(ළමායි ඊයෙ කොටසෙ පුංචි වැරැද්දක් තියනවා.සොරි හොදේ.අර බයික් එකේ ආපු කොල්ලාව දැකලා සමුද්‍රාගෙ හිත ගැස්සුනේ නෑ නෙවෙයි ගැස්සුනා)

🔥03 කොටස
🔥ආත්මාදරී

🔥”අනේ ඇයි නන්දිතා ඔයා මට කිව්වෙ නැත්තෙ ඒ පොලීසියේ ඕඅයිසී මහත්තයා කියලා.අනේ දෙයියනේ……..”

“අනේ පුංචි බේබි මං කී සැරයක් පුංචි බේබිට ඒක කියන්න හැදුවද.කෝ ඉතිං පුංචි බේබි ඒක ඇහුවෙ නෑනෙ…….”

“මට නම් බයේ බෑ…….”

“බය වෙන්න එපා පුංචි බේබි.ඕඅයිසී මහත්තයා නපුරු නෑ.හරිම හොදයි…….”

“නන්දිතා කොහොමද එහෙම කියන්නෙ?…….”

“දවසක් මං තේ දළු කඩලා එනකොට කව්දෝ මන්දා මනුස්සයෙක් මගෙ අතින් අල්ලලා කරදර කරන්න හැදුවා.හොද වෙලාවට ඕඅයිසී මහත්තයා දැකලා මාව බේර ගත්තෙ…….”

“එහෙනම් කමක් නෑ අපි මේ පැත්තෙන් යමු.පල්ලෙහා තියන ඇල ගාවට……”

නන්දිතායි මමයි කන්ද පල්ලෙහා තියන පුංචි ඇල පාරට ගියා.එතන තිබිච්ච ගලක් උඩ වාඩි වුනු මං සිරි සිරි හඩ නංවමින් ගලාගෙන යන ජල පාරට කකුල් දෙක දාගෙන හිටියා.එදා අප්පච්චියි අම්මයි අයියයි එක්ක බංගලාවට එද්දී අවට පරිසරයෙන් පෙනුනු ගුප්ත බව මට දැනුත් දැනුනා.හරියට මං මීට කලින් මෙතෙන්‍ට ඇවිල්ලා තියනවා වගේ.මහත් හුරු පුරුදු බවක් මට මේ පරිසරය තුලින් දැනෙන්නට වුනා.

“පුංචි බේබි…..දැන් අපි යමුද?ඇවිල්ලත් දැන් ගොඩාක් වෙලානෙ……..”

ආපු පාරෙන් නැතුව වෙනත් පාරකින් අපි බංගලාවට එන්න පිටත් වුනේ.අපි එන පාරෙ මදක් කැලේ වැවිලා තිබ්බා.ටික දුරක් එද්දී කැඩිලා බිදිලා නටබුන් වෙච්චි පන්සලක් හම්බුනා.

“දැන් එතන ඒ පන්සල නැද්ද නන්දිතා?…….”

“පුංචි බේබි කොහොමද දන්නෙ එතන තිබ්බෙ පන්සලක් කියලා…….”

“මං කලින් ඒ පන්සලට ඇවිල්ලා තියනවා වගේ දැනෙනවා නන්දිතා…….”

“අයියෝ ඒක නම් වෙන්න බෑ පුංචි බේබි. එහෙනම් ඒ ගිය ආත්මෙ වෙන්න ඇති…….”

