“නන්දිතා පොඩි ගමනක්‍ යමුද?……”

“කොහෙද පුංචි බේබි?…….”

“භානුකව හම්බෙන්න.මට තනියම යන්න කම්මැලියි.ඔයත් එන්නකෝ……..”

“මට එන්න පුලුවන් පුංචි බේබි.ඒත් ඉතිං ඔය ගමන පුංචි බේබි තනියම යන්න ඕනි ගමනක්නෙ…….”

නන්දිතා කියන කතාවත් ඉතිං ඇත්ත තමයි.ඒත් ඉතිං මං තනියම ගියොත් අප්පු මාමට මං ගැන සැක හිතෙයිද?…….
එහෙම හිත හිතා ඉන්නකොටම අප්පු මාමා අපි ඉන්න පැත්තට ආවා.

“අප්පු මාමේ මේ පුංචි බේබිට ඇවිදින්න යන්න ආසයිලු.මට කතා කරා යන්න. මගෙ කකුලෙ කට්ටක් ඇනිලා රිදෙනවා ඉන්න බෑ…….”

“අනේ ඉතිං පුංචි බේබිට ඇවිදින්න යන්නම ඕන්නම් තනියම ගියාට කමක් නෑ.ඉක්මනට එන්න ඕනි හැබැයි…….”

“හා අප්පු මාමෙ මං ඉක්මනට එන්නම්. මං පරක්කුයි කියලා හිතුනොත් හොයන්න එන්න ඕන්නෑ.මං ෆෝන් එක අරන් යන්නේ.කෝල් එකක් දෙන්න……..”

“හා පුංචි බේබි එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ……..”

අප්පු මාමට එහෙම කියලා මං ඉක්මනට පාරට ආවා.අම්මෝ😀මගෙ හිතට දැනෙන්නේ මාර සතුටක්.මට දැන් අවුරුදු විස්සයිනෙ.මේ කාලෙට මගෙ හිත ගන්න කිසිම කොල්ලෙකුට බැරි වුනා.ඒත් භානුක දැක්ක මොහොතේ මගෙ හිතට අමුතුම මිහිරක් දැනෙන්නට වුනා. පළවෙනි පාරටයි මං මෙහෙම කොල්ලෙක් හම්බෙන්න යන්නෙ.😁😊හිතේ අමුතුම ලැජ්ජාවකින් පිරුනා.මං කන්ද පල්ලෙහා තිබ්බ ඇල ගාවට යද්දී භානුක ඇවිල්ලා හිටියා.අත් දෙකත් බැදගෙන ගලින් ගලට පනිමින් මං එන දිහා භානුක බලන් ඉද්දී මගෙ හිත ලැජ්ජාවෙන් බර වුනා.

“ඔය ඇදුමට ඔයා ගොඩක් ලස්සනයි සමුද්‍රා…….”

මං ඇදන් හිටියේ රෝස පාට අත් දිග ගව්මක්.මං දිහා බලලා මං ලස්සනයි කියලා භානුක කියද්දී මං ලැජ්ජාවෙන් බිම බලාගෙන තැන්ක්‍යූ කිව්වා.😁😊

“මොකෝ බිම බලාගෙන ඉන්නෙ ලැජ්ජාවෙන් වගේ.එදා පාරෙදි කතා කරේ නම් චන්ඩි රැජිනක් වගේ…….”😁😂

එතකොට නම් මට හිනා ගියා.මං ඔලුව උස්සලා භානුක දිහා බැලුවා.භානුකත් මං දිහාම බලාගෙන හිටියා.ඒ ඇස් වල මොකක්දෝ මන්දා අමුතු ආකර්ෂනයක් දැනුනා.භානුක හිමිහිට මගෙ අතකින් අල්ල ගත්තා.අම්මෝ😀😁මට නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනේ.මගෙ පපුව නිකන් ඩ්‍රම් සෙට් එකක් වගේ ගැහෙන්න පටන් ගත්තා.😁🤣

“මොකෝ මේ වෙව්ලන්නෙ?අතින් ඇල්ලුවම මෙහෙම නම් අනික් දේවල් කරද්දී කොහොම ඉදීද මන්දා…….”😁😁

අපොයි මේකා කියන කතා.මට ලැජ්ජ්ත් එක්ක.😁😁මං භානුකගේ අත කෙනිත්තුවා.

“ඌයි යකෝ මගෙ අත.කෝ පෙන්නනවා නියපොතු?…….”

භානුක මගෙ අත් දෙක දිහා.ඇත්තනෙ මං නියපොතු වවලානෙ ඉන්නෙ.ඉතිං මං කොනිත්තද්දී භානුකට රිදෙන්න ඇති.

