සිහිනයක සේයා-6 කොටස

මෙසේ දින සති මාස ගත විය. මම නොදැනීම ඇය ට දවසින්‌ දවස ලං වුනෙමි. අපි දෙදෙනා ඉඩ ලද සෑම
චිටකම පෙම්වතුන්‌ ලෙස හැසිරුනත්‌ ආදරය ප්‍රකාශ කර තිබුනේ ඇය පමණයි. මට ඒසේ පැවසීමට
අවශ්‍යතාවයක්‌ සහ අවස්ථාවක්‌ ලැබුනේ නැති වීම එයට හෙතුව විය .

උමානංගි ගේ ක්ලාස්‌ එක අවසන්‌ වීමත්‌ සමග ඇය ගේ උසස්පෙළ ප්‍රතිපල පෙන්වා මා කෙටි කාලීන රැකියාව
කරන ආයතනයේ ම ඇය ට කැම්පස්‌ පටන්‌ ගන්න කෙක්‌ පුර්ණ කාලීන රැකියාවක්‌ ලබා දීමට මට හැකි විය.
එවිට ඇයට නැවත ගමට යාමට අවශ්‍ය වුයේ නැති අතර අප දෙදෙනාට පෙර සේ හමු වීමටද බාදාවක්‌ ඇති
නොවුනි. මෙසේ කාලය සුපුරුදු පරිදි ගත විනි.

අප දෙදෙනා මිතුරන්ගේ සාද වලට, විනෝද චාරිකා වලට එකට සහභාගී විය. මගේ කැම්පස්‌ ජීවිතේ අවසන්‌ වී
රැකියා පුහුණුවෙන්‌ පසුව මගේ පියාගේ ව්‍යාපාරික ආයතනයේ කළමනාකරු ලෙස රැකියාව කිරීමට මට
අවස්ථාව ලැබුණු අතර එය මට ප්‍රතික්ෂේප කල නොහැකි වූයේ එය මගේ යුතුකමක්‌ සහ පියාගේ එකම සිහිනය
චූ නිසාය. මගේ උපාධි ප්‍රදානොත්සවය දින මගේ දෙමව්පියන්‌ විසින්‌ නවීන පන්නයේ හයිබ්‍රිඩ්‌ රථයක්‌ තෑගි
කරන ලදි.

“මගේ පුතාට රත්නතරේ පිහිටයි……පුතා එදා ඉදන්‌ අපිට කීකරු කමේ ගහිටියානේ…කැම්පස්‌ ගියා කියලා
චියදමට වත්‌ සල්ලි ඉල්ලුවේ නෑ. ඒ නිසා මමයි තාත්තා යි ඔයාට තෑග්ගක්‌ දෙන්න හිතුව”

එසේ කියමින්‌ ගෙදර පැමිණ විගස අප මිදුලේ නතර කර තිබු පියා විසින්‌ ළග දි මිලදී ගත්‌ නවීන පන්නයේ
කාරයක්‌ පෙන්වමින්‌ එගි යතුර මව විසින්‌ මගේ අතින්‌ තිබ්බා ය.

“අනේ අම්මේ මං මේවා නම්‌ බලාපොරොත්තු වුනේ නෑ. අනික මට හම්බ කරලා කාර්‌ එකක්‌ ගන්න
පුළුවන්නේ”

“ඒක අපේ සතුටනේ පුතේ, අනික ඉතින්‌ ලයිසන්ස්‌ තියෙන එකේ ….දැන්‌ ඉතින්‌ තාත්තාගේ කොම්පැනියට
එකට වාහනේම යන්න පුළුවන්නේ….අනික මැනේජර්‌ මහත්තයෙක්‌ වුනාම බස්‌ එකේ යන්න හරි නැනේ….
.ආ අන්න….. උමා දුවත්‌ එන්නේ වැඩ ඇරිලා….නුවන්‌ පුතයි දුවයි එක්ක රෑ චෙලා බෙල්ලන්විල පන්සල්‌
ගිහිල්ල එන්න”

මගේ මව ඈතින්‌ වැඩ ඇරී පැමිණෙන උමා නංගි දෙස බලමින්‌ කීවාය.

“ශා……හරිම ලස්සන කාර්‌ එකක්නේ….” උමා නංගි සිනාසෙමින්‌ ඇසුවාය.
“අම්මල මට ගිෆ්ට්‌ කලා නංගි”

“ඉක්මනට චොෂ්‌ එකක්‌ දාල මොනවා හරි කාලා නුවන්‌ පුතයි උමා දුවයි එක්ක යන්නකෝ පන්සල්‌
එහෙනම්‌…. මම එනකොට රෑ කෑම හදලා තියන්නම්‌ …..” මච එසේ කියමින්‌ නිවස තුලට ගියාය.

උමා නංගි මගේ ළගට පැමිණ මගේ අතින්‌ අල්ලා පොඩි තැග්ගක්‌ මගේ අතින්‌ තිබ්බාය.
“මේ මොනවද මේ…..පිස්සුද ඔයාට”

“මේක මගේ සුදු අය්යට….මගේ පලවෙනි පඩියෙන්‌….”

