පැහැරගත් ප්‍රේමය
💓”තේජාන් හෙට අපි කැළණි යනවා. ඔයත් ගොඩාක් ආසාවෙන්නෙ හිටියෙ කොහෙ හරි යන්න……..”
“අනේ ඒක හොදයි සංසලා.මේක ඇතුලෙම ඉදලා මට පිස්සු වගේ…….”
“මං රවීට කිව්වා එයා කාර් එක ඩ්‍රයිව් කරයි.ලලිතා නැන්දත් අපිත් එක්ක එයි……..”
“ඒක හොදයි සංසලා.දුව ඉපදුනාට පස්සෙ අපිට කොහේවත් ගමනක් යන්න බැරි වුනානෙ.කෙල්ලටත් සතුටු හිතෙයි…….”
“නෝනා……..”
“එන්න ලලිතා නැන්දෙ.ඇයි?……..”
“නෝනා පුතාට අසනීපයි කියලා ඉස්කෝලේ හොස්ටල් එකෙන් කෝල් එකක් දුන්නා.අනේ නෝනා මං හෙට උදෙන්ම ගිහින් බලලා එන්නද?…….”
“හා…..කමක් නෑ ලලිතා නැන්දෙ.ඔයා උදෙන්ම පුතාව බලන්න යන්න.මොකද පුතාට වෙලා තියෙන්නෙ?…….”
“ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේදී වැටිලා අත උලුක් වෙලාලු.ලොකු අමාරුවක් නෑ කියලා පන්ති භාර මිස් කිව්වා.ඒත් මට බයයි නෝනා.මං හෙට එන්නම් කිව්වා…….”
“ලලිතා හෙට යන්න කලින් පොඩ්ඩක් එන්නකො.මං සල්ලි දෙන්නම්.ලලිතා ගිහින් හෙටම එනවද?නැත්නම් ඉදලද එන්නෙ?…….”
එහෙම ඇහුවේ තේජාන්.
“මං හවස එනවා මහත්තයා.පුතාට ලොකු අමාරුවක් නෑ කිව්වනේ…….”
එහෙම කියලා ලලිතා කාමරෙන් ගියා.මං හෙට කැළණි යන්න තේජාන්ගෙ ඇදුම් අයන් කරලා දුවගෙ ඇදුම් ලෑස්ති කරා. ඊට පස්සෙ දෝණිට කිරි දීලා එයාව නිදි කෙරෙව්වා.
“දැන්….රෑ වුනානෙ එන්න අ….අපිත් නිදා ගම්මු…….”
අම්මෝ තේජාන්ගෙ තියන කපටිකම. හිතන්න ඇති මට කකුලට තෙල් ගාන්න අමතක වුනා කියලා.😁😉
“නිදා ගම්මු.ඊට ඉස්සෙල්ලා කකුලට තෙල් ගාලා ඉන්න ඕනි…….”
“අපොයි මං හිතුවෙ ඒක ඔයාට අමතක වුනා කියලා……..”😁
“ආ එහෙම අමතක වෙන්නෙ නෑ…….”😁
එහෙම කියපු මං බෙහෙත් තෙල් බෝතලේ අරගෙන ඇදෙන් වාඩි වුනා.
“අනේ මැණික හිමීට ගාපන් රත්තරනේ. රිදෙනවා බං කකුල……..”
ඇද වියලට හේත්තු වෙලා අහිංසක විදියට තේජාන් එහෙම කියද්දී මට දුකත් හිතුණා.පව් කකුල ගොඩාක් රිදෙනවා ඇති.
“හරි මහත්තයෝ.කකුල සනීප කරගන්නනෙ මේ හැම දෙයක්ම කරන්නෙ.ටිකක් රිදෙනවා තමයි ඉතිං ඉවසගන්න පුරුදු වෙන්න ඕනි……..”
“බොස්…….”
“ආ රවී එන්න……..”
“මැඩම් වෙද ගෙදරින් කෝල් කරලා කිව්වා ලබන සතියෙ සෙනසුරාදා උදෙන්ම බොස්ව එක්කන් එන්න කියලා……..”
“හා හරි රවී අයියෙ.හෙට උදේ නවයට විතර කැළණි යන්නෙ.වාහනේ ලෑස්ති කරන්න……..”
“හා මැඩම්…..මේ මගෙන් උදව්වක් ඕනිද ඔය වැඩේට?……..”😁😁
“මොන වැඩේටද බං?…….”
මට කලින් තේජාන් ඉස්සර වුනා.