බංගලාවට ඇවිත් මගේ කාමරේට ගිහින් මං අප්පු මාමා ගෙනත් දීපු තේ එක බිව්වා.බීලා ඉවර වෙලා උඩ බැල්කනියට ගියා.මේ බැල්කනිය මං ඉන්න කාමරේ වගේ දෙගුණයක් විතර ලොකුයි. බැල්කනියට ආපු මට මහා අමුත්තක් දැනෙන්නට වුනා.උදේ අප්පු මාමා කියපු විදියට අවුරුදු ගානකට කලින් මේ වලව්වෙ හිටපු රොහාන් මහත්තයා අර ධාරා කියන ගෑනු ළමයට ගහලා ගහලා තල්ලු කරලා දැම්මෙ මෙතනදී තමයි.එදා මෙතන වැටිලා ධාරා මොන තරම් කෑ ගහලා අඩන්න ඇත්ද?එතන තිබ්බ බංකුව උඩින් වාඩි වුනු මං ඔහේ කල්පනා කරන්න පටන් ගත්තා.ඇයි මට මේ ධාරා ගැන මෙච්චර කල්පනා වෙන්නෙ.මට මේ මොකුත්ම තේරුම් ගන්න බෑනෙ අප්පා.රෑ හත විතර වෙනකල් මං බැල්කනියට වෙලා හිටියා.

“පුංචි බේබි මොකද මේ බැල්කනියට වෙලා කරන්නෙ?යමු කෑම කන්න……..”

“මං පස්සෙ එන්නම් අප්පු මාමෙ.දැන්ම කන්න බෑ…….”

මොකක්දෝ මන්දා හේතුවක් හින්දා මට මේ බැල්කනියෙන් යන්න හිතුනෙ නෑ. ඉස්සර ධාරා රෑට රෑට මෙතෙන්ට ඇවිල්ලා වෙන්න ඇති සිංදු කියන්නෙ.මට එහෙම හිතුණා.මටත් සිංදුවක් කියන්න හිතුණා.එහෙම හිතපු මං බැල්කනිය අයිනටම ගිහින් රෑ අහස දිහා බලාගෙන සිංදුවක් කිව්වා.

සදා වාසනාවන් සැනසුම් පතන්නේ
ඔබේ ශෝක සංකා මැකීලා ගියාදෙන්…….🎵🎵
මා හා පෙර බැදී උන් සෙනෙහේ පවා දුන් ඔබේ සෝ තැවුල් දැන් මැකීලා ගියා දෙන්…….🎵🎵

සවන් දී සිතන්නයි මා ආයෙ කීවේ පලක් නෑ හඩාලා මේ වේදනාවෝ…….🎵🎵
විසල් ලෝකයේ මා අඩාවී හිදින්නම්
එයා එන්නෙ නැතී නම් සදාකල් අඩන්නම්……🎵🎵

මාගේ සිනාවන් නිවීලා ගියා දැන්
හඩාවී සදා කල් හදේ වේදනාවන්…….”🎵🎵

“දෙයියනේ පුංචි බේබි…….”

මට සිංදුවෙ ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ.ඔලුවෙ අත ගහගෙන ඇස් ලොකු කරන් අප්පු මාමා මං දිහා බලන් හිටියා.

“ඇ…..ඇයි අප්පු මාමෙ?……..”

“ඇස් වහක් කටවහක් නෑ පුංචි බේබි ධාරා කෙල්ලම තමයි.අවුරුදු ගානකට කලින් මැරිච්ච ධාරා අද මෙතෙන්ට ඇවිල්ලා සිංදු කියනවා වගෙයි මං දැක්කෙ.දන්නවද පුංචි බේබි ධාරා කෙල්ල ආසම සිංදුව තමයි පුංචි බේබි ඔය කිව්වෙ.පෙනුමෙන් වෙනස් වුනාට කටහඬවල් එක සමානයි……..”

“අනේ මන්දා අප්පු මාමෙ.මට මහා අමුත්තක් දැනෙනවා මේ බංගලාව ඇතුලෙන්.රෑට මහ අමුතු අමුතු හීන පේනවා……..”

“ඒ මොනවද පුංචි බේබි?……..”

“මේ බැල්කනියෙ ඉදන් කවුරු හරි සිංදු කියනවා ඇහෙනවා.ඇහැරිලා බලද්දී කවුරුවත් නෑ……..”

“පුංචි බේබි බය වෙන්න එපා.දැන් ගොඩාක් රෑ වෙලා.ගිහින් කෑම කාලා නිදා ගන්න……..”