“අනේ සොරි භානුක…….”

“හරි ඉතිං ඒකට කමක් නෑ.ආදරේ කරද්දී කෙල්ලො කොටි වගේනෙ…….”

“මං එහෙම නෑ.මං හරිම අහිංසකයි…….”

“අප්පෝ මෙයාගෙ තියන අහිංසකකම මං දන්නවා…….”😁

භානුක මගෙ අතින් අල්ලගෙන ඒ කෙටි පාර දිගේ ඉදිරියටම ගියා.පාර දෙපැත්තේ ලස්සනට මල් වැවිලා තියනවා.පුදුම විදියට ලස්සනයි.

“ඔයාගෙ වයස කීයද සමුද්‍රා…….”

“විස්සයි…….”

“අනේ තාම පුංචි කෙල්ලෙක්නෙ.මට දැන් විසි නවයක් වෙනවා……..”

ඒ කියන්නෙ භානුක මට වඩා අවුරුදු නවයක් වැඩිමහල්.අපෙ අයියාටත් වඩා වැඩිමහල්.

“අප්පෝ මේ නාකියාට ආදරේ කරන්න නම් බෑ කියලද හිතන්නෙ?…….”😁

“අනේ නෑ භානුක.අවුරුදු නවයක් කියන්නෙ මොකක්ද.මට නම් එච්චර වයසක් පේන්නෑ ඔයා දිහා බලද්දී……..”

“ඒකනෙ මං තාම දහඅටේ කොල්ලා වගේ නේහ්……..”😂

“අම්මේ ඔව් ඔව්……..”🤣

අත් වැල් පටලගෙන කදුපාර දිගේ ඇවිද යමින් භානුකයි මායි ගොඩාක් දේවල් කතා කරා.භානුකගේ අම්මයි තාත්තයි ඉන්නෙ පිටරට.එයාලා අවුරුදු ගානකින් ලංකාවට ඇවිත් නෑ.ඒත් භානුක නම් ලංකාවෙ එයාගෙ පුංචිලාගෙ ගෙදර ඉදන් ඉස්කෝලේ ගිහින් ඉගනගෙන තියෙන්නේ.අපේ අප්පච්චිලාගෙ තත්වෙත් එක්ක බලද්දී භානුකට කවදාවත් අම්මයි අප්පච්චියි අකමැති වෙන එකක් නෑ කියලා මට හිතුණා.

“ඔයාට යන්න පරක්කුයිද සමුද්‍රා?……..”

“නෑ භානුක.මං ඇවිල්ලා තාම පැයයිනෙ ගියේ……..”

“ඔයාගෙ අකමැත්තක් නැත්නං අපේ ගෙදරට යමුද?මං බල කරන්නෙ නෑ…….”

මේ ටික මොහොතට මගෙ හිතේ භානුක ගැන තිබ්බෙ ලොකු විශ්වාසයක්.ඉතිං මට පොඩ්ඩක් වත් බය හිතුන්නෑ භානුකගේ ගෙදරට යන්න.

“කමක් නෑ භානුක.අපි යමු ඔයාගෙ ගෙදරට…….”

භානුක මායි එයා ඉන්න ගෙදරට ආවා.එදා අප්පු මාමත් එක්ක ආවට පස්සෙ අදයි මං එයාගෙ ගෙදරට ආවෙ.

“මේ ගේ ඔයාගෙමද භානුක?……..”

“ඔව් සමුද්‍රා.මේක මගෙ නමට තියෙන්නෙ. කලින් අපෙ තාත්තා ගෙවල් තිබිලා තියෙන්නෙ මේ පැත්තෙමයි.එයා හිටපු බංගලාව විකුණලා මේක ගත්තා……..”

“ඔයාට සහෝදර සහෝදරියො නැද්ද භානුක?………”

“නෑ සමුද්‍රා.මං පව්ලෙ එකම දරුවා……..”

“අපරාදෙ…….”

“ඒ ඇයි?…….”

“නංගි කෙනෙක්වත් හිටියා නම් මට නෑනා කරගන්න තිබුනා……..”😀😀

ගේ ඇතුලට ඇවිත් භානුක පුටුවක් උඩින් වාඩි වුනා.

“තේ එකක් හදාගෙන එනවකො සමුද්‍රා. හරිම තිබහයි.අපි දෙන්නටම හදාගෙන එනවා…….”