මම සිනාසී තැග්ග ඇර බැලුවෙමි. එය ඔරලෝසුවකි.

“මින්‌ පස්සේ වෙලාව බලනකොට හරි මාව මතක්‌ වෙය්නෙ…”

ඇය සිනාසෙමින්‌ කීවාය.

“හැමදාම හිතේ ඉන්න අයව අමුතුවෙන්‌ මතක්‌ කරන්න දෙයක්‌ නෑනේ”

මමත්‌ කීවෙමි.

කාලයක්‌ ගත විය. උමා නංගි කැම්පස්‌ යාමට පටන්‌ ගත්තාය.ඇයව උදේ කැම්පස්‌ ගෙන යාමේ වගකීම මගේ
මව විසින්‌ මට පවරන ලදී. එසේ නොපවරුවනත්‌ එය මගේ වගකීමක්‌ බව මම දන්නෙමි. මගේ පියාගේ
කොම්පැනිය රැකියාවක්‌ නිසා ඇය සමග ඉඩ ලද සෑම අවස්ථාවකම ඇය සමග කාලය ගත කිරීමට මට
බාධාවක්‌ නොවීය.

“අය්යේ හෙට සිකුරාදා මට ලෙක්චර්ස්‌ නෑ…..ඔයත්‌ නිවාඩුවක්‌ අරගෙන අපි කොහේ ගරි යමු”
ඇය උදේ යනගමන්‌ මගේ අත අල්ලමින්‌ කීවාය.

“ම්ම්ම්ම්‌ නිවාඩු නම්‌ ගන්න පුළුවන්‌ තාත්තාට මොනවද කියන්නෙ කියලයි මං කල්පනා කරේ… හරි මං
මොනවා හරි කරන්නම්‌. අපි කොහේද යන්නේ”

“ අපි නුවර යමු….මාලිගාවට හුග දවසකින්‌ ගියේ නෑ….. ගනේවත්ත දේවාලයට අපි දෙන්නා ගැන කියලා
බාරයක්‌ වෙන්නත්‌ නියෙනවා හැබැයි ඔන්න අපේ ගෙදර නම්‌ යන්න බෑ…. එහෙම වුනොත්‌ අපේ අම්මා කියයි
ලොකු නැන්දට…. ගිය සතියෙන්‌ අපේ අම්මලා අවානේ මාව බලන්න ” ඇය කීවාය.

මම ඒ යෝජනාව එකපයින්‌ ස්තීර කලේ ඇයගේ ගෙදර යෑම මගේ මවගේ පුර්ණ අනුමැතිය සහිතව වෙන දිනයක යා හැකි නිසාය.

“ඕ කේ මැඩම්‌….අපි එහෙම කරමු එහෙනම්‌”

එදා නුවර ගමන අපි දෙදෙනා විනෝදයෙන්‌ ගත කළෙමු.ජීවිතේ එවන්‌ මොහොතක්‌ ඇයත්‌ සමග ගත කිරීම
මෙතරම්‌ විනෝද නම්‌ මුළු ජීවිත කාලයම ඇයත්‌ සමග ගත කිරීම කොපමණ විනෝ දජනක දෙයක්‌ චනු අත්දැයි
මට සිතිනි.

අපි මාලිගාව වැඳ, ගනේවත්ත දේවාලයට ගොස්‌ බාර වී පේරාදෙණිය මල්‌ වත්තට ගියෙමු.
අත්වැල්‌ පටලවාගෙන පැය ගණන්‌ කතා කර කර මල්‌ වත්තේ ඇවිද්දෙමු.

ආපසු නිවසට එන විට තරමක්‌ රෑ විය. මා ඇයව නිවස ආසන්නයේ පාරක බැස්සවුයේ යාලුවෙකුගේ ලෙඩ වූ
පියා බැලීමට කුරුණෑගල යාමට ඇති බව පවසා එදා දිනයේ පියාගෙන්‌ නිවාඩු ගැනීමට සිදූ වූ බැවිනි.
මා පැමිණ
ටික වෙලාවකින්‌ ඇය පැමිණියේ කැම්පස්‌ ගොස්‌ යාලුවෙකුගේ ගෙදරත්‌ ගිහින්‌ ආ බව පවසමිනි. එයට මගේ
මවගේ ප්‍රතිචාර සාමානාා විය. ඇය කිසිවිටකත්‌ අපිව සැක කලේ නැත. අපි ගැන දන්ගත්තද, ඇය අපිට
අකමැති වේ යැයි මට සිතුනේ නැත. උමා නංගි ඒ තරමට ඇයට ලෙන්ගතු චූ නිසාය. ඇය

එදා රාත්‍රියේ, අපි සැවොම අහාර ගනිමින්‌ සිටියදී මගේ මව අපූරු යෝජනාවක්‌ ගේනවාය.

ඊළඟකොටසින් හමුවෙමු

Advertisment