ඇය කියූ දෙයින් මම නිරුත්තර විය. ඇය වැරදි යම් සේද ඒ හා සමානව මම වැරදි බව මම දනිමි.
එහෙත් ඇය මගේ අසරණකම තේරුම් ගෙන නැති වීම පිලිබඳ මට දුකක් ඇති විය.
ඇය සමග තව දුරටත් කතා කිරීමෙන් පලක් නොමැති බව වැටගී මම කාමරයෙන් එලියට ආවෙමි .
එතැන් පටන් මම ඇයව රිදවීම මගේ පරම රාජකාරිය කර ගත්තෙමි. මා ඇයට පෙනෙන සේ දිලිනි සමග ආදරයෙන් කතා කලෙමි.
නිවාඩු දින වල ඇයට ඇසෙන සේ දිලිනිගේ ගෙදර යන බව මගේ මවට පවසා වරු ගණන් කාරයෙන් එහේ මෙහෙ රස්තියාදු ගැසුවෙමි.
සෑම උදෑසනකම උමා නංගිව කැම්පස් ඇරලවීමට කාරයෙ යන විටදී දිලිනිට උමා නංගිට ඇසෙන සේ, ගුඩ් මෝර්නින් කෝල් එක දී ඇයට ආදරයෙන් කතා කිරීම මා පුරුද්දක් කර ගත් අතර එවිට උමා නංගිගේ මුහුණේ ඉරියව් වෙනස් චන ආකාරය දෙස හොරෙන් බලා අමුතු චින්දනයක් ලැබුවෙමි.
මට අවශ්‍ය වුනේ උමා නංගිගේ කටින්ම ඒ පිරිමි ළමයා සමග තියෙන සම්බන්දය බොරුවක් බව මා සමගකියනු දැකීමය.
මගේ හදවත කිව්වේම එය ඇය මා රිදවීම පිණිස හිතා මතාම කරන ලද බොරුවක් කියාය.
උමා නංගි කිසි දිනෙක ච්‍යල කෙල්ලෙකු නොවන බව මගේ සිත එකළුල්ලේම කීම එයට හේතුව විය.
එහෙත් මගේ රඟපෑම වැරදියට තේරුම් ගෙන මගේ දෙමව්පියන් විසින් දිලිනි සහ මගේ විවාහයට දින නියම කර ගන්නා ලදි.
අකමැත්තෙන් වුවද දිලිනි සමග මගේ විවාහය සැලසුම් කිරීමට මට සිදූ විය. දිනක් දිලිනි අප නිවසට පැමිණ ඇයගේ විවාහ සැලසුම් මා සමග කතා කලාය. ඒ අවට උමා නංගි ද වාඩි වී සිටියාය.
“උදේශ් නුවන් හොදයි ඔයාගේ දෙවැනි මනමාලයාට ගන්න. මටත් නංගිලා නැනේ, උමා නංගිව මන් කැමතියි මගේ දෙවන මනමාලිට ගන්න….. උමා නංගිගේ අකමැත්තක් නෑනෙ….. “
දිලිනි බොහොම පහසුවෙන් එසේ කියන විට උමා නංගි කඳුළු පිරි දෑසින් යුතුව නැගිට ඇයගේ කාමරයට ගියාය. දිලිනිගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් සේ ඇය මා දෙස බැලිය. මා ඇයට කුමක් කියන්නද……..
“යමු දිලිනි දැන් රෑ වෙන්නත් ළගයි අපි ඔවා පස්සේ කතා කරමු. යමු මන් ඔයාව ගෙදර බස්සවන්නම්” මම මාතෘකාව වෙන පැත්තක ට හැර වීමට උන්සහ කලෙමි,
“ඔයා මට මොනවා හරි හන්ගනවද උදේශ්”
ඇයට අප ගැන සැක සිතී අන්දැයි මට සිතුනි. එහෙත් ඇයට කීම සහ මගේ මවට කීම යන දෙකේ කිසිදු ‘වෙනසක් නොවන බව මා සිතූ නිසා නිහඬ විය.
ඊට පසුවදා උමා නංගි උදෑසන මා සමග යාම ප්‍රතික්ෂේප කලේ අද දේශන නැති බව පවසිමිනි. මා ඔෆිස් එකට යන විටම උමා නංගිගේන් අමුතු මැසේජ් එකක් මට ලැබිණි.
