දැන් නම් තේජාන්ගෙ කකුල ගොඩාක් දුරට සනීපයි.ඒත් වෙද මහත්තයා කියපු විදියට තව ටික කාලයක් යනකල් කිහිලු කරුවක් පාවිච්චි කරන්න වෙනවා.ඒ කිහිලි කරුවෙන් තේජාන්ට තනියම යන්න පුලුවන්.දවසකට සැරයක් තේජාන්ට පැය බාගයක් විතර මිදුලෙ සෙරෙප්පු දාන්නෙ නැතුව කිහිලි කරුවෙ ආදාරයෙන් ඇවිදින්න කියලා වෙද මහත්තයා කිව්වා.තේජාන් ඇවිදිනකල් මං ලගට වෙලාම ඉන්නවා.නැත්නම් මේකා ඇවිදින්නෙ නැතුව කපටි කමට පැත්තකට වෙලා නිකන් ඉදියි.

“සංසලා…….”

“ඇයි මහත්තයෝ……..”

“තව කොච්චර කාලයක් යයිද මට තනියම ඇවිදින්න……..”

“මෙච්චර කාලයක් ඉවසපු එකේ තව මාස තුනක් විතර ඉවසන්න තේජාන්. ඔයාට ඉක්මනට ඇවිදින්න පුලුවන් වෙයි…….”

“එපා වෙනවා මැණික.කම්මැලියි අනේ……..”

“එහෙනම් ටීවි බලන්න…….”

“නෝනා……”

“ආ ඇයි ලලිතා නැන්දෙ?…….”

“මහත්තයගෙ යාලුවෙක් ඇවිල්ලා…….”

“එන්න කියන්න නැන්දෙ…….”

ඇවිත් හිටියේ තේජාන්ගෙ හොදම යාලුවා අකිල.

“ආ අකිලයා කොහොමද බන්?…….”

“ඔහේ ඉන්නවා බං.මං මේ අම්මව බලලා එන්න ගිය ගමන් උඹවත් බලලා යන්න කියලා ආවා…….”

“අකිල අයියා එහෙනම් දවල් කෑමටත් ඉදලාම යන්න…….”

“කන්න නම් බැහැ නංගි.අම්මා දීපු ලොකූ බත් පිගාන කාලා ඉස්මුරුත්තාවට වගේ……..”

“එහෙනම් මං බොන්න මොනවහරි ගේන්නම්……..”

කුස්සියට ගිහින් දොඩම් බීම වීදුරුවක් හදාගෙන ඇවිත් අකිල අයියට දුන්නා.🍹

“දැන් උඹේ කකුලට කොහොමද බන්?වෙනදාට වඩා ගුණයි නේද?……..”

“දැන් නම් හුගාක් දුරට සනීපයි බං…….”

“පිං දීපන් මේ නංගිට.මෙයාගෙ මහන්සිය හින්ද තමයි උඹට මෙච්චර ඉක්මනට සනීප වුනේ.නැත්නම් උඹනෙ ඔය තෙල් බේත් ගාලා කසාය බොන එකා……..”

මාව පෙන්නලා අකිල අයියා තේජාන්ට එහෙම කිව්වා.ඇත්තනෙ ඉතිං මගේ කටේ බලේට තමයි තේජාන් ඔය සිංහල බෙහෙත් කරන්න කැමති වුනේ.

❤️❤️

අපි ආපහු තේජාන්ව වෙද ගෙදර එක්කන් ගියා.දැන් නම් ගොඩාක් දුරට තේජාන්ට සනීපයි.

“එහෙනම් නෝනා මේ තෙල් ටික ගාලා හොදට කකුල අත ගාන්න විනාඩි දහයක් විතර.තෙල් ටික ගාන්න කලින් කකුල හොදට හෝදලා ඉන්න.තෙල් ගාලා පැය බාගයක් විතර ගියාට පස්සෙ මේ කසාය බොන්න දෙන්න.මේක හරියටම සති තුනක් කරන්න.ඊට පස්සේ මහත්තට ආපහු මෙහෙ එන්න ඕන්නෑ.නිට්ටාවටම කකුල සුව වෙයි……..”

