රෑට කාලා ඉවර වෙලා ගබඩා කාමරේට ගිහිල්ලා බලන්න හිතුනත් රෑ වෙලා වැඩි නිසා බෑ කියලා හිතුණ නිසා මං නිදා ගත්තා.හෙට උදේට බලනවා කියලා හිතාගත්තා.නින්දයාගෙන එනකොටම කෝල් එකක් ආවා භානුකගෙන්.

“හෙලෝ භානුක…….”📲

“නිදිද සමුද්‍රා…….”📲

“දැනුයි නිදා ගන්න හැදුවෙ?ඔයා අද ඩියුටි කිව්වා නේද?……..”📲

“ඔව්.මං මේ කම්මැලිකමට ඔයාට කෝල් එකක් ගත්තෙ…….”📲

“කාලද ඉන්නෙ දැන් ඉතිං?…….”📲

“හ්ම්ම්.දැනුයි කෑවෙ.හෙට මගෙ බර්ත්ඩේ එක.ගෙදර පොඩි පාටියක් තියනවා. ඔයත් එන්න ඕනි…….”📲

“මං කීයටද එන්න ඕනි?…….”📲

“යාලුවන්ට පාටිය තියෙන්නේ රෑ.ඔයා දවල් දෙකට විතර එන්නකෝ…….”📲

“හා මං එන්නම්…….”📲

අම්මෝ මට දැනුයිනෙ මතක් වුනේ හෙට භානුකගේ බර්ත්ඩේ එක කියලා. මොනවද භානුකට දෙන්නෙ?🤔🤔එහෙම හිත හිතාම මං නිදා ගත්තා.

උදේ පාන්දරම නැගිටපු ගමන්ම මං ගියේ නන්දිතාව හොයාගෙන.

“නන්දිතා අද භානුකගේ බර්ත්ඩේ එක. මොනවද එයාට දෙන්න හොද?මට නම් මොකක් වත් හිතාගන්න බෑ…….”

“පුංචි බේබි යමු මාත් එක්ක ටව්මට. එහෙදි මොනවහරි හොද දෙයක් තෝරලා ගන්න…….”

නන්දිතායි මායි ටව්මට ගිහිල්ලා බඩු තෝරන්න පටන් ගත්තා.පැයක් විතර බලලා බලලා අන්තිමට මං භානුකට දෙන්න ලස්සන වොච් එකක් තෝර ගත්තා.ගෙදර ඇවිත් ඒක ලස්සනට රැපින් කර ගත්තා.දවල් දෙකට තව පැය හතරක් විතර තියනවා.ඒ හින්දා මං බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.නාගෙන ආවට පස්සෙයි මට මතක් වුනේ ගබඩා කාමරේට ගිහින් බලන්න.මං අප්පු මාමගෙන් යතුර ඉල්ලගෙන ගබඩා කාමරේ දොර ඇරියා.

අම්මෝ මේ කාමරේ ගොඩාක් පරණ බඩු තියනවනේ.ඒ ඔක්කොම වගේ පරණ බඩු.බාගෙට කැඩුනු අල්මාරියකුත් තිබුනා.එතන තිබුනු කැඩුනු බඩු වලින් මගෙ හිත ගියේ ඒ අල්මාරියට.මං ඒ අල්මාරියේ තිබිච්ච ලාච්චුව ඇරලා බැලුවා.ඒකෙ පරණ දූවිලි පිරිච්ච ඩයරියක් තිබුනා.මං හිතන්නෙ මේක අර ධාරගෙ වෙන්න ඇති.එහෙම හිතලා මං ඒ ඩයරිය අතට අරගෙන පෙරලලා බැලුවා.ඒකෙ ලියපුවා පැහැදිලිවට නොපෙනුනේ ඒ ඩයරිය අවුරුදු ගානක්ම පරණ නිසා වෙන්න ඇති.ඒත් සමහර දේවල් ටිකක් පෙනුනා.ඒත් මට ඒවා කියවන්න හිතුණෙ නෑ.ඩයරිය පෙරලලා බලනකොට ඒකෙ ඇතුලේ කාගෙද මන්දා ගෑනු ලමේක්ගෙ ෆොටෝ එකක් තිබුනා. ඒ ෆොටෝ එකේ යටින් ධාරා කියලා ලියලා තිබුනා.ධාරාගෙ ඒ ඇස් වල අමුතු ආකර්ෂනයක් මං දැක්කා.ඒ මුහුණ ඒ ඇස් ඒ බැල්ම මට මහා කුතුහලයක් අමුත්තක් ගෙන දුන්නා.මගෙ ඔලුව නිකන් කැරකෙන්න වගේ ආවා.ඒ ෆොටෝ එකත් අරගෙන මං නැගිට්ටලා ඒ ඩයරිය තවත් පෙරලලා බැලුවා.ඒ ඩයරිය ඇතුලේ තිබිලා තව පුංචි ෆොටෝ එකක් බිමට වැටුනා.මං ඒ ෆොටෝ එක අතට අරන් බැලුවා.ඒකෙ හිටියේ අවුරුදු විස්සක විතර පිරිමි කෙනෙක්.සමහර විට මේ අර රොහාන් මහත්තයා කියන කෙනා වෙන්න ඇති…….මං ඒ ෆොටෝ දෙකත් අරගෙන ඉක්මනට කාමරේට ඇවිත් වෙලාව බැලුවා.දෙයියනේ එකයි පනස් පහයි වෙලාව.මං එච්චර වෙලා ගබඩා කාමරේ හිටියද?