ඊයෙ රෑ දහයත් පහු වුනු නිසා නිදාගනිද්දී පහුවදා මට ඇහැරෙද්දී උදේ අටත් පහු වුනා.කුස්සියට ගිහින් කිරි එක බීලා මිදුලට ගියා.අප්පු මාමා කොහේ හරි යන්න ලෑස්ති වෙලා හිටියා.

“අප්පු මාමා කොහේ යන්නද?…….”

“මේ පොලීසියේ ඕඅයිසී මහත්තයා ඉන්න බංගලාවට කිරි බෝතලේ ගිහිල්ලා දෙන්න යන්නෙ පුංචි නෝනා…….”

ඕඅයිසී මහත්තයා😱😱ඒ කියන්නෙ අර ඊයෙ මගදි හම්බෙච්චි කොල්ලා නේද? එසේ මෙසේ කොල්ලෙක් නෙමේනෙ ඉතිං. 😁😃මටත් හිතුණා අප්පු මාමත් එක්ක ඒ බංගලාවට යන්න.

“අප්පු මාමෙ විනාඩියක් ඉන්න.මාත් එනවා.මං ඉක්මනට එන්නම් වෙන ඇදුමක් දාගෙන……..”

අඩියට දෙකට කාමරේට ගිය මං වෙන ඇදුමක් ඇදගෙන ටක් ගාලා දුවගෙන ආවා.

“හරි අප්පු මාමෙ අපි යමු……..”

අප්පු මාමගෙ අතේ තිබ්බ කිරි බෝතලේ අතට ගත්තු මං කදු පාර දිගේම අප්පු මාමා එක්කම ගියා.විනාඩි දහයක් විතර යනකොට අපි ඒ බංගලාවට ආවා.අපි ඉන්න බංගලාව තරම් ලොකු නැති වුනත් ඒ ගෙදර හරිම ලස්සනයි.මිදුල ලස්සනට අතු ගාලා එක කොලයක්වත් නෑ.ඕඅයිසී මහත්තයා හරිම පිලිවෙලට පිරිසිදුවට ජීවත් වෙන කෙනෙක් වගේ.😃

“යමු පුංචි බේබි ඕඅයිසී මහත්තයා ඇතුලෙ ඇති…….”

“හා යමු මාමෙ…….”

බංගලාවෙ දොරකඩට යද්දී මගෙ හිත අමුතු නුහුරු ආසාවකින් පිරිලා ගියා. අනේ සුදු මහත්තයෝ ඔයා කොහෙද අනේ😁😃…….අයියෝ මට වෙච්චි දෙයක්. ඊයෙ දැකපු කොල්ලෙකුට කොහොමද මෙහෙම හිත ගියේ.අපොයි සමුද්‍රා මේ නම් හොද පිස්සුවක් නෙවෙයී😁😁

“මහත්තයා…..මහත්තයා……..”

දොරකඩ ඉදන් අප්පු මාමා එයාට කතා කරා.මාත් ඉතිං ඇසිපිය නොහෙලා බලන් හිටියා එයා එනකල්.විනාඩියක් විතර යද්දී එයා ආවා.කහ පාට කොට කලිසමයි අත් දිග දම්පාට ටී ෂර්ට් එකකුයි එයා ඇදලා හිටියෙ.

“ආ අප්පු අංකල් ආවද?…….”

අප්පු මාමා මගෙ අතින් කිරි බෝතලේ අරගෙන එයාට දුන්නා.අපරාදෙ මට තිබුනෙ එයාගෙ අතට කිරි බෝතලේ දෙන්න.අප්පු මාමා අතින් කිරි බෝතලේ ගනිද්දී එයා මගේ දිහා බැලුවා.

“මේ කව්ද?අංකල්ගෙ දුවද?……..”

“නෑ මහත්තයා මේ අපේ බංගලාව අයිති සමරදිවාකර මහත්තයගෙ දුව……..”

මං කට පුරා ලස්සනට හිනා වුනා එයත් එක්ක.අප්පෝ එයා පොඩ්ඩක් වත් හිනා වුනේ නෑ.අපරාදෙ මගෙ හිනාව.😂😁

“එහෙනම් මහත්තයා අපි යන්නම්.අපි යමු පුංචි බේබි……..”