තෙල් බෝතලේකුයි කසාය ටිකයි මගෙ අතට දීලා වෙද මහත්තයා එහෙම කිව්වා.තෙල් ගාන්න කියලා කියද්දී තේජාන්ගෙ මූණ කට කජු ලෙල්ල වගේ වුනා.😁😁

“අනේ ගොඩාක් පිං වෙද මහත්තයා.ඔබ තුමා නොහිටින්න මෙච්චර ඉක්මනට මගෙ මහත්තයට සනීප වෙන්නෑ.ඔබ තුමාගෙ ගාස්තුව කීයද?……..”

“එහෙම ගානක් කියන්න බෑ නෝනා. නෝනා කැමැත්තෙන් දෙන ගානක් බාර ගන්නවා මිසක්……..”

වෙද මහත්තයට ගාස්තුව ගෙවලා අපි ගෙදර යන්න වුනා.
________________________________________

“දැන් ඉතිං තව සති තුනක් විදවපන්කො ඉතිං…….”

බාතෲම් එකට ගිහින් කකුල හෝදද්දී තේජාන් එහෙම කිව්වා.

“මාස ගානක් ඉවසපු එකේ මේ ටිකත් ඉවසන්න මහත්තයෝ.ඊට පස්සේ හොදටම සනීපයිනෙ.මගෙ හොද මහත්තයනෙ ඉතිං……..”😁😃

තේජාන්ගෙ බෙල්ල බදාගෙන කම්මුලට හාදුවක් දෙන ගමන් මං එහෙම කිව්වා.

“කපටි කෙල්ල……..”

මගෙ කම්මුලක් කොනිත්තලා ගමන් තේජාන් එහෙම කිව්වා.

“ආ ඔයා හිතන්නෙ කකුලෙ තෙල් ටික ගාන්නයි කසාය ටික පොවා ගන්නයි ඕනවට කිස් එක දුන්නා කියලද?මං තරහයි ඔයත් එක්ක තේජාන්…….”😠😫

එහෙම කියලා මං ආපහු යන්න හැරුනා.
තේජාන් මගෙ අතින් ඇල්ලුවා.මං තරහින්ම හිටියා.😠

“මං එහෙම කිව්වෙ නෑනෙ මැණික.කෝ ඉතිං සොරි.කෝ මේ පැත්ත හැරෙන්න…….”

මගෙ අතින් තද කරලා අල්ල ගත්ත තේජාන් ශවර් එක ඇරියා.

“මොකක්ද ඒ කරේ තේජාන්.අනේ ශවර් එක වහන්න.මාව තෙමෙනවා.සීතලයි බූරුවෝ.ඕක වහපන්කො…….”😂😁🤣

මං කොච්චර කිව්වත් තේජාන් ශවර් එක වැහුවෙ නෑ.මාව හොදටම තෙමුනා. තේජාන්වත් තෙමුනා.බොහොම අමාරුවෙන් තේජාන්ගෙන් අත අතෑරගෙන ශවර් එක වැහුවා.

“කියපිය කව්ද බූරුවා?…….”😠

මගෙ කට දෙපැත්තෙන් මිරිකගෙන තේජාන් මගෙන් එහෙම ඇහුවා.ශවර් එකෙන් වැටුනු වතුර තේජාන්ගෙ මුහුණ දිගේ වැටෙන්නට වුනා.

“ආව්…තේජාන් මගෙ කට රිදෙනවා අනේ අතාරින්නකො……..”😥

“එහෙනම් කියපන් කාටද බූරුවා කිව්වෙ ආ……..”😠

“අනේ ආයෙ කියන්නෑ සොරි ඉතිං.අනේ අතාරින්නකො මගෙ කට…….”😭

ඊට පස්සේ කට අතෑරපු තේජාන් ඒ දෙතොල් වතුරට තෙමුනු වෙව්ලන මගේ දෙතොල් සිප ගත්තා.තප්පර කිහිපයක් ගෙවෙන්නට ඇති.එක්වරම කවුරුන් හෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.

