බීච් හොටෙල් එකේ පාර්ටි එකට අදින්න තේජාන් මට ලස්සන රතු පාට අත් හීනි ගව්මක් ගෙනත් දුන්නා. දණිස්සෙන් සෙන්ටිමීටර දහයක් විතර උඩට වෙනකන් ගව්ම පලලා තිබ්බේ.මං ගව්ම ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බැලුවා.මටම හිතාගන්න බෑ මං මෙච්චර ලස්සනයිද කියලා.

“අම්මෝ මැණික ඔයා මාර ලස්සනයි. ගිලින්න හිතෙනවා……..”

මගේ පිටි පස්සෙන් ඇවිත් මාව තුරුල් කරගන්න ගමන් තේජාන් එහෙම කිව්වා. මං හැරිලා තේජාන් දිහා බැලුවා.අම්මෝ😱මගෙ හබියගෙ තියන ලස්සන😙😀 තේජාන් ඇදලා හිටියේ නිල් ඩෙනිම් කලිසමයි කලු අත් දිග කමිසෙකුයි.

“මොකද කොල්ලා හැඩයිද?…….”😁

“ඇත්තමයි තේජාන් ඔය ඇදුමට ඔයා ගොඩාක් ලස්සනයි……..”😙

“යමු දැන් වෙලාව හරි…….”

ලලිතා නැන්දගෙ අතට දුවව දීලා මායි තේජානුයි කාරෙකට නැග්ගා.

“රවී අයියා යන්නැද්ද අනුරාධා එක්ක පාර්ටි එකට……..”

“අනුරාධගෙ ගෙදරින් කැමති නෑ මැඩම් රෑ වෙලා එයාව පාර්ටි වලට එක්කන් යනවට……..”

තේජානුයි මායි බීච් හොටෙක් එකට එද්දී වෙලාව රෑ අටයි.හොටෙල් පුදුම විදෙන විදියට ලස්සනට සරසලා තිබ්බෙ.

“මේ හොටෙල් එක මගෙ යාලුවෙක්ගෙ සංසලා……..”

“ඉතිං අපිට තිබ්බෙ ඔයාගෙ හොටෙල් එකට යන්නනෙ තේජාන්.මං කවදාවත් ඔයාගෙ හොටෙල් එකට ගිහිල්ලා නෑ…….”

“යමුකො මැණික ඉතිං.පොඩ්ඩක් ඉවසන්නකෝ……..”

තේජානුයි මායි දෙන්නම හොටෙල් එක ඇතුළට ආවා.අපි දෙන්නා වගේ ලස්සන ලස්සන කපල්ස් ගොඩාක් ඒ හොටෙල් එකට ඇවිත් හිටියා.සමහරු අපි දිහා බැලුවේ ගොඩාක් පුදුම වෙලා වගෙයි.
තේජානුයි මායි ගිහින් ටේබල් එකක් ලගින් වාඩි වුනා.

“හායි මචං තේජාන්?……..”

තේජාන්ට කතා කරමින් ලගට ආවෙ මේ හෝටලේ අයිතිකරු වන මනෝජ් රත්නායක යි.

“මනෝජ් ඔන්න අපි දෙන්නා උඹේ ආරාධනාව පිළිඅරගෙන ආවා.මේ මගේ වයිෆ් සංසලා.සංසලා මේ මනෝජ්…….”

තේජාන් මට එයාගෙ යාලුවව අදුන්වලා දුන්නා.

“මචං,උඹ මේ ගර්ල්ව කොයි ඉස්කෝලෙන්ද පන්නන් ආවෙ?බාලාපරාධ වලට අහු වෙයිද දන්නෑ උඹ…….”😁😂

“යකෝ මගෙ වයිෆ් ඉස්කෝලේ ගිහින් ඉවරයි……..”

