නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා පිටත්ව ගිය විශේෂ නිලධාරී කණ්ඩායම යළි කැඳ වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ඔහු ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට අද පෙරවරුවේ දැනුම් දී තිබූ අතර ඒ අනුව බන්ධනාගාර නිලධාරී කණ්ඩායම ගිලන් රථයක් ද රැගෙන අදාළ රෝහල වෙත අද පස්වරුවේ පැමිණියා.
සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වෙනිදා නියෝග කරනු ලැබුවේ.