“ආ පොඩ්ඩක් ඉන්න අංකල්……..”

“ඇයි මහත්තයා?……..”

“පාරෙ යද්දි අයින් වෙලා යන්න.මෙලෝ සිහියක් නැති පිස්සු ගෑනියෙක් ඊයෙ පාර මැද්දෙ ගියා.තව පොඩ්ඩෙන් මගෙ බයික් එකට හැප්පෙනවා…….”😂🤣

ඈ යකෝ මූ මට නේද පිස්සු ගෑනි කියලා කිව්වෙ.අප්පු මාමා ලග නොහිටියනං මං මේකාට හොදවයින් දෙකක් කියලා දෙනවා.😁😁

“හා මහත්තයා…….”

අප්පු මාමා දන්නෑනෙ සීන් එක.ඉතිං අපි ආපහු එන්න ආවා.ටිකක් දුර ගිහින් මං ආපහු හැරිලා පිටි පස්ස බැලුවා.අර යකා තාමත් අපි යන දිහා බලන් ඉන්නවා.මං දිව දික කරලා ආපහු හැරෙනවත් එක්කම ගලක වැදුනා කකුල.

“ආව් මගෙ කකුල.අනේ අප්පු මාමෙ මගෙ කකුල.අයියෝ…….”

“අනේ මොකද වුනේ පුංචි බේබි?අනේ ඇගිල්ලෙන් ලේ එනවා නේද?නියපොත්ත කැඩිලා වගේ…….”

මං කෑ ගහලා ඇඩුවා.😭😭එතකොටම අරයා අපි ලගට දුවගෙන ආවා.

“ඇයි අංකල් මොකද වුනේ?අපොයි ඇගිල්ලෙන් ලේ එනවා නේද හුගක්?යමු ගේ ඇතුලට.මං බේත් දාන්නම් ඇගිල්ලට……..”

“අනේ අප්පු මාමෙ මගෙ ඇගිල්ල රිදෙනවා.අනේ ඉන්න බෑ……..”😭😭

“අඩන්න එපා පුංචි බේබි.මහත්තයා බෙහෙත් දායි ඇගිල්ලට…….”

ඇගිල්ල අල්ලගෙන අඩන මාව එයා එයා නැගිට්ටෙව්වා.අම්මෝ අකුණක් ගැහුවා වගේ දැනුනා.

“එන්න නංගි ගේ ඇතුළට.ඔහොම වාඩි වෙන්න.කකුල හොල්ලන්න එපා…….”

සාලෙ පුටුවක් උඩ වාඩි වෙන්න කියලා එයා කාමරේට ගියා.අපොයි මාත් මේකට දිව දික් කරන්න ගිහින් කරගත්ත හරියක්😂අම්මේ ඉන්න බෑ ඇගිල්ල රිදෙනවා.😭😭

ටික වෙලාවකට පස්සෙ අරයා ආවා බෙහෙත් පෙට්ටියත් අරන්.

“අංකල් වතුර ටිකක් අරන් එන්නකෝ. තුවාලෙ හෝදලාම බෙහෙත් දැම්මා නම් හරි…….”

“හරි මහත්තයා මං අරන් එන්නම්……..”

එහෙම කියලා අප්පු මාමා එලියට ගියා.

“කෝ මෙහාට දෙනවා තමුසෙගෙ කකුල. හොද වැඩේ තමුංට මට දිව දික් කරන්න ගියාට.පිස්සු මොංගලී…….”😁😁

අප්පු මාමා ගියා විතරයි මේකා මට දෙහි කපන්න පටන් ගත්තා.ඔව් ඉතිං අනුන්ට කල දේ තමුංට පල දේ කිව්වා වගේ මටත් වුනේ ඒකනෙ ඉතිං.මං ගාවින් වාඩිවෙලා එයා මගෙ කකුල උස්සලා එයාගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා.

“ආ මහත්තයා වතුර……..”

අප්පු මාමා ගෙනත් දීපු වතුර එකෙන් එයා මගෙ තුවාලෙ හේදුවා.