තේජාන්ගෙ යාලුවෝ ගොඩ දෙනෙක් ඇවිත් තේජාන් එක්ක කතා කරා.පාර්ටිය ගොඩාක් ලස්සනට තිබ්බා.මට ඩාන්ස් කරන්න යන්න තේජාන් කතා කරා.ඒත් මට ඩාන්ස් කරලා පුරුදු නැති හින්දා මං ගියෙ නෑ.මගේ අවසරය ඇතුව තේජාන් පොඩ්ඩක් ඩ්‍රින්ක් ගත්තා.😀පාර්ටිය ඉවර වෙනකොට රෑ දහයත් පහු වුනා.

“අපි දැන් කොහෙද යන්නෙ තේජාන්?…….”

“අපි යන්නෙ දැන් අපේ හොටෙල් එකට…….”

“එහෙ තවත් පාර්ටි එකක්ද තේජාන්?…….”

“යමුකො ඉස්සෙල්ලා…….”

අපි තේජාන්ගෙ හොටෙල් එකට එද්දී රෑ එකොලහ විතර වුනා.

“රවී…උඹ එහෙනම් හෙට නවයට විතර වරෙන්…….”

“හරි බොස්…….”

ඊට පස්සේ තේජාන් මගෙ අතින් අල්ලගෙන එයාගෙ හොටෙල් එකට ආවා.අපි ඉස්සෙල්ලා ගිය හොටෙල් එකටත් වඩා තේජාන්ගෙ මේ හොටෙල් එක ලොකුයි.අපිට ලොකු රෝස මල් පොකුරක් දීලා ඒ හොටෙල් එකෙන් ලස්සනට පිලි ගත්තා.

මගෙ කරට අත දාගෙන තේජාන් හොටෙල් එකේ උඩ තට්ටුවට ආවා.ඇවිත් එක රූම් එකක දොරක් ඇරලා තේජාන් මගෙ ඇස් දෙකම වහගෙන ඒ රූම් එක ඇතුලට ගිහිල්ලා ඇස් දෙක ඇරියා.

“බුදු අම්මෝ තේජාන්…….”😱😱

ඒ කාමරේ පුරාම ගොඩාක් ලස්සනට සරසලා තිබ්බා.රතු රෝස මල් වලින් මුලු කාමරේම පිරිලා තිබ්බා.ඇද මැද්දෙ ලොකුවට රතු රෝස මල් වලින් ලොකූ හාට් එකක් හදලා තිබුනා.🌹🌹🌹🌹🌹

“අනේ ගොඩාක් ලස්සනයි තේජාන්.අනේ පුදුම ලස්සනට කාමරේ සරසලා තියනවා……..”

“ඔයාට මහන්සිත් ඇතිනෙ මැණික.ගිහින් වොශ් එකක් දාගෙන එන්න…….”

මං බාතෲම් එකට ගිහින් නාගෙන ආවා. තේජාන් බාතෲම් එකට ගියාට පස්සෙ මං බැල්කනියට ඇවිත් පල්ලෙහා බැලුවා. පල්ලෙහා ස්විම්පූල් එකක් තිබ්බා.මං ටිකක් වෙලා රෑ අහස දිහා බලාගෙන හිටියා.

“මොකද මැණික අහසෙ තරු ගනං කරනවද?…….”

මගේ උරහිසට මුහුණ තබා ගන්න ගමන් තේජාන් එහෙම ඇහුවා.

“මේ හොටෙල් එක ගොඩාක් ලස්සනයි තේජාන්…….”

“මගෙ හොටෙල්ස් වලින් ලස්සනම හොටෙල් එක මේක සංසලා.ඒකයි අද මං ඔයා වෙනුවෙන් මේක වෙන් කරේ…….”

“මට එච්චරටම ආදරේද මහත්තයෝ…….”

තේජාන්ගෙ නිරුවත් පපුවට තුරුල් වෙන ගමන් මං එහෙම ඇහුවා.

“ඔව් මැණික මං උඹට පණටත් වඩා ආදරෙයි…….”

“මාත් ආදරෙයි මගෙ මහත්තයට ගොඩාරියක්…….”

