“අද වික්ටර් අන්කල් අවානේ ගෙදර…. එයාලගේ දුව දිලිනි ලගදි ඇවිල්ලා නියෙන්නේ ලන්ඩන් වල ඉදන්. මාස හයකින් පස්සේ අයෙමත් යනවා කියන්නෙ, ඒ දුවව පුතාට යෝජනා කලා. කලිනුත් ඔය යෝජනාව අවා.
අපි ඉතින් පුතා ඉගෙනගන්න ගින්ද පස්සේ බලමු කිව්වා, පුතා මොකද කියන්නෙ….. පුතාට ඉතින් අකමැති වෙන්න භේතුවක් නෑනේ .
ඒ පවුල එදා ඉදන් අපි දන්න පවුලක් නේ …. මැරී කරලා ටික කාලයක් රට ගිහිල්ල ආපහු එන්න තියෙන්නේ…. ඒ දුවත් ලංකාවේ ඉන්න කැමතියි…..”
මගේ මව එසේ පවසන විට, මම කමින් සිටි කෑම උගුරේ සිරවෙන වාක් මෙන් දැනිණි.
“දෙය්යනේ….. මේ මොනවද මේ අම්මා කියන්නෙ…. මම කොහොමද දිලිනි ව බඳින්නේ”
මට කෑ ගසා මම උමා නංගිට ආදරය කරන බව කීමට සින් විය. එහෙත් කුඩා කල සිටම මවගේ තීරණයට පිටින් යන පුරුද්දක් මට නොවිය. එයට හේතුව මගේ මව සාමාන්‍යයෙන් යම්කිසි දෙයක් කියන්නෙ හොඳට සිතා මතා දුර ඳිග කල්පනා කර බව මම දනිමි.
එසේ වැරදිලාවත් ඇය කියන දේ නොඇසූ විට ලැබෙන ප්‍රතිපලද ඉතා දරුණු වන බවද මම දනිමි. සාමානා්‍යයෙන් මගේ පියා සහ මම ඇයගේ තීරණ සෑම විටම ක්‍රියාත්මක කිරීමට වග බලා ගනී.
මේ අවස්ථාව නම් කිසිසේත් මම බලාපොරොත්තු නොවූ තත්වයකි. මම සෑම විටකම සිතුවේ මගේ මවට අපේ සම්බන්දය පිලිබඳ ටිකක් හරි ඉව වැටී එයට සහය දක්වනු ඇත කියාය.
එත් සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි. මම හොරෙන් මට ඉදිරියේ කෑම මේසයේ වාඩි වී සිටි උමා නංගි දෙස බැලුවේමි.
ඇය ඉතා අසරණ අයුරින් කදුළු පිරි දෑසින් මා දෙස බලා බිම බලා ගත්තාය.
“හෙට සෙනසුරාදා නිසා එහේ යන්නයි අපි හිතා ගෙන ඉන්නේ… එතකොට පුතාටත් දිලිනි දුවව හඳුනගන්න පුළුවන්නේ” මගේ පියා කටහඬ අවදි කලේය.
මට කිසිත් කරකියා ගත නොහැකි විය. සියලු දේ මගේ පාලනයෙන් ගිලිගී යනු මම නිහඬව බලා සිටියෙමි.
පුදුමයට කරුණ නම් ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් උමා නංගි නොදැක්වීමයි. පහුවදා අපි සියලු දෙනා දිලිනිගේ ගෙදර ගියෙමු. උමා නංගිත් අපේ ගමනට එක් විය.මගේ මව ඇය මගේ නැගණියක් කියා ඔවුන්ට හදුන්වා දෙන ලදි.
මට සහ දිලිනිට තනියම ගිහින් කකා කරන ලෙස දෙපැත්තේම දෙමව්පියන් කියන ලදි. අපි දෙදෙනා ඇගේ නිවස මිදුලේ කොනකට ගියෙමු.
දිලිනි මට බොහෝ දේ ඒ අවස්ථාවේ පැවසුවත් මගේ ඇස් සහ ගිත තිබ්බේ උමා නංගි දෙසය. මම සිටි තැනට උමානංගි වාඩි වී සිටි තැන පැහැදිලිව දිස් විය.
ඇය මා දෙස කදුළු පිරි නෙතින් බලා සිටියාය.
