පැය දෙකක් පමණ ගත වූ විට අපි සියලු දෙනාම කැළණිය පුද බිමට පැමිණියෙමු.පොහොය දිනයක් නොවූ නිසාද මන්දා පන්සල් භූමියේ සැදැහැවතුන්ගේ අඩුවක් දක්නට ලැබුනි. දොර ඇර රථයෙන් බැස ගත් මා තේජාන්ගෙ ඔඩොක්කුවේ සිටි දියණිය වඩා ගත්තෙමි.කිහිලි කරු දෙකේ වාරුවෙන් තේජාන් හට වාහනයෙන් බැසීමට රවී උදව් කලේය.තේජාන් ඇද සිටියේ සුදු සරමක් සහ සුදු පැහැති අත් දිග කමිසයකි.මා ඇද සිටියේ සුදු හා ලස් දම් පාට මිශ්‍ර වූ දිගු ගව්මකි.පන්සල් භූමියට ඇතුල් වන දිගු පඩිපෙළ තේජාන් නැග්ගේ රවීට වාරු වෙමිනි.
“අනේ බං මේ පඩිපෙළ නැතුව වෙන තැනක් නැද්ද බං පන්සලට එන්න…….”
“ඔයාට අමාරුයිද තේජාන් මේ පඩිපෙළ නගින්න?…….”
“කකුල ටිකක් කැක්කුමයි සංසලා.ටිකක් වෙලා යද්දී ඒක අඩු වෙලා යයි…….”
ඉන් පසු අපි හතර දෙනා මල් පූජා කර පහන්,හදුන්කූරු පත්තු කර බුදුන් වැන්දෙමු.
“තේජාන් අපි අර පැත්තට ගිහින් වාඩි වෙමු.ඔයාට බිම වාඩි වෙන්න අමාරුයිනෙ…….”
අසල ඇති ගල් බංකුවක් මත අපි තිදෙනා වාඩි වූයෙමි.රවී ද අපි අසලම සිටියේය.
“දෝණි සාදු කිව්වද මැණික.කෝ බලන්න සාදු කියන්න……..”🙏
“බොස් කෝ බබාව මගෙ අතට දෙන්න. බොස්ට බබාව අරගෙන ඇවිදින්න බෑනෙ……..”
රවී දෝණිව අතට වැලි මලුවේ ඇවිදින්නට විය.කෙල්ල අද ඉන්නේ කියා ගන්නට බැරි තරම් සතුටකිනි.වැලි මලුවේ තැනින් තැන දුව පැන ඇවිදින්න කෙල්ල විටෙක බිම වාඩි වෙයි.තවත් විටෙක වැලි අහුරක් අතට ගෙන එයින් රවීට දමා ගසයි.රවීටද දෝණිගේ මේ හපන්කම් වලට සිනාය.
“දුව ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන් නේද සංසලා?……..”
“ඔව් තේජාන්.පළවෙනි වතාවටනෙ මේ විදියෙ ගමනක් ආවෙ…….”
“බුදුන් වැදලා ඔයා මොනවද ප්‍රාර්ථනා කරේ?…….”
“ඔයාගෙ කකුල ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරේ.ඔයා මොනවද ප්‍රාර්ථනා කරේ?……..”
“ඊගාව ආත්මෙත් මට ඔයාවම හිමි කරලා දෙන්න කියලා…….”
මට තේජාන් ගැන ඇති වූයේ පුදුමාකාර ආදරයකි.මේ පන්සල නොවුනා නම් මං තේජාන්ගෙ සුදු මූණ රතු වෙනකල් ඉඹිනවා සත්තයි.😘🙈😁
පැය දෙකක් පමණ පන්සල් භූමියේ ගත කල අපි දවල් කෑම ගැනීමට පිටත් වූයෙමි.රවී දියණියත් රැගෙන අපි අසළට පැමිණියේය.
“යකෝ ඔය ඔලුවෙ වැලි.උඹත් පොඩි එකා වගේ වැලි සෙල්ලම් කරාද?…….”😁😂
“නෑ බොස් බබා මාව වැලි වලින් නෑව්වා…….”🤣😃
දහවල් ආහාරය ගැනීමට අපි ගියේ කුඩා අවන්හලක් වෙතටය.