“මේ….කකුලෙ තෙල් ගාන්න.හරිම ශෝක් තෙල සර්…….”🤣😁😂
“අනේ පල මගෙන් මොකුත් අහගන්නෙ නැතුව…….”😁😁
තේජාන් එහෙම කියද්දී රවී කාමරෙන් ගියා.මට හිනා.😃😃ඊට පස්සෙ මං තේජාන්ගෙ කකුලෙ තෙල් ටික ගාන්න පටන් ගත්තා.
“අනේ රිදෙනවා වස්තුවේ.හිමින් ගාපන්.ආව්…….”😭😭
වෙනදා තරම් වදයක් නොවුනත් අද තේජාන් කොහොම හරි වේදනාව දරාගෙන හිටියා මං තෙල් ටික ගාද්දී. තෙල් ටික ගාලා ඉවර වුනාම මං තේජාන්ගෙ මුහුණ දිහා බැලුවා.ඒ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.ඇස් වලට කදුලු පිරෙන්න මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද?අත් දෙක හෝදගෙන ඇවිත් මං තේජාන් ගාවින් වාඩි වුනා.
“අඩන්න එපා රත්තරං.මේ හැම දෙයක්ම කරන්නෙ ඉක්මනට කකුල සනීප කරගන්නනෙ…….”
“මං ඇඩුවෙ නෑ බං…….”
“ඒ වුනාට ඔය ඇස් වල කදුලු පිරිලා තියනවා මං දැක්කා……..”
“කකුල ඇතුලෙන් ගින්දර වගේ රස්නයක් දැනෙනවා මැණික.කරන්ට් වැදුනා වගේ. ඒ වෙලාවට දරා ගන්න බෑ ඒ වේදනාව……..”
“ඔයාගෙ ඇස් වල කදුලු දැක්කම මට ඒක දරා ගන්න බැරිව ගියා තේජාන්.මගෙ පපුව හිර වුනා වගේ දැනුනා……..”
එහෙම කියලා ටිකක් ඉස්සුනු මං තේජාන්ගෙ දෙනෙත් සිප ගත්තා.ඉන් නොනැවතී ඒ සුදු කම්මුල ලා රෝස පැහැති දෙතොල් සෙමින් සිප ගත්තා.
මගේ බද වටා අත යෑවූ තේජාන් මාව පරිස්සමින් ඒ පපුවට තෙරපා ගත්තා.ඒ අතැගිලි මගේ පිට පුරා රටා මවද්දී මා ඒ නිරුවත් පපු තුරුලේ උණුසුමට ගුලි වූයේ හා පැටියෙකු මෙනි………ඒත් මා ඉක්මනින් තේජාන්ගෙ තුරුලෙන් මදක් ඈත් වූයේ ඔහුගේ කකුලට අපහසුතාවයක් දැනේවි කියා බියෙනි.
“කොහෙද මේ යන්න හදන්නෙ හොර පූසි වගේ මාව අවුස්සලා.මෙහෙ වරෙන් ලගට……..”
යලිත් මාව ඒ පපු තුරුලට ඇද ගත් තේජාන් එලෙස කීවේය.
“අනේ තේජාන්……ඔයාගෙ…..කකුලට රිදෙයි……..”
“කමක් නෑ මෙහෙම ඉන්නකොට රිදෙන්නෑ…….”
🌥️⛅🌤️
පාන්දර මට ඇහැරෙන විට වේලාව හය ලෙස ඔරලෝසුවේ සදහන්ව තිබුණි.ඊයේ රාත්‍රියේ මට නින්ද ගොස් තිබුනේ තේජාන්ගේ පපුව උඩමය.ඉක්මනින් නැගිටගත් මා දුවට ඇදුම් අන්දවා තේජාන්ට ඇදුම් ඇද ගැනීමට උදව් කරෙමි.
“ලලිතාට සල්ලි දුන්නද සංසලා?……..”
“ඔව් තේජාන්.ලලිතා නැන්දා දැන් ටිකකට කලින් ගියා.හවස එන්නම් කිව්වා……..”
සියල්ලම සූදානම් කරගත් මා දෝණිව මදකට රවීගෙ අතට දී තේජාන්ව වාරු කරගෙන පහළට පැමිණියෙමි.තේජාන් දෝණිත් සමග වාහනේ ඉදිරිපස අසුනට නැග ගත් අතර මා පිටුපස අසුනට නැග ගත්තෙමි.ඉන් පසු රථය ඉදිරියට ඇදෙන්නට විය.
නැවත හමුවෙමු