පුංචි බේබී……..”
මා කාමරේ උන්නේ පෙර දින හවස අම්මා මට එවූ මගේ ඇදුම් ටික අල්මාරියට අහුරමිනි.මට කතාකරමින් කාමරේ දොර අසල හිටියේ අවුරුදු විසි එකක් විසි දෙකක් පමණ තරුණියකි.
“ඔයා කව්ද?…….”
“පුංචි බේබි මං නන්දිතා.ඇග්නස්ගෙ දුව…….”
“ආනේ මට ඇග්නස් නැන්දා කිව්වා ඔයා ගැන.එන්න කාමරේට…….”
මා එලෙස කියූ විටයි ඇය කාමරේට පැමිණියේ.පැහැයෙන් මදක් කලු වුවත් නන්දිතාගෙ දිගු වරලස ඇයට අමුතු ලස්සනක් එක් කලේය.
“නන්දිතා මොකද කරන්නෙ?…….”
“මං උඩහ තේ වත්තෙ තේ දලු කඩනවා පුංචි බේබි.සතියට දවස් හතරයි වැඩ තියෙන්නෙ.ඉතුරු දවස් ටිකේ ගෙදර…….”
අප්පු මාමා පැමිණ මා හට උදෑසන ආහාරය සූදානම් බව පැවසුවේය.නන්දිතා සමග මං පහත මාලයට ගියෙමි.නන්දිතා මුලුතැන්ගෙට ගියාය.මා ආහාර ගෙන අවසන් වී මිදුලට ගියෙමි.අප්පු මාමා උණ බට වගයක් සුද්ද කරමින් උන්නේය.ඊයේ සවස අප්පු මාමා කියාගෙන ආ කතාව ඇසිය යුතු බව මට සිහියට නැගුනි.එම කතාව දැන ගැනීමට මසිත බල කරේය.
“අප්පු මාමෙ?…….”
“ඇයි පුංචි බේබි?…….”
“මාමා අර ඊයෙ කියාගෙන ආපු කතාව කියන්නකෝ.අර මේ බංගලාවෙ කලින් හිටපු ෆැමිලි එක ගැන…….”
“එහෙනම් පුංචි බේබි මේ පුටුවෙ වාඩි වෙන්නකෝ.මං කියන්නම්……..”
මං ඉක්මනට ඒ පිටුවේ වාඩි වුනේ ඒ කතාව ඇසීමට ඇති ආසාව නිසාවෙනි.
“මං මේ බංගලාවෙ ආවෙ පුංචි බේබි මීට අවුරුදු තිහකට විතර කලින්.මාව මෙහාට එක්කන් ආවෙ ඒ කාලෙ මේ බංගලාව අයිති විජේනායක මහත්තයා. ඒ මහත්තයයි නෝනයි හරිම හොදයි.මේ බංගලාවෙ කුස්සියට වැඩට ආවා අයිරා කියලා ගෑනු කෙනෙක්.ඒ ගෑනු කෙනාට දුවෙක්.ඉටි රූපයක් වගේ ලස්සනයි ඒ කෙල්ල.අනේ කිසිම ඇස් වහක් කටවහක් නෑ හරිම ලස්සනට සිංදු කියන්න පුලුවන්.වීණාවක් වගේ කටහඬත් ලස්සනයි.ඒ කෙල්ලගෙ නම ධාරා.අයිරා එක්ක ඒ කෙල්ලත් මේ බංගලාවෙ සුලු සුලු වැඩපල කරා.ඒ කාලෙ ඔය ධාරා කෙල්ල හිටියෙ දැන් ඔය පුංචි බේබි ඉන්න කාමරේ.රෑට රෑට ඔය බැල්කනියට ඇවිත් ධාරා කෙල්ල සිංදු කියනවා.අනේ අහන් ඉන්න හරිම ආසයි. විජේනායක මහත්තයගේ පුතා රොහානුයි ඔය ධාරා කෙල්ලයි අතරෙ සම්බන්දයක් තිබ්බා.ඒ සම්බදෙ වලව්වට ආරංචි වෙනකොට වැඩ දුර ගිහිල්ලා ඉවරයි…….”
“ඒ කිව්වෙ අප්පු මාමෙ?……..”