“බුදු අම්මෝ රිදෙනවා අනේ.හිමින් අයියෝ……..”😁🤣

මං බොරුවටත් එක්ක කෑ ගැහුවා.මං දන්නවා අප්පු මාමා ලග හිටියෙ නැත්නම් මූ මට බනිනවා😁😁නියපොත්තෙන් බාගයක් විතර ගැලවිලා තිබ්බෙ.කොහොමින් කොහොම හරි එයා මගෙ තුවාලෙට බෙහෙත් දැම්මා.

“දැන් හරි ඇවිදලා බලන්න……..”

එයා එහෙම කියලා මගෙ කකුල බිමින් තිබ්බා.මං ඇවිදලා බැලුවා.ඇවිදිල්ල කෙසේ වෙතත් කකුල බිමින් තියන්නවත් බෑ.කැක්කුමයි.😢😢

“අනේ අප්පු මාමෙ ගොඩක් රිදෙනවා. අනේ මට නම් පයින් යන්න බෑ……..”😢😢

“දැන් මොකද කරන්නෙ පුංචි බේබි?…….”

“මගේ වාහනේ ගිහින් දාන්න තිබ්බා.ඒත් ඒක හදන්න දාලනෙ……..”

අපොයි🤦මං හිතුවෙ මට පයින් යන්න බෑ කිව්වම මේකා මාව බයික් එකේ ගිහින් දාන්නම් කියයි කියකා.ඒ වැඩේත් වැරදුනානෙ.🤦

“එහෙනම් පුංචි බේබි මං ගිහින් කාරෙක අරන් එන්නම්.මහත්තයා පුංචි බේබි එතකන් මෙතන හිටපු දෙන්.කමක් නැද්ද?……..”

අම්මෝ අප්පු මාමෙ තැන්ක්‍යූ දෙයියනේ. ඔයා දෙයියෙක් නෙවෙයි දේවාලයක්.🤣😂

අප්පු මාමා ගියාට පස්සෙ මං අර නපුරා දිහා බැලුවා.අම්මෝ මුගෙ මූණෙ තියන නපුරු පාට.😁😁

“ඇත්ත කියනවා තමුසෙට පයින් යන්න බෑ කිව්වෙ බොරුවට නේද?……..”😠

අපොයි මූ කොහොමද ඒක දන්නෙ?🤔

“න්…නෑ සර්……..”

මාත් ඉතිං සර් කියලා කිව්වා.පොලීසියෙ ලොක්කනෙ මේකා.

“නම මොකක්ද?……..”

“සමුද්‍රා සමරදිවාකර…….”

“හ්ම්ම්…….”

“සර්ගෙ නම මොකක්ද?……..”

“භානුක විජේනායක…….”

සාලෙ අයිනකට වෙන්න එයාගෙ පොලිස් යුනිෆෝම් එකෙන් ඉන්න විශාල ප්‍රමාණයේ චායාරූපයක් තිබුනා. යුනිෆෝම් එක මූ මාර හැන්ඩියනේ.අර ටැමිල් ෆිල්ම් එකක් තියෙන්නෙ සිංගම් කියලා.ඒකෙ රගපාන සූර්යා වගේ.ඒ අසලම තවත් රාමු කරපු කුඩා ප්‍රමාණයේ චායාරූපයක් තිබුනා.ටිකක් පරණ පාටයි ඒ චායාරූපය.

“මොකද මගෙ ෆොටෝ එක දිහා බලාගෙන භාවනා කරනවද?…….”

මෙච්චර වෙලා සැහැල්ලුවෙන් දගකාරව හිටපු මගෙ හිතට මහ අමුත්තක් දැනෙන්නට වුනා ඒ ෆොටෝ එක දිහා බලද්දී.

“ඒ ෆොටෝ එකේ ඉන්නෙ කව්ද?…….”

“මගෙ තාත්තා.එයා ඉස්සර පදිංචි වෙලා ඉදලා තියෙන්නෙ මේ පැත්තෙ.දැන් ඉන්නෙ ඇමරිකාවෙ අම්මත් එක්ක……..”