“කව්ද?…….”

“නෝනා කෑම ලෑස්තියි…….”

ලලිතා බාතෲම් එකේ දොර ගාවට ඇවිත් එහෙම කිව්වා.

“ඉක්මනට පිහදාගන්න තේජාන්.මට නම් හරිම බඩගින්නියි…….”

තේජාන්ගෙ අතට ටවල් එක දීලා මාත් පිහදාගෙන කාමරේට ඇවිත් ඇදුම් මාරු කරගෙන දෝණිටත් කෑම කවලා අපි දෙන්නත් කෑම කෑවා.

“දෝණි පැටියා සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරන්නකෝ අම්මි තාත්තිගෙ කකුලෙ තෙල් ගානකල්…….”

කෙල්ලට සෙල්ලම් බඩු ටික දීලා මං තේජාන්ගෙ කකුලෙ තෙල් ගාන්න පටන් ගත්තා.වෙනදා වගේ කිසිම අමාරුවක් නැතුව තෙල් ටික ගා ගත්තා.දැන් කකුලෙ කැක්කුම ගොඩාක් දුරට අඩුයිනෙ ඉතිං. තෙල් ටික හරියට ගා ගත්තත් තේජාන්ට කසාය ටික පොවාගන්න සෑහෙන යුද්දයක් දෙන්න උනා.

“නිකන් පොඩි බබෙක් වෙන්න හදන්න එපා තේජාන්.මෙච්චර කාලයක් ඉවසපු එකේ තව සති දෙකතුනක් ඉවසන්න බැරිද?කෙල්ලගෙන්වත් මෙච්චර කරදරයක් නෑ බේත් පොවාගන්න ගියාම. මෙයා නිකන් පොඩි එකෙක් වෙන්න හදනවා……..”😠😠

“බලනවා බොන්න පුලුවන්ද කියලා මේවා තිත්තයි ඉන්න බෑ.මට සීනි ටිකක් ගෙනත් දෙනවා.පුදුම තිත්තක් තියෙන්නෙ මේවා…….”

“බෙහෙත් බීපු ගමන් සීනි කන්න එපා කිව්වා වෙද මහත්තයා…….”😠😠

මාසයකට පසුව👇👇👇

දැන් නම් තේජාන්ගෙ කකුල හොදටම සනීපයි.මාස ගානක් යුද්දයක් කරලා ජයග්‍රහණය කරා වගේ හැගීමක් දැනෙන්නෙ.තනියම දුර ඇවිදින්නත් දැන් තේජාන්ට පුලුවන්.

දෝණිව නිදි කරවලා ඉවර වෙනකොට ෆෝන් එකට කෝල් එකක් ආවා.

“හෙලෝ…….”📲

“හෙලෝ දූ ඔයාට කොහොමද දැන්?…….”📲

“අනේ අම්මී ගොඩාක් කාලෙකට පස්සෙනෙ ඔයා කතා කරේ.අපි ගොඩාක් හොදින් ඉන්නවා අම්මෙ.ඔයාලා දෙන්නත් හොදින් නේද?……..”📲

“ඔව් දූ.අප්පච්චියි මමයි නිවාඩුවකට ලංකාවට ආවා.දවස් හතරකට පස්සෙ අපි ආපහු යනවා.ඔයාව දකින්න ආසයි දූ. කෝ දරුවයි තේජාන් පුතයි?…….”📲

“තේජාන් ඔෆිස් එකට ගියා අම්මෙ.දෝණි මේ දැන් නිදා ගත්තා විතරයි.මං එන්නම් ඔයාලව බලන්න හෙට උදෙන්ම……..”📲

“අනේ හා දුවේ.අපි ඉන්නෙ බම්බලපිටියෙ සිල්වා මාවතේ ඇනෙක්ස් එකක.ඔයා හෙට එන්නකෝ.අප්පච්චිත් ඔයාව දකින්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ…….”📲

“හා අම්මි මං හෙට උදෙන්ම එන්නම්…….”📲

“හරි දූ.මං එහෙනම් තියන්නම්.බුදු සරණයි…….”📲🙏

“බුදු සරණයි අම්මෙ……..”📲🙏

හවස තේජාන් ගෙදර ආවම මං අම්මා කතා කරපු එක තේජාන්ට කිව්වා. තේජාන් ඒක වැඩිය ගනං ගත්තෙ නෑ. ඒකට නම් මට හරියට දුක හිතුණා.