“මට තවත් ඉවසන්න බෑ උදේශ් අය්යෙ. විය යුත්ත වුණා. මට සමාවෙන්න”
මා ඇයට එහි තේරුම දැන ගැනීමට ඇයට ඇමතුමක් ගත්තද ඇයගේ දුරකථනය විසන්දි කර තිබිණි. මා බිය චීමට දෙයක් නොවුනේ ඇය ගෙදර සිටින බව දන්නා නිසාය.
හවස මා නිවසට යන විට නිවසේ උමා නංගිගේ මව නිවස තුල සිටිනූ දැක ගත හැකි විය. “අනේ උමා නංගිට කරදරයක්වත් ද……” මට එසේ සිතිනි.
මම දොරටුවෙන ඇතුල් චන විටම මගේ මව සේටියේ වාඩිවී මා දෙස තරහින් මෙන් බලා සිටිනූ දැක ගත හැකි චිය. ඇය පිටුපසින් හඬමින් සිටිනූ දැක ගත හැකි විය.
“උදේදග්….. උඹ එනකම් තමයි මම ගහිටියේ…… උඹ මට ඇත්ත කියපන් මොනවද මේ ෆොටෝ වල තේරුම” මගේ මව මට ඇගේ ෆෝන් එකේ උමා නංගිගේ ෆේස්බුක් පිටුවේ තිබු නුවර ගමනේදී උමා නංගි විසින් ගත් අප දෙදෙනාගේ සමීප ඡයාරූපයක් පෙන්වමින් ඇසුවාය.
මා උමා නංගි දෙස රවා බැලුවේ ඇය විසින් මුළු ලොවටම ඒ වන විට අපගේ සම්බන්දය හඬ ගා කී ඇති නිසා ය. උමා නංගි හඬමින් බිම බලා ගත්තාය
“ම්ම් මම දන්නේ නෑ අම්මේ…….. මට බයටම කියවිණි.
“දන්නේ නැති වෙන්නේ කොහොමද මෙච්චර දෙයක් වෙලා මම කිසි දෙයක් දන්නේ නෑ, දිලිනි මට උදේ කෝල් කරලා කිව්වේ මේකිගේ හපන්කම…..දැන් ඉතින් අපි කොහොමද රට්ටුන්ට මුණ දෙන්නේ…..මේවට තමයි වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නෙ….මගේ කොල්ලාගේ අනාගතේ විනාස කල හැකිරි….” කියා මච උමා නංගිට කම්මූල් පාරක් ගැසුවාය.
“කන්න දීපු ගුනේවත් තිබ්බේ නෑනේ….. දැන් කොහොමද අපි නෑදැයන්ට මුණ දෙන්නේ, මේ මිනිස්සු උඹට කොච්චර දේවල් කලාද” ඇය ගේ මව ද ඇය ට පාරක් ගැසූවා ය.
“මේ නංගි….මේ හැනිරි ව මගේ ගෙදර තියා ගන්න බෑ….කරුණාකර මෙයාව මෙහෙන් අරගෙන යන්න” මම සෑම දවසකම ඇසීමට බිය වූ වචන ටික මගේ මවගේ කටින් පිටවිණි.
“අනේ අම්මේ මගේ එහෙම කිසිම සම්බන්දයක් නෑ….. ඔය එඩිට් කරපු ෆොටෝ එකක්ද කොහෙද…” මම එසේ කිව්වේ උමා නංගි ව බේරාගැනීමේ අටියෙනි.
“මම දන්නවා පුතේ…..මගේ පුතා නරක නෑ….එකත් එකටම මේකි තමා මගේ කොල්ලාගේ කරේ එල්ලෙන්න හැඳුවේ……වැඬේ වැරදෙන කොට බඳින කෙල්ලට පෙන්න ෆොටෝ දාලා හරි මගුල කඩන්නයි හැදුවේ…..උඹට තවත් මේ ගෙදර ඉඩ නෑ. ගනින් උඹේ බැග් එක අර ගෙන තොලොනචි වෙලා පලයන් මගේ දෑහට නොපෙනි”
මගේ මව එසේ කියමින් ඇයව ගෙදරින් එලියට ඇ ද ගෙන ගියාය. ඇගේ මවත් හඬමින් ඇය පසුපස ගියාය.
