ඇය ඉගි කරන්නේ මන් ගැන බව දැනී ඇයට සිනහවෙන් පිළිතුරු දුන්නේමි. හවස මගේ දේශන කලින් ඉවර වූ
බැවින් ඇයගේ පන්තිය තියෙන තැනට ගියේ ඇයගේ පන්තිය ඉවර වීමට තව වෙලා ඇති බව දන්නා නිසාය.
පුදුමයකට මෙන් පන්තිය නිබෙන ස්ථානය වසා පැවතිනි.
ඇයගේ දුරකථනයට කතා කලද ප්‍රතිචාරයක් නොවීය. ඇයගේ යෙහෙළිය වන හංසිගේ දුරකථන අංකයට දිනක්
ඇය මගේ දුරකථනයෙන් කතා කල බව සිහි වීමෙන් මම වගාම එම අංකයට ඇමතුමක් ගත්තෙමි.
“හෙලො, මේ හංසි නංගි ද කතා කරන්නේෙ….. මම උදේශ්”
“ආ ඔව් අය්යෙ….. කියන්න…..”
“උමා නංගි ඔයත් එක්කද ඉන්නෙ, අද ක්ලාස් එක කලින් ඇරියද”
“ක්ලාස් එක නම් වෙනද අරින වෙලාවට තමයි ඇරියේ… මම දන්න තරමින් උමා සාමාන්යෙන් ඊට පස්සේ
ලයිබ්‍රි යනවා…..එයා උදේට නම් මගේ ගෙදර ඇවිල්ලා මාත් එක්ක ක්ලාස් යන්නේ ”
“මොනවා ක්ලාස් එක කීයටද අරින්නේෙ….. කි… කීයටද පටන් ගන්නේ”
“ ක්ලාස් එක පටන් ගන්නේ උදේ 10ට ඉවර වෙන්නේ හවස 2ට…. ඇයි අය්යා දන්නේ නැද්ද…. මට නම්
කියලා නියෙන්නේ අය්යාගේ ලෙක්චර්ස් ඉවර වෙනකම් එයා ලයිබ්‍රි යනවා කියලා තමයි…. ඇයි අය්යෙ එයා
ලයිබ්‍රි එකේ නෑද්ද….”
මට දෙලෝ රත් විය.මෙච්චර දවසක් උමා නංගි මට බොරු කියා ඇති බව පැහැදිලි විය. ඇය එසේ කල
හේතුවත් පැහැදිලිය.
“එත් දෙය්යනේ…..මෙච්චර කැපකිරීමක්……දවසට පැය තුන හතරකටත් වඩා ඇය මා එක්ක ගමන් කිරීම
වෙනුවෙන් නිකරුනේ කාලය ගත කර ඇති බව සිතීනි.
“නෑ එයා ඉන්නවා ඇති නංගි … හරි බොහොම ස්තුතියි… ම්ම තියන්නම්….”
එසේ කියා දුරකථනය විසන්දි කල මම හනිකට දිව්වේ පුස්තකාලය දෙසටය.පුස්තකාලයට ඇතුල් චන විටම,
ඇය ඈතින් දොරට පිටුපස හරවා වාඩි වී පොතක් කියවනු දැක ගත හැකි විය.
“උමා නංගි” මම ඇය සමීපයට ගොස් කතා කලෙමි.
මගේ කටහඩ ඇසු සැනින් ඇය තිගැස්සී මා දෙස හැරී බැලුවාය.
“උදේශ් අය්යෙ ඔයා…. ඔයා මොනවද මෙහෙ කරන්නේෙ….”
“ඒ ගැන කතා කරමු පස්සේ…. දැන් යමු ගෙදර”
මම මුකුත් නොකියා ආපසු හැරී ගෙදර යාමට හැරුනෙමි. බසයට ගොඩ වුනද ඇය බිම බලාගෙන සිටියාය.