මං ඉක්මනට ලෑස්ති වෙලා තෑග්ගත් අරගෙන අප්පු මාමට කියලා භානුකගේ ගෙදරට යන්න පිටත් වුනා.අපොයි මේ නපුරා මට බනීද දන්නෑ පරක්කු වුනා කියලා.දුවපු දිවිල්ලට තව පොඩ්ඩෙන් මං වැටෙනවා.භානුක මං එනකල් මග බලාගෙන හිටියා.

“මොකද මැඩම් පරක්කු?වෙලාවට වැඩ කරන්න දන්නෙම නෑ වගේ…….”😁😁

“අනේ සොරි භානුක.මං පොඩි වැඩක හිටියෙ මට වෙලාව යනවා දැනුනෙ නෑ……..”

මගෙ කරට අතදාගෙන භානුක මාව ගේ ඇතුළට එක්කන් ගියා.

“Wish your happy birthday bhanuka”😘

ගත්තු ප්‍රසන්ට් එක භානුකගේ අතට දීලා කිස් එකකුත් දීලා මං භානුකට සුභ පැතුවා.😀😙😉

“ඒ කිස් එක නම් මරු…….”😘😁

“කෝ මට කේක්?…….”

“යමුකො කේක් කපන්න…….”

උපන් දිනේ වෙනුවෙන් භානුක ලස්සන කේක් එකක් ගෙනත් තිබ්බා.එයා ඒ කේක් එක කපලා මට කැව්වා.

“ඔයාගෙ අම්මයි තාත්තයි ලංකාවට එන්නෙ නැද්ද භානුක?…….”

“අම්මා නම් කීප වතාවක්ම ලංකාවට ඇවිත් ගියා.තාත්තා නම් අවුරුදු විසිඑකකින් ලංකාවට ඇවිත් නෑ.එයාලා දෙන්නම ලගදිම එනවා කිව්වා ඔයාව බලන්න……..”

“මාව බලන්න??…….”😱😱

“ඔව් ඔයාව බලන්න.මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වා.එයාලා ඔයාට කැමතියි……..”

මට භානුක ගැන පුදුමත් හිතුණා.අපි මුණ ගැහිලා තාම මාසයයි.භානුක එයාගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි කැමැත්තත් අරන් ඉවරයි.

“එයාලා මොනවද කිව්වෙ භානුක?…….”

“මං ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නුවා. හරිම සීදේවි පාටයි කිව්වා.මං අම්මට කිව්වා ඒකි සීදේවි නෑ මූසලයි කියලා…….”😁🤣

“මොකක්?දෙනවා දෙකක්…….”😁

“මං විහිලුවක් කරේ සුදූ.අම්මයි තාත්තයි ඔයාව බලන්න ලගදිම එනවා කිව්වා. ඔයා ඔයාගෙ අම්මටයි තාත්තටයි කියන්න…….”

“මට නම් බයයි භානුක.මං ඔයාගෙ අම්මවයි තාත්තවයි දැකලත් නෑනෙ…….”

“එන්නකො මං ගාව ෆොටෝ තියනවා.මං පෙන්නන්නම්……..”

මාත් එක්ක භානුක එයාගෙ කාමරේට ගිහිල්ලා කබඩ් එක ඇරලා ෆොටෝ ඇල්බම් එකක් අරන් දුන්නා.

“ඕකෙ මගෙ අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ ගොඩාක් තියනවා.බලන්න…….”

මං ඒ ඇල්බම් එක පෙරලලා බැලුවා.

“මෙ….මේ….ඔයාගෙ තාත්තද භානුක?…….”

එක ෆොටෝ එකක් පෙන්නලා මං භානුකගෙන් එහෙම ඇහුවා.දෙයියනේ මේ අර මං ඉස්සෙල්ලා ගබඩා කාමරේදි ඩයරිය අස්සෙ තිබිච්ච ෆොටෝ එකේ හිටපු පිරිමි කෙනානෙ.එතකොට භානුකගේ තාත්තා රොහාන් මහත්තයා කියන කෙනාද?