“යමු ඇතුළට සංසලා.වහිනවා නේද?…….”

තේජාන් මාවත් තුරුල් කරගෙන කාමරේට ආවා.

“මොකද බං මං දිහා ඔහොම බලන්නෙ? මේකිගෙ තියන මනමාල හිනාව.ඔය හිනාව තමයි මාව පිස්සෙක් කරේ……..”😀😀

මගෙ කම්මුලට සියුම්ව හාදුවක් තබන ගමන් තේජාන් එහෙම අහද්දී මට ලැජ්ජත් හිතුණා.අද දවස නිකන් හරියට අපේ මංගල රාත්‍රිය වගේ.මගේ දෑස් ඉබේටම වගේ පියවුනා.මා දෙසට තව තවත් ලං වූ තේජාන් මගෙ දෙතොල් ඒ දෙතොල් වලින් ග්‍රහණය කරගත්තා.ලා රෝස පැහැති ඒ දෙතොල් මගේ මුහුණ පුරාත් ගෙල පුරාත් දිව යද්දී මගේ පපුවට අමුතුම මිහිරක් එක් කරා.අනුරාගී හෝරාවන් කිහිපයකට පසු අපි දෙදෙනාම නින්දට වැටුනි.

🌦️🌥️⛅🌤️🕕

මට ඇහැරෙන විට බිත්ති ඔරලෝසුවේ උදෑසන හය ලෙස වේලාව සටහන්ව තිබුනි.පාන්දර ඇද හැලුණු වර්ෂාව දැන් නම් පහව ගොස් ඇත.මා සෙමින් තේජාන් දෙසට නෙත් යොමු කලෙමි.මගේ නිරුවත් පපුව මතට හිස තබාගෙන නිදා සිටින තේජාන්ගෙ එක් පයක් මගේ ඇග උඩය.මාවත් තුරුල් කරගෙන නිදා සිටින තේජාන්ගෙ මුහුණ දෙස මා මොහොතක් බලා උන්නෙමි.

සියුම්ව ඒ කම්මුලට සිප ගත් මා ගත් රැදි පොරෝනය ඉවත් කර තුවායත් ඇදගෙන නාන කාමරය වෙත ගියෙමි.උණුසුම් ජලයෙන් ඇග සෝදා ගත් මා කාමරේට පැමිණියෙමි.තේජාන් තවමත් නින්දේය.ඇදුම් ඇද ගත් මා තේජාන්ව අවදි කරවූයෙමි.

“තේජාන් නැගිටින්නකෝ අනේ…….”

“ආ….දැන් කීයද වෙලාව?…….”

“දැන් හයාමාරයි වෙලාව.ඉක්මනට ලෑස්ති වෙන්න……”

“මං රවියට කාරෙක අරන් එන්න කිව්වෙ නවයට.අපි උදේට කාලම යමු…….”

“දෝණි බලාගෙන ඇති තේජාන් අපි එනකල්.අපි ඉක්මනට යමු…….”

“එහෙනම් මං ලෑස්ති වෙනකල් ඔයා රවීට කෝල් එකක් දීලා කියන්න හතාමාරට විතර එන්න කියන්න…….”

මං කණ්නාඩිය ලගට ගිහින් කොණ්ඩෙ පීරමින් උන්නෙමි.මගේ පිටු පසින් පැමිණි තේජාන්ගෙ අතේ කුමක් හෝ දෙයක් තිබුණි.මා පිටු පස හැරී බැලුවෙමි.

“අනික් පැත්ත බලන්නකො…….”

මා අනික් පැත්තට හැරුනු විට තේජාන් අතේ තිබුනු කුඩා පෙට්ටිය විවෘත කර එහි තිබූ රත්තරං චේන් පට මගේ ගෙල පැලදුවේය.

“අනේ ගොඩාක් ලස්සනයි තේජාන් මේක. තැන්ක්‍යූ අනේ…….”

නැවත හමුවෙමු