යකෝ ගෙදරට ආපු කෙනාට තේ හදලා දෙන්න ඕනෙ මෙයානෙ.😁😊ඒත් කමක් නෑ ඉතිං.කවදා හරි මං මේ ගෙදර පදිංචියට එන්න ඉන්න කෙනානෙ😀😀

“කුස්සිය කොහෙද තියෙන්නෙ භානුක?…….”

“ඔහොම ටිකක් ඉස්සරහට ගිහින් වමට හැරෙන්න…….”

භානුක කියපු විදියට කුස්සියට ගිහින් කේතලේ ලිපේ තියලා මං අපි දෙන්නටම තේ හදන්න පටන් ගත්තා.හරිම ලස්සනට පිළිවෙලට කුස්සියෙ බඩු අහුරලා තිබ්බා.හරිම පිරිසිදුයි.යකෝ😁මටවත් බෑ මෙහෙම පිළිවෙලක් තියා ගන්න.😁😁ටික වෙලාවකින් භානුකත් කුස්සියට ආවා.පුටුවක් උඩ ඉදගෙන මං තේ හදන දිහා බලන් හිටියා.

“උයන්න පුලුවන්ද?……..”

භානුක මගෙන් එහෙම ඇහුවා.

“ටිකක් පුලුවන්…….”

“ඇයි ටිකක්?හොදටම බැරිද?…….”😠😠

බුදු අම්මෝ ඒක අහපු සැර.මට බයත් හිතුණා.මේකාව ගැලපෙනම රස්සාව තෝරගෙන තියනවා.අනේ ඉතිං මගෙ පොලිස් මහත්තයනෙ ඔයා😙😉

“නෑ පුලුවන්…….”

“එහෙනම් ඔය තියන දේවල් වලින් මට රෑට කන්න මොනවා හරි උයලා දෙනවා…….”

අනේ දෙයියනේ මේ යකා මාව ගෙදරට එක්කන් ආවෙ මට උයන්න පුලුවන්ද කියලා,ගෙදර වැඩපල දන්නවද කියලා පරීක්ෂා කරලා බලන්නද?😆😊

“ඇයි බැරිද?…….”

“න්….නෑ පුලුවන් මං උයලා දෙන්නම්…….”

තේ එක හදලා මං භානුකට දීලා උයන්න තියෙන්නෙ මොනවද කියලා මං බැලුවා. බතුයි,පපඩමුයි,හාල්මැස්සො බැදුමකුයි පොල් සම්බෝලෙකුයි හැදුවා. මං උයනකල් භානුක කුස්සියෙ පුටුව උඩ ඉදගෙන මං උයන දිහා බලන් හිටියා. හොද වෙලාවට අම්මා උයන සාත්තරේ මට පුරුදු කරලා තිබ්බ එක හොදයි.😊 නැත්නම් මේ යකාගෙන් මට බැනුම් අහන්නයි වෙන්නෙ.ඉස්සර අම්මා මට කොයි තරම් කෑ ගහන්න ඇත්ද උයන්න ඉගන ගන්න කියලා.හොද වෙලාවට ටිකක් හරි පුරුදු වෙලා තිබ්බෙ.😁😙😉

“හරි උයලා ඉවරයි භානුක……..”

“එහෙනම් බෙදලා දෙනවා.තමුසෙත් බෙදා ගන්නවා……..”

යකෝ මූට උයලා දීපු එක බෙදලා දෙන්නත් ඕනිද?😁😂එහෙම හිතලා මං බත් එකත් භානුකට බෙදලා දුන්නා.

“ඔයා කන්න භානුක.මට දැන් යන්න ඕනි. පරක්කු වෙනවා.අප්පු මාමා මාව හොයනවත් ඇති……..”

භානුකට එහෙම කියනකොටම ෆෝන් එකට කෝල් එකක් ආවා.

“හෙලෝ……..”📲

“පුංචි බේබි දැන් හයටත් කිට්ටුයි. කොහෙද ඉන්නෙ?ඉක්මනට ගෙදර එන්න.මං මගට එන්නද?……..”📲

“ඔ….ඕන්නෑ අප්පු මාමෙ.මං ඉක්මනට එන්නම්……..”📲

එහෙම කියලා මං ෆෝන් එක කට් කරා.

“භානුක මං එහෙනම් දැන් යන්නම්…….”

“ඔහොම ඉන්න.මං කාලා ඉවර වෙලා බයික් එකේ මගට ගිහින් දාන්නම්…….”

“හ්ම්ම්……..”

“මෙතනින් වාඩි වෙන්නකො……..”

මට ලගින් වාඩි වෙන්න කියලා වාඩි වුනාට පස්සෙ භානුක මට බත් කටවල් කීපයක්ම කැව්වා.අපොයි🤦සම්බෝලෙට ලුණු ටිකක් වැඩියිනෙ.මූ මාව කයිද දන්නෑ.😁😂😆

“සොරි භානුක……..”