මං හිමිහිට පුටුවෙන් නැගිටලා ඒ ෆොටෝ එක ගාවට ගියා.ඒ ඇස් ඒ මුහුණ මට මගෙ හිතට එක් කරේ අමුතු බියක්. මට පෙනුනේ ඒ ෆොටෝ එකේ හිටපු කෙනා මං දිහා බලාගෙන ඉන්නවා වගේ.

“ධාරා ධාරා…….”

එක්වරම මට ක්ලාන්තෙ ගතියක් දැනුනා. භානුක මාව අල්ල ගත්තෙ නැත්නම් මං වැටෙනවා.එයා මාව අල්ලගෙන පුටුවෙන් වාඩි කෙරෙව්වා.දෙයියනේ කව්ද ඉස්සෙල්ලා ධාරා ධාරා කියලා කතා කරේ. මට හොදටම ඇහුනා කවුරු හරි මට එහෙම කියලා කතා කරනවා.

“සමුද්‍රා…..මොකද එකපාරටම වුනේ?…….”

භානුක මගෙන් එහෙම ඇහුවා.ඒත් මං මොනවා කියන්නද?

“අනේ මන්දා සර් එකපාරටම මොකක්ද මන්දා උනා…….”

“මට සර් කියන්න ඕන්නෑ.භානුක කියලා විතරක් කියන්න…….”

භානුක එහෙම කිව්වත් මට ඉස්සෙල්ලා වගේ සැහැල්ලුවෙන් භානුකත් එක්ක කතා කරන්න බැරි ගතියක් දැනුනා.

“අන්න අප්පු අංකල් එනවා…….”


බංගලාවට ආවත් මට මතක් වුනේම අර පින්තූරෙ හිටපු භානුකගේ තාත්තවමයි. මං කොහේ හරි ඒ මනුස්සයාව දැකලා තියන හුරු පුරුදු ගතියක් දැනුනා.ඒත් එහෙම වෙන්න බෑනෙ.භානුක කියපු විදියට එයාගෙ තාත්තා අවුරුදු විසිඑකකින් ලංකාවට ඇවිත් නෑ.

මටත් පිස්සුද මන්දා මොනවද මං මේ කල්පනා කරන්නේ.එහෙම හිතලා මං ඒ ගැන නොහිතා ඉන්න තීරණය කරා.ඒත් භනුකව නම් මට නිතරම මතක් වුනා.

🔥🔥

මේ විදියට දින කිහිපයක් ගත වෙලා ගියා.මොන දේ සිද්ද වුනත් මට භානුකව අමතක කරන්න බැරි වුනා.මටත් නොදැනීම මගෙ හිත භානුකට ආදරේ කරන්න පටන් අරන් කියලා මට දැනුනා.
මට භානුකව දකින්න ආසාවක් ඇති වුනා.ඒත් කොහොමද ඒක කරන්නෙ?🤔
එහෙම හිත හිතාම මං මිදුලට ගියා. හරි……මතක් වුනා.මොකක් හරි නැති වුන විදියට පොලීසියට යන්න ඕනි ඇන්ට්‍රි එකක් දාන්න.😃😃හිතුවට ඒක කරන්න තරම් හිතට දෛර්‍යක් නෑනෙ.එයා දැන් ගත්තොත් මං කරන්නෙ බොරුවක් කියලා.

“පුංචි බේබි මොනවද අප්පේ කල්පනා කරන්නේ?……..”

“අනේ මොකුත් නෑ නන්දිතා කම්මැලි හිතුණා……..”

“කම්මැලි හිතුනද නැත්නම් කාවහරි මතක් වුනාද?……..”

ඈ යකූ😂මේකි කොහොමද දන්නෙ මට කාවහරි මතක් වුනා කියලා.

“ඇයි නන්දිතා ඔයා එහෙම අහන්නෙ?…….”

“ආ මේක පුංචි බේබිට දෙන්න කිව්වා……..”