මට පුදුමාකාර අසරණ බවක් සහ වරදකාරී හැඟීමක් ඇති විය. වෙලාවකට උමා නංගි සමග පැන ගොස් කොහේ හරි ඈත පළාතකට ගොස් ජීවත් වීමට ද සිත් විය. එහෙත් දෙමව්පියන් ට දුක් දී ලබා ගන්නා සතුට තාවකාලික බව මම දනිමි.
එසේ වුවහොත් මගේ මව උමා නංගිට සාප කරනු ඇත. දැන් නියෙන තත්වය උඩ උමා නංගි ගැන මගේ දෙමව්පියන්ට පැවසීම උචිත නැතැයි මට සිතිනි.
එසේ වුවහොත් ඔවුන් උමා නංගිට අනිවාර්යෙන් අකමැති චන අතර උමා නංගිට අපේ නිවසෙන් යෑමට ද සිදූ වනු ඇත.
මේ වෙලාවේ උමා නංගිගේ දෙමව්පියන්ට ඇය වෙනුවෙන් බෝඩිමකට ගෙවීමට මුදල් නැත. අවසන් ප්‍රතිපලය වනුයේ ඇයට ඉගෙනීම කඩාකප්පල් කර ගමට යාමට සිදු වීමයි.
මම එසේ බොහෝ දුර කල්පනා කෙරුවෙමි. සුදුසුම දෙය නම් දිලිනි ව අපි දෙදෙනා ගේ මාර්ගයෙන් අයින් කිරීමය. මම එසේ සිතා දිලිනිට මාව එපා වෙන සේ හැසිරීමට සිතා ගත්තෙමි.
මම ඇයගේ දුරකථන ඇමතුම් පවා මග හැරියෙමි. ඇය මා හමු වීමට අසන සැම්විටකම මම කාර්යබහුල බව පැවසුවෙමි. එවිට ඇය කරන්නේ මගේ නිවසට පැමිනිමසි.
එවිට මගේ මව ඇය සමග රෑ කමට හෝ සාප්පු සවාරි හෝ යන ලෙස මට පවසයි. එවිට උමා නංගි කදුළු පිරි දෑසින් අපිව මග හැර ඇයගේ කාමරේට යයි. මෙය අප නිවසේ බොහො දුරට දැකිය හැකි තත්වයක් විය.
උමානංගි මේ සියලු දේ හමුවේ නිහඬ වීම ද මට ගැටළුවක් විය. ඇය ගේ දරා ගැනීමේ ශක්තිය ගැන මට පුදුමත් හිතිනි.
මා ඇය නම් මගේ නිහඬ බව හමුවේ දවස ගානේ රණ්ඩු කරනු ඇත. එහෙත් ඇය සියලු දේ නිහඬව දරා
සිටියාය. වාහනේ උදේ මා සමග යන විට වුවත් ඇය පෙර මෙන් මා සමග කතා කලේ නැත. ඇය නිහඬව සිටි අතර සියලු දේ හිතේ හිර කර ගෙන සිටින බවක් දිස් විය. ඇය හවසට මා සමග පැමිණියේ නැත. විවිධ හේතු කියා මග හැරියාය.
දිනක් දිලිනි සහ මම ඇයගේ අවශ්‍යතාවයට රෙදි සාප්පුවකට ගොස් සිටියෙමු. දිලිනි ඒ සෑම විටකම මගේ අතේ එල්ලිමට අමතක නොකලාය.
එවිට එක පාරටම දැක පුරුදු මුහුණක් මා අසලින් ගමන් කරනු දැනී හොදට ඒ දෙස බැලීමෙන් මගේ ඇස් අදහා ගත නොහැකි විය.
“ දෙය්යනේ….. උමා නංගි…… තව කොල්ලෙක් එක්ක…..”මට ඉබේට ම කියවිණි.
මා දුටු දේ සත්‍යකි. ඇය තව කොල්ලෙකුගේ අතේ එල්ලෙමින් සිනා සී සී අප අසලින් ගමන් කරනු දැක ගත හැකි විය.
දුටුවනම ඔවුන් පෙම්වතුන් බව ඔනේම කෙනෙකුට වැටහුනත් මගේ සිත එය විශ්වාස කිරීමට අදිමදි කෙරිනි. මා ඇය නොදුටුවක් සේ අහක බලා ගත්තෙමි.