“ඔව් සමුද්‍රා.මේ මගෙ තාත්තා…….”

“තාත්තගෙ නම මොකක්ද භානුක?…….”

“රොහාන් විජේනායක…….”

“මොකක්?…….”😱😱

“ඇයි සමුද්‍රා?ඔයා ඇයි පුදුම වුනේ?…….”

භානුක අහපු දේට උත්තරයක් නොදී මං ඒ ඇල්බම් එකේ තියන භානුකගේ තාත්තගේ ෆොටෝ ටික ඔක්කොම බැලුවා.මගෙ හිතට මහා අමුත්තක් දැනුනා.භානුකගේ තාත්තව මං මීට කලින් කොහේදි හරි දැකලා තියනවා කියලා මට හිතුණා.ඒ කියන්නේ……..ඒ කියන්නේ ධාරාගෙ පෙම්වතා භානුකගේ තාත්තා නේද?……ඒත් ඇයි ඒක මට මේ තරම් දැනෙන්නෙ.

“ඔයාට මොකද වුනේ සමුද්‍රා?……..”

“අ….මේ භානුක ඔයාගෙ තාත්තා කලින් හිටපු බංගලාවෙ තමයි අපි දැන් ඉන්නෙ. මේ තියන්නෙ ඒ අපේ බංගලාවෙ බැල්කනියෙ ඉදන් ගත්තු ෆොටෝ එකක්…….”

“එහෙනං ඉතිං අප්පු අංකල් එහෙම අපේ තාත්තව හොදට දන්නවා ඇතිනෙ…….”

“ඔව්.හොදට දන්නවා…….”

මං භානුකට ඒ ගැන කිව්වත් ධාරා ගැනයි භානුකගේ තාත්තා එක්ක ධාරාට තිබ්බ සම්බන්දෙයි කිව්වෙ නෑ.ඒත් මෙතන මොකක් හරි ලොකු දෙයක් තියනවා කියලා මගෙ හිත හැම වෙලේම කියනවා.
මං ඒ ඇල්බම් එක භානුකගේ අතට දීලා කාමරෙන් එලියට ආවා.

“එන්න අපි කෑම කමු…….”

“ඔයා ඉව්වද භානුක?…….”

“ඔව් මට හොදට උයන්න පුලුවන්. බලන්නකො ඔයාගෙ අනාගත හස්බන්ඩ්ගෙ කෑම රසද කියලා…….”😀

මට භානුක කෑම බෙදලා දුන්නා.අම්මෝ මාර රසයිනෙ කෑම.මට නම් කවදාවත් මෙච්චර රසට උයන්න බෑ.මගෙ හබියට රසට උයන්න පුලුවන් වෙච්චි එක නම් ගොඩාක් හොදයි…..😁😉ඒත් මං එහෙම හිතුවා මිසක් කිව්වෙ නෑ.

“ඇත්තමයි භානුක කෑම ගොඩාක් රසයි…….”

“එහෙනම් මටත් කවන්නකො…….”

මගේ බත් එකෙන්ම මං භානුකටත් බත් කැව්වා.


කාලය ගත වුනේ මගෙත් භානුකගෙත් ආදරේ තව තව වැඩි වෙමින්.අපේ ආදරේට දෙපැත්තෙන්ම කැමැත්ත හිමි වුනා.ඒත් මං තාම භානුකගේ තාත්තව හැබැහින් දැකලා නෑ.

“පුංචි බේබි මං යනවා ධාරා කෙල්ලගෙ සොහොන ලග පහනක් පත්තු කරන්න…….”

“අනේ අප්පු මාමෙ මාත් එනවා…….”

අප්පු මාමයි මායි දෙන්නම ධාරගෙ සොහොන ගාවට යන්න පිටත් වුනා.ඒත් මගදි භානුකගේ බයික් එක හම්බුනා.

“මහත්තයා එනවා පුංචි බේබි.ඔය දෙන්නා යන්න.මං තනියම ගිහින් පහන පත්තු කරලා එන්නම්…….”

අප්පු මාමා එහෙම කියලා ගියා.මං භානුක ලගට ආවා.

“භානුක අපෙ අම්මයි අප්පච්චියි දෙන්නම ලබන මාසෙ එනවා කිව්වා……”

“ඒක හොදයි සමුද්‍රා.අපේ තාත්තත් තව සතියකින් ලංකාවට එනවා කිව්වා…….”

භානුකගේ තාත්තා ලංකාවට එනවා කිව්වම නුහුරු බියකින් මගෙ හිත වෙව්ලලා ගියා.ඒත් මං ඒ බවක් භානුකට පෙන්නුවෙ නෑ.