“අනේ ලොකු නැන්දේ එහෙම කරන්න එපා ලොකු මාමා එනකම් වත් මට ඉන්න දෙන්න…..’
උමා නංගි එසේ කියමින් මා දෙස අසරණ ලෙස බැලුවද ඇය දෙස දුකින් බලා සිටිනූ විනා මට ඇය වෙනුවෙන් කිසි දෙයක් කල නොහැකි විය.
ඒ මා විසින් ඇය මෙය විහින් කර ගත් දෙයක් සේ සිතු නිසා විය හැකිය. එහෙන් අදටත් මම එයට මට සමාව දෙන්නේ නැත.
උමා නංගි හඬමින් අපේ නිවසින් පිටවී ගියාය. ඇය නොමැති නිවස පාලු සොහොන් පිටියක් මෙන් විය. මගේ සහ දිලිනිගේ විවාහ සැලසුම් සියල්ල නතර විනි.
ඇගේ නිවැසියන් අපේ පවුලේ අයත් සමග තිබු සියලු ගණුදෙනු නතර කරන ලදි. එය මට නම් යම් තාක් දුරට අස්වැසිල්ලක් වූ අතර මගේ මව නම් උදේ හවස උමා නංගිට දෙස් දෙවොල් තිබ්බාය. ඇය මේ සියලු දේ වල වැරැද්ද උමා නංගිගේ බව තරයේ සිතුවාය.
සිදු වු දේවල් හමුවේ මට තව දුරටත් රැකියාවට යාමට සිත හදා ගත නොහැකි විය. මා කලේ මුළු දවසේම කාමරයට වී නිදා ගැනීමයි. මගේ පියා ද එයට කිසිවක් නොකියන ලදි. මම උමා නංගිට කුමක් වුණි දැයි සෙව්වෙමි. ඇය ගේ දුරකථනය සෑම විට ම විසන්දි කර පැවතිනි.
ඇයගේ මිතුරියන්ගේ මාර්ගයෙන් ඇය කැම්පස් නොගිය බව දැනගන්නට ලැබුණි. එමෙන්ම ඇයට කිසිදු පෙම්වතෙකු නැති බවද දැන ගන්නට ලැබිණි.
සති දෙකක් පමණ ගෙවූ තැන මගේ පියාට උමා නංගිගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එයින් කියවුනේ ඇයගේ පියාට පපුවේ අමාරුව සැදී නුවර රෝහලේ සිටින බවකි, සහ ඔහු මාව අදම හමු වීමට අවශ්‍ය බව පැවසීමය.
මගේ පියා මට එය කියූ සැනින්, මා නුවර යාමට ලෑස්ති වූයේ උමා නංගි ගැන තොරතුරක් බොහො කලකින් පසු ලැබුණු නිසාය. මගේ මව මා තනියම නුවර යන එකට විරුද්ද විය. පියාට මාත් සමග යාමට කිවත්
ඔහුට එදින ව්‍යපාරික හමුවකට යාමට සිදූ වී ඇති බව පැවසු නිසා මගේ මව මා සමග යාමට සුදානම් වුවද මා එයට විරුද්ද විය. එයට හේතුව ඇය යෑම තවත් ගැටළු රැසකට මුලක් විය හැකි බැවිනි. පියාද එය අනුමත කළේය.
“පුතා පරිස්සමට ගිහින් එන්න එහෙනම්……වැඩිය ඔය මිනිස්සු එක්ක කතාවට යන්න එපා.. උන් හිතපු තරම් හොඳ මිනිස්සු නෙමේ.මගේ මිටින් එක ඉවර වෙච්ච ගමන් මමත් එන්නම්” මගේ පියා එසේ අවවාද කර මට යාමට අවසර දුන්නේය.
මම නුවර යාමට නිවසේ අතුරු පාරේ සිට ප්‍රධාන පාරට වාහනය දමන විට පුදුමයකට මෙන් උමා නංගි මගේ වාහනය අසලට පැමිණි නිසා මා ඇයව වාහනය තුලට ගත්තෙමි.
ඊලග කොටසින් හමුවෙමු