“හෙට උදෙන්ම ගිහිල්ලා එනවා ඉතිං. හැබැයි දුවව අරන් යන්න එපා…….”😠

පහුවදා උදේම මං අම්මවයි අප්පච්චිවයි බලන්න ගියා.එයාලා දෙන්නා හරිම සන්තෝශෙන් මාව පිළිගත්තා. අවුරුද්දකට පස්සෙයි මං අම්මවයි අප්පච්චිවයි දැක්කෙ.විදෙස් රටක ජීවත් වෙන හින්දද මන්දා අම්මයි අප්පච්චියි ඉස්සරහට වඩා සුදු වෙලා කියලා මට හිතුණා.මොනවා වුනත් එයාලා දෙන්නා සන්තෝශෙන් ජීවත් වෙන එක ගැන එකම දුව විදියට මං ගොඩාක් සතුටු වුනා.පැය දෙකක් විතර අම්මයි අප්පච්චියි එක්ක ගත කරපු මං ආපහු ගෙදර ආවා.මට දුකක් දැනුනා.අම්මා ගොඩාක් ආසාවෙන් ඉන්නෙ මගෙ දුවව දකින්න.ඒත් තේජාන් කවදාවත් කැමති නෑ මගෙ දෙමව්පියන්ට දුවව පෙන්නන්න.

“මොකද ගෙදර ගිහින් ආවට පස්සෙ කල්පනා කරන්නෙ?…….”

ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන් තේජාන් මගෙන් එහෙම ඇහුවා.

“තේජාන්…..අම්මා ගොඩාක් ආසාවෙන් ඉන්නෙ දුවව දකින්න……..”

තේජාන් ඒකට මොකුත්ම කිව්වෙ නෑ. සද්දෙ නැතුව හිටියා.

“එහෙනම් කෝල් එකක් දීලා කියනවා හෙට උදෙන්ම මෙහාට එන්න කියලා…….”

“අනේ හා තේජාන්.😃😃ඔයාට ගොඩාක් තැන්ක්‍යූ……..”😃😃

“හැබැයි අම්මට විතරයි තේරුනාද?…….”😠

“හා තේජාන්…….”

මං කෝල් එකක් දීලා අම්මට හෙට උදෙන්ම මෙහාට එන්න කියලා.අම්මා ගොඩාක් සන්තෝශ වුනා ඒකට.

පහුවදා උදේම අම්මා අපේ ගෙදරට ආවා.
දුවට සෙල්ලම් බඩු ගොඩාරියක් අරගෙනයි ආවෙ.මං දුවව අරගෙන අම්මගේ අතට දුන්නා.ටික වෙලාවකින් තේජානුත් කාමරේට ආවා.තේජාන් අම්මව සැබවින් දුටුව පළවෙනි වතාවයි මේ.

“අම්මෙ…..මේ තේජාන්……..”

“මං තේජාන් පුතාව අදමනෙ දැක්කෙ. කොහොමද පුතා?…….”

“හොදින් ඉන්නවා අම්මෙ…….”

මට පුදුමත් හිතුණා තේජාන් මගෙ අම්මට අම්මෙ කියලා කතා කරාම.අම්මා ගැන තේජාන්ගෙ හිතේ තරහක් නැතුව ඇති.අම්මා තේජාන්ට වරදක් කරේ නෑනෙ.

ආච්චිඅම්මයි මිණිපිරීයි ගොඩාක් වෙලා සෙල්ලම් කර කර හිටියා.අම්මට ගොඩාක් සන්තෝශයි දුවව දැකලා.පැය තුනක් විතර අම්මා අපිත් එක්ක හිටියා.