🔥🔥

එක දවසක් රෑ මට හීනෙන් ධාරාගෙ අම්මව පෙනුනා.මගෙ රත්තරං දුවේ කියලා ධාරගෙ අම්මා මගෙ ඔලුව අත ගෑවා.මාව තුරුල් කරගෙන මගෙ ඔලුව අතගෑවා……අයිරාගෙ දුව ධාරා නෙ.ඇයි එයා මට මගෙ රත්තරං දුවේ කියලා කිව්වෙ?කබඩ් එකේ තිබ්බ ධාරාගෙ පින්තූරෙ අතට අරගෙන මං බැලුවා.ඒ ඇස් වලින් කලින් දවසට වඩා ලොකූ අමුත්තක් මට දැනුනා.

මේ විදියට කීප දවසක්ම රෑට හීනෙන් ධාරගෙ අම්මා ඇවිත් මගෙ රත්තරං දුවේ කිය කියා මගෙ ඔලුව අතගෑවා.අන්තිමට මං තීරණය කරා මේ සිද්ද වෙච්චි දේවල් අප්පු මාමට කියන්න.මං ඒ දේවල් අප්පු මාමට කිව්වට පස්සෙ අප්පු මාමා කිව්ව දෙයින් මගෙ කකුල් දෙක පණ නැතුව ගියා.

“බය වෙන්න එපා පුංචි බේබි.ධාරා කියන්නෙ පුංචි බේබිගෙ කලින් ආත්මෙ. මට පුංචි බේබිව දැක්ක මුල් දවස් වලම මහ අමුත්තක් දැනුනා.පුංචි බේබි කන බොන විදිය අදින පලදින විදිය කතා කරන විදිය ඒ හැම දෙයක්ම ධාරාගෙ වගේමයි.ඉස්සර ධාරා කෙල්ල දවාලෙ වැඩි හරියක්ම ඉන්නෙ උඩ බැල්කනියෙ. පුංචි බේබිත් මං දකින් හැම වෙලාවකම බැල්කනියට වෙලා ඉන්නවා……..”

අප්පු මාමා මේ කියන දේවල් හින්දා මගෙ හිතට මහ අමුතු බියක් ඇතුලු වුනා.මට බංගලාව ඇතුලෙ ඉන්නත් බය හිතුණා.

“අනේ අප්පු මාමෙ මට ගෙදර යන්න ඕනි. මට මෙහෙ ඉන්න බෑ.අනේ මට බයයි අප්පු මාමෙ…….”😭😭

මහ හයියෙන් කෑ ගහලා මං ඇඩුවා.

“අනේ පුංචි බේබි ඔයා අඩන්න එපා.දැන් හොදටම හවස් වෙලා.මං ලොක මහත්තයට කෝල් කරලා කියන්නම්…….”

අප්පු මාමා අප්පච්චිටයි අම්මටයි කෝල් කරලා කිව්වා.එයාලා එනකල් වුනත් මට වලව්වෙ ඉන්න බය හිතුණා.

“නෝනෙ අන්න භානුක මහත්තයා එනවා……..”

“ඇයි සමුද්‍රා ඔයාට මොකද වුනේ?…….”

වෙච්චි හැම දෙයක්ම ඇග්නස් නැන්දා භානුකට කිව්වා.

“ඔයා යමු සමුද්‍රා අපේ ගෙදර.අපෙ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත් ඉන්නෙ. ඇගනස් ආන්ටි,සමුද්‍රාගෙ අම්මටයි තාත්තටයි අපේ ගෙදරට එන්න කියන්න…….”

එහෙම කියලා භානුක මාව එයාගෙ ගෙදරට එක්කන් ආවා.මිදුලෙ වාහනයක් නවත්තලා තිබ්බා.

“කවුරු හරි ගෙදරට ආවද භානුක?……..”

“යමුකො ඇතුළට……..”

“අම්මේ……..”

අම්මට කතා කරමින් භානුක ගේ ඇතුලට ආවෙ මගෙ අතිනුත් අල්ලගෙනමයි.

“කෝ අම්මෙ තාත්තා?……..”

දෙයියනේ භානුකගේ තාත්තා ඇවිල්ලද? එක්වරම මගෙ ඔලුව කැරකෙන්න වගේ ආවා.භානුකගේ අම්මා රොහාන් කියලා කතා කරා.

“ආ පුතාලා ආවද?……..”

මගේ ඉස්සරහින් ආපු කටහඬට මං ඔලුව උස්සලා බැලුවා.

“කොහොමද දුව?……..”

භානුකගේ තාත්තා පියවරෙන් පියවර මං ගාවට කිට්ටු වුනා.එක්වරම මට ක්ලාන්තය වී ඇදගෙන වැටුනි.

නැවත හමුවෙමු

Advertisment