තුනට හතරට නවපු කොල කෑල්ලක් නන්දිතා මගෙ අතට දුන්නා.ඒකෙ තිබ්බෙ ටෙලිෆෝන් නම්බර් එකක්.

“කාගෙද මේ නම්බර් එක……..”

“ඕඅයිසී මහත්තයගේ……..”😁😁

“ඉතිං මට මොකටද?……..”😂😁

නොදන්න විදියට නන්දිතාගෙන් එහෙම ඇහුවා.

“අනේ අනේ පුංචි බේබි කපටි නෑනෙ. උදේ මට මේක ඒ මහත්තයා දීලා කිව්වා සමුද්‍රට දෙන්න කියලා.කෝල් එකක් දීලා අයි ලව් යූ කියන්න පුංචි බේබි……..”😃😁

“මොකක්???……..”

මේකි යකෝ.නන්දිතා කාමරේන් ගියා. භානුක එයාගෙ ටෙලි ෆෝන් නම්බර් එක මට දුන්නෙ කතා කරන්න කියලා මං වගේම භානුකත් මට හිත යටින් ආදරේ කරලද?මට දැනුනේ මාර සතුටක්. බැල්කනියට ගිහින් මං ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

“හෙලෝ කව්ද මේ……..”📲

“භානුක මං මේ……සමුද්‍රා……..”📲

“ආ මොකෝ මේ බයෙන් වගේ කතා කරන්නෙ?මං තාම තමුසෙව ඇරෙස්ට් කරේ නෑ.ඉන්නවා මං ලගදීම තමුංව කූඩුවට දානවා……..”😠📲

“ඒ මොකටද භානුක මාව ඇරෙස්ට් කරන්නෙ?මං වරදක් කරේ නෑනෙ……..”📲

“තමුං එදා අපේ ගෙදරට ඇවිත් ගියේ නිකම් නෙවෙයි හොරකමකුත් කරලා……..”📲😠

දෙයියනේ මොනවද මේ භානුක කියන්නෙ?කව්දාවත් මං මෙහෙම දෙයක් කරලා නෑ.😢😢

“ඔයා මොනවද භානුක මේ කියන්නෙ?මං ඔයාගෙ ගෙදරින් කිසිම දෙයක් හොරකං කරේ නෑ.😭ඇයි ඔයා ඔහොම බොරු කියන්නෙ?මං මොනවද ඔයාගෙ හොරකම් කරේ?……..”📲

“මගෙ හිත……..”📲😘

“මොකක්?…….”📲

“ඔව්.ඔයා මගෙ හිත හොරකම් කරා. දන්නනෙ පොලිස් ඔෆිසර් කෙනෙක්ගෙ ගෙදරකින් දෙයක් හොරකම් කරොත් වෙන දේ?………”📲😘

දෙයියනේ භානුක මේ කියන්නෙ මට ආදරෙයි කියලා නේද?මගෙ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්.

“දැන්…..එතකොට ඔයා මට දෙන දඩුවම මොකක්ද?………”📲❤️

“ලොකු දඩුවමක් දෙන්න වෙනවා…….”📲

“ඔව් ඉතිං කියන්නකො මොකක්ද දඩුවම කියලා.මං කරලා තියෙන්නෙ ලොකු හොරකමක්නෙ……..”📲❤️

“මුලු ජීවිත කාලෙටම මගෙ බිරිඳ වෙලා ඉන්න එක තමයි ඔයාට ලැබෙන දඩුවම. කැමතියිද ඒ දඩුවමට?…….”📲😘

අම්මෝ දැන් නම් මට කලන්තෙයි වගේ. අපොයි අම්මේ😁😁😃😘

“කැමතියි ඒ දඩුවමට.ඒ දඩුවම ලැබෙනකං මං ඇගිලි ගැන ගැන හිටියෙ……..”📲❤️

“සමුද්‍රා හෙට හවස තුනාමාරට විතර කන්ද පල්ලෙහා තියන ඇල ගාවට එනවද?…….”📲

“හ්ම්ම් මං එන්නම්……..”📲


නැවත හමුවෙමු

Advertisment