසලම සිටියාහ.
“අපි මේකට දැන් මොකද කරන්නෙ?මට දුවගෙ ජීවිතේ ගැන ලොකු බයක් දැනෙනවා ඩේවිඩ්……..”
අම්මා අප්පච්චීට එලෙස පැවසුවාය.
“ඔයාලගෙ අකමැත්තක් නැත්නං අපි මේ දෙන්නගෙ කසාදෙ පුලුවන් තරම් ඉක්මනට ගම්මු.මට ආයෙ ලබන මාසෙ රට යන්න වෙනවා.ඊට කලින් කසාදෙ ගම්මු……..”
එහෙම කිව්වෙ භානුකගේ තාත්තා.
“අනේ මට හරිම බයයි අම්මෙ……..”
“මං කියන්නද?අපි සමුද්‍රා දුවව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.මනෝ විද්‍යාව ගැන මං අදුරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ලෑස්ති වෙන්න අපි දැන්මම යමු…….”
(එම වෛද්‍යවරයා වෙත සමුද්‍රාව රැගෙන ගිය ඔහුන් සිදූ වී ඇති දෙය පැවසුවාය. එම වෛද්‍යවරයා සමුද්‍රාව මෝහනනිද්‍රාවට පත් කර ඇගේ මනසේ ඇති පෙර භවයේ ධාරාගෙ මතකය සදහටම ඉවත් කර දැමුවාය)
මාසයකට පසුව👇👇👇
අද මගෙයි භානුකගෙයි වෙඩින් එක. මෙතරම් ඉක්මනට වෙඩින් එක ගන්න තීරණය කරේ භානුකගේ තාත්‍තට ඉක්මනට රට යන්න ඕනි වුනු හින්දා. ගොඩාක් ලොකුවට වෙඩින් එක නොගත්තත් අපේ නෑදෑයන් ලොකු පිරිසක් විවාහය සදහා සුභ පතන්නට ඇවිත් හිටියා.මං ඇදලා හිටියේ උඩරට විදියට ඔසරිය.භානුක ඇදලා හිටියේ නිළමේ ඇදුම.
හවස ඇන්දේ මං රතු සාරිය.භානුක ඇන්දේ කලු කෝට් එකයි කලිසමයි.එක දවසින් අපේ කසාදෙ වැඩ සේරම ඉවර වුනා.
“සමුද්‍රා ඉක්මනට එනවකෝ.මට නම් ඉන්න බෑ…….”
භානුක කෑ ගගහා බාතෲම් එකේ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.මොන යකෙක් වැහිලද මූට.මට එහෙම පොලිස් පාට් පෙන්නන්න ආවොත් දෙන්නෙ බෙල්ල ගැලවිලා යන්න.😁🤣😂එහෙම හිතපු මං බාතෲම් එකේ දොර ඇරගෙන එලියට ආවා.
“මොන මගුලක්ද ඕයි මේක ඇතුලට වෙලා කරේ?මට ඉන්න බැරුව හිටියෙ……..”
භානුක බාතෲම් එකට ගිය විදියට මං හිනා ත් ගියා.
මතු සම්බන්දයි