“මම දන්නවා ඇයි ඔයා ඔහොම බොරු කලේ කියලා… එත් ඔයා දන්නවද ඔයා කරපු දේ බරපතලකම…
‘කොළොඹට ඔයා අලුත්… ඔයා දන්නේ නෑනේ මෙහෙ තත්වේ…. ඔයා ගෙදර අයටයි මටයි බොරු කරලා පාර
ඳිගේ මෙහෙම රස්තියාදු වෙන කොට මොනවා හරි වුණා නම් එහෙම”
මම ඇයට කරුණාවෙන් ඇය කල වැරැද්ද පැහැදිලි කිරීමට උත්සහ කෙරුවෙමි. ඇය නිහඩව ආසා සිටියාය.
“අනේ මට සමාවෙන්න උදේශ් අය්යෙ…මන් දන්නවා මන් වැරඳියි…ඇත්තම කියනවා නම් ඔයාව හම්බෙන්න
මීට වඩා හොඳ විදිහක් මට මතක් වුනේ නෑ……මට එකම එක උදව්වක් කරන්න අය්යෙ ප්ලීස් මේ ගැන ලොකු
නැන්දට කියන්න එපා….එහෙම වුනොත් මාව ආපහු ගමේ යවයි….”
උමා නංගි කියපු දේවල් වල ඇත්තක් නැත්තේම නැත. මගේ මවට බොරුව පෙන්චන්න බැරිය. අනික ඇය
එසේ කල හේතුව කුමක් කියා පවසන්නද මට සිතා ගත නොහැකි විය. ඇය එලෙස හරි වෙලාවල් වලට ක්ලාස්
ගියේ නම් නැවත අපට මෙලෙස හමු වීමට නොහැකි වනු ඇත.
නමුත් ඇයගේ ක්ලාස් එකත් අවසන් වීමට තව
ඇත්තේ මාස දෙක තුනකි.එවිට ඇය නැවත ආපසු ගමට යනු ඇත. මම ඒ නපුරු සිහිනය නම් දකින්නනට
අකමැති විය. ඒ අතරවාරයේ ඇය ගේ උසස්පෙළ ප්‍රතිපල පැමිනියාය. වාණිජ අංශයෙන් උසස්පෙළ ලියු ඇය
ඉහළම ප්‍රතිපල ලබා ගෙන තිබුණි. 7 ලකුණු හොඳ නිසා මගේ කැම්පස් එකටම ඇය තේරෙනු ඇති බව සිතී
පුදුම සතුටක් ඇති විය.
“උදේශ් අය්යා දන්නවද ලොකු නැන්දයි මාමායි මම විභාගේ පාස් වුනාට මට රත්තරන් මාලයක් දුන්නා….මේ
බලන්නකෝ මේ……”
ඇය බොහොම සතුටින් මගේ දෙමව්පියන් ඇයට දීපු තෑග්ග මගේ කාමරේට පැමිණ පෙන්නුවාය.
“ශා…….. භරිම ලස්සනයිනේෙ……… ‘කොහොමත් ඔයාගේ බෙල්ල පාලුවෙන්නේ තිබ්බේ…. දැන් ඕක අපි දාමු.
එතකොට ලස්සනට තියේවි”
එසේ කියා මම ඇයට මාලය දැමීමට සැරසුනාය.
“අනේ උදේශ් අය්යෙ එපා මම ම දාගන්නම්…..නැන්ද දැක්කොත් මම ඉවරයි. අනිත් එක ඔයා හොඳ මාලයක්
මට පොරුවේදී දාන්නකෝ”
“අම්මෝ කෙල්ල ගිතල තියෙන දුර….. දෙනවා හොඳවයින් ටොක්කක්”
මම ඇයට ටොක්කක් ඇනීමට පැන්නෙමි. ඇය මට විරිත්තමින් කාමරයෙන් එලියට දිව ගියාය.
මගේ දෙමව්පියන් මෙන් මමත් ඇයට තෑග්ගක් දෙන්න සිතු නිසා, මගේ ගිණුමේ තිබුණු මම විසින් ඉතිරි
කරගත් මුදල් අරගෙන ඇයට පොඩියට හදවතක හැඩයට පෙන්ඩන්ට් එකක් අරගෙන දුන්නෙමි.
ඊළග කොටසින් හමුවෙමු