“අන්තිමට සම්බන්දෙ දුර දිග ගිහිල්ලා ධාරා කෙල්ලට රොහාන් මහත්තයා නිසා දරුවෙක් ලැබෙන්න හිටියා.එතකොටයි ඒ සම්බන්දෙ වලව්වෙ කට්ටිය දැනගත්තෙ. එතකන් ලස්සනට පන්සලක් වගේ තිබුනු මේ වලව්ව යුද්ධ පිට්ටනියක් වගේ වුනා.විජේනායක මහත්තයා යකෙක් වගේ වුනා.අයිරා වලව්ව දෙවනත් වෙන්න කෑ ගැහුවා තමන්ගෙ දුවට සාදාරණයක් ඉශ්ට කරන්න කියලා. විජේනායක මහත්තයා තුවක්කුව අතට ගත්තා අයිරාට වෙඩි තියන්න.කෑ ගහගෙන තුවක්කුවෙ එල්ලුණු වලව්වෙ හාමිනේ(විජේනායකගේ බිරිඳ)ට වෙඩි වැදිලා මැරුණා.ඒ සිද්දියෙන් පස්සෙ විජේනායක මහත්තයා යකෙක් වගේ වුනා.අයිරාවයි ධාරා කෙල්ලවයි වලව්වෙන් පන්නන්න හැදුවත් එයාලා ගියෙ නෑ.කරකියා ගන්න දෙයක් නැතුව හිටපු රොහාන් මහත්තයට විජේනායක මහත්තයා හොදටම ගැහුවා හැම දෙයක්ම සිද්ද වුනේ රොහාන් මහත්තයා නිසා කියලා.ධාරා කෙල්ලට පණ වගේ ආදරේ කරපු රොහාන් මහත්තයා මේ සිද්දියෙන් පස්සෙ වෙනස් වුනා.එක දවසක් රෑ ඔය උඩ බැල්කනියෙදි ධාරා කෙල්ලට රොහාන් මහත්තයා හොදටම ගැහුවා.මගෙ ඇස් දෙකටම මං ඒක දැක්කා.මොන දේ සිද්ද වුනත් දෙයියනේ බඩ දරු අම්මා කෙනෙක්නෙ.මං කෑ ගහගෙන එතනට ගියා බුදු මහත්තයෝ ඔය කෙල්ලට ගහන්න එපා කියලා.ඒත් මං එතනට යනකොටම රොහාන් මහත්තයා ධාරා කෙල්ලව තල්ලු කරා.ඒ තල්ලු කරපු පාරට ධාරා කෙල්ල විසික් වෙලා ගිහින් බඩ ඇනුනා බිම.රොහාන් මහත්තයා ඊට පස්සේ එතනින් ගියා.මං ගිහින් බිම වැටිලා හිටපු ධාරා කෙල්ලව නැගිට්ටවන්න හැදුවා.බඩට අත තියාගෙන ධාරා කෙල්ල අනේ “මගෙ දරුවා” කියලා කෑ ගැහුවා.ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් ධාරා කෙල්ලට සිහියක් නෑ.අනේ අහිංසක අසරණ ධාරා කෙල්ල ඉස්පිරිතාලෙ දවස් දෙකක්ම පණ ඇදලා ඇදලා මැරුණා.ධාරා කෙල්ලගෙ මරණෙ දරා ගන්න මැරුව අයිරා බංගලාව පිටි පස්සෙ තිබ්බ මහා ඇල්බීසියා ගහේ බෙල්ලෙ වැල දාගෙන මැරුණා…….”
“ඊට පස්සෙ රොහාන් මහත්තයාටයි විජේනායක මහත්තයටයි මොකද වුනේ අප්පු මාමෙ?……..”
“විජේනායක මහත්තයට අංශබාගෙ හැදිලා ලෙඩ ඇදට වැටුනා.මම තමයි හැම සාත්තු සප්පායමක්ම කරේ.ලෙඩ ඇදේ හිටපු අන්තිම කාලෙදි විජේනායක මහත්තයට සිහි කල්පනාවක් තිබ්බෙම නෑ.විජේනායක මහත්තයා මැරුනට පස්සෙ රොහාන් මහත්තයා කොහෙදෝ මන්දා දුර රටකට ගියා.ඊට අවුරුදු ගානකට පස්සෙ තමයි පුංචි බේබිගෙ තාත්තා මේ බංගලාව ගත්තෙ…….”
“අම්මෝ ඒක මාර දුක හිතෙන කතාවක්නෙ අප්පු මාමෙ…….”
“ආං පුංචි බේබි නන්දිතා කෙලී එනවා…….”
“ආ නන්දිතා ඔයා ආපු එක හොදයි.අපි ඇවිදින්න යමුද?මට හරිම ආසයි මේ පැත්තෙ ඇවිදලා බලන්න…….”