ආහාර ගැනීමෙන් පසු අපි සියලු දෙනා සුන්දර මුහුදු වෙරළ තීරයට පැමිණියෙමු.
“ඔයා දෝණිත් අරන් රැල්ල පාගන්න යන්න සංසලා.එයාත් ආස වෙයි…….”
තේජාන් එසේ කීවත් මට තේජාන්ව මෙතන දමා මුහුදු රැල්ල පෑගීමට යෑමට සිතුනේ නැත.කිහිලිකරුවත් පසෙකින් තබාගෙන සිනාබර දෙනෙතින් වුවත් දුක සිතෙහි සගවාගෙන මුහුද දෙස බලා සිටින තේජාන්ව මෙතන දමා මට මුහුදු රැල්ල පාගමින් විනෝද වන්නට සිතුනේ නැත.
“රවී අයියේ…….”
“ඇයි මැඩම්?…….”
“දුවව රැල්ල පාගන්න එක්කන් යන්නකෝ.හැබැයි බලාගෙන පරිස්සමින්. අතාරින්න එහෙම එපා.ගොඩාක් ඈතට යන්නත් එපා…….”
“හරි මැඩම්.කෝ බබා එන්නකෝ මාමා ලගට.අපි රැල්ල පාගන්න යමූ…….”
“ඇයි ඔයා රැල්ල පාගන්න ගියෙ නැත්තෙ?…….”
රවී දෝණිත් සමග රැල්ල පාගනා විටදී තේජාන් මගෙන් ඇසුවේය.
“න්..නෑ…මට ටිකක් හෙම්බිරිස්සාව වගේ තේජාන් ඒකයි…….”
මගේ උරහිස වටා අත යැවූ තේජාන් මාව ඒ උරහිසට හේත්තු කර ගත්තේය.
“බොරු කියන්න එපා.මාව මෙතන මෙහෙම දාලා ඔයාට රැල්ල පාගන්න යන්න දුක හිතුණා නේද?…….”
“ඔයා කොහොමද ඒක දන්නෙ?…….”
“මට උඹේ හිත කියවන්න පුලුවන් මැණික…….”
“මං ඔයාට ගොඩාක් ආදරෙයි තේජාන්……”😘
“මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සංසලා……”😘
“අර බලන්නකෝ තේජාන්?…….”😃😃
රවී සමග මුහුදු වෙරලේ විනෝද වෙන වෙන දෝණිව මං තේජාන්ට පෙන්නුවෙමි. දෝණි කෑ ගහමින් රවීව ඇදගෙන වතුරට යන්නට හදයි.ඒත් රවී දෝණිව එතරම් දුරට රැගෙන ගියේ නැත.තවත් විටෙක දෝණි බිම වාඩි වී වැලිහාරයි.එදෙස බලා සිටින මා එක් විශේෂත්වයක්ද දුටුවෙමි. මදක් දුරින් සිටි තරුණ විදේශීය ජෝඩුවක් දෝණිගේ මේ සෙල්ලම් දෙස සිනාසෙමින් බලා සිටීමය.රවී වෙතට පැමිණි එම යුවල රවීගෙන් කුමක් හෝ ඇසුවාය.රවී අප දෙදෙනා සිටි දෙසට අත දිගු කර කුමක් හෝ කීවේය.මද වේලාවක් ගිය පසු රවීත් දෝණිත්,එම විදේශීය යුවලත් අපි අසලට පැමිණියාය.
“බොස් මේ දෙන්නට බබාත් එක්ක ඉදලා ෆොටෝ ගන්න ඕනිලු…….”
“උඹ කොහොමද බන් දන්නෙ?…….”🤣😁
“ඉස්සෙලා අතනදි මේ දෙන්නා ඒක තමයි කිව්වෙ බොස්…….”
“ආ උඹට ඒ භාශාව තේරෙනවද?…….”😁😂
“ඔව් බොස්.හොදට තේරෙනවා…….”😃😃
ඉන් පසුව දෝණි එම යුවලත් සමග ෆොටෝ කිහිපයකට පෙනී සිටියාය.
අප යලිත් නිවසට පැමිණෙන විට සවස හතර පසුවී තිබුණි.ලලිතා නැන්දාට යලිත් පැමිණ සිටියාය.