“මං එහෙනම් දැන් ගිහින් එන්නම් දූ. අනිද්දට අපි ආපහු මෙහෙන් යනවා…….”

“එහෙනම් පරිස්සමින් ගිහින් එන්න අම්මෙ…….”

මං අම්මට දණ ගහලා වැන්දා.🙏

“පුතා මං එහෙනම් ගිහින් එන්නම්…….”

මං හිතුවෙ තේජාන් අම්මට හා කියලාවත් කියනෙකක් නෑ කියලා.ඒත් තේජාන් අම්මා ළගට ඇවිත් දණ ගහලා වැන්දා.🙏මට පුදුමත් හිතුණා තේජාන් ගැන.

“පුතා මාත් එක්ක තරහ නෑනෙ…….”

අම්මා තේජාන්ගෙන් එහෙම ඇහුවා.

“අම්මා මට වරදක් කරලා නෑනෙ තරහ වෙන්න.ඒත් අම්මෙ…..සංසලාගෙ තාත්තා ගැන මගෙ හිතේ තියන තරහ කවදාවත් නැති වෙන්නෙ නෑ.එයා හින්දා මට ගොඩාක් දේවල් නැති වුනා…….”😢😢

“මං දන්නවා පුතේ ඒක.ඔයාගෙ හිතේ තියන තරහ සාදාරණයි.මං ගිහින් එන්නම් පුතේ…….”

තේජාන්ගෙ හිතේ මගෙ තාත්තා ගැන තියන තරහ ගැන මට දුකත් හිතුණා.ඒත් ඉතිං තමන්ගෙ මුලු පව්ලම නැති කරපු මනුස්සයෙකුට අනුකම්පා කරන්න පුලුවන් කාටද?

“මොනවද කල්පනා කරන්නෙ?…….”

“මොකුත් නෑ තේජාන්……..”

“මං දන්නවා මොනවද කල්පනා කරන්නේ කියලා.තාත්තා ගැන නේද කල්පනා කරේ?……..”

“හ්ම්ම්……..”

“මගෙ අම්මගෙයි තාත්තගෙයි නංගිගෙයි මරණෙ මට දරාගන්න බෑ සංසලා. ඔයාගෙ තාත්තට මගෙ හිතේ කවදාවත් අනුකම්පාවක් නම් ඇති වෙන්නෙ නෑ. තාත්තට සමාව දෙන්න කියලා නම් ඔයා මට කියන්න එපා සංසලා.එහෙම කියලා මාව අර කලින් හිටපු තේජාන්ගෙ තත්වෙට ඇදලා දාන්න හදන්න එපා……..”😠😠

“කවදාවත් මං ඔයා එපා කියන දෙයක් කරන්නෑනෙ තේජාන්.

“මං ඒක දන්නවා මැණික…….”

“යමු කෑම කන්න.දැන් අටත් පහු වෙලා…….”

“හෙට දවස මතකද සංසලා?……..”

“ඔව් හෙට valentine day එකනෙ…….”

“ඉතිං අපි කොහේ හරි යමුකො…….”

“කොහෙ යන්නද?……..”😁🤣

කිසිම ගානක් නෑ වගේ මං එහෙම කිව්වා.

“ඉතිං මැණික අපිට ආදරේ කරන්න කාලයක් තිබ්බෙ නෑනෙ.හෙට රෑට මරු පාටියක් තියනවා බීච් හොටෙල් එකේ. අපි දෙන්නා ගිහිල්ලා ටිකක් විනෝද වෙලා පහුවදාට එමු.දෝණිව ලලිතා බලා ගනියි…….”

“යකෝ කවුරු හරි කියයි ළමයව ගෙදර තියලා මහ එවුන් දෙන්නා රෝන්දෙ යනවා කියලා……..”😁🤣😂

“හෙට රෑට ගිහින් අනිද්දා උදේම ආපහු එනවා බං…….”😃😃

“හා ඉතිං…….”😃😃

නැවත හමුවෙමු