“හා අපි යමු පුංචි බේබි…….”
මායි නන්දිතා යි කදු පාර දිගේම ඉදිරියට ආවා.වටේටම ලස්සන ලස්සන මල් පිපිලා.කියවමින් විනෝද වෙමින් හිනා වෙමින් අපි ඉදිරියට ගමන් කරා.නන්දිතා ගමන් කරේ පාරෙ අයිනට වෙන්න.මං හිටියෙ ටිකක් වෙන්න පාර මැද්දෙ. එකපාරටම පාරෙ ආපු බයික් එකක් මං ගාවින්ම වගේ මගේ ඇගේ ගෑවි නොගෑවි ගියා.
“මූට පිස්සුද මන්දා.තව පොඩ්ඩෙන් මාවත් යට වෙනවා බයික් එකට.හිටපන්කෝ තොට හොද වැඩක් කරන්න……..”
එහෙම කියපු මං පාරෙ තිබුනු ලොකු ගලක් අරගෙන අර බයික් කාරයට දමලා ගැහුවා.එකපාරටම ඒ බයික්කාරයා බයික් එක නැවැත්තුවා.
“අයියෝ පුංචි බේබි ඔයා මොනවද ඒ කරේ?අපි ඉවරයි දැන්?…….”
“මොනවා ඉවර වෙන්නද?නන්දිතා දැක්කෙ නැද්ද තව පොඩ්ඩෙන් ඌ මාව ඒ බයික් එකට හප්පනවා…….”
“ඉතිං පුංචි බේබිනෙ පාර මැද්දෙන් ආවෙ……..”
නන්දිතා එහෙම කියනකොට අර බයික් කාරයා බයික් එක පාරෙ අයිනෙ නතර කරලා හෙල්මට් එක ගලෝලා තියලා අපි ගාවට ආවා.
“අයියෝ පුංචි බේබි?…….”
“නන්දිතා බය නැතුව ඉන්නකෝ…….”
“තමුං කොයි ඉස්කෝලෙට ගියේ?……..”😡
අර බයික් එකේ හිටපු කොල්ලා මගෙන් එහෙම ඇහුවා.පෙනුමෙන් අවුරුදු විසිපහක විතර සුදු මහත ලස්සන කොල්ලෙක්.කොටටම කපපු රැව්ල ඒ කොන්ඩෙ,ඒ කොල්ලා ඇදලා හිටියෙ නිල් ඩෙනිමයි සුදු ටී ෂර්ට් එකයි.කවදාවත් කොල්ලෙක් දැක්කා හෙල්ලිච්ච නැති මගෙ හිත මේ කොල්ලා දැකලා හෙල්ලුනේ නෑ කියලා කිව්වොත් හරියටම හරි.ඒත් මං බව මං පෙන්නුවෙ නෑ.
“ඇයි අහන්නෙ?…….”😡
“ඇයි තමුං දන්නෙ නැද්ද පාරෙ යන්න ඕනි පිලිවෙල.මැද්දෙන්ද යන්න ඕනි අයිනෙන්ද කියලා?……..”
“දන්නවා දන්නවා.ඇයි තමුසෙ දන්නැද්ද බයික් එක ගත්තම පාරෙ යන්න ඕනි පිළිවෙල…….”
“අනේ පුංචි බේබි…….”
නන්දිතා හිටියේ හොදටම බය වෙලා.
“පුංචි බේබි???තමුසෙගෙ කොහෙද පුංචි?…….”
නොදකින් හැලි වදුරා කියපු කතාව. දෙන්න හිතයි මූණ කට සමතලා වෙන්න.
“තමුසෙ මොකාටද එන්න හදන්නෙ?…….”
“මොකාට එනවා වගේද තමුසෙට පේන්නෙ?…….”
“ඉන්නවකො මං තමුසෙව අල්ලලා දෙන්නා පොලීසියට…….”
මං එහෙම කිව්වම ඒ කොල්ලා මහ හයියෙන් හිනා වුනා.මූට මොකෙක් වැහිලද?😂🤣
“පොලීසියටද?යනවා යනවා දැන්මම යනවා පොලිසී……”
එහෙම කියලා ඒ කොල්ලා බයික් එකේ නැගලා ගියා.
“අයියෝ පුංචි බේබි.ඒ මහත්තයා……”
“ඇයි ඌ මොකාද?…….”
“ඒ පොලීසියේ ඕඅයිසී මහත්තයා…….”
“හුටා…….”
නැවත හමුවෙමු