“මේ….. උදේශ් අර ඔයාලාගේ ගෙදර ඉන්න නංගි නේද…..කොල්ලෙකුත් එක්ක…යන් යන් පොඩ්ඩක් ගිගින් බයිට් කරමු”
දිලිනි මගේ අත ඇද ගෙන උමා නංගිගේ පිටුපසින් ගොස් ඇයගේ අනින් අද්දා ය.
“ ඔන්න එහෙනම් අපිට අහු වුණා හොරෙ….ඉන්නකෝ ගෙදර ගිය ගමන් ලොකු නැන්දට කියනවා….දැන් ඉතින් නොකියා ඉන්න නම් අයිස් ක්‍රීම් එකක් වත් අරන් දෙන්න වෙයි” දිලිනි දහකාර කමින් උමා නංගිට කියන විට ඇය කිසි වෙනසක් නොපෙන්වා ඇගේ පෙම්වතාට අපිව හදුන්චා දුන්නාය.
“මේ මගේ කසින් අය්යා උදේශ්, මේ එයා බදින්න ඉන්න ගරල් දිලිනි….මේ නිශාන් මගේ කැම්පස් එකේ මගේ බැජ් එකේ….කොහොමත් මම මේ ගැන නැන්දටයි අම්මාටයි කියන්න තමයි හිටියේ….අපි එහෙනම් යන්නම් අක්කේ”
ඇය හොරෙන් මා දෙස බලමින් එම පිරිමි ළමයාගේ අත අල්ලාගෙන චෙන පැත්තකට ගියාය. මට ලෝකය කැරකෙනවාක් මෙන් දැනිණි. ඇය මෙතෙක් මේ සියල්ල හමුවේ නිහඬව සිටි හේතුව මෙය විය හැකි බව මට පසක් විය. මට ඇයගේ කම්මුලට ගැසීමට තරම් කේන්තියක් ඇති විය.
“උදේශ් ඔයා හොදින්ද…..මුකුත් අසනීපයක් ද”“අනේ දිලිනි අපි ගෙදර යමුද ඉක්මනින්, …. මගේ ඔලුව කැක්කුමයි වගේ”
මම දිලිනි ව ඇගේ ගෙදරින් බස්සවා කඩිනමින් නිවස බලා ගියේ උමා නංගි හමු වී දෙකෙන් එකක් විසද ගැනීමටය. මට හැමදේකට ම වඩා ඉවසුම් නොදෙන කරුණ වූයේ, ඇය මට බොරු කලා චංචා කලා යන සිතුවිල්ලය.
මා නිවසට පැමිනි මොහොතේ මගේ මව නිවසේ නොසිටිම මහත් වූ අස්වැසිල්ලක් විය. උමා නංගි නම් ගෙදර පැමිණ සිටියාය.
මා කෙලින්ම ගියේ උමා නංගිගේ කාමරයට ය. තිබුනු ආවේගයට සහ තරහට පුළුවන් තරම් වෙර යොදා මා ඇයට කම්මුල් පාරක් ගැසුවෙමි.
“ඇයි ඇයි…..මට ගහන්නේ” ඇය හැඩු කදුලින් තරහාගිය මුහුණක් පෙන්වා මගෙන් ඇසුවා ය.
‘ගහන්න…..තමුන්ට ගහන්න නෙමේ ඕන මරන්න….මෙච්චර කල් මගේ හැගීම් එක්ක සෙල්ලම් කරා….ඒකට මොකෝ කිව්වේ, මම ජිවිතේට ම ආදරේ කරන්නේ එක පාරයි. තමුසේ ඒ මට කියපු කතා අර කොල්ලාටත් කිව්ව ද ”
“ඔයා ඔය කියන කතා ඔයාටම අදාල කර ගත්තා නම් හොඳයි නේද අය්යේ…. අනික ඔයා මොකද ඔච්චරටම තරහ ගන්නේෙ…….ඔයාගේ හිතේ මන් ගැන හැගීමක් නෑනේ…. මන් මොන කොල්ලා එක්ක ගියත් ඔයාට මොකද”ඇයත් මා හා සමානව අවේගශීලිව කතා කලාය.
ඊලග කොටසින් හමුවෙමු