“කොහොමද ලලිතා නැන්දෙ දැන් පුතාට?……..”
“ලොකු අමාරුවක් නෑ නෝනෙ.අත පොඩ්ඩක් තුවාල වෙලා විතරයි.මේ දවස් වල වැඩි වැඩක් නැති හින්දා විවේකයෙන් ඉන්නවා……..”
ගමන් මහන්සිය නිසා තේජාන් ඉක්මනින් නින්දට වැටුනි.දෝණිගේ ඇදුම් මාරු කර කෑම කවා ඇයවත් නිදි කරෙමි.බාතෲම් එකට ගොස් හොද හැටි නා ගත් මා ඇදුම් මාරු කරගෙන පහත මාලයට පැමිණ රාත්‍රී ආහාරය සෑදීමට ලලිතා නැන්දට උදව් වූයෙමි.
“කොහොමද නෝනෙ ගිය ගමන?……..”
“හරිම ශෝක් නැන්දෙ.කාලෙකට පස්සෙ හිතට ලොකු සැහැල්ලුවක් විනෝදයක් ලැබුනා……..”
“නැන්දා කෑම ටික බෙදලා ගේන්නකෝ.මං තේජාන්ට ඇහැරවන්නම්.ගමන් මහන්සිය හින්දා ආපු වෙලාවෙ ඉදන්ම නිදි…….”
“හා නෝනා…….”
❤️❤️
“තේජාන්….තේජාන් නැගිටින්න කෑම කන්න……..”
“මහන්සියි අප්පා.නිදා ගන්න දෙනවකො මගුල.මට බඩගිනි නෑ……..”😠
“මේ තේජාන් මගෙ යකා අවුස්සන්නෙ නැතුව කෑම කාලා නිදා ගන්නවා. බඩගින්නෙ ඉන්න එපා…….”😡
“මට බඩගිනි නෑ යකෝ.නිදා ගන්න දීපන්කො…….”😠
“එහෙනං නිදා ගන්නවා.දවස් ගානකින් නිදාගෙන නෑ වගේනෙ කතාව.හැලි වදුරා…….”😠😁
තේජාන්ට එහෙම කියලා මං කෑම පිගාන වහලා තියලා ටීවි එක දාගෙන බැලුවා. නිදිකුබ්බා වගේ නිදි.හිටපන්කො හොද වැඩක් කරන්න.😁😁එහෙම හිතපු මං ටීවි එකේ සද්දෙ ටිකක් වැඩි කරා.
“ඔය රෙද්ද පොඩ්ඩක් අඩු කරනවකෝ. මට නින්ද යන්නෙ නෑ…….”😠
මං තව තව ටිකක් ටීවි එකේ සද්දෙ වැඩි කරා.ඒ පාර නම් තේජාන්ට මළ පැන්නා.😁🤣
“මොන හු#### ද මන්දා මේ යස්ස ගෑනි මට බුදිය ගන්නවත් දෙන්නෑ.අනින්න හිතයි දත් ටික බඩට යන්න.හැටි විතරක් උලමි…….”😡
“මොකක්ද කිව්වෙ?කව්ද උලමි?…….”😠
“තමුසෙ තමයි උලමි…….”😠
“මේ කඩනවා අනික් කකුලත් කෑ ගහන්න ආවොත්……..”😁😠
“කඩයි.කඩයි කියලා තමයි බය.හාල් මැස්සි…….”
“පොල් බූරුවා…….”
“කව්ද පොල් බූරුවා?…….”
“තමුසෙ තමයි පොල් බූරුවා.නිදි කුබ්බා…….”🤣😁
“බඩගිනියි වගේ ඕයි දැන්නම්…….”
“ඇයි දැන් කන්න බෑ බඩගිනි නෑ කිව්වෙ. කට හෝදගන්න…….”
තේජාන්ට කට හෝදන්න වතුර දීලා කෑම පිගානත් දුන්නා.
“අතත් හෝදගෙන කනවා.ඒකත් මංද කියන්න ඕනි?…….”
“මට කන්න බෑ ඕයි.තමුසෙ කවනවකෝ…….”
නැවත හමුවෙමු