“ඇයි සොරි?……..”

“සම්බෝල වලට ලුණු පොඩ්ඩක් වැඩියි……..”😉

“ඒක ගානක් නෑ.මං බයේ හිටියෙ බැන්දට පස්සෙ මට බඩගින්නෙ ඉන්න වෙයිද කියලා…….”😂🤣

“එතකොට ඔයා කොහොමද උයන්නෙ දැන්?……..”

“ආ මැඩම් හිතන්නෙ බැන්දට පස්සෙ මට කියලා උයාගෙන කන්නද?…….”😁😁

“අනේ නෑ භානුක.මං උයන්න ඉන්නවනෙ ඉතිං…….”

භානුක කාලා ඉවර වුනාට පස්සෙ මාත් එක්ක සාලෙට ආවා.

“සමුද්‍රා කවදාවත් මාව දාලා යන්නෑ නේද?……..”

“නෑ භානුක.කවදාවත්ම මං ඔයාව දාලා යන්නෑ……..”

මට ලං වුනු භානුක මගෙ නලල සිප ගත්තා.ජීවිතේ ලැබුනු පළමු හාදුව.ඒ මිහිර මගේ පපුවට හොදින් දැනුනා.මාත් ඇගිලි තුඩු වලින් ඉස්සිලා භානුකගේ නලල සිප ගත්තා.ඒත් එක්කම මං දැක්කෙ සාලෙ අයිනක තිබ්බ භානුකගේ තාත්තගේ ෆොටෝ එක.ඒ ෆොටෝ එකේ අමුත්තක් මට පෙනුනා.ඇයි දෙයියනේ මට භානුකගේ තාත්තගේ ෆොටෝ එක දැක්කම මහ අමුත්තක් දැනෙන්නේ.

“යමු පරක්කු වෙනවනේ……..”

භානුක මාවත් දාගෙන බයික් එකේ අපේ වලව්ව තියන පාර ගාවට ආවා.අපොයි දෙයියනේ අප්පු මාමා🤦🤦මං පරක්කු හින්දා අප්පු මාමා හොයන්න එනවා ඇති. ආදරේ කරන්න පටන් ගත්තු පළවෙනි දවසෙම අහු වුනානෙ.මං භානුකගේ බයික් එකෙන් බහිද්දී අප්පු මාමා අපි දිහා බැලුවේ පුදුම වෙලා වගේ.

“ඔයා යන්න භානුක.මං අප්පු මාමට විස්තරේ කියන්නම්……..”

“පුංචි බේබි ඇයි ඕඅයිසී මහත්තයගේ බයික් එකේ ආවෙ?……..”

“අප්පු මාමෙ….මේ….මෙ……..”

කොහොමින් කොහොම හරි මං සේරම විස්තරේ අප්පු මාමට කිව්වා.හැබැයි ඒ දැන්මම අපේ ගෙදරට නොකියන පොරොන්දුව පිටයි.

“ඕඅයිසී මහත්තයා හරිම හොදයි පුංචි බේබි.එයා පුංචි බේබිව හොදට බලා ගනියි……..”

අපොයි මං හිතුවෙ අප්පු මාමා අපේ අප්පච්චිට කෝල් කරලා කියලා මෙතන මහා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.


“මොනවද අප්පු මාමෙ අද කන්න තියෙන්නෙ?……..”

උදෙන්ම නැගිටලා කුස්සියට ගිය වෙලාවෙ මං අප්පු මාමගෙන් එහෙම ඇහුවා.

“බතුයි හාල්මැස්සො බැදුමයි පොල් සම්බෝලයි පපඩමුයි පුංචි බේබි…….”

ඈ…….මේ රෙසිපි එකම නේද මං එදා භානුකට හදලා දුන්නෙ?

“පුංචි බේබි දන්නවද මේ කෑම වේල තමයි ඉස්සර ධාරා කෙල්ල රොහාන් මහත්තයාට හදලා දෙන්නෙ. මහත්තයා හරිම ආසයි මේ කෑම වේලට……..”

“අප්පු මාමෙ ධාරාගෙ ෆොටෝ නැද්ද මෙහෙ……..”

“ගබඩා කාමරේ තිබ්බා පුංචි බේබි.මං යතුර දෙන්නම්.පුංචි බේබි ඕන්නම් ගිහින් බලන්න.පරණ බඩු ගොඩාක් ඒ කාමරේ තියනවා……..”

නැවත හමුවෙමු